නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වෙත 1985 සිට පවරා තිබූ බලතලවලින් වැඩි කොටසක් පෙබරවාරි 01 නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සඳහා නිකුත් කර ඇති චක‍්‍රලේඛය බස්නාහිර පළාත් සභාව අද (07) ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී මංජුල බුද්ධදාස මහතා විසින් බස්නාහිර පළාත් සභා රැස්වීමේදී චක්‍රලේඛය ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කළේය.
පළාත් පාලන ආයතනවල බලතල යළි පවරා ගෙන දිස්ත‍්‍රික්කයටම එක් ස්ථානයක් පමණක් ස්ථාපිත කිරීම තුළින් ජනතාව පීඩාවට පත් වෙන බවත් මින් පළාත් පාලන ආයතනවලට ලැබුණ ආදායම් අහිමි වීම නිසා එමගින් ජනතාවට සැලසු සේවාවන් අඩපණවන බවද බුද්ධදාස මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා අහෝසි කළ යුතුයි!මේවා රටට බරක්. (බ)
ප්‍රදේශීය සබා වැඩ ඉබිගමනේ නිසා වෙන්න ඇති (නි)
කට්ටිය ඉතින් ඇතුලේ ඉදන් කරන්නේ කඩාකප්පල්ම තමයි (බ)
බලය විමධ්‍යගත කරන බවට පුන පුනා කිව්වත් ගෙන එන අණ පනත් බොහොමයක් යෝජනා කරන්නේ තිබෙන බලතලත් මධ්‍යගත කර ගන්න. (ම)
මහා ජනයාගේ සුබ සිද්ධිය සඳහා මහජනයා සම්බන්ධව කටයුතු කරන සියලුම බලතල නාගරික සංවර්ධන අධිකාරිට දෙන්න. (ම)
විරසකයේ ආරම්භක හෝරාව අබියසට එළඹ ඇති බවට මං සළකුණක් වගේ. (නි)