උතූරු අප‍්‍රිකාවේ හා උතූරු ආසියාවේ වැසිකිලි පහසුකමි නොමැති කෝටි 260ක් වන අන්ත අසරණ මිනිසුන්ගේ වැසිකිලි පහසුකමි විසැඳීම සදහා ඇමරිකාවේ සුප‍්‍රකට කෝටිපති ව්‍යාපාරික මික්‍රෝසොෆ්ටි පරිගනක ජාලයේ හිමිකරු බිල් ගෙටිස් ඉදිරිපත්ව සිටී. බිල් ගෙටිස් හා ඔහුගේ බිරිද වන මෙලින්ඩා ප‍්‍රධානත්වය දරන බිල් හා මොලින්ඩා ගේට්ස් පදනම ඇමරිකාවේ කැලිපෝර්නියා තාක්ෂණ ආයතනයට ලබා දුන් ඩොලර් දස කෝටියකින් (රුපියල් කෝටි 1340) ඔවුන් මේ සදහා නව වැසිකිලි ක‍්‍රමයක් හඳුන්වා දුන්නේය. මේ වැසිකිලි සදහා හිරු ඵළියෙන් වීදුලිය ලබා ගන්නා අතර ඵමගින් කැසිකිළි කටයුතූ වෙනුවෙන් යොදාන්නා වතූර නැවත පිරිසිදු කෙරේ. මළපහ, වැසිකිලියේ වෙනත් ස්ථානයකට ඵකතූ වීමෙන් ගැස් නිපදවා ගැනිමට හැකි බව කැලිෆෝනියා කර්මික වීද්‍යාල ඉජිනේරුවෝ කියති. උතූරු අප‍්‍රිකාවේ හා උතූරු ආසියාවේ වැසිකිලි නොමැති කමින් ඵ් ආශ‍්‍රිතව වැළදෙන රොගාබාද හෙතුවෙන් වසරකට මිනිසුන් දස ලක්ෂයකට වැඩි පිරිසක් මියයන බවත් ඵයින් හරි අඩක් අවුරුදු පහට අඩු දරුවන් බවත් බිල්ගේට්ස් කියයි.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නියම වීරයෙකි. මෙවැනි මිනිසුන් තව තවත් මෙලොවට බිහිවේවා! (නි)
යන්නේ කොහේද මල්ලේ පොල් වගේනේ. හැම දේටම ඉස්සෙල්ලා කන්න එපායැ. කන්න නැතුව කී දාහක් ඉන්නවද? (නි)
ප්‍රවීන් මැනිලා - දැං ලංකාවෙ පහළ සිට ඉහළටම තියෙන්නෙ හොරකම වංචාව.... ඉතිං අපි කොහොමද හොද හිතිං කරන දේත් පිළිගන්නෙ...!!(නු)
මෙන්න මිනිස්සු. වදින්න වටින මිනිස්සු. ලංකාවෙ අය කරන්නේ තමන්ගේ නම උඩට දාගන්න. සුභපැතුම්. (ත)
අනේ මේවයින් ටිකක් ලංකාවෙ එගොඩ උයන පැත්තෙ ඉදලා රත්මලාන පැත්තට සවිකරන්නකො... ඒගොල්ල සාගරය දූෂණය කරනවා.. උදේට දුම්රියේ එනකොට හිතෙනවා ලංකාව තාම ගල් යුගයේද කියලා...!!(නු)
රළු භාවිතය සඳහානම් ඔබින්නේ නැහැ වගේ, අප්‍රිකානුවන්ට කොපමණ කළක් මෙය පාවිච්චි කළ හැකිද? නැවත අලුත් වැඩියා කටයුතු කරන්නේ කවුද?(ස)
මොනවා වුනත් අපි කම්පියුටර් ඉගෙන ගත්තෙත් තාමත් කම්පියුටර් වලින් වැඩ කරන්නෙත් මේ මනුස්සයා හදපු වින්ඩෝස් කියන OS එක හින්දා. සල්ලි දීල ලයිසන් ගන්න කිවුවත් තමන්ගේ පාවිච්චියට (personnel Use) තියාගෙන ඉන්න එක කම්පියුටරයකටවත් මේ වෙනකන් ලෙඩක් ඇදලා නැති නිසා අපි තාමත් වින්ඩෝස් පාවිච්චි කරනවා. ඒකටත් බොහොම ස්තුතියි.(ස)
මේ යහපත් ක්‍රියාවට ඔබතුමාට ගොඩක් පිං. සිදු වෙනවා. මේ වගේ තව තවත් පිං කම් කිරීමට ඔබතුමාගෙ හිත යොමු වේවා කියා මම පතනවා..!!(නු)
මෙවන් පින්කම් කළ සසර පුරුද්ද නිසයි ඔබ මේ ආත්මයේදිත් ධනවතෙක් වී ඉපදුණේ. (නි)
ගොඩක් හොඳයි..(ස)
අපේ කොච්චරනම් සල්ලිකාරයෝ ඉන්නවාද එත් කී දෙනාද මේ වගේ දේවල් කරන්නෙ. අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ උදාහරණයක් ලෙස.. කී දෙනෙක් අසරණයන්ට පිහිට වෙනවාද?(නු)
චතුර වැලිවිටිය, තම තමන් නිවෙස්වල, ගොවිපොල වල පොඩියට කරන දෙයක් නෙමෙයි මේක. (මම එවැනි වැඩ නරකයි කියනවා නොවේ ). රුපියල් කෝටි 1340 වැනි මුදලක් වෙනත් රටක සිටින පිරිසකගේ යහපත් වෙනුවෙන් යෙදවීම තමා මෙහි තිබෙන විශේෂය. අපේ රටේ කෙනෙක් වුණත් මෙවැනි සත්කාර්ය කරන අවස්ථා අන්තර්ජාතිකව ඇගයීමට ලක්වී තියෙනවා . ලාංකික වෛද්‍යවරයකුගේ ආරක්ෂාකාරී කුප්පි ලාම්පු ව්‍යාපෘතියක් 2009 දී බීබීසිය පැවැත්වූ තරඟයකින් සම්මානයට පාත්‍ර වූවා. (නි)
මේක නිසා තමයි ඒ අය දවසින් දවස ජනප්‍රිය වන්නේ.. මේ නිසා තමයි ඔවුන් දිනෙන් දින පොහොසත් වන්නේ.. ඒවගේම තරුණ බව හා සෞඛ්‍යවන්තව ඉන්නෙ.. හොදින් බලන්න ඔවුනුතු අපි වගේම මිනිස්සු තමයි..!!(නු)
දැන් මේක අලුත් පරම්පරාවේ නිර්මාණයන් යටතට වැටෙයි. (නි)
මෙවැනි දේ අපි අගය කළ යුතුයි.. අපේ පුරුද්ද වෙලා තියෙන්නේ සුද්දට බැන්නම රටට බොරු ආදරයක් තිබ්බම නියම සිංහලයො කියලා.. නමුත් මේවා නියම කුසලතා හැටියට වැටෙනවා.. රැස් කළ යුත්තේ පිං නොව කුසලාතයි.. ඒ කියන්නේ අත්හැරීම.. මෙතුමා ඊළග භවයේ මීට වඩා දෙයක් අත්හැරීමට පුරුදු වෙයි.. මහත්සේ අගය කළ යුතු පුවතක් මේක..!!(නු)
මේවායින් කොටසක් අපේ මුහුදුබඩ තීරයෙහි ජීවත්වන අයටත් දුන්නනම් හොදයි.. !!(නු)
ඔබ ඉතාම උතුම් මනුස්සයෙක්..මෙය දකුණු ආසියාවේ හිස් මිනිස්සුන්ට හා දේශපාලක්ඥයන්ගේ නෙත ගැටේවා.. (ස)
අනේ අපේ රටේ ඉන්න දක්ෂතා පිරිපුන් තරුණයින් දෙසටත් ඔබේ කාරුණික අවධානය යොමු කරන්න. (නි)
මිනිසුන් මැද නුඹ දෙවියෙකි. (නි)
හැමදාම මිනිස්සුන්ට යහපතක් කරන නියම වීරයෙක්. ඔබට පින්! (නි)
අද ලෝකයේ කී දහසක් මෙතුමාට පිං සිදුවන්න වෘත්තිය කරමින් තම දිවි රැකගන්නවාද. අප අසල් වැයි ඉන්දීය ජාතිකයින්ටද මේ දක්වා නොයෙක් අයුරින් උදව් කර ඇත. මෙතුමාගෙන් කවදා හෝ විශේෂයෙන්ම ලංකා වාසීන්ටද විශාල උදව්වක් ලැබෙනබව සිතීමට කරුණු එමට ඇත.(ස)
මුදල් මදිනම් මටත් කියන්න..(ස)
මෙවැනි උත්තම පුරැෂයන් ලෝකෙට ආදර්ශයක් වෙන්න ඕන..!!(නු)
මයික්‍රොසොෆ්ට් ටොයිලට්....(ස)
රන්දික මම කියන්නද වැඩක්? ඔයා කන්න දෙන්න. බිල් ගේට්ස් වැසිකිලි හදපුදෙන්. එතකොට ඔක්කම හරි නේද? නිකන් කටට අවටම කියන්න එපා.(ස)
වැසිකිළි වල අපද්‍රව්‍ය වලින් පොහොර පමණක් නොවෙයි ගෑස්, ජීව වායුව ආදියත් නිපදවනවා. (නි)
වැඩි වැඩියෙන් ලැබේවා.!(නු)
බිල් මහත්තයෝ ලංකාවටත් පොඩ්ඩක් උදව් කරන්නකෝ...!!(නු)
කවුරු කුමන රටේ උනත් ගොඩක් පිං...!!(නු)
ඔබ ඉතාම උසස් පුද්ගලයෙක් මේක තමයි මාර්ගය...!!(නු)
බොහොම වටින වැඩක්.. ඉදිරියට කරගෙන යන්න අපි ඔබ දෙපලට සුභ පතනවා...!!!(නු)
බිල් ගේට්ස් ඉතාම හොද වැඩක්... දුප්පතුන්ට උදව් කිරීම..!!(නු)
එතුමා සතියේ ආදායම පිං අතේ වැඩකට යොදවලා... බොහොම පිං..!!(නු)
මේක ඉතාම හොද ව්‍යාපෘතියක්.. මේ මුදල් වැඩකරන ජනතාවගේ.. එයාගෙ ව්‍යාපාරයේ වැඩකරන අයගේ... හිතන්න ඒ ගැන...(නු)
ඔබතුමාට බොහොම පිං...!!(නු)
දුප්පතාගෙ හිතවතා... හොදට නරකට දෙකට ඉන්නෙ ඇමරිකාවම තමයි..!!(නු)
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලංකාවෙ නිලධාරියෙක් සහභාගීදකරගත්තානම් හරි..!!(නු)
අනේ ඔබතුමාට මේක ලොකු පිනක්. (නි)
මෙන්න නියම මිනිස්සු. (නි)
මෙන්න නියම මිනිස්සු.. ලංකාවෙනම් දුප්පතාගෙ සල්ලි ටිකත් සූරාගන්නවා..!!(නු)
ඔබට බොහොම පිං...!!(නු)
මේ පින් බලයෙන් ඔබතුමා නීරෝගී වී තවත් ආයුෂ වැඩි වේවා! (නි)
දයා ල0කාවෙ වගේ නිලධාරියො ලෝකෙ කොහෙවත් නැ...!!(නු)
අපි දැනටමත් ඔය වැඩ කරනවා.. වැසිකිලිවල අපද්‍රව්‍ය වලින් ගස්වලට පොහොර හදනවා.. නමුත් මේකට උදව් කරන්න කවුරුත් නැහැ.. පිටරටකින් ගේනවනම් උදව් කරන්න කට්ටිය ඕනතරම් ඉදිවි.. අපේ දේවල්වලට තැනක් නැහැ.(නු)
අපි මේ දැනටමත් ඔය වැඩය කරනවා.. වැසිකිළිවල අපද්‍රව්‍යවලින් ගස්වලට පෝර හදනවා.. නමුත් මේකට කවුරුවත් උදව් කරන්නෙ නැහැ.. දැං පිටරටකින් ගෙනාවනම් උදව් කරයි...අපේ දේට තැන නැහැ..!!(නු)
පිට රට දේනෙ අපේ අයටත් අගේ...!!(නු)
පුළුවන් කෙනෙක් කොච්චර සල්ලි ඉපැයූවත් වරදක් නැහැ. මෙන්න මේ වගේ, අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න හිතෙනවා නම්. (නි)
ඔබතුමාගේ වැඩෙත් උසස් . ඔය තාක්ෂණෙත් උසස් . නියමයි..(ස)
ඔබතුමාගේ තාක්ෂණය වගේම කාර්යයත් ඉතා උසස්ය. (නි)
ඇමරිකාවෙ කෙනෙක් කළහම අපේ අයට බොහොම අගෙයි.. ලංකාවෙ කවුරුහරි පිං අතේ වැඩක් කළොත් කියයි ඒ බදු අඩුකරගන්න හරි ප්‍රසිද්ද වෙන්න හරි කියලා.. අනේ අපේ අය නම් නියමයි...(නු)
අපේ අයට මේවා හොද ආදර්ශ... ඔබතුමාට පිං.. මේවගේ දේවල් කරනවාට..!(නු)
වැසිකිළි සවිකරලා විතරක් මදි . පාවිච්චි කරන විදිය පුහුණු කරන්නත් වේවි! (ස)