රාජ්‍ය ඇමැතිවරයකුගේ පුද්ගලික ආරක්ෂක සේවයේ යෙදී සිටින්නකු හා ඉඩම් තැරැව්කරුවකුට බිස්කට් ලබාදී සිහි නැති කර ඔවුන් සතුව තිබූ රන් මාල, මුදු හා මුදල් කොල්ලකා පළා ගිය අයකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.
කැනඩාවේ සිට ආ බව කියන මෙම කොල්ලකරුවා ඉඩමක් සොයා දෙන්නැයි අදාල ආරක්ෂක නිලධරයාට පවසා ඇති අතර ඔහු හා තැරැව්කරුවකු සමග කොස්ගම ප්‍රදේශයේ ඉඩමක් බැලීමට ගිය අතරතුරදී සිහි නැතිවීමට බිස්කට් ලබාදී තැරැව්කරු අත තිබූ රන් මාලය හා රුපියල් 6000ක මුදලක්ද, ආරක්ෂක නිලධරයා සතුව තිබූ පවුම් 3ක රත්රන් මාලයක් හා මුදු 4ක්ද කොල්ලකා පළාගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd