විනීතා එම් ගමගේ
බලපත්ර රහිතව ගුවන් විදුලි නාලිකාවක් පවත්වා ගෙන ගිය පුද්ගලයින් සිව් දෙනෙකු හා ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් උපකරණ තොගයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව කළ වැටලීමක දී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම නාලිකාව දැරණියගල ප්රදේශයේ පවත්වා ගෙන ගොස් ඇති අතර එම ප්රදේශයෙන් දැන්වීම් විශාල ප්රමාණයක් විකාශය කිරීම සඳහා ලබාගෙන තිබු බව කොමිෂන් සභාව කළ මූලික පරික්ෂණවලදී හෙළි වී යැයි එහි අධ්යක්ෂ ජනරාල් ශාමල් ජයතිලක මහතා ලංකාදීපයට පැවැසීය.
කොමිෂන් සභාව සතු අති නවීන පිරික්සුම් යන්ත්ර යොදා ගෙන මෙම ගුවන් විදුලි නාලිකාව පවත්වාගෙන ගිය ස්ථානය සොයා ගත් බව හෙතෙම සඳහන් කළේය.
විදුලි සංදේශ නියාමන පනත අනුව තරංග විමෝචන උපරණ බලපත්ර රහිතව භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි සංදේශ නියාමන පනත අනුව තරංග විමෝචන උපකරණ බලපත්ර රහිතව භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඉතින් දෙයියනේ බල බල ඉන්නේ දෙන්නකෝ දඬුවම්.... කඩුව බටෙන් අදින්නකෝ ෂට පට ගාලා වනන්නකෝ අහුවෙන කෙනා කීතු කීතු වලට කැපිලා යන්න. හැබැයි එ්ක කරන්න හොඳ ගටක් තියෙන්න ඕනේ. මම දැක්ක ඔය ගට තිබෙන එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා... එයා නැතුව කාටද පුළුවන් ඕල්කට් මාවත සුද්ද කරලා දෙන්න. උද්ඝෝෂණ ඇසුණාද? ඕනෙනම් එකෙක් දෙන්නෙක් අන්තරස්දාන වේවි. එ්ත් මොකෝ රටට පළාතට යහපතක් නම්.
අර මැදමූලන පළාතේ පවුලේ අයගේ නාලිකාවෙන් අල්ලා ගත් බඩු යොදාගෙනද මේ නාලිකාව පවත්වාගෙන ගියේ? කොහොම වුණත් හොරකමෙන්, රජයට බදු නොගෙවා කරගෙන යන ඕනෑම දෙයක් රාජසන්තක කර විශාල දඩ මුදල් ගෙවා කූඩු කිරීමට රජය කඩිනම් පියවර ගත යුතුයි !!!
අපි නම් දැක්ක විදියට මෙය ප්රසිද්ධියේ පවත්වාගෙන ගිහින් තියෙන්නේ. හොරෙන් නොවෙයිනේ දැන්වීම් අරගත්තේ. පුරාජේරු එපා හොයාගන්න ප්රමාදවීම ගැන කණගාටු වෙන්න...
හා හා බයවෙන්න එපා, අර බැඳුම්කරේ වගේ මේකත් අත ගගා ඉඳලා බොරුවට ඡන්දයක් එනකොට, වාර්තාව අද එනවා... හෙට එනවා.. කියලා බොරු මවා පෑමක් දාලා, කඩුවෙන් කපන හැටි කතා කරලා හිමින් සීරුවේ ලිස්සලා යයි. මේක තමයි ලංකාවේ ඉන්න හැම දේශ පාලකයකුගේම ක්රියාව....
ආ බමුණෝ, අහුවෙන් අහුවෙන අය කැපිලා යන්න කඩුව වනවන්නේ ගට් තියෙන මිනිස්සු නොවෙයි... ඔලුව ඇතුලේ මොලයක් නැති පිස්සෝ තමයි එහෙම කරන්නේ. ඒ වගේ අයට ඇම්බැට්ටකම් කරන්නේ මොලය තියා ඔලුවක් වත් නැති කකුල් දෙකේ මී හරක් විය හැකියි නේද?
බලපත්ර තියෙන ඒවත් වැහුවා නම් හොඳයි කියලා තේරෙයි.... පොළොන්නරුවටත් ප්රයිවෙට් බස් එකකින් ගියා නම්...