( සිරිනිහාල් ගමගේ, සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල )
බස් රථ රියදුරකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගතකරනු ලැබ සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් මහතා අද (20) බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව මැද දකුණු පළාත් සභා රැස්වීමට සහභාගී විය.
පළාත් සභාව ආරම්භවූ විට ප්‍රකාශයක් කරමින් කසුන් මහතා පැවසුයේ කොස්වත්ත හන්දියේ සිද්ධියේෙ දර්ශන කීපයක් පමණක් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිම නිසා තමාට බලවත් අසාධාරණයක්වූ බවයි. එම සිද්ධියේ සම්පුර්ණ දර්ශන අනුව බස් රථයේ රියදුරු තමාට ප්‍රථමයෙන් පහරදුන් බව දැක ගත හැකි බවත් කිය.
කසුන් මන්ත්‍රී වරයා පවසා සිටියේ බස් රියැදුරා ඇතුලු විස්සකට අධික පිරිසක් තමාට පහරදුන් අතර සිය බිරිය තමා බේරාගැනීමට පැමිණි බවයි. තමන්ට ඇති ආදරය නිසා සිය බිරියටද බන්ධනාගාර ගතවීමට සිදුවූ බවයි.මෙම බස්රථය පාතාල නායකයෙකුට අයත් එකක් බවද මෙම සිද්දියේ වීඩියෝගතවී ඇත්තේ කොටසක් බවද සඳහන් කර සිටියේය.
මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු සභාවේ උණුසුම්කාරී තත්ත්වයක්ඇති විය.
මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකොරල මහතා පළාත් සභා මන්ත්‍රී වරුන්ට නිකුත් කර ඇති ගිනි අවි භාවිතා කිරීමේ ක්‍රමවේදය පිලිබඳව ප්‍රශ්න කර සිටි අතර මන්ත්‍රීවරයාට අනතුරක් සිදුවන අවස්ථාවක ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවිය වෙනත් අයෙකුට භාවිතා කළනොහැකි නම් එම ගිනි අවියෙන් ප්‍රයෝජනයක් නැතැයි ද සඳහන් කළේය.
දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලීන් හේවගේ මහතා පෙන්වා දුන්නේ මහජනතාවගෙන් පත්වන මන්ත්‍රී වරුන්ට ආයුධ අවශ්‍ය නොවන බවයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසිවෙකු ගිනිඅවි ලබාගෙන නැති අතර දකුණු පළාත් සභවේ සෙසු මන්ත්රීවරන් අතරින් කවුරුන් ගිනි අවි ලබාගෙන ඇත්දැයි නලීන් හේවගේ මහතා අසා සිටියේය.
මහජනතාවගෙන් පත්වන තමන් මහජනතාව සමග එදිනෙදා ජීවිතය ගෙවන අතර තමන්ට කිසිදාක ගිනි අවි අවශ්‍ය නොවන බවද පැවසු නලීන් හේවගේ මන්ත්‍රීවරයා මන්ත්‍රීවරුන්ට ලබාදුන් ගිනිඅවි නැවතත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක්ද කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීතුමා, අපේ නම් ඇස් හොඳට පේනවා?
මේක අවසානයේදී බස් රියැදුරු තමන්ටම පහර දී ගත්තායයි කියා කෙලවර වුනොත්, එයද පුදුමයක් නොවේ.
මේක අවසානයේදී බස් රියැදුරු තමන්ටම පහර දී ගත්තායයි කියා කෙලවර වුනොත්, එයද පුදුමයක් නොවේ.
ඔබ ඔය කතාකොරන්නේ ඔබගේ පළාතේ ඡන්දදායකයින්ට නොව මුළු රටටමය. ඔබට ප්රශ්නකීපයකට පිළිතුරුදීමට සිදුවේ. අපේ රටේ දෙශපාළුවන් කියාගන්න වුන් උදේට කොන්ෆ්ලෙක් කිරි සමග අපේ වියදමින් කන්නෙත්, පිස්තෝල දකින්නේ අල්ලන්නෙත් දෙශපාලනයට ආවාට පසුය. කෙනෙකුට ගහලා ගුරුතුමා ගාවට ගියාම සර් එයාමට ඉස්සෙල්ලා ගැහැව්වා කියන කතාව පාසල් අවදියේ සිටම කරන නිදහසට කාරනාවකි. ඔබේ පිස්තෝලය ඔබේ බිරිඳට ගියේ කොහොමද?
මේවගේ අයට තමයි බෝගම්බර තියෙන්නේ...
එක කාණ්ඩයකට පමණක් විශේෂ වරප්‍රසාදයක් මොකද , රටේ ත්රස්තවාදයක් නැතිනම් මොකටද කාණ්ඩයකට ගිනි අවි , එහෙනම් මේවගේ අය ඔසවා තබන මහජනතාවට ආරක්ෂාවක් ඕනෑම නැතිද , මහජනතාවටත් ඔය පොඩි මරාගෙන මැරෙන ඇඳුම ගානේ රජයෙන් අඩුමුදලට දෙන්න .
මෙයා දැන් බබාවෙලා අපි දැක්කනේ දෙන්න එකතුවෙලා බස් රියැදුරාට බිම පෙරලාගෙන ගහන හැටි . මේ පලාත් සභා මන්ත්‍රීලට මොකටද ගිණි අවි දේශපාලනයේ කරන්නනේ ආවේ පාතාලය මර්ධන කරන්න නොවෙයිනේ.
එදා චන්ඩියා අද නොන්ඩියා වෙලා.
බස් ඩ්‍රයිවර්ලත් කතා කරන්න දන්නේ නැහැ. ඒ ගොල්ලෝ හැසිරෙන්නේ පාරෙදි පාතාලකාරයෝ හැටියට... මම නම් ගැහුවට කැමතියි. මටත් දවසක් බස් කාරයෙක් ජරා විදියට කතා කළා.
මේ උන්නැහේ කතා කොරන්නේ කටින්ද කියල සැක හිතෙනවා. මොහුට පහර දෙන්න ඩ්‍රයිවර් කෙනෙක් ඉදිරිපත් වේවිද? අනිත් කාරනාව අපි දන්නවනේ මෙයා කාගේ පුත්‍රයෙක්ද කියලත්.
ඇත්තටම මේ මිනිස්සුන්ගේ ලැජ්ජා නහරේ කපලද? රෙදි ඇඳගෙනද මේ ගොල්ලෝ මෙහෙම වැඩ කරලා තව මේවට ඇවිල්ලා කතා කරන්නේ?
මිනිසත් බවයේ අගය දන්නේ නැති අයට හොඳ හොඳ පාඩම්.
මේ වගේ අය නිසා තමා. මෙ සෙරේ ජන්දයත් කෙලෝ ගත්තේ. මම වගේ රටේ නායකයෙක් නම් එවලේම ගෙදර යවනවා . මෙහෙම යන තරමට අනිත් අයට හොද.
කොහොමද බිරිඳගේ ආදරය? ඔන්න ආදර්ශයට ගන්න ඕන ගන්නවා නම්.... මේ මනුස්සයා මානසික රෝහලකට යවන්න වෙයි.