ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නිළි ශ්‍රී දේවී කපූර් මියගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 54 හැවිරිදි ශ්‍රී දේවී ඩුබායිහී පැවති පවුලේ මංගල සාදයක් සඳහා සහභාගීව සිටින අතරතුර මෙසේ මියගොස් ඇත.
වසර 4 සිට සිනමාවට සම්බන්ධ වූ ඇය ඉන්දියාවේ ප්‍රධාන සිනමා චිත්‍රපට වන දෙමළ, තෙලිඟු, කණ්නඩි, මලයාලම් සහ හින්දි යන සියලු චිත්‍රපට වල රගපා ඇත.
පිරිමි සුපිරි තරුවක් නොමැතිව චිත්‍රපටයක් ජනප්‍රියත්වයට ගෙනයා හැකි අල්පයක් වන ඉන්දීය නිලියන්ගෙන් ප්‍රධාන තැනැත්තිය ලෙස ශ්‍රී දේවී සලකනු ලබයි.
මියයන අවස්ථාවේ ඇගේ ස්වාමිපුරුෂයා වූ බොනී කපූර් සහ දියණීය වන කුෂිදි ද ඇය අසල සිට ඇත. නිළියක සේම ඇය චිත්‍රපට අධ්‍යක්ෂවරියකද වේ. ශ්‍රී දේවී උපත ලබා තිබුනේ ශ්‍රී ලංකාවේදීය.
222

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියට නිවන් සැප ලැබේවා! රජිනි කාන්ත්, ශ්‍රී දේවි ලංකාවේ ඉපදුනාට මේ අය ලංකාවට ඇවිල්ලා වත් නැහැනේ. ප්‍රසිද්ධියේ ආවේ සල්මන් කාන් විතරයි එයාටත් අන්තිමට අහන්න වුනේ ෂාරුක් කාන්ට ජයවේවා කියලයි.
මගේ ප්‍රියතම නිලිය. ඇය විශිෂ්ඨ නිලියක්........
ශ්‍රී දේවී උපත ලබා තිබුණේ ශ්‍රී ලංකාවේදී නොව ඉන්දියාවේ තමිල් නාඩුවේ සිවකාසිවලදීය.
එයා ඉපදීල තියෙන්නේ ලංකාවේ නෙමෙයි. සිරිවකාසි කියල තමිල්නාඩු වල ගමක...
ශ්‍රී දේවි මහත්මිය රඟපෑ චිත්‍රපටි බලල අපි සතුටු වුණා. ඒ නිසා අපි ඇයට ණයගැතියි. ස්වභාවික ලස්සන තියන නිළියක්. එතුමියට නිවන් සුව පතමි.
තණ අග පිනි බිඳකි ජීවිතේ! මෙතුමියට නිවන් සැප ලැබේවා.!
ඔබතුමියට නිවන් සුව අත්වේවා !!!