රංජන් කස්තුරි
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (03) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඊට බස්නාහිර පළාතේ දන්ත වෛද්‍යවරුන්ද එක්වන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඊට අමතරව හෙට පස්වරු 1.00ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් සයිටම් විරෝධී පාගමනක් ආරම්භ වීමට නියමිත අතර විහාර මහාදේවී එළිමහන් රංග පීඨය අසලදී රැලියක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ වර්ජනවලින් පෙන්නුම් කරන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවයක් නැති බවයි
මේක වැරදියට දකින්න හොඳ නෑ. ජයවේවා. ඔබගේ උත්සාහය වෙනුවෙන් රෝගීන් වශයෙන් අපට වෙන අපහසුතාව අපි ඉවසනවා
මේ පව්කාරයන්ට ගල් ගහලා මරන්න ඕනෑ. දුප්පත් ලෙඩුන්ට කරන මේ අපරාධයට. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා හොඳ ඉස්කෝල ඉල්ලනවා. මුන් කවද්ද මේ රටේ මිනිස්සු වෙනුවෙන් කථා කළේ.
මහජනතාව විමසිල්ලෙන් ඉඳලා වැඩ වරන දිනවල් මගහැරලා බෙහෙත් ගන්න යන්න
good
සයිටම් රජයට පවරාගෙන හෝ රජය මැදිහත්වෙලා පාඨමාලා පවත්වාගෙන යන්න වෛද්‍ය විද්‍යාලයකට අනුබද්ධව. ඉසෙඩ් අගය අනුව රජයේ වෛද්‍යවිද්‍යාලවලට නොතේරුන ළමයින්ගෙන් ඉහළ සිට පහළට ළමයි ගන්න. ලක්ෂ 120ක් නැතුව ලක්ෂ 40-50ක් වගේ අය කරන්න. පහසු ගෙවීම් ක්‍රම හදන්න.
බැරිද ස්ට්‍රික් කරන්න ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න තහනම් කරන්න කියලා....
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු හෙට (03) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. " මහජනතාව වෙත දැනුම් දීමයි. පස්වරු 5 සිට සියළුම පෞද්ගලික රෝහල් වල පුද්ගලික ප්‍රතිකාර කිරීම නම් නවතා නැතැයි කියලත් කිව්වනම් තමා හොඳ"