IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බොස්ටන් බෝම්බකරු පණ පිටින් අල්ලයි

පැය 22ක අඛණ්ඩ මෙහෙයුමකින් පසු බොස්ටන් මැරතන් තරඟයේ 19 හැවිරිදි දෙවැනි බෝම්බ කරු   වෝටර්ටවුන් නගරයේ බෝට්ටුවක සිටියදී මින් ටික වේලාවකට පෙර පණපිටින් අත්ඩංගුවට ගත් බව ඇමෙරිකා ෆෙඩරල් පොලීසිය කියයි.

ඔහු අත්අඩංගුවට ගැනීමේදී කිසිදු සටනක් නොවූ බව ද පොලීසිය කියයි.

ඔහුගේ 26 හැවිරිදි සහෝදරයාට පොලිස් වෙඩිපහරින් මරුමුවට පත් විය.

ඇමෙරිකා ෆෙඩරල් පොලීසියේ දහසක් පමණ මේ හෙයෙහුමට එක්වූහ. බෝස්ටන් වේලාව රාත්‍රී අට වන විට ගිලන්රථ, බෝම්බ නාශක රථ තවත් වාහන කිහිපයක් වෝටර්ටවුන්හි දැකගත හැකි වූ බව සීඑන්එන් වාර්තාකාරියක් පැවසුවාය.

මුළු බොස්ටන් නගරයම පාළුවට ගොස් තිබූ අතර සියලු දෙනා නිවෙස්වලට වී සිටින ලෙසට පොලීසිය උපදෙස් දී තිබිණි.



අදහස් (0)

බොස්ටන් බෝම්බකරු පණ පිටින් අල්ලයි

ඉෂාන් Saturday, 20 April 2013 07:06 AM

ඇමරිකාවේ මේ පුපුරා ගියේ බෝම්බයක් නොව පළමු වෙඩි මුරයයි. (නි)

:       0       0

සදුනි Saturday, 20 April 2013 07:29 AM

එතකොට ඒ ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් තියෙනවද ?(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 20 April 2013 07:34 AM

මේ විදියට නිරපරාදේ අහිංසක මිනිසුන්ට බෝම්බයක් තියාපු එක සමහරු අගය කරන එක ඉතාම කණගාටු දායකයි. (නදී)

:       0       0

අමිල Saturday, 20 April 2013 07:40 AM

මේ ක්‍රස්තවාදීන්ට ඇමරිකාව බෙදන්නේ මොන හැන්දෙන්ද? (නදී)

:       0       0

කුමාර Saturday, 20 April 2013 07:47 AM

ඇමෙරිකාව ලොව පුරා වපුරපු ත්‍රස්තවාදය දැන් නෙලා ගනිමින් සිටිනවා. (නි)

:       0       0

සම්පත් Saturday, 20 April 2013 07:48 AM

ඇමරිකාව කරන, කරපු අපරාධ වලට දඬුවම ඒ රටේ මිනිසුන්ගෙන්ම ලබනවා. (නි)

:       0       0

ෂෙහාර් Saturday, 20 April 2013 07:50 AM

එල්ලුම් ගහට යවන්නයි වටින්නේ කරපු වැඩේ හැටියට. හැබැයි නියමයි. එයාට දවස් දෙකනේ නිදැල්ලේ ඉන්න ලැබුණේ. (නි)

:       0       0

වසන්ත Saturday, 20 April 2013 07:50 AM

අපිට කටුවගහන්න හදනකොටම එහේ මොනවාහරි වෙනවා. එතකොට කරන්න යනදේට වඩා එහෙම් පිටින්ම වෙනස් දෙයක් වෙනවා. දැන් මුලු ඇමෙරිකන් සමාජයම නැවත හිතන්න ගනීවි. (නි)

:       0       0

මහේන්ද්‍ර Saturday, 20 April 2013 07:52 AM

ඔහොම තමයි ඇමෙරිකාවට වෙන්න ඕනෑ. (නි)

:       0       0

ජනක Saturday, 20 April 2013 07:54 AM

ඉෂාන්, මේක කරන්නේ සංවිධානයකින් තමයි. ඕකට මුස්ලිම් අයගේ සම්බන්ධයක් නැහැ. (නි)

:       0       0

තරංග Saturday, 20 April 2013 08:03 AM

ජනක, ඔයා දන්නෙ නැද්ද ? මේ අයියා මළෝ දෙන්නම මුස්ලිම් (නි).

:       0       0

ඉෂාර Saturday, 20 April 2013 08:41 AM

එක් සැකකරුවෙක්ගේ මානව හිමිකම් උල්ලංගනය වෙලා.(නදී)

:       0       0

රොක් Saturday, 20 April 2013 09:02 AM

ඕකව බල්ලෙක් වගේ මරන්න ඕනා.(නදී)

:       0       0

මලිති Saturday, 20 April 2013 09:27 AM

මුස්ලිම් නොහොත් තම්බි කියලා නේද ඔප්පු වෙලා තියෙන්නේ? (නි)

:       0       0

බුද්ධි Saturday, 20 April 2013 09:36 AM

අමෙරිකාවේ හැම දේටම හරි කියනවා නෙමෙයි. ඇමරිකාව නැති උනොත් ඒ තැන ගන්නේ එක්කෝ මුස්ලිම් රටවල් නැත්නම් චීනය. එටකොට කොහොම තියේවිද? මුස්ලිම් අන්තවාදය යම් තරමකට හෝ මර්දනය වෙලා තියෙන්නේ ඇමරිකාව නිසා.(නදී)

:       0       0

චමින්ද ජයනාත් Saturday, 20 April 2013 09:42 AM

කොහෙන් ගියත් මැරෙන්නෙ මේ කිසි දේකට සම්බන්ධ නැති අහිංසක මිනිස්සු.(නදී)

:       0       0

අජිත් Saturday, 20 April 2013 09:54 AM

වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් සැකකරු වහාම අපේ පොලිසියට භාර දෙන්න.(නදී)

:       0       0

සමීර සාලින්ද Saturday, 20 April 2013 10:12 AM

අමරිකාවට කෝ මානව හිමිකම් ඒ අයට විතරද යුද්ධ කරන්න පුළුවන්.(නදී)

:       0       0

රුවන් Saturday, 20 April 2013 10:38 AM

මුස්ලිම් අන්තවාදය ලෝකේ ඇති කලේ අමෙරිකාවම තමයි . උදාහරණ :බිල් ලාඩන්, සදාම් හුස්ෙස්න්.(නදී)

:       0       0

සිල්වා Saturday, 20 April 2013 01:19 PM

හොද වෙලාවට මේකා ලංකාවේ දේසපාලන හෙංචයියෙක් නොවේ. ඕක අපේ රටේ උනානම් හොයාගන්න හම්බවෙන්නේ නැහැ .!ඉෂාන් ,මොකක්ද ඔයා කියන වෙඩි මුරේ. (නදී)

:       0       0

ගාමිනී Saturday, 20 April 2013 01:57 PM

2 වෙනි සැකකරුගේ වයස 19 ක් කියන්නේ පොඩි කොලු ගැටයෙක්. මහා මොළ කාරයෝ කව්රුන්ද කියා ඉක්මනින් ආරංචිවෙයි.(නදී)

:       0       0

මදූ Saturday, 20 April 2013 02:05 PM

කොහොම හරි සනීප කරලා විස්තර ටික අහල මරන්න ඕනි ! ඇමරිකාවට මගෙන් සුබ පැතුම් !(නදී)

:       0       0

බන්දුල Sunday, 21 April 2013 01:48 AM

ඔන්න අපි නම් නෙමෙයි. වෙන කවුරුහරි වෙන්න ඇති. ඔයාලා අපිට වෙනස්කම් කෙරුවට අපි නම් කාගෙන්වත් පළිගන්නේ නැති ජාතියක්. (නි)

:       0       0

රංජනී Saturday, 20 April 2013 02:35 PM

අපේ රටේ වැරදි හොයනවට වෙන්න ඕන ඔය වගේ දේවල්. පව් අහිංසක මිනිස්සු.(නදී)

:       0       0

චන්දා Saturday, 20 April 2013 02:45 PM

ඇමරිකාව හරිම සවුත්තු විදියටයි අපේ රටේ කොටි ත්‍රස්තවාදය දෙස බැලුවේ. බොහෝවිට කොටි ත්‍රස්තවාදයට යටින් උදව් කරමින්, මානව හිමිකම් අරවා මේවා ඇදගෙන තවමත් අපිව පාගන්නමයි හදන්නේ, උන්ට හොදයි අපිට නරකයි න්‍යායයෙන් .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site