ශාන්ත කුලරත්න
දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු බව පැවෙසන පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ අද (9) තලංගම කොස්වත්ත මංසන්ධියේ දී පෞද්ගලික බස් රථ රියදුරකුට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන චණ්ඩි මල්ලී නමින් ප්‍රසිද්ධ පුද්ගලයාගේ පුතා සහ ලේලිය බව පොලිසිය කියයි.
කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වු බස් රථයක් ධාවනය වීමට අවහිර වන සේ මාර්ගය අසල නවතා තිබු ජිප් රථයකට නලාව ශබ්ද කොට ඉඩ ඉල්ලා ඇත. එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් බස් රථ රියදුරු ජීප් රථය අසලට ගොස් ඇති වු බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහර දීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්
මෙය ලෝකෙන් උතුම් ජාතියේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා.මේ සුළු සිද්ධියට කඩ ගිනි තැබීමට අවශ්‍ය වන්නේ නැත.
මේ අය හිතන්නෙ එක ඡන්දෙකින් දිනුවම සදාකාලික ස්වර්ගෙට ගියා කියලා. මෝඩකමට තේරෙන්නෙ නෑ ඊලඟ ඡන්දෙන් පස්සෙ අකුලගෙන ගෙදර යන්න වෙනව කියල.
එම්. කේ කසුන් කියන්නේ චන්ඩියෙක් හෝ දාමරිකයෙක් නෙවෙයි. බෙලිඅත්තේ මිනිස්සු ඒක දන්නවා. මේ සිදුවීම දෙස ඒක පාර්ශ්වීයව බලන්න එපා.
නීතිය හා සාමය පිලිබඳ නව ඇමතිතුමනි, පුලුවන්නම් මේ උද්දච්ච දේශපාලන අඹුසැමි යුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මම හිතන්නේ ඔබත් දේශපාලකයෙක් නිසා මෙම කටයුත්ත යට යයි කියලා. ඔයදේම ජාතීන් දෙකක් අතර උනානම් කොහෙන් කෙලවර වෙයිද?. නීතිය කාටත් පොදු වුනානම් මහජනතාව නීතිය අතට ගන්නේ නැහැ.
ලංකාව පුළුවන් තරම් අගාධයට ඇදන් යන්නේ සිංහලයින්ම තමයි. අමුතුවෙන් නැති කරන්න දෙයක් නැත.
බලාගෙන ඉමු මේ අයට නීතිය ක්‍රියාත්මක වෙන හැටි... කියනවා වගේ රටෙම් හදිසි නීතිය ක්‍රියත්මක වෙන මොහොතක කී කාලයකට ඇතුළට යයිද ...? මේ අයට එරෙහිව උපරිම දඬුවම් දෙන්න කියලා උද්ඝෝෂණ කරන්න ඕනේ... බලාගෙන ඉඳිමු.
අනේ අපිටත් පිස්තෝල දෙන්නකෝ... දැන් කාටද පිස්තෝල නැත්තේ? හරියට ෆිල්ම් එකක් වගේ පිස්තොලේ උස්සගෙන සද්දේ දානවා. මිනිහ තවත් කෙනෙක් බිම දාගෙන ගහනවා. අනේ අපේ නීතිය ගිය හැටි .....
ඡන්දෙන් දිනුවට පස්සේ, චණ්ඩි මල්ලිලාගේ, වම්බොට්ටලාගේ අලුත් පරම්පරාව වැඩ පටන් අරන්. සමහරවිට මේක තානාපති කාර්යාලවල කුමන්ත්‍රණයක් වෙන්න ඇති. විමල් මල්ලිගෙන් ඇහුවා නම් හොඳයි.
පිස්තෝල නෝනේ, ඔහේ අනුන්ගේ පිස්තෝලයක් අරගෙන පිස්තෝල අතේ නැති කෙනෙකුට ගණන් පාට් දැමීම මහලොකු නිර්භීතකමක් නොවෙයි. ටෙක්සාස් වල වගේ හැම කෙනාටම පිස්තෝල තිබෙනවා නම් ඉස්සර වෙන කෙනා දිනුම්. හැබැයි මට ඔයදේ කළා නම් මම කෝටියක් හරි වියදම් කරලා ඔබලා දෙදෙනාගේම නළලේ බුලට් හිල් දෙකක් හදනවා...
හැබැයි ප්‍රයිවෙට් බස් ගොයියත් හොඳ පාඩමක් ඉගෙනගෙන තිබෙනවා. බස් ගොයියෝ මෙදා පාර කෙහෙල් ගහකට කොටලාවගෙයි නේද? ඔබලාටත් ඉඳලා හිටලා ඔහොම දෙයක් වෙන්න ඕනේ.
මෙවැනි මධාවියන්ටවත් දඩුවම් කරගැනි්මට තරම්වත් හයියක් රජයට ලැබේවායි පතමි.!