ගල්කිස්සේදී බස්රථයක් හා පාසල් වෑන් රියක් ගැටී ළමයින් 8දෙනකු ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන්ගේ වැරදි නිසා අහිංසක දරුවො අනතුරේ...අනතුරට පත් දරුවන්ට ඉක්මන් සුවය පතමි...
බස්රථ වල යන ගෑනියෙක්ට ගරු කරන්න නැති අය (බ)
අහිංසක ළමයි සියලුම දෙනා ඉක්මණින් සුවපත් වේවා
පුද්ගලික බස් රථ සහ ත්‍රී රෝධ රථ කියන්නෙ අපේ රටට දරුනු පිලිකාවක්.මේ ගැන හදුනාගන්න තවම කිසිකෙනකුට බැරිවෙලා තියෙනව.අධ්‍යාපනයක් නැති මේ රියදුරන් ගෙන් සමාජයට වෙන්නෙ හැම විටම අනතුරුයි.මේ ලගදී දවසක තදියම් රියදුරෙක් නිසා මට බස් එකෙන් බහින්නෙ නැතුව පනින්න සිදුවුනා.ඒ තරම් කැත රියදුරෝ තමයි මේවායෙ ඉන්නෙ.ඉතින් මේ අනතුරත් ඒවගෙ කැත රියදුරෙක්ගෙ වැඩක් වෙන්න ඕනෙ.
ගොඩාක් රියැදුරු මහත්වරු බලපත්‍ර ගන්නෙ පගාවට. ඉතින් මේ දේවල් ගැන පුදුම නොවිය යුතුයි
මෙවැනි අවිනීත ලෙස රිය පැදවීමක් දුටු අවස්ථාවක දැන්වීමට දුරකථන අංකයක් ලබා දෙන්නේ නම් මේ අනතුරු ගොඩාක් දුරට වළක්වාගත හැකියි
අනතුරු කොයි වෙලේ සිදුවෙයිද කියා අපට කිව නොහැක. ඒ නිසා අප සියලු දෙනාම පරෙස්සම් විය යුතුයි
විනයක් නැතිව බලපත්‍ර දෙන එක තමයි වැරැද්ද
මේ වෑන් එක අයිතිකරුට විරුද්ධව පියවරක් ගන්න ඕනා. මොකද කිසිම වගකීමක් නැති අයට මේවගේ පාසල් සේවය දුන්නට. ජාතික ගමනාගමන කොමිෂන් එක වගේ මේ පාසල් සේවය කරන වාහන ලියාපදිංචි කරලා ඒවගේ වැඩ කරන අයට වෙනම බලපත්‍රයක් දෙනවානම් හොදයි. එවිට ආවට ගියාවට පාසල් සේවයේ වාහන ධාවනය කරන්න බෑ
නීතියක් නැති රටේ මෙහෙම දේවල් සිදුවෙන එක මහම අපරාධයක්. අහිංසක දරුවෝ පව්.
ළමයිනට ඉක්මනට සුවවෙයි. තියෙන හදිසියයි පන්ඩිතකමයි නැති වෙලා යන්න මේ වෑන් රියැදුරාට දැඩි දඬුවම් දෙන්න ඕනේ.
මගේ අදහස අඩුම තරමේ මාස දෙකකටවත් සැරයක් විශේෂයෙන් පාසල් රථ රියැදුරන් පොලිසියට කැදවා මේ සම්බන්ධව දැනුම්වත් කළ යුතුයි. වාහනයේ තත්ත්වය සහ ආසන පහසුකම් ගැන දැනුම්වත් කළ යුතුයි.
සියලුම දරුවන්ට ඉක්මන් නීරෝගී බව ප්‍රාර්ථනා කරනවා. රියැදුරු මහතුනි පණ ගන්වන යකඩ ගොඩකට වඩා මිනිස් ජීවිත ගැන සැළකිල්ලෙන් රිය පදවා රුපියල් සත වලට තමන්ගෙ ආත්මගරුත්වය විනාස නොකර ගන්න
මේක නිකන්ම අවාසනාවන්ත අනතුරක් නෙවේ කිසිම විනයක් නැති රියදුරන් කරපු අපරාදයක්. පව් අහිංසක දරුවො ටිකයි දෙමවුපියනුයි, කොච්චර බලාපොරොත්තු තියාගෙනද අම්මල තාත්තල ඒ දරුවො කවල පොවල වැඩි ආරක්ශාවට වෑන් එකක යවන්න ඇත්තෙ. මේ වගෙ විනයක් නැති රියදුරන් ගැන මීට වඩා තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊයෙ මට ගාලු පාරෙදි වෙච්ච දෙයක් මේ, මම මගෙ දරුව එක්ක රත්මලානෙ සිට දෙහිවලට එනකොට, 183 - පානදුර-නුගේගොඩ බස් එකක් පාර පුරා හෝන් ගගහ ගියෙ, මැලිබන් හන්දියෙදි මාව බේරුනෙ පුදුම වාසනාවකින්. මම ගල්කිස්සෙ හන්දියෙ හිටපු පොලිස් නිලදාරි තුමාට ඒ ගැන පැමිනිලි කරා, මම දන්නෙ නෑ ඊට පස්සෙ මොකද උනෙ කියල, ඒත් මේව එවෙලේම පැමිනිලි කරල ක්‍රියාමාර්ගයක් ගන්නවානම් ඉස්සරහට තව අහිංසකයෙක්ගෙ ජීවිත බේරෙයි.
අපි ජීවත්වෙලා ඉන්න කාලය අවුරුදු දහස් ගාණක් කියල හිතන් ඉන්නෙ. නීතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි
මේ මිනිස්සුන්ගේ ඇස් බලවන්න වෙයි දවල්ටත් අනතුරු කරගන්නේ පුංචි ළමයි එක්ක යන වෑන් මිට වඩා පරිස්සමින් යන්න ළමයි එනකන් දෙමාපියන් මඟ බලාගෙන ඉන්නෙ
විශේෂයෙන්ම බස්රථ රියදුරන්ගේ හා ලොරි රියදුරන්ගේ විනය ඉතාම පහලයි
සමහර පොලිස් නිලධාරීන් ජීවත් වෙන්නෙත් මේ බස් මුදලාලිලා දෙන පඩියෙන්. එහෙම වුනාම මොන වරදක් කළත් ඒ අයට දඩුවම් කරන්න බැහැනෙ
මෙවැනි රියැදුරන්ගේ බලපත්‍රයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ යුතුයි
අහිංසක දරුවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉක්මනින් සුව වේවා.......
මේකට වග කියන්න ඕන පොලීසිය. ඊයෙත් මොරටුව පැත්තෙ තීරුවක දෙපැත්තටම වාහන යවල ගුවන් පාලම උඩ හිරවුනා.
මේකට හේතුව අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක.
විශේෂයෙන්ම බස්රථ රියදුරන්ගේ හා ලොරි රියදුරන්ගේ විනට ඉතාම පහලයි..
මේවා බස් රියදුරන්ගේ වැරදි , ඒගොල්ල කොහොමත් හදන්න බැ. අනිත් කාරණය තමා අලුත් රියදුරන් .....වාහනය තමන්ට හුරු වෙන්න කලින් කොළඹ පුරා එලවනවා ,ඒ වගේ අය අනෙත් අයගෙත් කාලය /ජාතික ධනය වනසවා.හිතන්නේ වාහනය ගත්ත පලියට හොඳ රියදුරන් කියලා.පොලිස්පතිතුමනි නීති කඩන අයට දඩුවම් දෙන්න, රථ වාහන පොලිසියේ නිලදාරීන් කරන්නේ වරද කරුවන් අල්ලලා ගානක් අරගෙන තිතිවිරෝධි රියදුරන් යවන එක.කොළඹ ඉන්න රථ වාහන පොලිසියේ නිලදාරීන් අගය කල යුතුයි.
අහිංසක ළමයි..
රියදුරන්ගේ වැරදි