
(විමුක්ති එස් රුද්‍රිගු)
ටෝකෝ නම් ජපන් ජාතිකයකු බල්ලකු බවට පත් වීම සඳහා ජපන් යෙන් මිලියන 2 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 46 ක් )වියදම් කර තිබේ.
බල්ලකු වීම ඔහුගේ ජීවිතයේ තිබූ එක් සිහිනයක් බව ටෝකෝ පවසා ඇත.
ටෝකෝ ගේ එම සිහිනය සැබෑ කරගැනීම සඳහා ජපානයේ රූපවාහිනී දැන්වීම් සහ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරනු ලබන සෙපෙට් නම් ජපාන සමාගම විශාල වැඩ කොටසක් සිදු කර තිබේ.එම සමාගම දින 40 ක් තුළ ඔහු වෙනුවෙන් සැබෑ බලු ඇඳුමක් නිර්මාණය කර තිබේ.
ටෝකෝ ' මට සත්වයකු වීමට උවමනායි' නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන අතර එම නාලිකාවට ඔහු බල්ලෙකු වී අනෙක් බල්ලන් සහ මිනිසුන් ඉව කරමින්,මිතුරු වෙමින් උද්‍යානයේ හැසිරෙන වීඩියෝවක් උඩුගත කර ඇත.එම වීඩියෝව මිලියනයක් නරඹා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕක තමයි කියන්නේ පව කියලා... කොහේ ඉපදුණත්, මොනවා කළත්, පඩිසන් දෙනවා කියලා....
පොඩි දෙයයි. ඔය බලු උපාදනය තියාගෙන මැරෙන මොහොතට මුහුණ දුන්නාම බැල්ලියකගෙ බඩේ.. ආත්ම භාව 500ක් විතර තිරිසනෙක්. අවිද්‍යාවක රඟ...
පව්, අමාරුවෙන් ලැබුණු මිනිස් ජීවිතය බලු කරගන්න හදනවා... මිලියනයක් තව බලු වැඩ වලට කැමැති ගොන්නු... ඕක තමයි කියන්නේ පිරිසිදු බුදුබණ පදයක් ඇහෙන්න මොනතරම් පින් කරන්න ඕනද කියලා...
ජපානයේ ඉන්න බල්ලන් ටික ආහාර වර්ජනයක්වත් යාවිද දන්නේ නැහැ... ඒගොල්ලන්ගේ ප්‍රජාවට අපහාස කළා යැයි කියලා...
අපි නම් කොහොමත් බලුවෙලා ඉන්නේ රට යන විදියට...
ලංකාවේ පොලිසියට බැඳුණා නම් ඔච්චර වියදමක් යන්නේ නැහැ...