IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බස් දුම්රිය ගැටුමින් 6 ක් මරුට

ස්ලොවේකියාවේ, මගී බස් රියක් සහ මගී දුම්රියක් ගැටී සිදුවුණු අනතුරකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. දුම්රියේ ගැටුණු බස් රථය පොඩි පටට්ම් වූ බව පැවැසෙයි.

මියගිය හය දෙනාම බස් රියේ සිටි මගීන්ය. බස්රියේ රියදුරු සහ දුම්රිය රියදුරු බරපතල තුවාල ලැබූ අතර දුම්රිය රියදුරුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව තුවාල තුවාල ලැබූවන් ගණන 5 කි. බස් රියේ හැපුණු දුම්රිය ඇන්ජිම ගිනි ගත් අතර, රියදුරු ගින්නට හසුවී පිළිස්සුම් තුවාල ලැබූ බව වෛද්‍ය ආධාරකරුවෝ පැවැසූහ.

දුම්රිය ධාවනය වෙද්දී බස් රිය දුම්රිය හරස් මාර්ගයක් පසු කරද්දී එය දුම්රියේ ගැටී ඇත. හරස් මාර්ගයේ ගේට්ටු වැසී නොතිබුණු බවත්, අනතුරු සංඥා පද්ධතිය එම අවස්ථාවේදී බිඳ වැටී තිබුණු බවත් පැවැසෙයි. ඒ, ඊට පෙර දිග එම ප්‍රදේශයට බලපෑ කුණාටුවක් හේතුවෙනි.

ස්ලොවේකියාව යනු යුරෝපා රටකි. අනතුර සිදුවූයේ බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝ මීටර් 80 ක් දුරින් නෝවා සැම්කී නගරය අසලදීය. අනතුර සිදුවෙද්දී දුම්රියේ සිටි මගීන් ගණන 200 කි.

‘යූරෝසිටී 279’ නමැති මෙම දුම්රිය බ්‍රැටිස්ලාවා අගනුවර පසු කරමින් දේශසීමා හරහා හංගේරියාවේ බුඩපාස්ට් අගනුවර තෙක් ධාවනය වෙමින් තිබුණි.

(බීබීසී)



අදහස් (0)

බස් දුම්රිය ගැටුමින් 6 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site