|
සාරාංශය
|
15:13 බීබීසී ඇසුරෙනි
සිම්බාබ්වේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ප්රජාතන්ත්රවාදී වෙනසක් සඳහා වූ ව්‍යාපාරය(එම්ඩීසී) මෙම හමුදා ක්‍රියාදාමය හමුවේ බලයට පැමිණීම ගැන සලකා බලන බව එහි මහ ලේකම් ඩග්ලස් වොන්සෝරා මහතා පවසයි.නමුත් එසේ කරන්නේ කොන්දේසි කිහිපයක් මත පමණක් බවද ඔහු කීය.
14:50 බීබීසි ඇසුරෙනි
සිම්බාබ්වේ රජයේ ඇමතිවරයකු වන පෝල් චිමෙද්සා මහතා දකුණු අප්‍රිකාවට පළා යන අතරතුරදී මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන ඇතැයි සිම්බාබ්වේ පෞද්ගලික පුවත්පතක් වාර්තා කර තිබිණි.
ඔහු බූබිහීදි අත්අඩංගුවට ගෙන ඇතැයි ද එහි සඳහන් වේ.
![]() |
බීබීසී ඇසුරෙනි
සිම්බාබ්වේ තුළ ඇති චීන සමාගම් ගැන සහ සිම්බාබ්වේ තුළ චීනය කළ ආයෝජන ගැන චීන රාජ්‍ය මාධ්‍ය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.
චීනය සහ සිම්බාබ්වේ අතර දිගු කලක සිට සම්බන්ධතා පැවතිණි.එමෙන්ම මෙම හමුදා ක්‍රියාදාමය පිටුපස සිටින හමුදා ප්‍රධානි ජනරාල් කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා මීට සතියකට පෙර චීනයේ සංචාරයක නිරත විය.එම සංචාරය සාමාන්‍ය සංචාරයක් පමණක් බවට චීන විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.
14.05 රොයිටර් ඇසුරෙනි
මුගාබේ ජනපතිවරයාගේ පවුලට සමීප කතෝලික පියතුමකු හමුදා පාර්ශ්වය හා ජනපතිවරයා අතර සාකච්ඡා සඳහා මැදිහත් වී ඇතැයි සිම්බාබ්වේ ආරංචිමාර්ග පවසයි.
ෆිඩෙලිස් මුකොනෝරි නම් පියතුමකු මෙලෙස මැදිහත් වී ඇත.එම පියතුමා 1970 වසරේ සිට ජනපතිවරයා සමග සම්බන්ධකම් පවත්වා ඇති බවට හෙරල්ඩ් පුවත්පතේ පළ වී තිබිණි.
බීබීසී ඇසුරෙනි
සිම්බාම්වේ ජනපති ආර්යා ග්‍රේස් මුගාබේ නැමීබියාවේ සිටින බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව නැමීබියාවේ නියෝජ්‍ය අගමැති නෙටුම්බෝ නන්දි පවසයි.
“එහි ඇති සත්‍යයක් නැහැ.එවැනි තොරතුරක් මට ලැබී නෑ.මට දැනගන්නට ලැබුණේ නම් සිම්බාබ්වේ ජනපති ආර්යාව සහ පවුල ඔවුන්ගේ නිවසේ ආරක්ෂිතව සිටින බවයි.අපි මේ ගැන අවධානයෙන් සිටිනවා“
13.29 බීබීසී ඇසුරෙනි
කඩ සාප්පු සහ ව්‍යාපාර කටයුතු සුපුරුදු පරිදි සිදුකෙරෙන අතර පවතින තත්ත්වයට සිම්බාබ්වේ අනුගත වෙමින් පවතින ආකාරයක් දැකිය හැකි බවත් සිම්බාබ්වේ ජනපතිවරයා බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැති බවත් වාර්තා වෙයි.
මේ වන විට පාලනය සියතට ගෙන සිටින යුද හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන්ද මෙම තත්ත්වය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවට ලෝකයාට ඒත්තු ගැන්වීමට උත්සහ කරමින් සිටින අයුරු දැකිය හැකිය .
13:25 බීබීසී ඇසුරෙනි
හරාරේ අගනගරයේ තවමත් යුද හමුදාව රැඳි සිටී.
|
|
13:20 බීබීසී ඇසුරෙනි
ජනාධිපති රොබට් මුගාබේ මහතා තවමත් නිවාස අඩස්සියේ බවත් ඔහුගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් වාර්තා වෙයි.
මෙම අර්බුදයට හේතු වී ඇතැයි කියන ජනාධිපති ආර්යාව සිටින්නේ කොහේද යන්න මේ වන තෙක් නිසි තොරතුරක් වාර්තා නොවෙයි.
2:01 බීබීසි ඇසුරෙනි
සිම්බාබ්වේ හමුදාවේ කොටසක් සිම්බාබ්වේ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පර්යාය කඩාකප්පල් කිරීම වෙනිසියුලාව දැඩි ලෙස හෙළා දකින බව වෙනිසියුලා විදේශ අමාත්‍ය ජෝර්ජ් ඇරේසා ට්විටර් පණිවුඩයක් පළ කරමින් පවසයි.
00:41 බීබීසි ඇසුරෙනි
සිම්බාබ්වේ තුළ සිදුව ඇති හමුදා ක්‍රියාදාමය සැමරීමට ලන්ඩනයේ සිටින සිම්බාබ්වේ ජාතිකයින් එක්වූ බව වාර්තා වෙයි.ඉන් බොහෝ අය සිම්බාබ්වේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වන සංවිධානයක සාමාජිකයින් බව කියැවේ.
ඡායාරූපය-බීබීසී |
00:40 බීබීසි ඇසුරෙනි
“මෙම ක්‍රියාදාමය කොමාවක් පමණයි.එය නැවතීමක් නොවෙයි.අපිට සත්‍ය වෙනසක් අවශ්‍යයි.“යැයි සිම්බාබ්වේ මානව හිමිකම් සංවිධානයේ සභාපති චිපෝ පරිරෙන්යත්වා පැවසීය.
“මම දන්නේ නෑ හමුදාව කොහොම කරයිද කියලා.නමුත් අනිවාරෙන් සාමකාමී අයුරින් සහ අන්තර්ජාතික ප්‍රජාවේ සහභාගීත්වයෙන් මැතිවරණ පැවැත්විය යුතුයි.මම හිතනවා එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාව 50ට 50 තියෙනවා කියලා“යැයි සභාපතිවරයා පැවසීය.
වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news/520320




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කල්ලිය කලින්ම ගෙදර යවන්න බැරිවුණා නම් මේ රටේත් මේ වගේ හෝ මීට වඩා භයානක විපතක් වෙන්න තිබුණා.
මැරෙනකම් බලයේ ඉන්න හදන මිනිසුන්ට මේක තමා අත්වෙන ඉරණම...
මුගාබේ සමගම නැගිටිමු. සුළඟට එක්වන්න.
තනතුරු වල ඉන්න ම්නිස්සු තතමන්ගේ වැඩේ හරියට කරන්නේ නෑ වගේම තමන්ගේ නෑයන් හිතවතුන් බලයට ගේන්න උත්සහ කරනවා....මේවා ප්රජාතන්ත්රවාදය නොතිබ්බ රාජාණ්ඩු කාලෙත් සාර්ථක උණේ නෑ....මේවා සියලු දෙනාට හොඳ පාඩම්... බොහෝ ආයතන වලත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා....
අපේ යුද හමුදාව වීරෝදාර සේවයක් කලා දරුණු කොටි එක්ක යුද්ද කරද්දී. නමුත් ඔවුන් දැන් බල්ලෝ වගේ වල්ගේ වන්නනවා අපේ ජරා දේශපාලකයෝ ඉදිරියේ. සිම්බාබ්වේ හමුදාවේ ආදර්ශය අරගෙන මේ රට මේ බලු දේශපාලකයෝ ගෙන් නිදහස් කරගන්නේ ඉදිරියට එන්න. ප්‍රජාතන්තවාදය බල්ලට දමල රට බේර ගන්න හමුදාවේ 20 දෙනෙක් නැද්දෝ මේ ජරා නාදය පාර්ලිමේන්තුවෙන් සහ ජනාදිපති මැදුරෙන් ආතුගලා දම්මන්න. අපේ හමුදාවට වීරිය ලැබේවා.