බස්නාහිර පළාත් සභාවේ බලය ළඟදීම වෙනස් කරන බව එහි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා හා විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහත්වරු කියති.
ඒ සඳහා විපක්ෂයට අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙක් පමණක් වන අතර ඊටත් වඩා පිරිසක් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂ හා එක්වීමට සූදානම් වන බවත් රාජකරුණා මහතා කියයි.
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සිට ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබා දීමට එක් වු ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය,මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීන් දෙදෙනා,සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයා සහ ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරයා විපක්ෂයේ අසුන්ගතහොත් එහි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 55 දක්වා ඉහළ යන අතර විපක්ෂයේ මන්ත්‍රීන් සංඛයාව 49ක් බවට පත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් බුද්දි ඔයා හරි. කොඩිකාර නම් එපා. (ස)
අාණ්ඩු පක්ෂයේ අය විපක්ෂයේ අසුන් ගත්තාම කාෙහොමද ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මෙපමණ ඉහළ යන්නේ? (නි)
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
සාර්ථක උත්සාහයක්. හර්ෂණ තරුණ මන්ත්‍රීවරයා හොඳ ගමනක් යන බව ස්ථිරයි. (නි)
කව්රු ගත්තත් කොඩිකාර එපා අපිට (අ)