පිලිපීනයේ දවාඔ සත්ව උද්‍යානයේ ඔරංඋටං ජෝඩුවක් වෙසෙන කූඩුවක් අසලට සමීපවන සංචාරකයකුට පසුගිය 16වැනිදා අපුරු සිදුවීමකට මුහුණ පෑමට සිදු විය.
ඔහු අසලට ලංවන ඔරංඋටං සංචාරකයා ඇද සිටීන ටී ෂර්ටය ගලවා ගනි. දැඩි උත්සාහයකින් පසුව බැනියම ඇඟ ලා ගන්නා ඔරංඋටං ජයග්‍රාහ විලාසයෙන් පියවර මනී. තවත් සංචාරකයකු වීඩියෝ කැමරාවේ මේ ජවනිකාව වීඩීයෝ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි එයාට කලිසමට මුකුත් කරන්න නොහිතුණු එක. (නි)
නිරෝෂන් එයා ඔයාගේ ලගම නෑය වෙන්නේ අම්ම ගේ පැත්තෙන්ද? තාත්තගේ පැත්තෙන්ද? (නදී)
හොඳ වැඩේ.. මොනවද දන්නේ නෑ එයා ඔච්චර ලංවෙලා ඔරංඔටන්ගේ බලන්න හැදුවේ (ස)
ඕක මොක්කක්ද, යන්නකෝ දෙහිවල සත්තු වත්තට, අපේ ඔරන් ඔටන්ල දන්නා තියන දේවල් මේකේ පෙන්නන්න අමාරු වෙයි.(නදී)
එයාටත් ඇදුමක් අදින්න ආසා හිතෙන්න ඇති .ගැහැණු ළමයි සිටින නිසා ලැජ්ජා හිතෙන්න ඇති. එයාටත් ඇදුමක් මහලා දෙන්න කටයුතු කලොත් හොදයි. (නි)
කියන්න වදන් නැහැ. තිරිසනුන්ට කරදර කරන මේ ලෝකේ ඉන්න හැමෝටම ආදර්ශයක්. (නි)
මුතුකුඩගේ නෑයෙක්ද කොහෙද? (නි)
මිනිසුන් සිව්පාවුන් වනවිට සිව්පාවුන් මිනිසුන් වන අන්දම.(නදී)
නිරෝෂන්, ඉතින් අවුරුදු වලට ඒ නෑදෑයන් බලන්නට ගියාද? (නි)
දැන්නේ හැබැ ලස්සන පෙනෙන්නේ (නි)
නයි නලගනට විතරයි සත්ත්ව හිංසන. සත්ත්ව උද්‍යානයේ සත්තුන්ට එහෙම නැහැ නේද?(නදී)
පරිණාම වාදය , විද්‍යාව විශ්වාස නොකරන නලින්ලා කොච්චර මෝඩයෝද? (නි)
පුදුමයි කලිසම ගලආ ගත්තේ නැති එක.... (නි)
ඔයින් ගියා ඇති. ලංකාවට එහෙම ආවා නම් කලිසමත් ගලවා ගනී. (නි)
හරකුන් බල්ලන් ඇතිකරනවා වගේ බැරිද ඔරන්ඔටන් ගෙදර දොර හදා ගන්න ? (නි)
මෙතරම් මොලේ දියුණු සත්වයෙක් කුඩා කුඩුවක සිරකර තැබීම කෙතරම් ඛේදජනකද? මුළු ජීවිත කාලයම මෙලෙස දුක් විදින්නේ ඵලකට ඇති දෙයකට නොව හුදෙක්ම මිනිසාගේ තෘප්තියම නිසාවෙනි. (නි)
මම හිටියා නම් කඩෙන් හරි ඇදුම් ටිකක් ගෙනත් දෙනවා ඒ සතුන්ට. (නි)
නියමයි.(නදී)
ඔරන්ඔටන් හිතාගෙන ඇති ලෝකයේ ලස්සනම සතා මම කියලා (නි)
හරිම විනෝදජනකයි. කොහොමත් එයාලත් අපේම ළගම නෑයොනේ. (නි)