ඩීසල් සහනය ගිවිසුමකින්ම ඉල්ලා පෞද්ගලික බස් අද රටපුරාම වර්ජනය කිරීම නිසා පාසල් සිසුන් සහ කාර්යාල සේවකයෝ අතුලු ජනතාව දස දහස් ගණනින් අතරමංවූහ.
අතරින් පතර ධාවනය වූ පෞද්ගලික බස්රථ වලට ද, දිගටම ධාවනය වූ ශ‍්‍රී ලංගම බස්වලටද ස්ථාන කිහිපයනදී පහර දී ඇත. මාතර පොලොන්නරුව පෞද්ගලික බසයට වල්ගම දී ද, අමිපාර අමිබලන්ගොඩ ශ‍්‍රී ලංගම බසයට පඹුරණදී ද ප‍්‍රහාර එල්ල වී ඇත. බොහෝ පළාත් වල පොලිස් විශේෂ බලකාය ආරක්ෂාව සඳහා කැඳවා තිබූ බව මීට ස්වල්ප වේලාවකට පෙර අපේ ප‍්‍රාදේශීය වාර්තාකරුවෝ පැවසූහ.
ඡායාරූප - සරත් සිරිවර්ධන/ තිලිණි ද සිල්වා
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Rs 84 ට තිබුණ ඩීසල් 1L දැන් Rs 115 සාදාරණ විදියට ඉතින් බස් ගාස්තු වැඩිවෙන්න ඔන. ඕක දැන් නෙමෙයි තෙල් මිල වැඩිකරන්න කලින් රජයට බලන්න තිබුන එක ගැන
දුවන බස් වලට ගහන්නේ වැඩකට නැති මිනිස්සු. මගීන් යන්නේ කොහොමද කියල හිතන්න ඕන..
ඔහොම යන් .. ඔහොම යන්..
වර්ජනය සාර්ථකයි. 95% බස් නැත. ඉන්ධන මිල වැඩි කිරීම ගැන රජයට බලවත් විරෝධය. විශේෂයෙන්ම භූමිතෙල් භාවිත කරන ජනතාවට කාගේ සරණක්ද?
අසරණ අපි තමයි අමාරුවේ වැටෙන්නේ..
මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අපි අනාතයි..
අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු.. ආණ්ඩුව කතරන වැඩ නිසා අපිට අපේ රස්සාවලටත් යන්න බෑ. මේකට මොකක් හරි විසදුමක් ලබා දෙන්න..
අපේ ලංගමය හොදට තිබුණනම් ඔය ප්‍රශ්න නැහැනේ..
මේ අවස්තාවේදි මගින් ගැන හිත හිතා ඉන්න් ගියොත් මගීන් හැම්දාම පරදයි මොකද පුද්ගලික බස් හිමියන්ට පාඩුවිඳින්න මේ කර්මාතය කරගෙන යන්න බැහැ. මේකට සාධාරණ විසඳුමක් උවමනා වෙනව. මේ මිනිස්සු ඉල්ලන්නෙ බස් ගාස්තු වැඩිකරන්න කියල නෙව්යි.
මේ අවස්තාවෙදි මගින් ගැන හිත හිතා ඉන්න් ගියොත් මගීන් හැම්දාම පරදයි. මොකද පුද්ගලික බස් හිමියන්ට පාඩුවිඳින්න මේ කර්මාතය කරගෙන යන්න බැහැ.මේකට සාධාරණ විසඳුමක් උවමනා වෙනව. මේ මිනිස්සු ඉල්ලන්නෙ බස් ගාස්තු වැඩිකරන්න කියල නෙව්යි. ඉන්දන සහනාදාරයක් ඉල්ලල එතකොට ඒ සහනාදාරය ලැබෙන්නෙ මගීන්ට ආණ්ඩුව කරපු කරන හැම අසාධාරණයකටම රටේ මිනිස්සු කටවහගෙන හිටපු නිසා තමයි පාලකයො ඕන ඕන විදිහට නටන්නෙ. හරිනම් රටේ ජනතාවත් මේකට හවුල් වෙලා සහයෝගය දීල මේ ඉන්දන මිල වැඩිවීමට එරෙහිව වීදි බහින්න ඕන.
අශාන් කියනවා ලංගමේ තිබුන නම් මෙහෙම නැහැ කියල. එතකොට ඉතින් පාඩු පිට ඔහේ දුවාවි. ඒකෙ පාඩුව ගෙවන්න වෙන්නේ මහජනතාවටම බව මේවා කියනකොට හිතෙන්නේ නැත්ද? ඔයාලට ඕන කොහොම හරි අදට යන ගමන යන්න බස් එකක් විතරද?