(මහින්ද නිශ්ශංක)
බස් ගාස්තුව සියයට 10 කින් ඉහළ දමා රුපියල් 12ක් වන අවම ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව දින හතක් තුළ පියවර නොගතහොත් ලබන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ පෞද්ගලික බස් රථ වර්ජනයකට එළැඹීමට සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය ඊයේ (17) තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.
නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේදී ඊයේ (17) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ අංජන ප්‍රියන්ජිත් මහතා මාස දෙකක් තුළ ආණ්ඩුව ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩිකිරීම හේතුවෙන් කෙටි දුර බස් ධාවකයන්ට දිනකට රුපියල් 1000 සිට 1200 දක්වා සහ දුර සේවා බස් ධාවකයින්ට දිනකට රුපියල් 1500 සිට රුපියල් 3000 දක්වා පාඩුවක් සිදුවන බවද කීය.
මේ වසරේ මැයි මාසයේ සිදුවූ බස් ගාස්තු සංශෝධනයෙන් අනතුරුව ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00 කින් වැඩි කළ පසුව පෞද්ගලික බස් සේවා විශල පාඩු පිට පවත්වා ගෙනයාමට සිදුවූ බවත් එසේ තිබියදී නැවතත් ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කළ බවත්, එම වැඩි වීම් බස්හිමියන්ට දරාගත නොහැකි බවත් ඔහු පැවසීය.
පෞද්ගලික බස් හිමියන් විසින් බස් ව්‍යාපාරය පවත්වා ගෙනයනු ලබන්නේ ආණ්ඩුවේ සත පහක ආධාරයක් නොමැතිව බව පැවසූ අංජන ප්‍රියන්ජිත් මහතා මේ ආණ්ඩුව පෞද්ගලික බස් ව්‍යාපාරය විනාශ කිරීමට කටයුතු කරන බව කීවේය.
කන් නොඇසෙන ඇස් නොපෙනෙන මැති-ඇමතිවරුන්ගේ ඇස් අරවන්නටත් කන් අසවන්නටත් බස් වර්ජනය හැර වෙනත් ක්‍රමවේදයක් නොමැති බවද ඔහු කීය.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් බස්හිමියන් සියයට 10ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ මාස දෙකක් තුළ වැඩිවූ ඩීසල් මිලට පමණක් බවද කීය.
බස් ධාවනය පවත්වා ගෙනයාමට නොහැකි තරමට බස්හිමියන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී තිබෙන බව පැවසූ ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා බස්හිමියන් ඉල්ලා සිටින සියයට දහයක බස් ගාස්තුව නොදුන්නොත් සංගමය රැස්වී ගාස්තු වැඩිවීමකට යන බව කීවේය. ඒ අවස්ථාවේ හැකි නම් බලපත්‍ර අවලංගු කරන ලෙස රජයට අභියෝග කරන බවද ඔහු පැවසීය.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සම්පත් රණසිංහ මහතා කරුණු දක්වමින් ඩීසල් මිල රුපියල් 14 කින් වැඩිවීම බස්හිමියන්ට දරාගැනීමට නොහැකි බවත්, මෙම ඩීසල් වැඩිවීමට අනුව බස්ගාස්තු වැඩිවීමක් ලබාගැනීමට බස්හිමියන්ට අවස්ථාව තිබෙන බවත් කීය.
මෙහිදී සමස්ත ලංකා බස් සේවකයන්ගේ සංගමයේ සභාපති කුමාරරත්න රේණුක මහතාද කතා කළ අතර සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ගමගේ සුමනදාස, උප සභාපතිවරුන් වන එච්.එල්.අමරදාස, සම්පත් ගුණතිලක හා එස්. කොළඹගේ යන මහත්වරුන් ඇතුළු සංගමයේ නියෝජිතයෝ
රැසක් ද ඊට සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි. පුළුවන් තරම් වැඩි කරන්න.
කරුණාකරලා වර්ජනය කරන්න දෙන්න.
කොහොමද මංගලගේ මිල සූත්‍ර?
මේ මාෆියා කාරයොන්ට දවස් හතරක් එක දිගට වර්ජනය කරන්න දෙන්න "පුලුවන්නම්". එහෙම කරන්නේ නැහැ. දේශපාලන බලවතුන්ගේ බස් රථ ගොඩක් තියෙනවා. ඒ අය හැමපැත්තෙන්ම අපිව හිර කරනවා. ලබන ආත්මේ කොයි වාගේ ආත්මයකට අර අදිනවද දන්නේ නැහැ.
කොහොමත් දැන් ඔයගොල්ලන්ට මිනිස්සු අඩුවෙලා තියෙන්නේ, ගාස්තු වැඩි කරපු නිසා, ඒ නිසා පොඩ්ඩක් අමාරු වුනත් දැන් බස් වල ගිය ගොඩක් කට්ටිය දුම්රියෙන් යන්න පටන් අරන්. ඕක වැඩි කලාම වෙන්නේ මේ යන කට්ටියත් අඩු වෙන එක. මම ඊයේ මොරටුවේ ඉඳල බමබල්පිටිය දක්වා ආවා. බස් එකේ ඉඳගන්න පවා හොඳට ඉඩ තිබ්බා බම්බලපිටිය වෙනකන්.
මාර වැඩක්නෙ මේක. මේ මාස දෙක තුනට විතරක් අවම බස් ගාස්තුව රුපියල් පහකින් වැඩි වෙනවා එතකොට. පහුගිය යුද්ධ කාලෙ වත් වැඩි වුණේ උනේ නෑ මෙච්චර.
12.00 ට 13.00, 19.00 ට 20.00, 24.00 ට 25.00, 28.00 ට 30.00, 33.00 ට 34.00 හො 35.00 ලෙසට රුපියලක් දෙකක් මුදල් ගන්න නිසා අමුතුවෙන් වැඩිකරන්න ඕනේ නැහැ .