ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවොලොපර්ස් සමාගම කොළඹ කොම්පඤ්ඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016දී වැඩ අවසන් වන මේ කුළුණ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කැරකැරෙයි. නාන තටාක, නැරැඹුම් මැදිරි, ක‍්‍රීඩාගාර, ටෙනිස් පිටි ඇතුළු සියලූ පහසුකම්වලින් එම කුළුන සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි.
ඉන්දියාවේ ක්රිෂ් ගෘප් සමාගම 2016 වන විට මහල් නිවාස හතරක් ඉදිකිරීමට යයි. උසම මහලේ තට්ටු 85කි. එය ඉදිකැරෙනුයේ කොළඹ කොටුවේ අක්කර හතරක භූමියකයි.
එක් කුළුනක මහල් 10ක්ම මෝටර් රිය ගාලකි. කොටුවේ රජයේ වැඩ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ (ට‍්‍රාන්ස් වර්ක්ස් මන්දිරයේ) තරු හතේ බුටික් හෝටලයක් හෙවත් මහේසාක්‍ය අවන්හලක් විවෘත කිරීමට ද යයි.
ගාලූ මුවදොර හයිට් රිජන්සි සමාගම තරු පහේ හෝටලයක් ඉදිකිරීම දැනටමත් අරඹා ඇත. තට්ටු 45කින් සමන්විත එම හෝටලය සිනෝලංකා හෝටලය හා ස්පා සමාගම ඉදිකරයි.
දකුණු කොරියාවේ කියැංහාට් සමාගම මහල් 38කින් හා 42කින් සමන්විත තට්ටු නිවාස 174ක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ඉදිකිරීමට යයි.
2015දී විවෘත කිරීමේ අරමුණින් ෂැංගි‍්‍රලා හෝටල සමාගම ගාලූ මුවදොර තට්ටු 30ක තරු පහේ හෝටලයක් ඉදිකරයි.
හොංකොංහි ශැංග‍්‍රිලා හෝටල රිසෝට්ස් සමාගම එහි අයිතිකරුය.
ඉන්දියාවේ ඇකෝර් සමාගම කොළඹ කොල්ලූපිටියේ සුඛෝපභෝගී මහල් නිවාස 350ක් ඉදිකිරීමට යයි. එහි මහල් ගණන 47කි.
බේරේ වැව ඉදිරිපිට ඡායාරූප අනුග‍්‍රහය සප්ඩයි ගෘහනිර්මාණ ශිල්පියෝ හා ජෝන් හොර්නර්




1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානුවන්ගේ වැඩ සාම්බාරු තමයි.. ඒත් මේ සියල්ල අපේම දේවල්නම් සතුට ආඩම්බරය මොන තරම්ද? අනික අපේ රටේ මිනිස්සු මෙපමණ පටු නොදියුණු විදිහට හිතන්නේ.. අපේ රටේ අධ්‍යාපනය නොමිලේ ලබා දීලත් ඇයි මේ තරම් පහත් මානසිකත්වයක් තියෙන මිනිසුන් ඉන්නෙ..!(නු)
අපි කොච්චර කතා කලත් වැඩක් නැහැ.. අපේ රටේ හැම දෙයක්ම වෙන්නේ එක කට්ටියකගේ ඕන විදියට විතරයි..!(නු)
ලස්සනයි
මෝඩකමට බෙහෙත් නැහැනේ. (නි)
සුනෙත් ඔයාත් හරි චානු ඹයාටත් මම ඵකගයි....(නු)
එතකොට ලංකාවේ පාලනය කරන්නේ කව්ද?.මෙහෙම බැලුවහම ඕන රටක ඕන කෙන්නෙක්ට ලංකාවට ඇවිල්ල ඕන දෙයක් කරන්න පුළුවන්.
මේවා කරනවාට සමහර අය අකමැතියි වෙන්නෙ වෙන මොනවත්නිසා නෙමෙයි මෙහෙම ගියොත් මේ ආත්මෙදිවත් එයාලට මේවට වෙන්න බැරි වෙන බව දන්න නිසා..එයාලා කරනවානම් මේවා නියම වැඩ..!(නු)
මේවා ණය නෙමෙයි ආයෝජන.. පිටරටවල් වලින් ලංකාවෙ ආයේජණය කරන්නෙ ලංකාවට ආර්ථික දියුණුවක් තියෙන නිසා.. කොහොමත් තව අවුරුදු දහයකින් කොළඹ නිව්යෝක්වලයි වෙනස හොයාගන්න බැරි වෙනවා.. හැබැයි මේ පුවතේ නෙළුම් කුළුණ ගැන සදහන් කරලා නැහැ.. ඒක තමයි දකුණු ආසියාවෙ උසම ගොඩනැගිල්ල..!(නු)
ඉන්දියාවෙන් හදනවනම් තරු 7ක් නෙවෙයි 10ක් තිබ්බත් වැසිකිලි කැසිකිලි තුව ඇති මගේ හිතේ...!(නු)
පොඩ්ඩක් ඉන්න මට දැනගන්න ඕන මේ තරම් උස ගොඩනැගිලි හදනකොට ඒ තරම් උස ගොඩනැගිලි ගානට කුණු බැහැර කිරීමේ කරන්න වෙනවා.. ඒතකොට කුණු ගොඩනැගිල්ල හදන්නෙ කොහෙද? කොළඹද නැත්නම් කොළඹින් පිටද? (නු)
මේ ව්‍යපෘති හොඳද නැද්ද නිගමනය කිරීමට මේම විස්තර ප්‍රමාණවත් නැත. එම විදේශ සමාගම් මෙවැනි විශාල ආයෝජනයන් කරන්නේ කුමන පදනමක් මතද යන්නත් පැහැදිලි කර තිබුනේ නම් ඉතා වැදගත්ය.(නු)
අනේ මෙහෙමත් මිනිස්සු, මේ වගේ ලංකාව දියුණු වෙනකොට සන්තෝස වෙන්න ඕන.මොන දේ වුනත් අපේ රටයි දියුණු වෙන්නෙ.මේ අපේ රට (ස)
සමහරක් අයගේ අදහස් වලට මට කියන්න තියෙන්නෙ..බල්ලා පිදුරු දෙන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියලායි.!(නු)
රට ඇතුලෙ නිවාසනැති අය ඔන තරම් ඉන්නවා.. ඉස්සර වෙලා එයාලාගේ නිවාස ගැටලුව විසදලා දෙන්න. කොළඹ ගොඩනැගිලි හදන්න නෙමෙයි තියෙන්නේ.. ගස් කොලන් වලින් පිරුණු ලොකු පාක් එකක් හදන්න..!(නු)
අඩුම තරමින් දියුණු රටක එක දවසක් හරි ඉදලා තියෙන අය දන්නවා මෙම අලුත් ගොඩනැගිලි හදනවා කියන්නෙ ඒවාට තියෙන මාර්ග පද්ධතිය විදුලි පද්ධතිය සහ ජල සම්පදානය පද්ධති සුපිරියට හදලා දෙන්න ඕන.. කියන්නේ සංවර්ධිත රටක ලක්ෂණය. මේවා හොදයි හැබැයි අර අරාබියෙ වගේ ඉන්දියාවෙන් වෙන කාරණා මිනිස්සු ගෙනල්ලා මේවා ගො නගන්නෙ නැතිව අපේ ජාතික ශ්‍රමය සහ ඥාණය ප්‍ර යෝජනයට ගත යුතුයි.. නැතිනම් රටේ පොදු ජනතාවට මෙවායේ ප්‍රතිඵල භුක්ති විදින්නට බැරි වෙයි..!(නු)
කොළඹ කිව්වට හම්බන්තොට මේ ගොඩනැගිලි හදයිද දන්නෙ නැහැ..!(නු)
අදහස් දාන්නේ ශ්‍රී ලාංකිකයෝ, එත් ඉලක්ක කරගන්නේ වෙන අය, අපේ අයගේ මොලේ කවද පැදෙයිදා කියල සැකයි , හරි බොළඳ කට්ටියක්නේ අපිට ඉන්නේ, හරි දුකයි මහජනයෝ (ස)
උසම උස ගොඩනැගිලි හදලා විදේශිකයන් පදිංචි කරවන්නයි සූදානම, කොහෙන්ද එයාලා එන්නේ අරාබියෙන්ද ?? (ස)
ශ්රී ලංකාවෙ ඉදිරි ගමනට සුභ පැතුම්..!(නු)
කමක් නෑ හොඳ දෙයක් , ලංකාවට හොඳක් වේවා කියලා හිත හදාගනිමු . අපේ සුබ පැතුම් (ස)
මේක දැන් ලංකාව නොව සිහින පාරාදීසයක්...අපි එදා වේල හම්බකරන් කන්නේ හරිම අමාරුවෙන් (ස)
මේවා දකින කොට සමරුන්ගේ ඇහැට කටු අනිනවා වගේලු. (නි)
මෙවන් දේවල් වලින් වන්නේ අපේ රට වෙනත් රටවලට විකිණීයාමයි. (නි)
කවුරු හැදුවත් අපේ රටනේ මේක. අපි සතුටුයි. (නි)
භෞතික දියුණුව වගේම අධ්‍යාත්මික දියුණුවත් නැති වුණොත් ලංකාවට ශ්‍රේෂ්ඨාධිකරණයේම පිහිටයි. (නි)
ඉන්දියාවෙ කොච්චර දුප්පත් මිනිස්සු හිටියත් ඒ ගොල්ලෝ අනිත් රටවල් වලට ණය දෙනවා, වෙන රටවල් වල ගොඩනැගිලි හදනවා. අද ඇමරිකාවේ අයවැය හිගය පියවීමට අවශ්‍ය තරම් ණයදෙන්න පුළුවන් ලෝකෙ එකම ධනවත් රට චීනය. ඒත් චීනයේ යන්න එන්න අඩි පාරක්වත් නැති ගම්මාන දහස් ගණනක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය කරපු රටවල් අද දියුණු වෙලා ඉවරයි! (නි)
මේවා කරන්න කලින් ලංකාවේ කොච්චර වැඩ තියෙනවද කරන්න (ස)
ලංකාවේ අනාගතයේ අධිකලෙස සිදුවිය හැකි සීග්‍ර භූචලන නිසා මේ නව උස ගොඩනැගිලි භූමිකම්පා වලට ඔරොත්තු දෙන ලෙස තැනීමද අවශ්‍ය දෙයකි. (ස)
අර උත්සවයක් තියලා මුල්ගල තැබූ නෙළුම් කුළුණ දැන් පරවෙලා ගිහින්ද අනේ? (නි)
ඩැඩා, මට 85 වෙනි තට්ටුව ඕනෑ.... (නි)
තේරෙන්නේ නැද්ද මෙහෙම වෙන්න ගියොත් මිනිස්සු කොළඹින් විසි වෙනවා. අපි කාටවත් කොළඹ ජිවත් වෙන්න බැරි වෙනවා, අධික වියදම නිසා. ගමටම තල්ලු වෙනවා. (නි)
වැඩෙ නම් හොදයි. ඒත් ඉතින් ගෙවල් ගන්න මට තව ටිකක් වැඩියෙන් සල්ලි හොයන්න වෙයි. (නි)
රට බේරාගන්න වෙලා තියෙන්නේ ඉන්දියාවෙන්වත් වෙන කොහෙවත් නෙමෙයි.. රට ඇතුලෙන්ම ඉන්න සමහර උදවියගෙන්ම තමයි.. (නු)
2016දී වැඩ අවසන් වන මේ කුළුණ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කර කැරෙයි. (නි)
දුටු ගැමුණු ඉන්දියාවෙන් පැමිණි එළාරගෙන් රට බේර ගත්තා එයත් දකුණේ වීරයෙක් , රටෙන්ම කෑල්ලක් ඉල්ලපු ප්‍රභාකරන්ව මරල වීරයෙක් වූ මෙයා මොනවා කරයිද ?? (ස)
හොඳයි, මීට සමගාමීව කොළඹ ජල විදුලි, වැසිකිලි පද්ධතියත්, කුණු කළමණාකරණය කිරීමට සකස් කල යුතුයි.ඒ වගේම පාර දෙපස ගස් වවන්න. (ස)
අනුන්ගේ වැඩ පෙන්නලා අපේ දියුණුව ගැන උදම් අනන එක තේරුමක් නැති දෙයක්. මේකෙන්ම තේරෙනවා අපි මොනතරම් බංකොළොත් ජාතියක්ද කියලා. (නි)
නිශාන්ත, කට පරෙස්සමින්. තව සුදු වෑන් තියෙනවා. (නි)
ලංකාවට ඉදිරි දැක්මක් තියෙනවා.කවුරුත් පාට කණ්නාඩියෙන් බලන්න එපා.හොඳ වැඩ වලට හොඳයි කියන්න. (ස)
ගොඩක් අය විවේචනය කලාට බටහිර රටවල්, සිංගප්පූරුව එහෙමත් ලස්සනයි කියන්නේ ඕවා දැකලා තමයි.මිනිස්සු ඒවා හොඳයි කියනවා...නමුත් ලංකාවේ හදනකොට වැරදියි.ඔයාලා හැමෝම කැමති නැහැ මේ දියුණුව පිළිගන්න.අපි නිහතමානීව ගොඩක් සතුටු වෙනවා. (ස)
අපේ රට සංවර්ධනය වෙනවා කියන එක තරම් අහන්න සතුටු තවත් පුවතක් නැහැ.ඒත් අපි නියම සංවර්ධනය කියන එකට කොච්චර ඈතින්ද ඉන්නේ. (ස)
මේවා හරියට වෙනවා නම් ඉතිං හොදයි තමයි. (නි)
ඊට පස්සේ ලංකාව කියන රටේ නම හදන්නේ ඉන්දියා කොරියාව චීනය හොන්කොන් වලත් මුල් අකුරු අරගෙන යි.. ලංකාවට වෙ මිනිස්සුන්ට වෙන්නේ ඕස්ට්‍රේලියාවෙ මුල් පදිංචිකරුවන්ට වගේ (ඇබොජින්වරුන්ට) රටේ අයිතිකාරයන්ට මුල්ලකට වෙලා ඉන්න..!(නු)
සතුටුයි.. අපි බලාගෙන හිටියෙ කවදාද මේවා වෙන්නෙ කියලා අපිට නැතත් අපේ දරුවන්ට හරි මේවා බලන්න දකින්න ලැබෙනවානේ.. (නු)
ඉන්දියන් කාරයෝ කලොත් නම් ඕක සුඛෝපබෝගී වෙන්නේ නැහැ . එක ඉර හඳ වගේ සිකුරුයි. අපරාදේ වියදම් කරන සල්ලි ...(ස)
උපුල් ඔයා හරියටම හරි (ස)
අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ නැතිව මේ විකාර ගොඩනැගිලි හදලා වැඩක් නැහැ.. අකික මේවා ගන්න ලංකාවෙ මිනිසුන්ට වත්කමක් තියෙනවාද? කළු සල්ලි තියෙන අයට නම් පුළුවං ගන්න..!(නු)
අවසානෙදි සියල්ලම විකිණිලා ඉවරවුණු දවසට තේරේවි අපිට කියලා රටක් නෑ කියලා (ස)
මිනිස්සු බැන්නට ..හිත යටින් දන්නවා මේ වැඩ හරි කියලා . මිනිස්සු ඉල්ලන්නේ මේවා තමයි (ස)
සුන්දරයි අති සුන්දරයි..... රමණීයයි අති රමණීයයි..... මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න (ස)
විකුණුවත් කමක් නැහැ කොළඹ හදලා කියලා අපේ ආච්චි කිව්වා.. සීයා කියනවා ඉතිරි ටිකත් විකුණලා හරි මුඩුක්කු අයින් කරන්ලා සුඛෝභභොගී මන්දි හදන එක හොදයි කියලා.. අර අපේ මට්ටක්කුලියෙ මුඩුකුකුවෙ ඉන්න නැන්දා කියනවා එයා 2015 ඉන්නෙ 55 වැනි තට්ටුවෙ ලු.. අනේ මන්දා මටත් හිතෙන්නෙ හොදයි කියලා තමයි..!(නු)
එල්ටීටීඊ ඩයස්පෝරාව සදහාද?(නු)
ටැන්සානියාවල දාර්සේ සලාම් නගරයේ කොළඹටත් වඩා වැඩිලොකු ගොඩනැගිලි තයෙනවා.. කවුරුහරි ගියාම හිතන්නේ ඒක ලොකු දියුණුවක් කියලා.. ඒ ඔක්කොම ගොඩනැගිලි අයිතිවෙලා තියෙන්නේ ඉන්දියාවෙ සමාගම්වලට.. ඒ ගොඩනැගිලි බදු දෙන්නේ ඒ රටේ අයට නෙමෙයි.. ඒ වල මහා පරිමානයෙන් බදු වංචා වෙනවා.. ඒ රටට ලැබෙන්නෙ පෙඩා ප්‍රතිලාභයක්.. අනික අමතක කරන්න එපා මේවයේ කුලියට ඉන්නෙ පිටරට ව්‍යාපාරිකයෝ බව.. කොනෙකුට කියන්න පුළුවං මේක එහෙම වෙන්නේ නැහැ කියලා.. නමුත් අපි ඉන්දියාවත් සමග වැඩ කරලා තියෙනවා අවුරැදු ගානක්.. ඒ නිසා දන්නවා.. කොහොමද කරන්නේ කියලා..!(නු)
වැඩේ නම් හොදයි.. හැබැයි ඔක්කොම ඉන්දියාවෙ කොන්ත්‍රරාත්තු වගේ පේන්නෙ.. ඉන්දියාවෙ වැඩනම් එතරම් සාර්ථක නැහැ.. පේනවානේ ඉන්දියන් වාහනවල තත්ත්වය.. ඇයි අපේ ලංකාවෙ සමාගමටකට මේවගේ එකක් ගන්න බැරි (නු)
මේ ප්‍රතිචාර ගැන පුදුමයි.. මම නම් හිතන්නේ මේ අය කවුරුවත් ලාංකිකයයො නෙමෙයි.. අපේ රටට කොච්චර ආඩම්බරයක්ද?(නු)
සිංහල බෞද්ධයන්ට ඕවගේ වැඩ කරන්න දන්නේ නෑ (ස)
මේවා දකින කොට සමරුන්ගේ ඇහැට කටු අනිනවා වගේලු. (ස)
ලංකාව වගේම කොළඹ දියුණු වෙන එක ගැන සතුටු වෙන්න. අපේ මිනිස්සු පටු විදියට හිතන නිසාත්, දේශපාලනඥයන් කරන වැඩ නිසාත් තමයි අපේ රටට කිසිම දියුණුවක් වෙලා නැත්තෙ..!(නු)
ලංකාව දැන් වෙන රටවලට විකුණලයි තියෙන්නේ....??? (නි)
ඉදිරි පරම්පරා කීයකට මේ ණය ගෙවන්න පුලුවන් වේවිද? (නි)
ලංකාව දැන් වෙන රටවලට විකුණලයි තියෙන්නේ. මේක ලංකාවේ ඉන්න අය දන්නෙ නැහැ. (නි)
ඉදිරි අනාගතේ සිංගප්පූරුව කියලා කියාවි (ස)
ඉන්දියාවට විරෝධ පෑම බොහෝ විට වෙන දෙයක්. ඒත් මේ වගේ ආයෝජන කටයුතු වලදී ඒ විරෝධ අමතක වෙලා වගෙයි. (ස)
ලංකාව ඉන්දියාවේ අලුත් ප්‍රාන්තයක් දැන් තිබෙන ණය හැටියට ලංකාව වෙන රටකට වික්කත් මේ නය ගෙවන්න බැරිව ඇති...(නු)
විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කර ගන්න (ස)
අපේ රට දියුණු වන විට අපිට සන්තෝෂයි.. නමුත් අපි ණය ගැතියෝ වෙයි.. දැං තියෙන බඩු මිල දරා ගන්න බැහැ අපේ අයට.. තවත් බඩු මිල ඉහළ යයි වගේ පේන්නෙ..!(නු)
පිටබැද්දර කට්ටිය උස ගොඩනැගිලි දැකලම නෑ වගේ (ස)
ලක් අම්මගේ දියුණුවට විරුධ්දව අදහස් ලියන අය රටට, ගමට, ගෙදරට, දෙමාපියන්ට මුළු මහත් සමාජයටම පිළලයක්...(නු)
කොටුවෙ බස් නැවතුම්පොල හොදට හැදුවොත් නරකද? යන්න බැහැ වහින කොට වැසිකිළියක් නැහැ යන්න..(නු)
ගමක පාසලක ළමයින්ට මුත්‍රා කරන්න කැත නැතුව යන්න පුළුවන් වැසිකිලියක් හදලා දෙන්න හිතෙන්නේ නැද්ද අනේ (ස)
වෙන රටක් තිබ්බෙම නැද්ද මේක හදන්න (ස)
ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවොලොපර්ස් සමාගම කොළඹ කොම්පඤ්ඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016දී වැඩ අවසන් වන මේ කුළුණ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කැරකැරෙයි. එතකොට මේක ඉදිකරන්නේ සත්තුන්ටද....?
භූමිය කොළඹ සීමීත බව වැටහෙන්නේ අඩියෙන් අඩිය ඉදිරියටයි අප යන්නේ දියුණූ නගර මෙන් ලෝකයෙ සිරි දෙන්නේ මට නම් ලස්සනට මේ සැම පෙනෙන්නේ ( ස)
සදුනි ඔයා ඉන්දියාවට ගිහිල්ලා තියෙනවාද? මම අවුරුදු 3ක් යනවා එනවා.. ඔය චිත්‍රපටිවල වෙන්න ඇති ඉන්දියාව දියුණුයි කියන්නේ.. ඉන්දියාවල බොම්බායෙ ගුවන්තොටුපල බැස්සාම තේරෙයි ලෝකෙ තියෙන ලොකුම අපාය ඉන්දියාව කියලා..!(නු)
මේවට හරියන්න පාරවලුත් ඔය එක්කම හදන්න නැතිනම් මැජස්ටික් සිටි එක ලග වගේ විශාල මාර්ග තදබදයක් ඇතිවේවි..!(නු)
කී දෙනෙක් පෝසත් වේවිද දන්නේ නෑ.. හරියට කලොත් හොඳයි .අවංක අය රටේ නෑනේ ඉතිං (ස)
මෙහෙම ගැටළුවකුයි තීන්නේ. මේක ප්‍රශ්නයක් වෙන්නේ වෙනත් රටවල් වලින් ඇවිල්ල මෙහෙ ඉඩම් ගන්න එකට. මම මේකේ වැරද්දක් දකින්නේ නෑ. මොකද මේ ඉඩම් ඔක්කොම කොළඹ වැඩිම වටිනාකම තියෙන ඉඩම්. මේවා අපේ රටේ ව්‍යාපාරිකයන්ට දෙනවනම් මේවා කැලි කරලා පොඩි කොටස් තමා දෙන්න වෙන්නේ. එකෙන් කොච්චර ලාබයක් ලැබෙයිද කියන්න දන්නේ නෑ. එහෙමත් නැත්නම් අනාගතේ දවසක අපේ රටේ අයට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙනකන් මේ ඉඩම් තියාගන්න ඕනේ. එහෙම බැලුහම මේ කරලා තියෙන දේ වරදක් නෑ. මේවගේ දේවල් වලින් අපේ රටේ රජයටත් යම් කිසි අදායමක් එනවා රැකියා අවස්ථා වලින් ඉඩම් විකුණලා හරි බදු දීල හරි මුදල් වලට අමතරව. මේවගේ දේවල් වලට අකමැති අය ඉන්නවනම් කරන්න තියෙන්නෙ මේ ඉඩම් ටික තියාගෙන බලබල ඉන්න එක තමයි. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නා විදිහට බෙරේ වැව ඉස්සරහ තමයි නෙලුම් කුලුන හදන්න තිබුනේ. දැන් නෙලුම්කුළුන එතන හදන්නේ නැද්ද දන්නේ නෑ.(නු)
මම දෑම්ම ඉදල සල්ලි එකතු කරනවා ගෙයක් ගන්න මෙච්චරයි අපිට අඩුවෙලා තිබුනෙ...(නු)
මේ තරම් උස ගොඩනැගිලි මහ පොලවට දරා ගන්න පුලුවන් ද ?? (ස)
ඉන්දියන් අය මේවා හදන්නේ ලංකාවට ආදරේට නෙමෙයි.. සල්ලි හම්බ කරන්න.. මේවා හදන්න මේසන් බාස්ලා ඇතුළුව සියල්ලම ඉන්දියාවෙන් ගෙනේවි..!(නු)
මේවා ණය නෙමෙයි ආයෝජන...ඉන්දියානු දියුණුව බලන්න ඒ රටටම යන්න (ස)
හරි හරි අපි ඉන්නේ ආශ්චර්‍යකරා යන ගමනේනේ (ස)
උපුල් ඔයා වෙන්නැති මේවා ඉල්ලන්නේ.. මිනිසුන් නම් මේවා ඉල්ලලා නැහැ.. අනික මේවාට කියන්නේ ඉල්ලන් කනවා කියලායි.. (නු)
මට පේන හැටිද මන්දා . මේ සමහර ගොඩනැගිලි තරමක් ඇදයි නේද ? ලභේට අනුව වැඩ කරලා නෑ වාගේ (ස)