
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කේ. බුද්ධික කුමාරසිරි)
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැකකරන ටි 56 ගිනි අවිය සමග ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ සමීපතමයෙකු වන" සාමික" නැමැත්තා සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම ගිනි අවිය සමග ,මැගසිනයක් සහ ජීව උණ්ඩ 32 ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවෙන් පලා ගිය සෙබළුකු බවත් සාමික යනුවෙන් අන්වර්ථ නාමෙන් හඳුන්වන පුද්ගලයකු බවත් පොලිසිය කියයි.
නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබාගත් සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව ඒකක එක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි පි ජේ නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ තොරතුරු හා මග පෙන්වීම මත ගිනි අවිය හා සෙසු උපකරණ සැකකරු පදිංචි නිවසට ආසන්න කුරුඳු ඉඩමක වල දමා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම එකතුවෙලා තුවක්කුව අත ගාලා බලලද රස පරීක්ෂකට යවන්නේ