වැඩි කළ ඉන්ධන මිලට විරෝධය පෑමෙන්, ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ හලාවත ධීවරයාට උපහාර දැක්වීමත්, අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරු අද සුදු ඇඳුමින් සැරසී කළු පටි පැළඳ පාපැදි වල නැගී ආහ.
බත්තරමුල්ලේ කොස්වත්ත මංසන්දියේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ඔස්සේ බස්නාහිර පළාත් සභාව තෙක් පැමිණි එම පිරිසට බස්නාහිර පළාත් සභා විපක්ෂ නායක මංජුල ශ්‍රී අරංගල මහතා නායකත්වය දුන්නේය. මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු පැමිණි පාපැදියේ හුළං ඇරීමටද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු උත්සාහ දැරීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම විකටයො ටිකක්..
කාලෙකින් බයිසිකල් පෑදලා කකුල් රිදෙනවා ඇති පව් අනේ
හැමදාම මෙහෙම ඉන්න පුළුවන්නම් හොඳයි. තීරු බදු නැතිව වාහන බලපත් දෙන්න ඕනෙත් නෑ..
ආණ්ඩුවක් ජනතාවට සහන දෙන්නේ සුනාමි, ගංවතුර, සුලිසුළං, නියග වගේ ස්වභාවික විපත්වලට. එහෙම නැත්නම් ආණ්ඩුව කරන්න ඕනි සහන ගන්න මිනිස්සුන්ගෙ ආර්ථිකය ශක්තිමත් භාවයට පත් කර සහනාධාරවලින් මුදා හැරීමයි. මේ ආණ්ඩුව කරන්නේ ශක්තිමත් ආර්ථිකයක් ඇති මිනිසුන් සහනාධාර ගන්නා අය බවට පත් කිරීමයි..
හැමදාම මෙහෙම ගියානම් ඉවරයි..
මේ අයට රට ගැන හොද කැක්කුමක් ඇවිත්..
විපක්ෂය කරන්නේ ඔයවාගේ වඩමයි, කරත්ත වලින් යනවා බයිසිකල්වලින් යනවා. මහාජනයා රැවටිමට ඉරානයේ තෙල්මිල ඉහල දමපුනිසා ලෝකෙ ගොඩක් රටවල තෙල්මල ඉහල ගොස් ඇත. මා ඉන්නා රටෙත් තෙල්මිල ඉහල ගියා. ලංකාවෙ වගේ කලබලනැත.
දේශපාලනඥයන්ට බඩ බහින්න හොද ව්‍යායාමයක්..
මෙහෙම හැමදාම ආවොත් තෙල්මිල ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි..