වැඩිවූ තෙල් මිලට සරිලන සේ බස් ගාස්තු වැඩිකිරීම හෝ ඒ වෙනුවෙන් සහනයක් හෝ නොදෙතොත් අද මැදියම් රැයේ සිට රටපුරා බස් වර්ජනයක් සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. බස්ගාස්තු වැඩි කළ යුතු ප්‍රතිශතය සභාපතිවරයා නොකියන නමුත් තෙල් මිල වැඩි කිරීමට පෙර සහනයක් දිය යුතුව තිබුණු බව ද අද දිනයේත් බෝහෝ මාර්ගවල බස් ධාවනය 50% කින් කඩුවී ඇති බව ද ඔහු කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් නැත්නම් පයින් යනවා.
ලංකාවේ බත් කන්නේ ගැමුණුලා විතරද?? බස් ගාස්තු වැඩිකරගෙන එයාලා හිටපු විදියටම සැපේ ඉදීවි. බස් එකේ වැඩට යන අසරණ මනුස්සයට මොකද වෙන්නේ?? රජයේ සංවර්ධන ක්‍රියාමාර්ගයක් ලෙස ලංගමට තව බස් ටිකක් ගෙනල්ලා, පෞද්ගලික බස් ලංකාවේ තහනම් කලානම් මෙයාලගේ ඇස් ඇරෙයි.
මේ ගොල්ලන්ට ලාභය කියන්නේ තව බස් ගන්න සල්ලි කියන එක. අපි වගේ අප්පු හමිලට අදායම කියන්නේ එදා වේල හොයා ගන්න එක.
කීයටවත් වැඩි කරන්න එපා. මෙයාලට වැඩි වෙලාවක් වර්ජන කරන්න බැහැ.
බස් හිමියන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි කියන එක හරි. හැබැයි වර්ජන කළොත් දෙන්න හොද නෑ..
දුම්රිය හැම වෙලාවෙම භාවිත කරනවා..
මෙයා හැම වෙලේස වර්ජන කරන්න හදන්නේ..
පයින්ම යමු..
මේ ගොල්ලො කියන තරම් බස් ව්‍යාපාර පාඩු ලබන්නේ නෑ. මෙය ඉතා වාසි දෙයක්. ඒක නිසා තමයි වැඩි වැඩියෙන් පුද්ගලික බස් ධාවනයට එක් වෙන්නේ...
බස් දුවන්න බැහැනෙ වතුරෙන්. තෙල් මිල වැඩිවීමට සාපේක්ෂව සේවකයන්ගේ වැටුප් වැඩිවෙන්නත් ඕන..
මේ ගොල්ලෝ කියන විදියට බස්ගස්තු වැඩිකලොත් අපිට පයින් යන එක සැපයි ඒක අපේ ඇගටත් හොදයි...
බස් ගාස්තු වැඩි කළොත් මම නම් රැකියාවට පයින්ම යනවා..
බස්වල යන මගීන් ගැන මේ ගොල්ලො කොහොමත් හිතන්නෙ නැහැ නේ, කොහොමත් ඉතින් යටම පුරුකෙ ඉන්නෙ අපීනේ, කවුරු මොනව කලත් තැලෙන්නෙ අපිමයි, කොන්දල ගහන මාටිය පාරත්... වදින්නෙ ඉතින් අහින්සක පිටමයි. මම නම් කියන්නෙ මෙයාල බස් ගාස්තු වැඩි කරන්න ඉල්ලනවනම්, බස් වල ප්‍රමිතියත් හිතන්න ඕන, අඩුම ගානෙ පිරිමි දෙන්නෙකුට හරියට වාඩිවෙල යන්න පුලුවන් දිග තියන ආසනයක් සහ ආසන අතර පරතරයක් වත් තියනවනම් කමක් නැහැ, ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ නේ.....!!
මෙයාලා දැන් හොද පුරුද්දක් කරගෙන මේක, හිතාන ඉන්නේ හරියයි කියලා, දුප්පත් ජනතාව හූරගෙන කනවට එලවන්න ඕන..
ගැමුණු සභාපති අපේ නායකයන්ටත් කලින් තීරණ ගන්න කෙනෙක් වගේ. ඔයාලගෙ බස්වල ගොඩක් යන්නේ හරි අමාරුවෙන්. පොඩ්ඩක් රට ගැනත් හිතන්න..