අලව්වේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ වසා තිබූ රේල් ගේට්ටුවක් අතරින් බස් රථයක් ධාවය කැර, බස් රිය දුම්රියක ගැටීමෙන් එහි සිටි මගීන් 41 දෙනකු මරා දැමීයැයි වරද කරු වූ බසයේ රියදුරුට සහ අනියම් මිනීමැරීමට ආධාර අනුබල දුන්නැයි වරද කරු වූ කොන්දොස්තරට සිර දඩුවම් හා දඩද නියම කළ කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද එම දෙදෙනාටම මරණ දඩුවම ද නියම කළේය.
2005 අප්‍රේල් 27 වැනිදා මේ අනතුර සිදුවිය.
පෞද්ගලික බසයේ රියදුරු අබ්දුල් වාහිඩ් හප්රූල් සහ කොන්දොස්තර මිල්ලවානේ ගෙදර බුද්ධික රුවන් කුමාර යන දෙදෙනා චෝදනා 27කට වරද කරු කළ මහාධිකරණ විනිසුරුවරයා එක් චෝදනාවට වසර 10 බැගින් වසර 270ක සිරදඩුවමක් ද, එක් චෝදනාවකට රුපියල් 5000 බැගින් දඩ ද නියම කළේය.
දඩ නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාසය බැගින් විසි හත් මාසයක සිර දඩුවමක්ද නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ බස් වල යන අය මින්පස්සේ හොදට හිතලා නගින්න. (නි)
මිනිහෙකුගෙ ආයුකාලයට වඩා සිර දඩුවමක් දෙන්නෙ කොහොමද? (නදී)
මෙම තීන්දුව නිසා මෙවැනි අනතුරු නැවත සිදුවීම අඩුවේවි. (නි)
කොන්දොස්තර තමයිලු ගේට් එක ළග නැවැත්තුවට පස්සේ බස් එක පිටිපස්සට ගිහිල්ලා පිටිපස්සෙන් එන අනිත් බස් එක දැකලා ගේට් එකෙන් එහා පැත්තට ඉක්මනට බස් එක දාන්න කියලා තියෙන්නෙ. එහෙම තමයි ආරංචි අපිට නම්. (නි)
ඇමති පුතෙක් වගේ කෙනෙක් කොන්දා වුණා නම්? (නි)
සමහර මිනීමරුවන්ට නම් නිදහස ලැබෙනවා. (නි)
බෞද්ධ රටක් වුණාට කමක් නැහැ. මේ වගේ වගකීමක් නැති වැඩ කරන රියදුරන්ට මරණ දඩුවම් දෙන්න ඕනෑ. (නි)
වැරදි කරන කාට වුනත් තරාතිරම නොබලා දඩුවම් ලබාදීමට කදිම උදාහරණයක් !!! (ස)
සල්ලි මත්තේ පන එපා කියල විනය බල්ලට දාල දුවන රියදුරන්ට මතක හිටින පාඩමක් . ඒ උනාට අවරුදු අටකට පස්සෙනේ තීන්දුව දීල තියෙන්නේ . (නදී)
මේක හොද තීන්දුවක් වෙන්න පුලුවන්. නමුත් මේ මිනිස්සු හිතලාම ඔක්කොම මරලා දාන්න කරපු වැඩක් නෙමෙයි මේක. නමුත් හිතා මතා සැලසුම් කරපු අයට දඩුවම් හම්බවෙන්නේ ස්වභාව ධර්මයෙන්. (නි)
මට නම් මේක ටිකක් පැටලිලි සහගතයි. කාටද මරණ දඬුවම් දුන්නෙ? කාටද හිර දඬුවම් දුන්නෙ?(ස)
සමහරවිට කොන්දොස්තොර රියදුරාට කියන්න ඇති වසා තිබෙන රේල් ගේට්ටුව අතරින් යන්න කියලා. ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ. රුපියල් 5000 ගානේ දෙන්නම දඩ මුදල ගෙවයි නේද, අවුරුදු 270 හිරේ ඉන්න එකේ තව මොකටද මාස 27ක් වැඩිපුර ඉන්නේ කියලා. (නදී)
ප්‍රසිදියේ ගල් ගහල මරන්න ඕන (ස)
ප්‍රසන්න, මහින්ද චෝදනා 27ක සිර දඬුවම් මරණීය දණ්ඩනයට අමතරව. දැන් එල්ලලා මරන්නේ නැහැ ඉතින් ජීවිතාන්තය දක්වා හිරේ. හිටපු විනිසුරු තුමා නඩුව අහල එක්කෝ ස්ථාන මාරු වෙලා නැත්නම් විශ්‍රාම යන්ඩ ඇති. එතකොට අලුතින් පත්වෙන විනිසුරු තුමා නඩුව දන්නේ නැති නිසා හිටපු විනිසුරු තුමාම තීන්දුව දෙනවා. තේරුනාද?(නදී)
මටත් මේක පටලැවිල්ලක්. 2005 කරපු වරදට දඬුවම් දෙන්නේ 2013. (ස)
හොඳ දඬුවමක්. පුලුවන්නම් මීහරක් වගේ එලවන ලෝකේ කිසිදෙයක් නොදන්නා හැබයි හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න ත්‍රී ව්හීල් කාරයන්ටත් දෙන්නකෝ මරණ දඬුවම.(නදී)
පවු වෑඩක් තමයි. ඒත් මිනිස්සුන්ට යමක් හිතන්න පුලුවන් තීන්දුවක්.(ස)
තීරණය නම් හොදයි. වැඩේ කියන්නේ 41 ගිහිල්ලත් මෙදෙන්න බේරුනා එකනේ.(ස)
අවුරුදු 270 හිරේ යවල මොනවා කරන්නද පරමායුෂ අවුරුදු 120 නේ (ස)
කව්ද දන්නේ හිරේ ගියාට පස්සේ භාවනා කරලා රහත් වෙලාවත් අවුරුදු තුන් හාරසීයක් පනපිටින් හිටියොත්. ඒක නිසා දඩුවම හරියටම හරි.(නදී)
ගොඩක් රියදුරු මහතුන්ට මේක හොඳ පාඩමක්... (ස)
ඇයි මෙයාලට නීතිපතිගේ සහනයක් නැද්ද.?(නදී)
දුම්රියේ රියදුරාගේ වැරැද්දක් නැද්ද එතකොට? (නි)
මේ ලෝකෙ කව්ද අවුරුදු 270 ජීවත් වෙන්නෙ. අනික මරණ දඩුවම දුන්නට පස්සෙ ඇයි සිර දඩුවම්.(නදී)
මේක හොඳ ආදර්ශයක්... රිය අනතුරු වලදි දඬුවම් නියම කිරන්නේ කලාතුරකින්. ඒක නිසා රියදුරෝ කිසිම බයක් නැතිව පිස්සු කරනවා... (ස)
කොන්දෙස්තර බේරේක් ගහන්න නැතිව ඇති ඒකයි ඒයාටත් දඩුවම් දෙනන් ඇත්තේ පව් ටයිම් කිපර්ටත් මරණ දඩුවම දෙන්න තියෙන්නේ කොච්චි එන වෙලාවෙ බස් යැව්වාට නේද මෙයා(ස)
වැදගත් සහ වටිනා නඩු තීන්දුවක්. සමාජයට හොඳ පාඩමක් වේවි. තමන්ගේ වාසිය ගැන විතරක් හිතන මිනිස්සු මුදල් පසුපස දුවන වේගය අඩු කරගනීවි මේ තීන්දුව නිසා. (ස)
පෝරකයක් ලංකාවේ තියෙනවද? පෝරක තියෙනවා සුසාන භූමි වල. ඒ පොදු යහපත් ජනතාව වෙනුවෙන්. එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙනවද? (නි)
තීන්දුව දෙන්න ප්‍රමාද වැඩි (ස)
විනිසුරුතුමා ලංකාවේ පොරකයක් තියනවද කියල දන්නවද දන්නේ නැහැ නේද ?(නදී)
මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕනේ එතකොට තමයි හැදෙන්නේ. (ස)
ඇතමුන්ට මේවා අධාල නැත.(ස)
මෙතන සමහරු දාන අදහස් දැක්කම තේරෙනවා කොච්චර පණ්ඩිතයෝ වගේ අන්තර්ජාලයේ හැසිරුණත් මූලික නීති කරුණුවත් හරියට දන්නෙ නැහැ කියලා. (නි)
විහඟ පරම ආයුෂ 120 උනාට වරදේ හැටියට මෙයාලට දඬුවම තමයි අවරුදු 270 ඒක තේරුම් ගන්න මෙයාල කරපු අපරාදෙට මොවුන්ව අවරුදු 500 ක් වත් හිරේ යවන්න ඕනේ.. (ස)
දේශපාලන සහයක් තියෙනවනම් නීතිපති උපදෙස් ගන්න තිබුණා (ස)
මේවගේ තීන්දුවක් සෞදිවල දුන්න නම් මෙලහකට බලාගන්න තිබ්බ අපේ අයගේ සද්දේ.(නදී)
මේ තීන්දුවට විශාල අභියොගයක් ලැබෙයි ඇපෑලෙදි. (නි)
ඇමති පුතාලා මේ වගේ දෙයක් කලා නම් නිකම්ම නිදහස්.(නදී)
ඇමති පුතාලටත් මේ වගේ දඩුවම් දෙන්න ඕනේ.(නදී)
අභියාචනයක් දාලා බැලූවොත් මොනවා හරි වෙනසක් කරගන්න පුළුවන් වෙයි.(ස)
මේ බස් රථය හිමි මුදලාලිත් මේකට වග කියන්න ඕනෑ. මුදලාලිලාගෙන් ඇතිවෙන පීඩනය හින්දා තමයි පෞද්ගලික බස් රථ මග මරුවො වෙන්නෙ! (නි)
මමත් මේ සිද්ධිය දැක්ක එදා. මුදල් පසුපස හඹා යන වල්මත් වූ මිනිසුන්ගෙන් සිදු වූ විනාසයක්. (ස)
අයි පන්දම තිබුනේ නැද්ද....? (ස)
එල්ලුම් ගස් යවන්න බැහැ. මම දැක්කා ලගදි පත්තරේක තියනවා එල්ලුම් ගහෙ ලෑලි පේලර් කෙනෙක් ගෙදර ගෙනිහිල්ල කියලා.(නදී)
රවිනාත්, අනතුර සිදුවූ අයුරු නෙමෙයි සිදුකල ආකාරය බලල තමයි උසාවිය තීන්දුව දීල තියෙන්නේ.(නදී)
එතකොට මේවාට මොනවද කියන්නේ?(නදී)
පාල කිව්වා හරි... 1989 අහුංගල්ලෙ පාසල් බස් එක කොච්චියේ හප්පලා ළමයි ටික මැරුව අද දෙන්නම නිදහස්.. (ස)
බස් රියදුරන්ට ඉතින් සල්ලිම තමයි මනුස්සකමක් නැ. (ස)
අම්මේ තීන්දුවට ගිය කල්, මෙහෙම නම් උසාවි මොකටද?(නදී)
රටක් පාලනය කරන්න නීති ඕන .නමුත් බෞද්ද රටක මරණ දඩුවම සුදුසු නැ.(නදී)
එල්ලුම් ගහ විතරක් මදි විදුලි පුටුවේ විනාඩි 5 ක් විතර ඉන්දවලා තමයි එල්ලුම් ගහට යවන්න ඕනේ. දවසක අපට පෙනේවි පල දරපු එල්ලුම් ගහක්.(නදී)
තේරුම් ගන්න බැරිද? මේ දඩුවම දීල තියෙන්නේ ලබන ආත්මෙටත් එක්ක.(නදී)
මේක අප්‍රිෙයල් පළවෙනිදා දුන්න එකක් නෙමෙයි නේද?(නදී)
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.(නදී)
හොද වැඩක්.(නදී)
මේවා බොරු සංදර්ශන. මේ වගේ කට්ටිය තමා ඔය වෙසක් පෝයට එලියට දාන්නෙ.(නදී)
මේ දෙන්නා ඇමති පුතාලා වුනානම් කිසිම ප්‍රශ්ණයක් නැහැනේ.(නදී)
මේ වාගෙ වැරදි කරන හැමොටම දඩුවම් දෙන්න ඔනෑ.. (ස)
මිනිසුනේ. තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා වගේ කාගෙන් වත් බලපෑමක් නැති නම් එයාට උපරිම දඩුවම දෙනවා. උදාහරණ ලෙස දැන් නඩු තීන්දු 10 කින් 5 අසාදරනවත්, 5 සාදරනවත් ඉස්ට කරලා. ඒ කියන්නේ ලංකාවේ නිතිය නරකම නෑ. මේක තමයි අලුත්ම ක්‍රමය.(නදී)
වසර 270ක් කවුද ජීවත් වෙන්නේ? කෙලින්ම මරණ දඩුවම දුන්නා නම් ඉවරයි. (නි)
අවුරුදු 270 පහුවෙලා හරි ආයේ මේ වගේ වැඩ නොකර හිටියොත් හොදයි.(නදී)
ශාන්ත, ඔබ නිවැරදියි. බිල්ලට යන්නේ අහිංසක ජීවිත . (නි)
ජරාව විසි කරා මදි ඇති.(නදී)
කවුරුවත් කලබල වෙන්න එපා. පොදු සමා කාලයක් ආව ගමන්ම ඒ දෙන්න නිදහස් කරන්නත් පුළුවන්. (නි)
ඕක හොඳ තීන්දුවක්. අපේ ලංකාවේ රියදුරන්ට විනයක් නැහැ . පලමුවන්ම උගන්වන්න ඕන ඉවසීම සහ මාර්ග නීති. විදේස රටවල තියන විදියට ලංකාවේ ප්‍රදාන නගරවල ප්‍රදාන පාරට ඇතුළුවන තැන්වල අඩුම තරමේ ‘ස්ටොප් ‘ බෝරඩි එකක්වක් නැහැ. අදාල නගර සභාවල් මේවට වග කියන්න ඕනා. අහිංසක ජිවිත බිලිගන්නා රියදුරන්න්ට තදබල දඩුවම් දෙන්න ඕනා.(නදී)
දැන් ඉන්න සියලුම රියදුරන්, කොන්දොස්තරලා මෙය පාඩමකට ගනිත්වා! (නි)
කමක් නැහැ කෙටි කාලයක් තමයි හිර බත් කන්නවෙන්නේ. ලබන වසරේ පෙබරවාරි හතර වෙනිදට රජය විසින් සුළු වැරදි කරපු තුන්දහසකට ආසන්න පිරිසක් නිදහස් කරනවනේ.(නදී)
දඩුවම හොදයි. මේ වගේ හොද තීන්දු දෙන්න විනිසුරු තුමන්ලාට ශක්තිය දහිරිය ලැබේවා! නමුත් නීතිය සියල්ලන්ටම පොදු විය යුතුයි. පහුගිය දවස්වල අපි දැක්කා රටේ උසස් නිල තල දරන පුද්ගලයන්ාග් දරුවන් නීතියේ හිඩැස්වලින් බේරිලා යන හැටි(නදී)
මේවා බලන අපිට පිස්සු වගෙයි. (නි)
මරණ දඩුවම නියම කලාට පුහුණු කරපු අලුගෝසුවන් දෙන්නා ආගිය අතක් නැතිලු. හැබැයි ප්‍රසිද්ධියේ මරණ දඩුවම දුන්නොත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙයි. (නි)
මහ පාර මැදට ගෙනල්ලා මුන් දෙන්නා ප්‍රසිද්ධියේ එල්ලන්නයි තිබුනේ.(නදී)
ප්‍රමාද වී හෝ වරදට නිසි දඬුවම් ලැබිය යුතුයි.. (ස)
නිතිය හොදයි හැමෝටම එක සමාන නම් (නි)
ශ්‍රි ලංකාවේ අධිකරනයේ තවත් ඓතිහාසික තීන්දුවක්. අපේ උත්මාචාරය උතුම් අධිකරනයට. මෙරට මීනීමරු පුද්ගලික බස් රියදුරන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
අනේ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කොයි ලෝකෙද ඔය කියන එල්ලුම්ගහ තියෙන්නේ? (නි)
මොකටද හිරේ දාන්නේ එල්ලා මැරුවනන් ඉවරයිනේ.(නදී)
පෝරකය පටන් ගැනිම මින් අරඹමු (නි)
කොන්දොස්තරට සමාන දඬුවම් දෙන්නේ කොහොමද ? ඒ මිනිහ මොනවා කරන්න ද ? (නදී)
ලංකාවේ මිනිස්සු එල්ලලා නැහැ 1975 වලින් පස්සේ. (නදී)
මෙහි අදහස් පලකළ බොහෝ දෙනෙකුට අමතකවීමේ රෝගයක් වැළදී තිබේ. නඩු තීන්දුව ගැන විවේචන ඉදිරිපත් කිරීමට පෙර මෙම ඛේදවාචකය සිදු වූ ආකාරය සිහිපත් කර ගැනීම වැදගත් වේ. (නි)
දඩුවම නම් හරිම අගෙයි.(නදී)
ඒ වුණාට අර කහවත්තෙ ධර්මසිරි...??? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ආශ්චර්යමත් රටක තමයි අපි ජීවත් වෙන්නේ. (නි)
එතකොට භාරත එක්ක තව 4 මරපු දුමින්දට දෙන තීන්දුව මොකක්ද? (නදී)
වැඩේ ගොඩින් ගොඩ දාගන්න බැරි වෙලා අපරාදේ.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දඩුවම සැර වැඩියි නේද? (නි)
දඩුවම සැර වැඩි නැද්ද? (නි)
අපේ සමහර බස් රියදුරන්ටයි, කොන්දොස්තරලටයි මේවා හොඳ පොඩම්. අධිකරණ තීන්දුව බොහොම හොදයි. (ත)
270-268=2 සමහරවිට තව දෙකෙන් ඒ අයව එළියේ! (ත)
මිනිසුන් මරාගෙන හම්බු කරන සල්ලි ගිහින් දෙන්නේ මුදලාලිට. නැත්නම් පහුවදාට රක්ෂාව නැහැ එත් මුදලාලිට දඬුවමක් නැහැ.(නදී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පෝරකේට යවන්න ඕනෑ දුම්රියේ රියැදුරා නේද? ඇයි කොන්දත් පෝරකේට යැවුවේ? (නි)
එතකොට මිනි මරණ දේශපාළුවන්ට මේ දඩුවම් දෙන්න බේරී ඇයි.(නදී)
රිය අනතුරු අඩුකරන්න හොද තීන්දුවක් (නි)
ඕව ඔය කිව්වට හරියටම ක්‍රියාත්මක වෙයිද? (ස)
චින්තා හරි. මෙතන කොන්දොස්තරට දඩුවම් දීම මමත් අනුමත කරන්නෙ නැහැ. (නි)
හිටපු විනිසුරු කොහොමද අද දඬුවම් දෙන්නෙ.(නදී)
මටත් මේක මහා පටලැවිල්ලක් !(නදී)