ඉතා දුර්ලභ ඝනයේ මුහුදු බෙල්ලන් නවයක් රැගෙන චීනයේ කුංමිංග් නුවර බලා යාමට පැමිණි චීන ජාතික තරුණයෙකු කටුනායකදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු පුත්තලම ගල් අගුරු බලාගාරයේ සේවය කරන 23 හැවිරිදි කාර්මික නිලධාරියෙකි.
මේ පිළිබඳව අදහස් දැක්වූ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා කියා සිටියේ මෙහි ඇති විශාල ප‍්‍රමාණයේ බෙල්ලන් රැජින නමි ඉතා දුර්ලභ ඝනයේ මුහුදු බෙල්ලන් විශේෂයක් බවයි.
මේවා වන සත්තව හා වෘක්ෂලතා ආරක්ෂන පනතින් දැඩි ලෙස ආරක්ෂා කර ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ මුහුදු බෙල්ලන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ පහලොවකි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන සමන්ත ගුණසේකර සහ දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන රේගු අධිකාරී ඒ.ආර් සේනාධීර, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප‍්‍රියදර්ශන, රුවන් අල්විස්, කීර්ති හේරත්, නිසාද් රණසිංහ, කසුන් සූරියආරච්චි, කීර්ති රාජපක්ෂ යන නිලධාරීහූ සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරු මෝරු දැලෙන් පැනල යනකොට පොඩි හාල්මැස්සන් අල්ල ගන්නවා නේද ? (ස)
හේවාවිතාරණ මහත්තයා පරණ දේවල්මයි ඇදලා ගන්නේ.(නදී)
ලංකාවේ උරුමයයි ඔය විනාශ කරන්න හදන්නේ (දී)
චීන ජාතිකයා කරලා තියෙන්නේ මහා වරදක් (දී)
ඇමැති වරු කරන දේවල් දැක්කම මේවා මොනවද? (ස)
ලංකාව පෙන්නන්න බැහැනේ පිටරට කට්ටියට, නැතිකරන්නමයි හදන්නේ (දී)
රේගුවේ මහත්තුරු ඔයවගේම රාජකාරිය කරනවා වගේ අර ඒතනොල් ටික සුරාබදු නිලදාරීන් අල්ලපු වෙලේ මේවගේ උදව් කරන්න තිබුනනේ?(නදී)
පසු ගිය දා පරණ කාසිත් එක්ක අල්ල ගත මහත්මයට මොකද වුනේ?(නදී)
චීන්නු වැඩකාරයෝ කියක් දේවල් පන්නන්න හැදුවද මේ ටිකට, එහෙත් එයාලට අවවාද විතරනේ දඩුවමකට ලැබෙන්නේ. (ස)
හොද දඩයක් ගහල බෙල්ලෝ කටු ටික ගෙනියන්න දෙන්න. ඔය කටු මොනවා කරන්නද තියාගෙන? ඕවා දීලා සල්ලි ගනිමු රටේ සංවර්ධනයට (නි)
චීන ජාතිකයන්ට ලංකාව විනාශ කරන්න දෙන්න බැහැ (දී)