IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බොලිවුඩයේ ධනවත්ම නිළිය ජූහී චවුලා

බොලිවුඩයේ ධනවත්ම නිළිය ජූහී චවුලා යැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 2024 වර්ෂය සඳහා ‘හුරුන් ඉන්දියා රිච් ලිස්ට්’ හෙවත් ‘ධනවත් ඉන්දියානුවන්ගේ ලැයිස්තුව’ පසුගිය දා ප්‍රසිද්ධිය පත් කෙරුණු අතර, ඒ අනුව, බොලිවුඩයේ ධනවත්ම නිළිය වන්නේ ජූහී චවුලාය. ඇගේ ශුද්ධ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4,600 ක් යැයි පැවැසෙයි. 

ජූහී චවුලා 80 දශකයේත් 90 දශකයේත් ජනප්‍රිය බොලිවුඩ් නිළියකි.  1984 වසරේ ‘මිස් ඉන්දියා’ කිරුළ හිමිකර ගත්තේ ජූහී චවුලාය. ඇය සිනමාවට පිවිසියේ 1986 වසරේ ‘සුල්තාන්’ චිත්‍රපටයෙනි. 

ජූහී චවුලා විවාහ වී සිටින්නේ ජායි මෙත්තා නමැති ව්‍යාපාරිකයා සමඟය. ෂාරුක් ඛාන් සමඟ ‘කොල්කොටා නයිට් රයිඩර්ස්’ අයිපීඑල් ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකරු වන්නේ ද ජූහී චවුලාය. බොලිවුඩයේ ධනවත්ම නළුවා ලෙස තව දුරටත් අංක එක ස්ථානයේ පසුවන්නේ ෂාරුක් ඛාන්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

බොලිවුඩයේ ධනවත්ම නිළිය ජූහී චවුලා

Priyantha Dissanayake Monday, 02 September 2024 12:56 PM

පෙර සසරේ කළ අපූර්වවූ පුණ්‍ය ශක්තියක් ඇස්දෙකෙන් සිනාසෙනවා. සෑම මොහොතකම නිරහංකාර සිනහවකින් මුහුණ පිරිලා. දකින කෙනාට මොහොතකට තම ප්‍රශ්න අමතක වෙනවා. එනම් දුටුවන් වශීකරන සිනහවක් නමුත් විශේෂත්වය සරාගී නැහැ. සුවිශේෂ පුණ්‍ය ශක්තියක්.

:       0       64

බද්රානි Monday, 02 September 2024 01:45 PM

ඇය තමන්ගේ දක්ෂකම් වලින් මුදල් හම්බ කරගත් අයෙක්... ඒකටත් එක්ක ලංකාවේ සමහරක් හම්පඩ නිළියන් දේශපාලකයින්ට ආවඩා ගාණක් පොකට් එකට දාගන්නයි දඟලන්නේ.... කට හැකර වාචාලයින් දේශපාලන වේදිකාවල තප්පුලනවා.

:       28       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site