(අනීෂා මානගේ)
තංගල්ල වීරකැටිය ප්රධාන මාර්ගයේ දංකැටිය ප්රදේශයේදී අද (05) උදෑසන 10.30ට පමණ සිදුවූ අනතුරකින් 17හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
පුද්ගලික බස් රථයක් පසුකර තවත් බස් රථයක් යෑමට උත්සාහ කරන අවස්ථාවේදී ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක ගැටී ඇත. අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරුණ දරුවන්ගේ ජීවිත අහිමිවීමට ඔවුන්ගේ දෙමාපියන් සම්පූර්ණයෙන් වගකිවයුතුයි කියලයි මං හිතන්නේ. මාත් එහෙම බයික් එකක් අරගෙන දුන්නා. නමුත් හැමෝම බැන්නට පස්සේ ඒක වික්කා. ලයිසන් නැතුව බයික් පැදලා තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. ඒත් එක්කම පාර පාවිච්චිකරන අනික් මිනිස්සුත් නිකරුනේ අමාරුවේ දානවා.
බස් එක ඕවර්ටේක් කරපු එකට මැරිච්ච ළමයා පළිද?. තංගල්ලේ තිස්ස පාරේ යන තිස්ස බස්, කතරගම බස් යන්නේ හරියට වෙන අමාරුවක් ඇතිවෙලා වගේ. ඒ නිසා මේ ටික කාලෙට ජීවිත කීයක් නම් නැති වුණාද?
තංගල්ල සහ අම්බලන්තොට අතර මාර්ගයේ පොලිස් නිලධාරින් කිහිප පලක්ම ඉන්නවා. වේගයෙන් යන සහ විශේෂයෙන් සුදු ඉරි කපන රියදුරන් අල්ලන්න. ඒත් මම නම් දැක්කේ නැහැ බස් රියදුරන් කවදාවත් අල්ලනවා.