( රොමේෂ් මධුෂංඛ)
යාපනයේ ක්‍රියාත්මක වී ඇති ආවා ඇතුළු කල්ලි මැඩපැවත්වීමට දින දෙකක කාලයක් යුද හමුදාවට ප්‍රමාණවත් බවටත්, එම කල්ලි මැඩපැවත්වීමට තමන්ට අවසරය ලැබෙනතුරු බලා සිටින බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
ආඥාපතිවරයා මේ බව කියා සිටියේ පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
එහිදී අදහස් දැක්වූ යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා.
‘ඇත්තටම අපිට මේක දවස් දෙකෙන් නතර කරන්න පුලුවන්. ඒ ගැන කතාවක් නැහැ. නමුත් අපිට පොලිස් බලතල නැහැ. මේ ආවා කල්ලි සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් පොලීසියට පමණයි. නමුත් අපි මේ මේ ගැන රජය දැනුවත් කරල තියෙන්නේ ආරක්ෂක කවුන්සිලය ඇතුලු ජනාධිපතිතුමන් දක්වා ඉදිරියට මේ තත්වය දිගටම තිබුනොත් පොලීසියට අමතරම යුද හමුදාවත් මේක මැඩපවත්වන්න සම්බන්ධ වෙනවා කියල .
නමුත් අපිට මේ පිළිබඳව තාම උපදෙස් ලැබිල නැහැ. මොකද යුද හමුදාව සිවිල් ජනතාව අතරට ගිහින් ගැටෙන්න ගත්තහම තැනින් තැන ජනතාව පරික්ෂා කරන්න ගත්තහම වෙනත් කට්ටියක් කියයි යුද හමුදාව සිවිල් ජනතාවට හිරිහැර කරනවා කියල.
ඒනිසයි අපිට තාම උපදෙස් ලැබිල නැත්තේ නමුත් අපිට නුදුරේම මේකට සම්බන්ධ වෙන්න ඉඩකඩ තියනවා . ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදාවට ප්‍රබල බුද්ධි අංශයක් තිබෙන නිසා අනිවාර්යයෙන්ම මෙය කල හැකිවිය යුතුයි. දැන් ආණ්ඩුව කරන්න ඕනෑ නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරොවෙන් කපන්න සිද්ධ වෙනතුරු බලා නොසිට හමුදාවට අවශ්‍ය බලතල පවරන්න පමණයි. ඒ කියන්නේ සතියකට හෝ දෙකකට උතුරට හදිසි නීතිය පනවා එම ප්‍රදේශවල නීතිය හා සාමය ආරක්ෂා කරන්න යුද හමුදාව කැඳවීම පමණයි. ඒ දේ කරගන්න බැරිනම් මේ ආණ්ඩුවෙන් හෝ ජනාධිපතිවරයාගෙන් රටට වැඩක් නැත...
එන ඡන්දෙන් දෙමළ ඡන්ද ටික කඩාගන්න එපැයි. මෙච්චර හෙන ගහන රටේ දූෂිත දේශපාලනඥයින්ට පොඩි ඒවයින් හරි එකක් වදින්නෑනේ ...
එන ඡන්දෙන් දෙමළ ඡන්ද ටික කඩාගන්න එපැයි. මෙච්චර හෙන ගහන රටේ දූෂිත දේශපාලඥයින්ට පොඩි ඒවායින් හරි එකක් වදින්නෑනේ අපොයි...
එහෙම බලනකොට සරත් ෆොන්සේකා කියපු එක හරි නේද කට්ටිය බයිලා කිව්වට...?
අපේ දැන් ඉන්න "බැහැ~පාලන" ආණ්ඩුවෙන් මේ ඉල්ලන බලතල දුන්නොත් මම අවුරුද්දක් තනි කකුලෙන් හිටගෙන ඉන්නවා!