
බොලිවුඩයේ ධනවත්ම නිළිය ජූහී චවුලා යැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 2024 වර්ෂය සඳහා ‘හුරුන් ඉන්දියා රිච් ලිස්ට්’ හෙවත් ‘ධනවත් ඉන්දියානුවන්ගේ ලැයිස්තුව’ පසුගිය දා ප්‍රසිද්ධිය පත් කෙරුණු අතර, ඒ අනුව, බොලිවුඩයේ ධනවත්ම නිළිය වන්නේ ජූහී චවුලාය. ඇගේ ශුද්ධ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4,600 ක් යැයි පැවැසෙයි.
ජූහී චවුලා 80 දශකයේත් 90 දශකයේත් ජනප්‍රිය බොලිවුඩ් නිළියකි. 1984 වසරේ ‘මිස් ඉන්දියා’ කිරුළ හිමිකර ගත්තේ ජූහී චවුලාය. ඇය සිනමාවට පිවිසියේ 1986 වසරේ ‘සුල්තාන්’ චිත්‍රපටයෙනි.
ජූහී චවුලා විවාහ වී සිටින්නේ ජායි මෙත්තා නමැති ව්‍යාපාරිකයා සමඟය. ෂාරුක් ඛාන් සමඟ ‘කොල්කොටා නයිට් රයිඩර්ස්’ අයිපීඑල් ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකරු වන්නේ ද ජූහී චවුලාය. බොලිවුඩයේ ධනවත්ම නළුවා ලෙස තව දුරටත් අංක එක ස්ථානයේ පසුවන්නේ ෂාරුක් ඛාන්ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර සසරේ කළ අපූර්වවූ පුණ්‍ය ශක්තියක් ඇස්දෙකෙන් සිනාසෙනවා. සෑම මොහොතකම නිරහංකාර සිනහවකින් මුහුණ පිරිලා. දකින කෙනාට මොහොතකට තම ප්‍රශ්න අමතක වෙනවා. එනම් දුටුවන් වශීකරන සිනහවක් නමුත් විශේෂත්වය සරාගී නැහැ. සුවිශේෂ පුණ්‍ය ශක්තියක්.
ඇය තමන්ගේ දක්ෂකම් වලින් මුදල් හම්බ කරගත් අයෙක්... ඒකටත් එක්ක ලංකාවේ සමහරක් හම්පඩ නිළියන් දේශපාලකයින්ට ආවඩා ගාණක් පොකට් එකට දාගන්නයි දඟලන්නේ.... කට හැකර වාචාලයින් දේශපාලන වේදිකාවල තප්පුලනවා.