IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බොස්ටන් නුවර සැනසුම් සුසුම් හෙළයි

වොටර් ටවුන්හි ෆරෑන්ක් වීදියේ නිවසක පිළිකන්නේ නවතා තිබූ බෝට්ටුවක සැකකාර තරුණයා සැගවී සිටින බවට නිවැරදි ඔත්තුවක් ලැබීමෙන් පසුව ගුවනින්ද, යාබද මහල් නිවාස මුදුනේ සිට ද එම බෝට්ටුව වට කැරිණි.

අහසට නැගුණ හෙලිකොප්ටර වලින් බෝට්ටුව දෙසට ආලෝක ධාරා එවීය. රාත්‍රී 8 පමණ වුවත් මුළු පෙදෙසම දහවල සේ පෙනෙන්නට විය.

පොලීසිය බෝට්ටුව ළඟට ගොස් ‘දැන් අපි මෙතනට ඇවිල්ලයි ඉන්නේ. එළියට ඇවිත් යටත් වනු‘ යැයි කීය.

අසල්වැසියකු පැවසුවේ සැකකරු ගිලන් රියකින් පවනට බඳු වේගයෙන් රැගෙන ගිය බවයි.

ඊට මදකට කළින් එම ප්‍රදේශයේ වෙඩි හඩක් ඇසුනේය.  සැකකරුට තුවාල සිදුවීදැයි නොදනී. පොලීසිය පැවසුවේ ඔහු පණ පිටින් අල්ලා ගත් බවයි.

‘ දඩයම ඉවරයි.සෝදිසිය අවසන්. භීතිය නිමයි. යුක්තිය ජයගත්තා. සැකකරු සිරභාරයට' යැයි පොසිය නිවේදනය කළේය.

ඔහු අල්ලා ගැනීමත් සමග බොස්ටන් වැසියෝ ප්‍රීතියෙන් උද්දාමයට පත්ව මහරෑ වීදිවලට බැස සතුට පළ කරන්නට වූහ.

 



අදහස් (0)

බොස්ටන් නුවර සැනසුම් සුසුම් හෙළයි

මදූ Saturday, 20 April 2013 04:29 PM

හේරත්, ත්‍රස්තවාදීන්ට ආගමක් ඇත.(නදී)

:       0       0

තරංග Saturday, 20 April 2013 07:59 AM

අපේ මිනිස්සු ඇමෙරිකාවට හොඳ වැඩේ කියන කොට මට මතක් වෙන්නෙ තමන්ගෙ ඇහේ පරාළෙ නොදැක අනුන්ගේ ඇහේ පොල් කෙන්ද දැකීම කියන පදේ.(නදී)

:       0       0

සමන් Saturday, 20 April 2013 08:40 AM

තරංග අපේ මිනිස්සු නිරපරාදේ එහෙම කියන්නේ නැහැ. අපි අවුරුදු 35 ත්‍රස්තවාදයෙන් බැට කාපු අය. ඒ කාලය තුල ඇමරිකානුවෝ අපිට කලදේවල් තාමත් අපිට කරන්න හදනදෙවලුත් දන්නා අයගෙන් තමා එහෙම වචන පිටවෙන්නේ. ජීනීවා වලදී කොටි රුකඩ උනේ ඇමෙරිකානුවෝ. ඔය ප්‍රස්ථා පිරුල ගැලපෙන්නේත් එයාලට.(නදී)

:       0       0

සමික Saturday, 20 April 2013 08:52 AM

කොයි රටේ උනත් සාමාන්‍ය ජනතාවට හිංසා කරන අය ඇත්තෙන්ම භීෂණ ත්‍රස්තවාතීන්. කල කල දෙය පල පල දෙවි. ඇමෙරිකාවෙත් ඉන්නේ අපි වගේ සාමාන්‍ය මනුස්සයෝ. දේශපාලකයෝ ඉන්නේ ටික දෙනයි. බනිනවා නම් ඒ රටේ නායකයන්ට බනින්න. ඇමෙරිකානු මහ ජනතාවට බොරුවට බනින්න එපා. (නදී)

:       0       0

බුද්ධි Saturday, 20 April 2013 09:38 AM

තරංග ඔයා හරියට හරි ඇමරිකාවට ෆ්‍රී විසා දුන්නොත් ලංකාවේ කී දෙනෙක් ඉතුරු වෙයිද?(නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 20 April 2013 09:46 AM

තරංග මහත්තයෝ ත්‍රස්තවාදියෙකුට කලයුතු දෙය කිරීමෙන් ඇමරිකාව කළේ හොඳ දෙයක්. (නදී)

:       0       0

නිෂේන්ද්‍ර Saturday, 20 April 2013 09:52 AM

ප්‍රභාකරන්ගේ මල මිනිය මාද්‍යයෙන් පෙන්නුවට පස්සේ අපිත් ඔහොම සතුටු උන බව මතකද ?(නදී)

:       0       0

පහන් Saturday, 20 April 2013 11:19 AM

තරංග ,බුද්ධි මෝඩ කතා කියන්න එපා ඇමෙරිකාව ලංකාවට ෆ්‍රී වීසා දෙනවා නම් (ඔන් ඇරයිවල් ) එයාලට ලංකාව ගැන කතා කරන්ඩ තීරණ ගන්ගන්ඩ අයිතියක් තියනවා. (ඊශ්රයලයට දෙනවා වගේ නය නොවන විශාල මුදල් ආධාර දෙනවනම් )එයාල අපිට එහෙම කරන්නේ නැහැනේ. ඒ එනිසා එයාල අපේ දේවල් ගැන තීරණ ගන්න එක සාධාරණ නැහැ .ඒත් මුස්ලිම් තරස්තවාදයට එරෙහිව ඔවුන් ගෙනයන සටන ඉතා විශිෂ්ටයි අමෙරිකාව සහ ඊශ්‍රායලය නැතිනම් මුස්ලිමුන් මේ ලෝකේ රජවෙලා අපේ බෙලිත් කපනවා . (නදී)

:       0       0

බුද්ධි Saturday, 20 April 2013 11:36 AM

පහන්, ඇමෙරිකාව විසා දුන්නොත් ලංකාව ගැන තීරණ ගන්න ලංකාවේ කව්රුවත් එතුරු වෙන එකක් නැහැ. ඔක්කොම අමෙරිකාවේ වේ පදිංචි වේවි.(නදී)

:       0       0

වජිර Saturday, 20 April 2013 12:42 PM

ඇමෙරිකාව දෙයක් කරන කොටයි අපි දෙයක් කරනකොටයි වෙනස අපි එක හැමතැනම ගාගන්නවා මෝඩ දේශපාලුවෝ නිසා .(නදී)

:       0       0

වජිර Saturday, 20 April 2013 12:51 PM

පහන්, ඔන් ඇරයිවල් විසා දුන්නා කියලා රටක් ගැන තීරණ ගන්න අයිතියක් නෑ. ඒක වැරදි කතාවක්. එහෙම විසා දෙන රටවල් ඕන තරම් තියනවා .(නදී)

:       0       0

සදරුවන් Saturday, 20 April 2013 02:00 PM

ඩොලර් වලට ආත්මය පාවා දෙන්නැති අයත් ලංකාවේ ඉන්න බව අදහස් දැකපුවාම තේරෙනවා.(නදී)

:       0       0

ගාමිණී Saturday, 20 April 2013 02:03 PM

බොස්ටන් කතාව වැඩේ ඉවරයිනේ. අපි දැන් ගමන් කරමු ටෙක්සාස් පැත්තට. ඊ ලඟට ගුවනින් යමු උතුරු කොරියාවට.හොඳේ!(නදී)

:       0       0

හේරත් Saturday, 20 April 2013 02:09 PM

වැරදි මගක ගිය තරුණයින් දෙන්නා ගැනත් අහිංසක ක්‍රීඩාවට ත්‍රස්තවාදය කැවීමත් අනුකම්පා කරමු. මහා බලවතා තමිල් නාඩුවේ ලංකා ක්‍රිකට් තහනම ගැන වෙනස් හැන්දකින් බෙදන්නේ අපි පුංචි නිසාද? (නදී)

:       0       0

බන්දුල Sunday, 21 April 2013 01:19 AM

ඇමරිකාවේ එක බෝමබයකට ඔයතරම් බය වුණා නම් අවුරුදු 30 ක් තිස්සේ දහස් ගණනක් බෝම්බ මැද ජීවත් වුණ අපි කොයිතරම් බයකින් ඉන්න ඇද්ද කියලා දැන්වත් ඇමරිකාව තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්. බැරිවෙලාවත් ප්‍රබාකරන් වගේ කෙනෙක් එහෙම එහෙ හිටියා නම් බෝම්බ ඕනෑ නැහැ ඔය මිනිස්සු බයටම මැරෙනවා. (නි)

:       0       0

මදූ Saturday, 20 April 2013 02:16 PM

පහන් හරි ඔබ දුර දැකීමේ නුවන තියන කෙනක් .ඔබට ජය !(නදී)

:       0       0

රංජනී Saturday, 20 April 2013 02:28 PM

නිශන්ද්‍ර, ඔය කියමනම මාත් කියනවා.(නදී)

:       0       0

ජීව Saturday, 20 April 2013 02:42 PM

මේ අය ලෝකෙ කොහේ හිටියත් නූගත් කමේ කිසිම අඩුවක් නැති බවයි පේන්නෙ. දවසට පස් වතාවකුත්, සිකුරාදට වරුවකුත් දෙවියන්ට යාක්ඥා කරණ මේ අයගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද.(නදී)

:       0       0

හේරත් Saturday, 20 April 2013 03:33 PM

ත්‍රස්තවාදයට ආගමක් නැත. ජාතියක් නැත.භාෂාවක් නැත.හැඩයක් කලාවක් නැත.දුර දක්නා නුවනක් නැත. මෙම පොදු සතුරා හඳුනාගෙන නීතියේ නාමයෙන් දැඩි දඬුවම් නොදුන හොත් අප සැම අඳුරේ හිරවෙනු ඇත.(නදී)

:       0       0

පහන් Saturday, 20 April 2013 04:18 PM

වජිර මෙහෙම කියමුකෝ ඊශ්‍රායල් ජාතිකයින්ට මෙන් දිවිත්ව පුරවැසිකම ඕනෑම කෙනෙකුට දෙනවනම් .එම රට තමන්ගේ කොඩියේ 51 වෙනි තරුව ලෙස සලකනවානම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site