ඉතා දුර්ලභ ඝනයේ මුහුදු බෙල්ලන් නවයක් රැගෙන චීනයේ කුංමිංග් නුවර බලා යාමට පැමිණි චීන ජාතික තරුණයෙකු කටුනායකදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු පුත්තලම ගල් අගුරු බලාගාරයේ සේවය කරන 23 හැවිරිදි කාර්මික නිලධාරියෙකි.
මේ පිළිබඳව අදහස් දැක්වූ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා කියා සිටියේ මෙහි ඇති විශාල ප‍්‍රමාණයේ බෙල්ලන් රැජින නමි ඉතා දුර්ලභ ඝනයේ මුහුදු බෙල්ලන් විශේෂයක් බවයි.
මේවා වන සත්තව හා වෘක්ෂලතා ආරක්ෂන පනතින් දැඩි ලෙස ආරක්ෂා කර ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ මුහුදු බෙල්ලන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ පහලොවකි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන සමන්ත ගුණසේකර සහ දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන රේගු අධිකාරී ඒ.ආර් සේනාධීර, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප‍්‍රියදර්ශන, රුවන් අල්විස්, කීර්ති හේරත්, නිසාද් රණසිංහ, කසුන් සූරියආරච්චි, කීර්ති රාජපක්ෂ යන නිලධාරීහූ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙල්ලන් පන්නන්න බැරි වේ
හර්ෂණ Wednesday, 03 April 2013 11:20 AM
තෝරු මෝරු දැලෙන් පැනල යනකොට පොඩි හාල්මැස්සන් අල්ල ගන්නවා නේද ? (ස)
මුතුකුඩ Wednesday, 03 April 2013 01:13 AM
හේවාවිතාරණ මහත්තයා පරණ දේවල්මයි ඇදලා ගන්නේ.(නදී)
කලන Wednesday, 03 April 2013 11:47 AM
ලංකාවේ උරුමයයි ඔය විනාශ කරන්න හදන්නේ (දී)
අජිත් Wednesday, 03 April 2013 11:58 AM
චීන ජාතිකයා කරලා තියෙන්නේ මහා වරදක් (දී)
සමීර Wednesday, 03 April 2013 12:06 PM
ඇමැති වරු කරන දේවල් දැක්කම මේවා මොනවද? (ස)
හේමන්ත Wednesday, 03 April 2013 12:07 PM
ලංකාව පෙන්නන්න බැහැනේ පිටරට කට්ටියට, නැතිකරන්නමයි හදන්නේ (දී)
වරුණ Wednesday, 03 April 2013 07:31 AM
රේගුවේ මහත්තුරු ඔයවගේම රාජකාරිය කරනවා වගේ අර ඒතනොල් ටික සුරාබදු නිලදාරීන් අල්ලපු වෙලේ මේවගේ උදව් කරන්න තිබුනනේ?(නදී)
හේවාවිතාරණ Tuesday, 02 April 2013 08:06 PM
පසු ගිය දා පරණ කාසිත් එක්ක අල්ල ගත මහත්මයට මොකද වුනේ?(නදී)
දුමින්ද Wednesday, 03 April 2013 10:18 AM
චීන්නු වැඩකාරයෝ කියක් දේවල් පන්නන්න හැදුවද මේ ටිකට, එහෙත් එයාලට අවවාද විතරනේ දඩුවමකට ලැබෙන්නේ. (ස)
කුලතුංග Tuesday, 02 April 2013 10:31 PM
හොද දඩයක් ගහල බෙල්ලෝ කටු ටික ගෙනියන්න දෙන්න. ඔය කටු මොනවා කරන්නද තියාගෙන? ඕවා දීලා සල්ලි ගනිමු රටේ සංවර්ධනයට (නි)
බන්දුල Wednesday, 03 April 2013 10:55 AM
චීන ජාතිකයන්ට ලංකාව විනාශ කරන්න දෙන්න බැහැ (දී)