IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බස්නාහිර ක‍්‍රීඩකයන්ගේ ලේඛනයෙන් මේසපන්දු ක‍්‍රීඩක ඉන්දික කපා දමලා

ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ (2012) මේසපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත් බස්නාහිර පළාත් කණ්ඩායමේ ක‍්‍රීඩක නාමලේඛනයෙන් තමන්ගේ නම ඉවත්ව තිබීම සම්බන්‍ධව පරීක්‍ෂණයක් පවත්වන ලෙස ප‍්‍රවීණ මේසපන්දු ක‍්‍රීඩකයකු වන ඉන්දික ප‍්‍රසාද් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මෙවර ක‍්‍රීඩා උළෙලේ මේසපන්දු තරගාවලියේ දිස්ත‍්‍රික් වටයේදී ගම්පහ දිස්ත‍්‍රික් පිල පරදවා කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායම ජය ලැබීය. එහිදී තරග දෙකම ජය ගනිමින් ඉන්දික කොළඹ දිස්ත‍්‍රික් පිලේ ජයග‍්‍රාහී නියමුවෙකු බවට ද පත්විය. ජයග‍්‍රාහී කොළඹ දිස්ත‍්‍රික් පිල නියෝජනය කළ ක‍්‍රීඩකයෝ ජාතික වටයේදී බස්නාහිර පළාත් පිලට ක‍්‍රීඩා කළහ. බස්නාහිර පළාත් පිලේ ක‍්‍රීඩකයන් ලියාපදිංචි කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයට පැමිණෙන ලෙෂ කළ දැනුම්දීමට අනුව තමන් එහි ගිය විට තමන්ගේ නම කපා දමා වෙනත් ක‍්‍රීඩකයන් දෙදෙනකුගේ නම් සටහන් කර තිබු බවත් ඔහු පවසයි. බස්නාහිර පළාත් ක‍්‍රීඩා භාර නිලධාරීනියගෙන් තමන් මේ ගැන විමසු අවස්ථාවේදී අතපසුවීමකින් නාමලේඛනය නැතිවී ඇති බවත්, කිසිවක් කිරීමට දැන් නොහැකි බවත් ඇය පැවසු බවත් ඉන්දික පවසයි. ‘‘රොහාන් සිරිසේන, දිනේෂ් දේශප‍්‍රිය, මිලින්ද ලක්‍ෂිත, මම සහ බුද්ධික වලගම්පොළගේ නම් මෙවර බස්නාහිර පළාත් පිලට ඇතුළත්විය යුත්තේ. බුද්ධික සහ මගේ නම වෙනුවට පසුගිය වසරේ ක‍්‍රීඩා කළ සජිත් කාවින්ද සහ කුලනක හෙන්දහේව ක‍්‍රීඩකයන් දෙදෙනාගේ නම් නාම ලේඛනයට ඇතුළත්වී තිබුණා. මෙය වැරදීමකින් සිදු වුවක් බව දැනගෙන කුලනක ආවේ නැතැයි’ ඔහු පැවසීය. සිවු වසරකට පසුව බස්නාහිර පළාත් කණ්ඩායමට සුදුසුකම් ලබාගත් තමන් දස්කම් අතර සිටියදී අවසන් තරගයට ක‍්‍රීඩා කිරීමට නොහැකි වුයේ බලධාරීන්ගේ වරදින් බවද ඔහු පැවසීය. ඔහු මේ වන විට බස්නාහිර පළාත් සභා ක‍්‍රීඩා ඇමැතිට, එහි ලේකම්ට, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරියට මෙන්ම බස්නාහිර පළාත් මේසපන්දු සංගමයේ ලේකම්වරයාට ද ලිපියක් මගින් තමන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව දැනුම්වත් කර තිබේ. සාග් ක‍්‍රීඩා රිදී පදක්කම් ලාභියකු ද වන 37 හැවිරිදි ඉන්දික, වත්මන් මේසපන්දු ජාතික සංචිතයට ඇතුළත්ව සිටින අතර ජාතික තරගාවලියේ වසර අටක්ම අනුශූරයා ලෙස දස්කම් දක්වා තිබේ.



අදහස් (0)

බස්නාහිර ක‍්‍රීඩකයන්ගේ ලේඛනයෙන් මේසපන්දු ක‍්‍රීඩක ඉන්දික කපා දමලා

වරුණ Friday, 17 August 2012 01:05 PM

ඕවා මොනවද ‍මල්ලී? මේක ලංකාවනේ. හිත හදාගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site