රොෂාන් රණසිංහ
ගල්ගමුව මහගල්කඩවල නගරයේ දී ඇඟළුම්හල් සේවිකාවන් ප්‍රවාහන කළ බසයක් හා ලංගම බසයක් අද (4) පෙරවරුවේ මුහුණට මුහුණ ගැටීමෙන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල කරුවන් කුරුණෑගල සහ ගල්ගමුව රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
දෙදෙනකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි කියයි. අනතුරට පත් වූ ලංගම බසය මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රිරෝද රියක ද ගැටී නතරවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ එම මාර්ගයේ ගමන් ගත් ලොරියක් ද ලංගම බසයේ ගැටී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd