(මනෝප‍්‍රිය ගුණසේකර)
අතවරයට ලක් වු බාලවයස්කාර දැරියකට හම්බන්තොට රෝහලේදී ස්ථීර උපත් පාලන සැත්කමක් සිදු කරන ලදැයි කියන සිද්ධියක් පිළිබඳ වහාම පරික්‍ෂණයක් පවත්වන ලෙස වැල්ලවාය මහෙස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු කේසර සමරදිවාකර මහතා ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයාට හා වෛද්‍ය සභාවට අද(9) නියම කළේය.
අතරවරයට ලක්වු බව කියන දැරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇගේ වම්අතේ උඩ බාහුවේ විශාල තුවාලයක් වෙළුම් පටියක් යොදා ඇති අයුරු නිරීක්‍ෂණය කළ දිසා විනිසුරුවරයා ඒ පිළිබඳ දැරියගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී හම්බන්තොට රෝහලේදී තමාට උපත් පාලන සැත්කමක් සිදුකළ බව හෙළි කිරීම නිසා එම නියෝගය ලබා දුන්නේය.
පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු තොරතුරකට අනුව බාලවයස්කාර දැරියකට අතවර කරන ලදැයි කියන සිද්ධිය පිළිබඳව තණමල්විල පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ජීඑම්ඕ ද මොකක්ද එකයි එස්එල්එම්සී එකයි? මෙව්වට කෑගහන්නේ නැද්ද ?
තව වෛද්‍යවරුන්ට උද්ගෝෂණ කරන්න දෙන්න.
වම් අතේ උඩබාහුවේ කරන සැත්කමක් කිසිම දවසක ස්ථීර උපත් පාලන ක්‍රමයක් වෙන්නේ නෑ. ඔය කියන්නේ ජඩෙල් කියන උපත්පාලන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය හරහා උපරිම අවුරුදු 5-10 කාලයකට පමණයි ගර්භාෂය තුල දරු උපතක් සඳහා අවශ්‍ය හෝමෝන වටපිටාව සකස් වෙන්නේ නැත්තේ. ඒත් ඒක හරි බලහත්කාරයෙන් සිදුකළානම් බරපතල වරදක්. මොකද කාන්තාවකගෙන් එවැනි කෙටි කාලීන හෝ දීර්ඝකාලීන උපත්පාලන ක්‍රමවේදයක් සිදුකරන්න පෙර ලිඛිතව අභිමතය පලකරන්න ඕන.
වම් අතේ උඩ බාහුවේ ද පැලොපියන් නාළය තියෙන්නේ?
අතවර තව කරන්න පහසු වෙන්න ඇති උපත් පාලන සැත්කම කරන්න ඇත්තේ මුන්ටනම් හෙණ ගහන්න ඕනේ
කෝ අපේ දොස්තරලගේ සංගමේ? හැම එකටම විරෝධය පාන එකේ මොකද මේකට සද්දේ නැත්තේ?
මේක ලිව්ව කෙනාව පවුල් සංවිධාන සංගමයට රැගෙන ගොස් ප්‍රජනන සෞඛ්‍යය ගැන මුල සිට ඉගැන්විය යුතුය.
දැං එතකොට ඒ ළමයට ඔය අතවර කරපු කෙනාට දාව ළමයෙක් ලැබෙන්න අරින්න කියලද කියන්නෙ..?
වම් අතේ උඩ බාහුවේ තැන්පත් කරන්නේ තාවකාලික උපත් පාලන ක්‍රමයක් අවුරුදු 5ක් උපරිම කාලයකට ආරක්ෂාව සැපයෙනවා, නිරන්තරයෙන් අතවරයට ලක් වන්නේ නම් අවුරුදු 18 වනතෙක් හෝ ගැබ් ගැන්වීම් වලින් ආරක්ෂා කර ගැනීමට මෙවැනි පියවරකට යොමු වූවා විය හැකියි.
සමහර විට මේ දොස්තර මහත්තයා සයිටම් එකෙන් වෙන්න ඇති
දැං මේ පොඩි ළමයව ඒ මිනිහ නිසා ගැබ්ගන්න ඉඩ දෙන්න කියලද කියන්නෙ එතකොට?