(සිතුම් චතුරංග)
වවුනියාව නව බස්නැවතුම්පලේ කොටසක් වෙන්කොට ලංගම බස් සඳහා ලබාදෙන ලෙසට උතුරු පළාත් ප‍්‍රධාන ඇමැති සි.වි.විග්නේශ්වරන් මහතා ජාතික ගමනාගමන මණ්ඩලයෙන් අද (4) ලිඛිතව ඉල්ලා තිබේ.
වැඩවර්ජනයේ නිරත උතුරු පළාත් ලංගම සේවකයින්ගේ ප‍්‍රධාන ඉල්ලීම ලෙස නව බස්නැවතුම්පළ බෙදා එක් කොටසක් පෞද්ගලික බස්රථ සේවකයින්ටද , අනෙක් කොටස ලංකා ගමනාගමන මණ්ඩලයටද ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ප‍්‍රධාන ඇමැතිවරයා ජාතික ගමනාගමන මණ්ඩලයෙන් ඉල්ලා ඇති බව ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය පවසයි.
දින හතරක කාලයක් උතුරු පළාතේ ලංගම බස්රථ සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කිරීම සඳහා ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම තීරණයට එළඹී තිබේ.
බස්නැවතුම්පොළ බෙදා වෙනකිරීම සම්බන්ධයෙන් සියලූ පාර්ශව වවුනියාව නව බස්නැවතුම්පළේ සාකච්ඡාවක් ආරම්භ කළ අතර ස්ථීර විසඳුමක් ලබාදීමට නොහැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන්න රටත් බෙදලා සිංහලයින්ට කෑල්ලක් සහ දෙමළුන්ට කෑල්ලක් දෙන්න කියලනේ. මේගොල්ලෝ විසදුම් හොයන්නේ බෙදලා. අපිටත් පුළුවන් දෙකේ දෙකේ පොල්ලක් අරගෙන බෙදන්න කියන අයට බෙදන්න.
එහෙම බෙදනවටත් අකමැති අය ඉන්නවනේ... එ්කනේ ඩිස් ලයික් 17 ක් තිබෙන්නේ...