වොටර් ටවුන්හි ෆරෑන්ක් වීදියේ නිවසක පිළිකන්නේ නවතා තිබූ බෝට්ටුවක සැකකාර තරුණයා සැගවී සිටින බවට නිවැරදි ඔත්තුවක් ලැබීමෙන් පසුව ගුවනින්ද, යාබද මහල් නිවාස මුදුනේ සිට ද එම බෝට්ටුව වට කැරිණි.
අහසට නැගුණ හෙලිකොප්ටර වලින් බෝට්ටුව දෙසට ආලෝක ධාරා එවීය. රාත්‍රී 8 පමණ වුවත් මුළු පෙදෙසම දහවල සේ පෙනෙන්නට විය.
පොලීසිය බෝට්ටුව ළඟට ගොස් ‘දැන් අපි මෙතනට ඇවිල්ලයි ඉන්නේ. එළියට ඇවිත් යටත් වනු‘ යැයි කීය.
අසල්වැසියකු පැවසුවේ සැකකරු ගිලන් රියකින් පවනට බඳු වේගයෙන් රැගෙන ගිය බවයි.
ඊට මදකට කළින් එම ප්‍රදේශයේ වෙඩි හඩක් ඇසුනේය. සැකකරුට තුවාල සිදුවීදැයි නොදනී. පොලීසිය පැවසුවේ ඔහු පණ පිටින් අල්ලා ගත් බවයි.
‘ දඩයම ඉවරයි.සෝදිසිය අවසන්. භීතිය නිමයි. යුක්තිය ජයගත්තා. සැකකරු සිරභාරයට' යැයි පොසිය නිවේදනය කළේය.
ඔහු අල්ලා ගැනීමත් සමග බොස්ටන් වැසියෝ ප්‍රීතියෙන් උද්දාමයට පත්ව මහරෑ වීදිවලට බැස සතුට පළ කරන්නට වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේරත්, ත්‍රස්තවාදීන්ට ආගමක් ඇත.(නදී)
අපේ මිනිස්සු ඇමෙරිකාවට හොඳ වැඩේ කියන කොට මට මතක් වෙන්නෙ තමන්ගෙ ඇහේ පරාළෙ නොදැක අනුන්ගේ ඇහේ පොල් කෙන්ද දැකීම කියන පදේ.(නදී)
තරංග අපේ මිනිස්සු නිරපරාදේ එහෙම කියන්නේ නැහැ. අපි අවුරුදු 35 ත්‍රස්තවාදයෙන් බැට කාපු අය. ඒ කාලය තුල ඇමරිකානුවෝ අපිට කලදේවල් තාමත් අපිට කරන්න හදනදෙවලුත් දන්නා අයගෙන් තමා එහෙම වචන පිටවෙන්නේ. ජීනීවා වලදී කොටි රුකඩ උනේ ඇමෙරිකානුවෝ. ඔය ප්‍රස්ථා පිරුල ගැලපෙන්නේත් එයාලට.(නදී)
කොයි රටේ උනත් සාමාන්‍ය ජනතාවට හිංසා කරන අය ඇත්තෙන්ම භීෂණ ත්‍රස්තවාතීන්. කල කල දෙය පල පල දෙවි. ඇමෙරිකාවෙත් ඉන්නේ අපි වගේ සාමාන්‍ය මනුස්සයෝ. දේශපාලකයෝ ඉන්නේ ටික දෙනයි. බනිනවා නම් ඒ රටේ නායකයන්ට බනින්න. ඇමෙරිකානු මහ ජනතාවට බොරුවට බනින්න එපා. (නදී)
තරංග ඔයා හරියට හරි ඇමරිකාවට ෆ්‍රී විසා දුන්නොත් ලංකාවේ කී දෙනෙක් ඉතුරු වෙයිද?(නදී)
තරංග මහත්තයෝ ත්‍රස්තවාදියෙකුට කලයුතු දෙය කිරීමෙන් ඇමරිකාව කළේ හොඳ දෙයක්. (නදී)
ප්‍රභාකරන්ගේ මල මිනිය මාද්‍යයෙන් පෙන්නුවට පස්සේ අපිත් ඔහොම සතුටු උන බව මතකද ?(නදී)
තරංග ,බුද්ධි මෝඩ කතා කියන්න එපා ඇමෙරිකාව ලංකාවට ෆ්‍රී වීසා දෙනවා නම් (ඔන් ඇරයිවල් ) එයාලට ලංකාව ගැන කතා කරන්ඩ තීරණ ගන්ගන්ඩ අයිතියක් තියනවා. (ඊශ්රයලයට දෙනවා වගේ නය නොවන විශාල මුදල් ආධාර දෙනවනම් )එයාල අපිට එහෙම කරන්නේ නැහැනේ. ඒ එනිසා එයාල අපේ දේවල් ගැන තීරණ ගන්න එක සාධාරණ නැහැ .ඒත් මුස්ලිම් තරස්තවාදයට එරෙහිව ඔවුන් ගෙනයන සටන ඉතා විශිෂ්ටයි අමෙරිකාව සහ ඊශ්‍රායලය නැතිනම් මුස්ලිමුන් මේ ලෝකේ රජවෙලා අපේ බෙලිත් කපනවා . (නදී)
පහන්, ඇමෙරිකාව විසා දුන්නොත් ලංකාව ගැන තීරණ ගන්න ලංකාවේ කව්රුවත් එතුරු වෙන එකක් නැහැ. ඔක්කොම අමෙරිකාවේ වේ පදිංචි වේවි.(නදී)
ඇමෙරිකාව දෙයක් කරන කොටයි අපි දෙයක් කරනකොටයි වෙනස අපි එක හැමතැනම ගාගන්නවා මෝඩ දේශපාලුවෝ නිසා .(නදී)
පහන්, ඔන් ඇරයිවල් විසා දුන්නා කියලා රටක් ගැන තීරණ ගන්න අයිතියක් නෑ. ඒක වැරදි කතාවක්. එහෙම විසා දෙන රටවල් ඕන තරම් තියනවා .(නදී)
ඩොලර් වලට ආත්මය පාවා දෙන්නැති අයත් ලංකාවේ ඉන්න බව අදහස් දැකපුවාම තේරෙනවා.(නදී)
බොස්ටන් කතාව වැඩේ ඉවරයිනේ. අපි දැන් ගමන් කරමු ටෙක්සාස් පැත්තට. ඊ ලඟට ගුවනින් යමු උතුරු කොරියාවට.හොඳේ!(නදී)
වැරදි මගක ගිය තරුණයින් දෙන්නා ගැනත් අහිංසක ක්‍රීඩාවට ත්‍රස්තවාදය කැවීමත් අනුකම්පා කරමු. මහා බලවතා තමිල් නාඩුවේ ලංකා ක්‍රිකට් තහනම ගැන වෙනස් හැන්දකින් බෙදන්නේ අපි පුංචි නිසාද? (නදී)
ඇමරිකාවේ එක බෝමබයකට ඔයතරම් බය වුණා නම් අවුරුදු 30 ක් තිස්සේ දහස් ගණනක් බෝම්බ මැද ජීවත් වුණ අපි කොයිතරම් බයකින් ඉන්න ඇද්ද කියලා දැන්වත් ඇමරිකාව තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්. බැරිවෙලාවත් ප්‍රබාකරන් වගේ කෙනෙක් එහෙම එහෙ හිටියා නම් බෝම්බ ඕනෑ නැහැ ඔය මිනිස්සු බයටම මැරෙනවා. (නි)
පහන් හරි ඔබ දුර දැකීමේ නුවන තියන කෙනක් .ඔබට ජය !(නදී)
නිශන්ද්‍ර, ඔය කියමනම මාත් කියනවා.(නදී)
මේ අය ලෝකෙ කොහේ හිටියත් නූගත් කමේ කිසිම අඩුවක් නැති බවයි පේන්නෙ. දවසට පස් වතාවකුත්, සිකුරාදට වරුවකුත් දෙවියන්ට යාක්ඥා කරණ මේ අයගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද.(නදී)
ත්‍රස්තවාදයට ආගමක් නැත. ජාතියක් නැත.භාෂාවක් නැත.හැඩයක් කලාවක් නැත.දුර දක්නා නුවනක් නැත. මෙම පොදු සතුරා හඳුනාගෙන නීතියේ නාමයෙන් දැඩි දඬුවම් නොදුන හොත් අප සැම අඳුරේ හිරවෙනු ඇත.(නදී)
වජිර මෙහෙම කියමුකෝ ඊශ්‍රායල් ජාතිකයින්ට මෙන් දිවිත්ව පුරවැසිකම ඕනෑම කෙනෙකුට දෙනවනම් .එම රට තමන්ගේ කොඩියේ 51 වෙනි තරුව ලෙස සලකනවානම්.(නදී)