ටියුෂන් පන්ති යන බව පවසමින් පෙම්වතුන් සමඟ නිවිතිගල බල්ලාමළ ඇල්ල අවට හැසිරෙන ළාබාල දැරියන් අත්අඩංගුවට ගන්නා බව නිවිතිගල පොලිසිය කියයි. දැනටම එවැනි කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අවවාද කර මව්පියන් ගෙන්වා බාර දුන් බව පොලිසිය පවසයි. නිවිතිගල පොලිස් ස්ථානාධිපති පොලිසි පරීක්ෂක චම්ලි පළිහේන මහතා පරීක්ෂණ පවත්වයි.
COMMENTS
එතකොට මේ ප්‍රේමවන්තයෝ ජිනීවා ගියොත්? සටන අනිවාර්යෙන්ම දිනනවා නියතයි.
පොලිසියයි ඒව දන්නේ අයි ඩෝන්ට් නෝ වයි (බ)
පොලිස් ක්‍රියා මාර්ග වලින් ලාබාල දැරියන් ලිංගික අතවර වලට භාජනය වීමෙන් වැළකෙනවා.(හේ)
එතකොට අපේ ළමුන්ට ප්‍රේම කරන්න යන්න කියන්නේ හෝටල් කාමර අතුලටද?අපේ රටේ බහුතරයක් අයට තියෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාවක්. ඒ කිසිම දෙයක් හරියට කර ගන්න බැරිකම නිසා. විශේෂයෙන් කාන්තාවෝත් එහෙමයි. (ර)
අද රටේ වෙන දේවල් අනුව පොලිසිය එහෙම කරන එක හොදයි කියලයි මට හිතෙන්නේ. මොකද අන්තිමට ගැහැණු ළමයට තමයි හැම දේටම මුණ දෙන්න වෙන්නේ නරක පැත්තෙන්. පස්සේ නැත්තම් අන්තර්ජාලයට අරක දානවා මේක දානවා කිය කිය වෙන දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සේරටම වඩා පරිස්සම හොදයිනේ. (ර)
පොලිසියට එහෙම කරන්න පුලුවන්ද. මානව හිමිකම් කඩකිරීමක් ලෙසයි මම නම් මෙය දකින්නේ (නි)
රුචී, ප්‍රසිද්ධ ස්ථාන වල අවිනීත විදිහට හැසිරීම මානව අයිතිවාසිකමක් කියලා මම හිතන්නෙ නැහැ (නි)
නිෂාඩ් ප්‍රීනා කියන ලෙසට ප්‍රසිද්ධ ස්ථානයක අතින් අල්ලාගෙන සිටීමත් අශෝභනද? (නි)
ප්‍රසිද්ධ ස්ථානයක අවිනීතව හැසිරීම වරදක් වනවා මිසක් යම් ස්ථානයකට පැමිණෙන පුද්ගලයින් අඩු වයසේද, මහලු වියේද, ආවේ ටියුෂන් කට් කරලාද, ටියුෂන් ඉවර වෙලාද කියන එක වරදක් වෙන්නේ නැහැ. සමහර පොලිස් නිලධාරීන්ගේ පැමිණිලි උසාවියේදී හාස්‍යට ලක්වෙන්නේ එවැනි මෝඩ කෙරුවාවන් නිසයි (නි)
මෙතන ප්‍රසිද්ධ ස්ථානයක් කියන්නේ කොහොමද? බලවතකුගේ කෙනෙක් ආවොත් පොලීසිය මෙහෙමම කරනවාද? අත් අඩංගුවට ගන්නවා නම් චෝදනාව කුමක්ද? (බ)