මහින්ද රාජපක්ෂ ජනපති ඉල්ලීම අනුව මුන්නේස්වරම දේවාලයේ බිලිපූජාව නතර කිරිමට තිරණය කළ බව දේවාලයේ ප්‍රධාන පූජක කාලි මුත්තු සිව පාද සුන්දරම් සාමිවරයා නිවේදනය කරයි . ලබන පළමුවැනිදා මෙම පූජාව පැවැත්වීමට නියමිතව තිබිණි. කපිලවස්තු සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය අවසන් වනතුරු බිලි පූජා නවත්වන ලෙස ජනපති පොලිසිය මගින් එම ඉල්ලීම කැර ඇත. මුන්නේස්වරම් පූජකවරුන් අද හලාවත දිසා උසාවියට ගොස් සිටියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ සතුන් මරන්න හොද නැත්තේ ධාතූන් වහන්සේලා සිටිනතුරු විතරද? (නි)
තාවකාලිකවද? ස්ථිරවමද? (නි)
ජනපතිතුමා හිතුවොත් මොනවද කරන්න බැරි? මේක විශාල පිනක්. (නි)
වාසනාවන්. දින කිහිපයක් හෝ වැඩිපුර ජීවත් වීමට සතුන්ට අවස්ථාව ලැබෙනු ඇත. (නි)
එතකොට අර සභාපති කෙනෙක් කාන්තාවන් 100ක් දූෂණය කරපු එකත් බිලි ගැනීමක් නෙමෙයිද? ඒක කරලා තියෙන්නෙත් රටට, ජාතියට සෙත් පතාද? (නි)
සවුදි දයාගේ කටේ සීනි දාන්න හිතෙනවා. (නි)
එතකොට තැබෑරුම් ළග පවත්වන ඌරු මස් පූජාව පවක් නෙමෙයිද? (නි)
ආගමත් සම්බන්ධකරගෙන සතුන් මරන්නේ මෝඩ ආගම්වල තමයි.. කොහොම කළත් ප්‍රාණඝාතය වැරදි දෙයක්..!!(නු)
ජීවිත පණ කාගෙත් එකයි. ආයිත් මනුෂ්‍ය ආත්මයක් නම් කවදාවත්ම ලබා ගන්න බැහැ. (නි)
බුදු දහම අනුව මස් අනුභව කිරීම පවක් නොවේ. ප්‍රාණඝාත අකුසලයක් වීමට කරුණු 5ක් සම්පුර්ණ විය යුතුය. පණ ඇති සතකු වීම, පණ ඇති බව දැනීම, මරණය සඳහා සිතක් පහළ වීම, ඒ සඳහා උපායක් යෙදීම සහ මරණය. චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගැන්වුණු දානයේ මස් අඩංගු කියා බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළේ නැත. මේ නිසා පිළියෙළ කොට තිබෙන මස් කෑමෙන් පවක් සිදු නොවේ. (නි)
සතුන්ගේ ජීවිත නිදහස් වීමේ සියලු පින් කාලි මෑණියන්ට අනුමෝදන් වේවා! (නි)
කෝවිලේ මැරුවත් මස්කඩේ මැරුවත් ප්‍රාණඝාතය ප්‍රාණඝාතයමයි.. සම්පූර්ණයෙන්ම මේවට තිත තියන්න ඕන..!!(නු) ...
එහෙනම් ඉතිං ලංකාවේ කුකුල් මස් එපා. එළු මස් එපා. ඌරු මස් එපා. හරක් මස් එපා. කොටින්ම කියනවා නම් මිනීමරන එකත් නවත්වන්න. (නි)
මේවා බොරු වැඩනේ.. ධාතු පෙන්නුවා කියලා මිනිස්සු මස් කන එක නතවත්ලද? (නු)
මේක කරන්න ඉඩ දෙන්නම එපා. අහිංසක සත්තු පවු. (නි)
ඔය සත්තු වෙනුවට එල්ලුම් ගහට නියම වෙච්ච කට්ටියව ඒ වැඩේට ගන්න බැරිද? (නි)
සේරම එකසැරේ නවතන්න බැහැනේ.එකක් හරි නවතන්න පුලුවන් නම් ලොකු දෙයක්. හැබැයි ධාතු තියෙනතුරු විතරක් නම් විහිළු වැඩක් ඒක. (නි)
ඔබතුමාට පින්. මේක අපේ බුදුරජාණන් වහන්සේට කරන ගරු කිරීමකුත් වෙනවා. (නි)
සතාව මරන්න බැහැ, නමුත් කන්න පුළුවන් කියන සංකල්පයක් බුද්ධාගමේ තිබෙනවා නම් එය දෙපිටකාට්ටු සංකල්පයක් විය යුතුය. එහෙම නම් සතාව මරන්නේ නැතුව පණ පිටින් කන්න ක්‍රමයක් බුද්ධාගමේ සදහන් වෙනවා දැයි අහන්න සිදුවී තිබ. මෙවැනි දෙබිඩි පිළිවෙත් ඉස්ලාමයේ නැත. අපට ආහාරය වෙනුවෙන් අනුමැතිය ලබාදී තිබෙන සතුන්ගේ ගෙල කැපීමේදී පවා අනුගමනය කළ යුතු ක්‍රමයන් කියාදී තිබෙනවා. අපගේ එම ක්‍රමය නිසා සතුන්ට වද වේදනා සිදු නොවිනැයි නවීන වෛද්‍ය විද්‍යාඥයින් පවා පිළිගන්නා සත්‍යකි. මිනිසාගේ පැවැත්ම පිණිස මවන ලද එමෙන්ම දහමින් අනුමත කරන ලද සතුන්ගේ ආහාරය අනුභව කිරීම හරිද වැරැදිදයි කිව යුතුවන්නේ, එම ආහාරය මිනිසාට සුදුසුද නැද්ද යන්න වග දන්නා ඒකීය දෙවියන් වහන්සේ විනා ලොව ජීවීන්ගේ ස්වභාවය නොදන්නා හැගීම්වලට පමණක් වහල්වෙන හිස් මිනිසුන් නොවේ. මෙය සමහරවිට මෝඩ තර්කයන් බවට කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් යම්කිසි කලක මෙම සත්‍ය පිළිගැනීමට සිදුවේවි. මම මෙතැන ඉදිරිපත් කළේ ඔය බිලිපූජා පිළිබද අදහස් නොවේ. මෙවැනි පූජාවන් අපි අනුමත නොකරමු. (නි)
මාලු මරණ එකත් පවක්..!(නු)
බුද්ධාගමෙත් මිත්‍යාවක් තමයි. (නි)
මේක ධර්මද්වීපයක්. මේක සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනෑ. (නි)
අධ්‍යාපනයේ බිලි පූජාවත් නැවැත්විය යුතුයි. (නි)
මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී බිලි පූජාවක් අල්ලගෙන දඟලනවා. කෑම නැහැ, වතුර නැහැ, ඉස්කෝල නැහැ, විශ්ව විද්‍යාල නැහැ, රස්සා නැහැ, නීතිය නැහැ.... ඒත් හොරු ඉන්නවා, කුඩු තියෙනවා, වනචරයන් ඉන්නවා, පොඩි ළමයින්ව කෙළෙසනවා.... මේ ඔක්කොම ලොකු තැන්වලත් ඉන්නව. මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
ඔසන් සලාම් - දෝහා වෙත, බුදුදහමේ තිබෙන විදිහට භික්ෂූන්ට වුවත් මස් අනුභව කරන්න පුලුවන්, ඒ මස තමන් වෙනුවෙන් නොමැරූ බවට සැකහැර දැනගත හැකිනම්. අපි කඩේකට ගිහින් මස් ගත්තොත් එතැනදි සතෙක් මරන චේතනාවක් නැති නිසා පවක් නැහැ. නමුත් අද තිබෙන පරිභෝජන රටාව අනුව වැඩිපුර මස් කෑම නිසා වැඩිපුර සතුන් මැරෙනවා.ඒක නිසා පවක් නොවුණත් මස් නොකන එක සදාචාරාත්මකව හොදයි. සත්තු නොමරත් මස් කරි හදන්න පුලුවන්.මගේ යාලුවෙක්ගෙ වාහනේට අහුවෙලා හාවෙක් මළා. අපි ඌව උයාගෙන කෑවා. මෙතෙනදි වෙන්නෙ නොපෙනෙන දෙවිවරු වෙනුවෙන් නිකරුණේ සතුන් මැරීම. මේවා නම් බොරු වැඩ. (නි)
සතුන් මරන එක නවත්වන්න පෙර මිනිසුන් මරන එක නවත්වන්න. (නි)
හොද තීරණයක්. නමුත් විය යුත්තේ මෙය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. (නි)
දෙවියන් කැමති නම් මේ අහිංසක සතුන්ගේ ලේ බොන්න, ඒ දෙවි කෙනෙක් නම නොවෙයි, යම පල්ලෙක් විය යුතුයි. 21 වෙනි සියවසට ඇවිල්ලත් මිනිසුන් තවම ජිවත් වෙන්නේ ගල් යුගයේ නම් මිනිසුන් මරාගෙන කන මහසෝනෙක් ඉක්මනින්ම පිටසක්වලින් මේ ලෝකයට පැමිනිය යුතුයි. එදාට මිනිසා අහිංසක සතුන් මැරිමේ ආදීනව තේරුම් ගනු ඇති. (නි)
නියමයි. (නි)
ලංකා, ආගම් පටලවාගන්න එපා..! කවුරුවත් කියන්නේ නැහැ මස් කන්න එපා කියලා.. ඒවා තමන් හිතලා කරන්න ඕන දේවල්..!(නු)
මේ සමගින්ම මිනී මරන එකත් නවත්තලා දාන්න. (නි)
ඇයි එතකම් විතරක්.. කිසි හේතුවක් නැතිව මොන වරදකට මේ අහිංසක සත්තු බිලි දෙනවාද? මේවත් ආගම්ද? දෙවියන් තිරසනුන්ගෙ ලේ බොන්නේ නැහැ.. (නු)
ජනාධිපතිතුමනි සියලුම මස් කඩ වසා දමන්න... ඔබට පිං.. ඒත් අපට එල්ලුම්ගහනම් ඕන.. මිනීමරුවන්ට දඩුවම් දීම සදහා..!(නු)
උසාවි නියෝගයක් තියෙනවා උද්ඝෝෂණය කරන්න එපා කියලා.. අපි බෞද්ධයෝ හැටියට බිලිපූජාවට විරුද්ධයි..!(නු)
මරාගෙන කන සත්තු පවු නැද්ද එතකොට? (නි)
එහෙම නම් මේ ධාතු දන්ත හරියට කලට වේලාවට ගෙනත් තිබෙන්නේ ඔය බිලි පූජාව නවත්වන්න බලාගෙනද? එහෙම නම් අනෙකුත් ආගමිකයින්ගේ කටයුතු වලට මෙසේ අකුල් හෙලීම හරිද? මෙම කෝවිලේ සිදු කරන ඝාතනය මම සාධාරණීකරනවා නොවේ. සමහර බෞද්ධ පින්වතුන් සමහර වෙලාවල් වලට හදිහූනියම් යන්ත්‍ර මන්ත්‍ර කරනවිට කට්ටාඩියාගේ කීම අනුව දෙන බිලිපූජාව මෙතැන ප්‍රශ්නයක් නැද්ද? ඉස්සෙල්ලාම අපි මෙතැන කථාකරන්නේ ප්‍රාණය සම්බන්ධවද? නැතිනම් සතුන් ගැනද ? මොකද බුදුරජාණන් වැදෑරුවේ පොදුවේ ප්‍රාණයන් ගැනයි. නමුත් ලංකාවේ අපගේ බෞද්ධ පුත්‍රයින් මෙය පටලවාගෙන තිබෙන බව හොදට පැහැදිලියි. ඔවුන් අර්ථකථනය කර කෑ ගසන්නේ බුදුන්ගේ දේශනාව හරකුන් සහ එළුවන් පමණක් ඝාතනය නොකරන බව කියා ඇති බව සිතාගෙනය. (නි)
ධීවර සංස්ථාව ගැනත් පියවරක් ගත යුතුයි. (නි)
අනේ ඕසන් , ඔයා ඔය අරහෙන් මෙහෙන් අහුලගත්තු ටිකක් ඉතාම වැරදි විදිහට තේරුම් ගෙන කෑ ගහන්න එපා. බෞද්ධයන් දෙවි කෙනෙකුගෙන් හිගමන් යදිමින් හිස් අහසට දෑත් දිගුකර යදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ "සත්තා දේව මනුස්සානම්" ඒ කියන්නේ සියලු දෙවු මිනිසුන්ට ගුරු වූ මහා මාර්ග උපදේශකයන් බවයි" දෙවිවරු සිය ගණන් විටින් විට පැමිණ උන්වහන්සේගෙන් දහම් අසා නුවණැස පාදගෙන කෙලෙස් දවා මග පල ලබා සසරින් එතෙර වුණා, අදටත් මේ දිව්‍ය ලෝක 6 සහ බ්‍රහ්ම ලෝක 16 යේ මග පල ලැබූ දෙවිවරු වැඩ ඉන්නවා. ඔබට ඕනෑනම් සුත්‍ර පිටකය සිංහලෙන් කියවා බලන්න. කියවන්න "මහාසමය, ආටානාටිය" සුත්‍ර දේශනා. දෙවිවරු පිනෙන් වැඩි ජීවී කොට්ඨාශයක් මිසක් ලෝකේ මැවුව අය නොවෙයි. බෞද්ධයන්ගේ අවසන් ඉලක්කය දෙවුලොව නොවෙයි, නිවන වෙන්නේ. ඔබට මේවා ගැඹුරු වැඩියි. මිනිසා වෙනුවෙන් ඔක්කොම මැවුවා නම් මොකද මිනිසා ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, අකාලයේ මැරෙන්නේ, ගංවතුර, ගිනි භුමි කම්පා වලින් මැරෙන්නේ, මොකද අංගවිකල මන්දබුද්ධික, දුප්පත් පොහොසත් වෙලා ඉපදෙන්නේ , ඔක්කොම එක සමානව මවන්න එපැයි. අනෙක කොහෙන්ද ඔබ දැනගත්තේ බුදුරජාණන් වහන්සේට කලින් ලෝකයක් තිබ්බේ නැහැ කියලා? ලෝකයේ ආරම්භය අවසානය හොයන්න බැරිබවත් නිරතුරුව වෙනස්වෙමින් නැවත සැකසෙමින් පවතින අනිත්‍ය ස්වභාවයක් පමණක් ඇති බවත් නුවණැත්තා ඒ ගැන සිතමින් ලැබී ඇති කෙටි කාලය නාස්ති නොකර වහ වහා නිවන පිණිස කටයුතු කළයුතු බවත් සදහන් කරමි. (නි)
ඇයි මේ මිනිස්සුන්ට මස් මාළු නොකා ඉන්න බැරිද?(නු)
හැමදාටම නවත්වනවා නම් ගොඩක් හොදයි. (නි)
මෙම සත්ව ඝාතනය නතර කිරීමට නන් අයුරින් සහාය දැක්වූ සියලුම දෙනාට මගේ උපහාරය! (නි)
මීට වඩා නරකද මේ දඩුවම අර පෝරකයට නියමවූවන්ට දෙනවානම්..!!අපරාධත් අඩුවෙයි..!! (නු)
ඕසන්, හැබැටම අල් කුරානය ලිවුවේ කවුද ? ඔය දෙවියන් දැක්කේ කවුද ? එයා මේ තරම් කුජිත ලෝකයක් මැවුවේ මොකද ? එයා මේ ඔක්කොම ප්‍රශ්න මවන්නේ මොකද? අරාබිකරය කාන්තාර වුණේ මොකද ? ඒ විතරක් නොවෙයි, මිනිසාට තරහ යන්නේ දේව කැමැත්තටද? අර දින කිහිපයකට කලින් අම්මා තාත්තා මරපු කොල්ලගේ හිතට එහෙම කරන්න කියලා කිවුවේ දෙවියන්ද ? (නි)
ලංකාවේ 800 ක් ඉන්නවා පෝරකයට නියම වෙලා . ඔතන සත්තු කපන්නේ 500යි. ඒ කියන්නේ 2013 ටත් 300 ක් ඉන්නවා කපනවා නම්. (නි)
ජනපතිතුමනි, මේ බිලි පූජාව කවදාවත් කරන්න දෙන්න එපා. අපේ රට බුද්ධ රාජ්‍යයක්. (නි)
මස් කඩ වහන්න එපා.අඩියක් ගහනකොට මස් ඕනෑ වෙනවා. මුස්ලිම් මිනිසුන්ට වැඩ, අපට තමා පාඩුව. (නි)
ජනපතිදුනි, ඔබට බොහෝ පින්. (නි)
අපේ රටේ මස් කඩවල, ධීවර සංස්ථාවෙ කුකුල් ෆාම්වල මරන්නෙ සත්තු නොවේද? (නි)
සමහරු කෑ ගැහුවේ මේක නවතින බව දැනගෙන තමයි එහෙනම්. (නි)
තිහගොඩ, පවු මස්කඩ හිමියාට. පවු ඇති වෙන්නේ මරණ වෙලාවට මිසක් කන වෙලාවට නොවෙයි. නමුත් ඔබ තමන් වෙනුවෙන් අන්න අර සතා මරා දෙන්න යැයි කියා මැරෙවුවොත් ' එතන චේතනාව සකස් වෙනවා ප්‍රාණඝාතයට" අන්න එතකොට පවු වෙනවා. මේක සියුම් දෙයක් . ඔබ කියන විදිහට බැලුවොත්, අපි ගමු 100% නිර්මාංශ කෙනෙක්, එයා කන්නේ මොනවද බත්, එළවලු, පළතුරු. ඒවා ගන්නේ කොහෙන්ද ? කඩෙන්, ඉතින් කඩේට ගොවියාගෙන්, ගොවියා මේවා හදන්න කොපමණ කෘමි නාශක ගහලා සතුන් දහස් ගණන් මරනවනේ, එතකොට කන නිසානේ එහෙම වවන්නේ කියල බත් කන අයටත් පවු වෙනවනේ! තවත් කියනවා නම් කන්න කලින් සෝදනවා, තම්බනවා, උයනවා, මොකටද ක්ෂුද්‍ර ජීවීන් නසා පිරිසිදු කරන්න , එතකොට ප්‍රාණඝාත නැද්ද ? චේතනාව අනුව නොබලා ක්‍රියාව අනුව බලන්න ගියොත් ඔක්කොම අමාරුවේ නේද? (නි)
ඇයි මේක ස්ථිරවම නවත්වන්න කියන්න බැරි? (නි)
උභතෝකෝටික ප්‍රශ්නයක් නැත. ඇත්තේ වටහ ගැනීමේ හෝ ඕනෑකමින් වටහා නොගැනීමේ ප්‍රශ්නයකි. ඕනෑම සත්වයෙක් මැරීම අකුසලයක් බව පැහැදිලිව සඳහන් වී ඇත. අකුසලය සිදු වන්නේ සත්වයකුගේ ප්‍රාණය නැති කරන අවස්ථාවේදීය. බුදු දහම තරම් අවිහිංසාවාදී ආගමක් තවත් නැත. සමහර සතුන් හෝ මරාගෙන කන්න පුළුවන් කියා නැත. මේ අනුව ඔබ මරණ සතුන් අනුභවයට ගැනීමෙන් අපට පවක් සිදුවන්නේ නැත. එසේනම් ඔබත් කළයුත්තේ සමහර සතුන් හෝ නොමරා සිටීමයි. (නි)
තාවකාලිකවද? මොන විකාරයක්ද මේක.. මේවගේ ස්ථාන කඩලා විනාශ කරන්න ඕන.. මේවගේ අය තමයි මේ රටේ අපරාධ කරන්නෙ.. (නු)
තිහගොඩ, මට ඔබව පෙනෙන විදියට වඩා වැදගත් වන්නේ ඔබට ඔබව පෙනෙන විදියයි. එකයි කිව්වේ බුද්ධාගම ඉගෙනගත් අයකුගෙන් අහන්න කියල? කෝ ඇහුවද? නෑනේ.(ස)
"බුදු හාමුදුරුවෝ මස් වෙළදාම තහනම් කළා නම් ඇයි මස් කෑම තහනම් නොකළේ?" සතුන් නොමරා මස් වෙළදාම් කරන්නේ කොහොමද? (නි)
මිනිස්සුන්ට සැනසිල්ලේ ජීවත් වෙන්න පුලුවන් විදියට, රටේ වෙන අනෙක් දේවලුත් නවත්වන්න බැලුවොත් හොදයි. (නි)
ධාතූන් වහන්සේලා ආපසු වැඩම කළහම මේ බිලි පූජාව කරනවා නම් මේ නියෝගයෙන් පලක් නැහැ. හරියට මුතුවන් අකුරින් ලියපු කටුක වචන වැලක් වගේ. ඔන්න ඔහෙ බිල්ල දෙන්න කියන්න. ධාතු වගේද ලේ පිපාසයෙන් ඉන්න මිනිසුන්? අර අසරණ සතුන් මරබියේ ගැහෙන එක තවත් දික් වෙනවනේ. (නි)
ඕසන් සලාම් සහෝදරයා සහ සිංහල සහෝදරවරුනි, මේ වාද විවාදය නවත්වමු. ආගමක් පිළිපැදීම තමන්ට තියෙන අයිතියක්. (නි)
මේක කරන්න දෙනන්ම එපා. කොහොමහරි නතර කරන්න ඕනෑ. (නි)
ඔව්, ඔසන් සලාම්, පව සිදුවන්නේ මරණ කෙනාට, කන කෙනාට නෙමේ. මොනම හේතුවක් නිසා හෝ සතුන් මැරීම පවක් බව බුදු දහමේ සඳහන් වේ. නැතුව සමහර ආගම් වගේ මනුෂ්‍යයාගේ ප්‍රයොජනය සඳහා ඕනෑම සතෙකු මරාගෙන කන්න පුළුවන් කියා නැත. (උදාහරණ: කුරානය 40:79-80) (නි)
හරි හරි සිරිවර්දන, ඔයා සතුන්ගේ මස් කන්න. උන් ජීවත් වෙන්නෙ ඔයාලගේ කෑම රසවත් කරන්නනේ.
සිරිවර්දන, ඔබට මම මෝඩයකු ලෙස පෙනෙන එකට මට කමක් නැත. බුද්ධාගමේ මස් කෑම සදහන්ව නැති එකෙන් ඔබ නිගමනය කරන්නෙන් බුදුන් වහන්සේ මස් කෑම අනුමත කළ එකද? (නි)
ඔසන් සලාම්, සතාව මරන්න බැහැ, කන්න පුලුවන් කියලා සංකල්පයක් බුදු දහම් නැත. එහෙම කෙනෙක් කියනවා නම් එය මස් කෑමට දක්වන පෙරේතකමට හදාගත්ත දෙයකි. (නි)
මේ පූජාව වෙනුවෙන් සත්තු මරණ එක වගේම මස් පිණිස සතුන් මරණ එකත් නතර කරන්න පුළුවං නම් කොච්චර හොද පිංකමක්ද?(නු)
කොළඹ නගරයේ ඇති සත්ව ඝාතකාගාරය කොවිල් භූමියේ පිහිටුවමු.. මෙතනින් මස්කඩවලට බෙදා හරින්න පුළුවං..!ගැටළු දෙකමත් විසදෙනවානේ..!!(නු)
හිමිකම් තියෙන්නේ මානවයට විතරද? සත්තුන්ට නැද්ද? ඇයි අපි තවමත් වනචාරී යුගයේ ඉන්නේ? (නි)
බෞද්ධ රටක් වෙච්ච ලංකාවේ සමූල සත්ත්තව ඝාතන හොද නැහැ. (නි)
ජනාධිපතිතුමනි, සියලුම මස් කඩ වසා දමන්න. සියලුම දේට කලින් සිංහලයන්ට කියන්න මස් කන එක නතර කරන්න කියලා. (නි)
මේ මිහිපිට සිටින සියලුම සත්වයන්ට ජීවත් වීමට අයිතියක් තියෙනවා....(නු)
අනේ වාසනාවන්! (නි)
බිලිපූජා කරන අයට පාපකර්මය ගැන කියාදීමෙන් මෙය නවත්තන්න.. මොකද මමත් පොඩිකාලේ මේ කෝවිලට කිහිප වරක් ගිහිල්ලා තියෙනවා..එදාට වඩා අද සත්තු මරණ එක වැඩියි.. අපේ හාමුදුරුවන්ට තියෙන්නේ සත්තු අරන් එන අයට මේ පාපකර්මය පහදන්න..!!(නු)
මේ බිලිපූජාව සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි. මොකද සියලුම සත්ත්වයන්ට ජීවත් වීමට අයිතියක් තියෙනවා. (නි)
සතුන් මැරීම බුදු දහමට අනුව එය කරන අයට පසුපසින් එන විශාල අකුසල කර්මයකි..!! ජනාධිපතිදුනි ඔබට පිං..!!(නු)
හාල් මැස්සෝ එක පිරිසියකට ජීවිත කීයක්ද ? (නි)
පුලුවන් නම් ස්ථිරවම මේක නවත්වන්න ඒක ලොකු පිනක්. (නි)
සතුන් මරන ඒවා, මිනී මරන ඒවා, ළමා අපචාර නවත්වන්න කාටවත් බැහැ. ඒ සදහා මිනිසුන් තුළ ස්වයං විනයක් ඇතිවිය යුතුයි. (නි)
මෙය ඉතා හොද ආදර්ශයක්. දීර්ඝ කාලයක් තිස්සේ ඇදි ඇදී යන නඩුත් මෙහෙම ඉක්මණින් අවසන් කරන්න පුලුවන් නම් හොදයි. (නි)
බුද්ධාගම අන්තවාදී නැහැ.. අන්තවාදී ආගම්වල අයට වෙන දේ හිතාගන්න පුළුවං බිල්ලාඩන්ට වුණ දේ අනුව.. අවිගත්තෝ අවියෙන්ම නැසෙති.. සත්වඝාතකයන් සත්වයන් සේ මැරෙනවා.. !!(නු)
අහිංසක සත්තු මරණ එක වහාම නතරවිය යුතුයි.. සතුන්ට කතා කරන්න පුළුවං නම් මෙලහකටත් කතා කරලා කියයි අපටත් වේදනාව සහ මරණ බය දැනෙනවා කියලා..!!(නු)
මේ අපරාධ කරන්නන්ට හොදක් නම් වෙන්න එපා. (නි)
මෙම තීරුව කියවන පාඨකයන්ගේ දැන ගැනීම පිණිසයි.මෙතන එක් මුස්ලිම් බැතිමතෙක් බුදු දහම හෝ බෞද්ධයන් ගැන කිසිදු අවබෝධයකින් තොරව අදහස් දක්වයි. බුදු දහමේ දෙවියන් වහන්සේ කෙනෙක් නැත. මේ ලොව කිසිවකු විසින් මවන ලද්දක් බව බෞද්ධයෝ විශ්වාස නොකරති. මේ ලොව කිසිවකු විසින් මවන ලද්දක් බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. බුදු දහමට අනුව මේ ලෝකයේ සෑම සත්වයෙක්ගෙම ප්‍රාණය එකයි. ගවයා හෝ එළුවා පමණක් ඝාතනය කරන්න එපා කියා කොහෙවත් කියා නැත. සත්ත්ව ඝාතනයට බුදු දහමෙන් කොහෙත්ම අවකාශයක් නැත. නමුත්...............(ස)
පවු. (නි)
කපිල වස්තු ධාතූන් වහන්සේලා ගෙන ගියාට පස්සෙ මරන්න පුලුවන්ද? (නි)
අපේ ඇමතිතුමා ඕක කොහොමත් නවත්වනවා, සදහටම. (නි)
එහෙනම් කුකුල් මසුත් තහනම් කළ යුතුයි. (නි)
තව අවුරුදු 10ක් යද්දී ධර්මද්වීපය කියලා කියන්න බැහැ. (නි)
හොද වෙලාවට නැවැත්තුවේ. නැත්නම් හොද සෙල්ලම් ටිකක් බලාගන්න තිබුණා. (නි)
මේවට නම් ඉඩක් දෙන්න එපා. (ත)
ලංකා ඔබේ අදහස වැරදියි..!! බුද්ධ දේශනාවේ තහනමක් ගැන නැහැ.. අකුසල කර්මයන් විපාක විදින්න සිදුවන බවත් එයියන් වැලකී සිටිය යුතු බවත්ය.. සබ්බේ තසන්ති දණ්ඩසා.. සබ්බේතං ජීවිතං පියං.. අත්තනං උපමංකත්වා.. නහනීයං නග්හත්තේ..!!(නු)
තත්වය මෙහෙම නම් බුදුරජාණන්ට චුන්ද පුත්‍රයාගෙන් පමණක් නොව පටාචාරාව පවා පිළිගැන්වූ මස් ආහාරය අනුභව කිරීමෙන් පසුව උන්වහන්සේට හටගත් උදර ආබාධය හේතු කොටගෙනම උන්වහන්සේ පිරිනිවන් පෑමට සිදුවූවා නම් බුද්ධ දේශනයේ යම් ද්විත්ව ප්‍රමිති සංකල්පයක් තිබෙනවාදෝයි අපට හැග. යමෙක් අල්-කුර්ආනය හරියාකාරව කියවා තේරුම් ගැනීම අවශ්‍යයි. මන්ද අල්කුර්ආනය මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය සදහා ඕනෑම සතෙකු මරාගෙන කන්න කියා නැහැ. අල්ලාහ් දෙවිදුන් විසින් විවිධ මිනිස් ප්‍රයෝජනයන් සදහා සියළුම සිවුපා සතුන් මවා තිබුණද ආහාරය සදහා අපට උපයොගී කළ හැකි සතුන් මොනවාදැයිද අපට පැහැදිලි කර ඇත. එසේම ආහාරය සදහා සතුන් මැරීම ඔබලාගේ දහම අනුව අකුසලක් නම් එය අනුභව කිරීම අකුසලක් නොවන්නේ මන්දැයි අපට නම් උගතෝකෝටික ප්‍රශ්නයකි. (නි)
හොදයි හොදයි. (නි)
නරකද එල්ලුම් ලහට නියමිත අය ටික සේරම ඔය දිනට මුන්නේශ්වරමට ගෙනල්ලා කැපුවොත්? (නි)
පූජාවට මැරුවත්, කන්න මැරුවත්, පව පවමය. පර පණ නැසීමක් මේ. මස් කන අයට මේකට විරුද්ධව අදහස් දක්වන්න අයිතියක් තියෙනවද? හිතලා බලන්න . (නි)
මොහොමඩ්, කට ඇරගෙන බලාගෙන ඉන්න ලංකාව මුස්ලිම් වෙනකල්. (නි)
මෙය ස්ථිරවම නවත්වන්න නියෝග කරනතුරු අපි ආණ්ඩු පක්ෂයට ඡන්දය දෙන්නේ නැහැ. (නි)
මේවාට අනුමැතිය ඇතුව කතා කරන අයට හෙණ 7,8,9,10.... ගහන්න ඕනෑ. (නි)
අනේ මිනිසුනේ ටිකක් කල්පනා කරලා බලන්න මිනිසුන් කියලා කියන්නේ මනස උසස් නිසා බව.. මේවා නවත්තන්න ජනාධිපති නියෝග දෙන්න ඔනෙ නැහැ.. මනසින් කල්පනා කරල්ලා..!!(නු)
මට එක්තරා ආයතනයක් ඉස්සරහට ගිහිල්ලා හයියෙන් හූවක් කියන්න හිතෙනවා. (නි)
කපිලවස්තු ධාතුන් වහන්සේලා වැඩසිටින අතරතුර ලංකාවෙ තිබෙන බාර් ටිකත් වහන්න පුළුවං නම් ලොකු දෙයක්..!(නු)
තවමත් ලංකාවෙ සිංහල බෞද්ධ අය ඉන්නවා.. මේක හැමදාමත් ධර්මද්වීපයක්..!!(නු)
මෙලොව කිසිවෙකු විසින් මවන ලද්දක් නොවන බවන කීවත් දෙචි කෙනෙකු විසින් මවන ලද බව පිළිගැනීමට හොදම සාක්ෂිය අල් කුර්ආනයයි....බුද්ධිය තිබෙන කෙනෙකුට මෙලොව ඉබේ බිහිවුවන බවට කියන්න කිසිදු සාධකයන් නොමැත. ඒ වගේම බුදු දහමේ දෙවි කෙනෙකු නැති බව කියනවා නම් බුදු පිරිත්වල සදහන් "ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා" යන පාඨයේ තේරුම කියන්න පුළුවන්ද.... (ස)
ලංකා, කවදාවත් බුදුරජාණන්වහන්සේ මස් වෙළදාමක් ගැන කියලාවත් මස් කෑමට ගන්නෙපා කියලාවත් නැහැ..!!(නු)
මෙතන ප්‍රතිචාර දාලා තියෙන අයට පිස්සුද මන්දා? මේ අය මෙහෙම ප්‍රතිචාර දාලා තියෙන්නේ සත්තුන්ට තියෙන ආදරේකට නෙමෙයි. මේ බිලි පූජා මුවාවෙන් හරි අතුරු වාසි ගන්න. (නි)
තිහගොඩ, ඔබගේ තර්කය අනුව කොන්ත්‍රාත් මිනිමරුවෙකුටත් කියන්න පුළුවන් ඔහු කරන්නේ තමන්ගේ ගණුදෙණු කාරයන්ගේ අවශ්‍යතාවය සපුරාලීමක් කියලා. ඔබගේ මතය අනුව කොන්ත්‍රාත් මිනීමරුවාගේ චේතනාව මැරීම නොව තම ගණුදෙණු කාරයන්ගේ මනදොල පිනවීමයි. අනේ, පින් සිද්ද වෙයි, කරුණාකරලා මම ඉස්සෙල්ලා කියපු දේ කරනවද? (නි)
තිහගොඩ, මම මේ තීරුවෙන් කිසිවකුට පෞද්ගලිකව අපහාස කිරීමට තැත් නොකෙළෙමි. මට ටිකක් තරහ ගියේ ඔබ මා ගැන කිසිවක් නොදැන 'මස් වෙළෙන්දෙක්ද මන්දා' යැයි පැවසීමයි. මෙන්න ඔබගේ ප්‍රශ්න 2 ට පිළිතුරු. 1. මස් අනුභව නොකරමි, හැබැයි මාළු අනුභව කරමි. 2. අහල තියෙනවද රටේ කැරැල්ලක් සිදුවුණා. මා ඉපදුණේ එම වසරේ. (නි)
මේ රට වෙනුවෙන් අපි මැරෙන්න උනත් සූදානම්..!!(නු)
ජනාධිපතිතුමාට පිං සිදු වේවා..!!(නු)
මෙලොව කිසිවෙකු විසින් මවන ලද එකක් නොවන බව කීවත් එය දෙවි කෙනෙකු විසින මවන ලද බවට තිබෙන හොදම සාක්ෂිය අල් කුරානයයි. බුදු දහමේ දේව සංකල්පයක් නැහැයි කියනවානම් එනම් බුදුබණ පිරිත්වල කියවන ,ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා යනුවෙන් කියවෙන්නේ මොකක්ද ? එහි තේරුම කියවා දෙන්න පුළුවන් ද?(ස)
මෝඩයන් නොවී යහපත් දේ යහපත් ලෙසට බලන්න. ජනපතිතුමාට පින්. (නි)
ලෝකයේ හැම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට ආදරෙයි..! මිනිසුන් මේ හැම සතුන්ගෙම ජීවිතය උදුරාගනී..!!(නු)
රිස්වාන්, ඔබ හරි. මම පොඩි කතාවක් කියන්නම්. මගේ බෞද්ධ මිතුරෙක් කරපු දෙයක්. දවසක් ඔහුට තමන්ගේ ආගම පතුරුවන අන්‍ය ආගමිකයන් දෙදෙනෙක් මුණ ගැසුණා. මෙම දෙදෙනා මගේ මිතුරාට ඔවුන්ගේ ආගම ගැන හැඳින්වීමක් කරන්නට පටන් ගත් ගමන් මගේ මිතුරා මෙසේ කීවා. "ඔබ ඔබේ වටිනා කාලය නිකරුණේ වැය කරනවා". මින් පුදුමයට පත් ඔවුහු මගේ මිතුරාගෙන් ඔහුගේ ආගම පිළිබඳව විමසුවා. එතකොට, මගේ මිතුරා මෙසේ පැවසීය. "අනේ, මට මගේ වටිනා කාලය වැය කළ නොහැක. කතාව එතනින් අවසාන විය. (නි)
එහෙනම් ධාතූන් වහන්සේ තියෙනකල් ඩෙංගු මදුරුවොත් මරන්න එපා. (නි)
ගං කබරයා , තලගොයා කරලා කාලා වගේ වැඩක්නේ. (නි)
අපි නම් දන්නවා මොකේටද කියලා..!!(නු)
සිරිවර්ධන මස් මුදලාලි කෙනෙක්ද මන්දා. ඒකයි බුද්ධාගම පිට දාලා මස් කෑම්ට අනුබල දෙන්නේ. තමුන්ට මස් කන්න ඕනෑ නම් අපිට කමක් නැහැ. බුද්ධාගම ගාව ගන්නෙ නැතුව ඉන්න. (නි)
මර්වින් සිල්වා මහතාට වාරය පැමිණ ඇත..!!(නු)
ඔය කරන පූජාවක් පළතුරු එළවලු වලින් කරන්න බැරිද?(නු)
අපි සියලුදෙනාම නිර්මාංශ වෙන්න පුළුවං නම් මේ ලොව කොතරම් සුන්දර වේවිද?(නු)
සිරිවර්දනට තරහ ගියාද? මම දන්නෙ නැති දෙයක් ගැනනේ ඇහුවේ? ඔහොමද නොදන්න අයකුට යමක් තෙරුම් කරලා දෙන්නෙ? අන්තිම ප්‍රශ්න දෙක : 1. ඔබ මස් අනුභව කරනවද? 2. ඔබගේ වයස කියන්න පුලුවන්ද? (නි)
මේ අදහස් දාන කීදෙනෙක් නිර්මාංශද කියලා හිතට එකගව හිතන්න.. බලන්න ගිහිං දෙමටගොඩ ගව ඝාතකාගාරය එතකොට ඒ සත්තු නෙමෙයිද?(නු)
ඇයි මේක සදහටම නවත්වන්න බැරි? (නි)
හැමෝම කරන තරමක් පවු කරන්නේ පන්සිල් පද පහම සමාදන් වෙලා. (නි)
මාගේ හිතවත් බෞද්ධ සොයුරනි, ලොව උතුම් හා ශ්‍රේෂ්ඨ නිර්මාණය සහ ජීවය වන්නේ මිනිසාය. අනෙකුත් සියළු ජීවීන් මවා තිබෙන්නේ මේ මිනිස් වර්ගයාගේ ප්‍රයෝජනය සහ යහපත හා වර්ධනයන් සදහාමය. ඒ හැර එම ජීවීන් වෙනුවෙන් මිනිසා දෙවියන් විසින් මවන ලද්දක් නොචේ. ඔබලා හිතන්නේ ඔහොමයි. පළමුවෙන් පැහැදිලි කරගතයුතු කරුණත් එයයි. ඒ මිනිසාගේ පැවැත්ම සදහා මෙලොව අනෙකුත් මැවීම් හෝ නිර්මාණයන් උපයෝගී කර ගත යුතු ආකාරය ක්‍රමවත්ව දේශනා කර ඇති හෙයින් සතුන් පිළිබදවද කරුණු කාරණා කියාදී තිබේ. උදාහරණයට "ජලය වෙනුවෙන් අපි නොව අපි වෙනුවෙන් ජලය" ලබාදී තිබේ. එසේ වූවත් "ගගබඩ ආශ්‍රිතව ඔබ ජීවත් වූවද ගගේ ජලබිදක්වත් නිකරුණේ අපතේ යැවීම තහනම්" යැයි කීවේ ඉස්ලාම්ය. එසේම අපට ආහාරයට ගත හැකි සතුන් ඝාතනය කළ හැක්කේ එය කෑමට මිස වෙන හේතූවක් නිසා නොවන බව ඉස්ලාමය දේශනා කරයි. ආහාරය සදහා ඝාතනය කිරීම නිසා පව් සිදුවේ නම් එය පවක් බව කිවයුත්තේ මැචුම්කරුවාණන් විසින් බව නැවත අවධාරණය කරමි ! බුදුරජාණන්ගේ ජීවිත කාලය නිමවන්නේ වර්ෂ 2600ට පෙරය. එනම් ඊට පෙර මෙලොව තිබුණේ නැද්ද ? මිතුරනි, ලොව මැව්වේ බුදුරජාණන් නොවේ. නමුත් අපි එතුමන්ට ගරු කරමු. මම කාරුණිකව බෞද්ධාමිකයින්ගෙන් අසන ප්‍රශ්නය නම් බුදුන්ගේ දේශනය වන්නේ ප්‍රාණඝාතනය එපා කියන එකද? නැතිනම් ගවයා හෝ එළුවා පමණක් ඝාතනය කරන්න එපා කියන එකද ? මුස්ලිම්වරුන්ට මස් කෑම අනුමැතියක් මිස අනිවාර්ය කටයුත්තක් නොවේ. ඔබලා මස් කන්නම ඕනෑ කියා අපට බල කර නැත. මුස්ලිම් අයෙකුට තම ජීවිත කාලයටම මස් මාංශ කට නොගා අචශ්‍ය නම් ජීවත්විය හැකියි. අපි සියල්ල එකම දෙවියන් විසින් මවන ලද මැවීම්ය. අපගේ අඩුලුහුඩුතා නිසාම වෙනස්වී ඇත්තෙමු. ලොව සත්‍ය කුමක්දැයි තෝරා ගැනීමට උත්සාහ කරමු. (නි)
ඇයි ඕකට ඔච්චරටම කලබල වෙන්නේ? (නි)
ඒගොල්ලන්ගේ ආගමේ වැඩක්නේ ඒ නිසා ඒක කරන්න දුන්නාහම මොකද අනේ (අ)
සිරිවර්දන මහතා නිවැරදියි. ප්‍රාණඝාතය සහ මස් කෑම එකක් නොවෙයි දෙකක්. මෙතන මේක නොතේරෙන්නේ ක්‍රියාව අනුව කර්මය විග්‍රහ කිරීම නිසයි. නමුත් විය යුත්තේ ක්‍රියාවට මුල් වුණු චේතනාව අනුව කර්මය විග්‍රහ කිරීමයි. චේතනාව විග්‍රහ කරගැනීමට දක්ෂ නොවුණු පුද්ගලයා වැරදි මතවලට පැමිණෙනවා. අකුසල් කුසල් ලෙස හිතනවා, කුසල් අකුසල් ලෙස හිතනවා. මේ නිසා සිල්වතුන්ට අපහාස කරමින් පව් රැස් කර ගන්නවා. කර්මය වන්නේ ඊට පාදක වුණ චේතනාවයි. කඩයක විකිණීමට ඇති පළතුරක්, එළවළුවක් මිලට ගෙන කෑමත්, විකිණීමට ඇති මස් මාලු මිලදී කෑමත් අතර චේතනාත්මක වෙනසක් නැහැ. මොකද සිතා මතා ප්‍රාණඝාතයක් නොකළ බැවින්. නමුත් කඩයක බැද දමා ඇති කුකුලෙකු දැක , මස් ඉල්ලු විට, ඌ මරා මස් කර දුන්නොත් අන්න ප්‍රාණඝාතයට හසු වෙනවා. එතන කර්මය සිද්ධ වන්නේ මස් කෑමේදී නොවේ, කුකුළා මැරීමේදීයි. ඔසන් සලාම්, ඔබ මුස්ලිම් කෙනෙකු නිසා මෙම චේතනා විග්‍රහ කිරීම හෝ මොනයම් විග්‍රහයක් ඔබට විෂය වෙන්නේ නැහැ. මොකද ඔබලාගේ ආගමේ දේව කැමැත්තට මිසක් චේතනා විග්‍රහයට ඉඩක් නැති නිසා. ඒ නිසා කරුණාකර නොදන්නා දෙයක් ගැන කතාකරමින් නිකරුනේ පව් රැස් කර ගන්න එපා. අනෙක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිල් පද ගැන, බෞද්ධ අයගේ ප්‍රාණඝාත වැළකීම ගැන කෑ ගහන්නේ ඔයා නිර්මාංශ වෙලාද නැත්නම් ප්‍රාණඝාතයෙන් වැළකිළාද? හලාල් කියලා ඔයාලා ගෙවල්වලම හරකුන්ගේ බෙලි කපලා මරා උයන් කනකොට ඕවා මතක් වෙන්නේ නැහැ නේද? අනෙක සීලයක ලක්ෂණය එය රකින්නා නිහතමානී වෙනවා, සීලය උලුප්පමින් එය නොරකින අයට අපහස කරන්නේ නැහැ. නමුත් මේ අලුත් "නිර්මාංශ සීලය" රකින අය බැලුවොතින් මස් කන අයට ගරහනවා, තමන් ගැන උලුප්පා දක්වනවා. ඒක මෙය සීලයක් නොවන බවටත් වෘතයක් පමණක් බවටත් ඔප්පු වීමක්. (නි)
මේක නවත්තලම දාන්න.. ධාතුන්වහන්සේලා වැඩසිටිනතුරු පමණක් නොව සදහටම.. මම බෞද්ධ නොවුනත් මේ සත්ත්ව හිංසනය එපා..එපා.. එපාමයි.. මේවාට පෙළඹෙන මිනිසුන් තවමත් ඉන්නවා අපි අතරේ.. කන්න නැති කෙනෙකුට කන්න දෙන්න බාරයක් ඔප්පු කරන්නම ඕන නම්.. නැතිනම් ගෙයක් නැති කෙනෙකුට ගෙයක් දෙන්න.. මොන සතා මරලාහරි තමන්ගේ දේ කරගන්න කට්ටියක්නෙ මතකද ප්‍රභාකරන්..!!(නු)
ජනාධි පති තුමනි. කොහොම හරි බිලි පුජාව නතර කරන්න (දී)
අයියෝ ඇයි මේක නැවැත්තුවේ? මේක එයාලගේ ආගමේ වැඩක් නේද? (නි)
දියුණු ලෝකෙට නොගැලපෙන වනචාරී වැඩ නවත්තන්න ඕන.. මේ බිලිපූජාව කළොත් කාලිමෑණියො සතුටු නෙමෙයි දුක් වෙයි..!!(නු)
ඔසන් සලාම්, මාර වැඩේනේ. ඔයගොල්ලන්ගේ දෙවියන් අහිංසක සතුන්ගේ බෙල්ල කපන හැටි කියලා දීලා තිබෙනවද? ඔන්න බොලේ එයත් ප්‍රාණඝාතයට අසු වෙනවා. අර බින් ලාඩන්ලා අල්ලා ගත්ත සිරකරුවන්ගේ බෙල්ල පොඩි පිහිවලින් කපන්නේ මේ දෙයියෝ කියලා දුන්න විදිහටද? අනේ මේ හරියට පරපණ නැසීම ගැනවත් තේරෙන්නේ නැති ඔයා නොදන්නා දේවල් වලට හොට දාන්නේ නැතුව ඔය රට ඉදි ටිකක් කාලා, ඔටුවෙක් මරාගෙන ඔහෙටම වෙලා ඉදලා මරණින් මතු අපායට ගිහින්ම බලන්න, කොරගත්ත දේක හරිය. මම නම් ඔය මෝඩ විස්වාසයෙන් ගැලවුණා. (නි)
කසුන්, රට වෙනුවෙන් ඔයා මැරෙන්න කතා කරන්නේ වෙන රටක ඉදන්ද? (නි)
අල් කුරානය සාක්ෂියක්ද? එහෙනම් බයිබලයද සාක්ෂියක් යැයි තවත් සමහරෙකුට තර්ක කළ හැක. එසේම ත්‍රිපිටකය සාක්ෂියක් යැයි තවත් සමහරෙකුට තර්ක කළ හැක. ඔබ කියන ඔය ගාථාවේ "දේවා නාගා" යන්නෙහි තේරුම තව දුරටත් සොයා බලන්න. එම ගාථාවේ කොතැනකවත් ඔබ කියන දෙවියන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් නොවේ. (නි)
ඇත්තටම අපේ ජනාධිපතිතුමා කරලා තියෙන්නෙ කියලා නිමකරන්න බැරි හොද වැඩක්..!! මැතිදුණි මෙවැනි යහ ක්‍රියා හැමදාමත් කරත්වා.. ජනතාව ඔබ සමගයි..!(නු)
සත්තු බර ඇදලා, දුක් විදලා මැරෙනවාට වැඩිය එකපාරින්ම මැරෙන එක හොද නැද්ද මල්ලී? (නි)
කොහොම හරි කෑමක් නැහැ නවත්තුවනේ (දී)
මෙතැන වාද චිචාදයක් නැත. තිබෙන්නේ දැනුම බෙදාගැනීම පමණයි. තමන් දන්නා දෙයක් තව කෙනෙකුට කියාදීම හෝ දැනුවත් කිරීම වාදයක් විය නොහැකියි. එය පිළිගැනීම හෝ නොපිළිගැනීම තමා තමතමන්ගේ අයිතීන් වනුයේ. ඔබගේ උනන්දුවට මගේ ස්තුතිය. (නි)
තිහගොඩ, කරුණාකරලා බුද්ධාගම ඉගෙනගත් කෙනකුගෙන් අහන්න, බුදු දහමට අනුව මස් අනුභව කිරීම පවක්ද කියල? පවක්නම් ඒ බව බුද්ධ දේශනයේ කොතනද සඳහන් වෙලා තියෙන්නේ කියල? මේ ලෝකයේ මිනිසුන් තමන්ගේ දැනුම අනුව 4 කට වර්ග කර ඇත. සමහරෙක් තමන් දන්නා බව දනිති. සමහරෙක් තමන් දන්නා බව නොදනිති. සමහරෙක් තමන් නොදන්නා බව දනිති. තවත් සමහරෙක් තමන් නොදන්නා බව නොදනිති. මේ අන්තිම වර්ගයට අයත් පුද්ගලයින් සමග තර්ක කිරීම අනුවණ ක්‍රියාවකි..(ස)
ඔසාන් සලාම්, ඔයා හරියට දැනගෙන කතා කරන්න. ලංකාවේ වගේ ආගමික නිදහසක් තියෙන රටක් වෙන කොහේවත් නැහැ. (නි)
බාර් වහල කොහොමද රට කරන්නෙ..!(නු)
බිවුවට පස්සේ ඕනෑම වරදක් කරන්න තහනමක් නැහැ නේද? (නි)
මේකට අදහස් දක්වන අය ටිකක් හිතලා බලලා දාන්න..!!(නු)
මෙන්න බොලේ අළුත් උණු සංකල්පයක්. බුදු දහම අනුව මස් අනුභව කිරීම පවක් නොවේ. චුන්ද පුත්‍රයා විසින් පිළිගැන්වුනු දානයේ මස් අඩංගු කියා එය බුදුරජාණන් ප්‍රතික්ෂේප කළේ නැත. මස් රස කරකර කන්න පුළුවන්. නමුත් ඒ සදහා සතාව මරන්න බැහැ. මේක නිකම් අමුතුම සංකල්පයක් නේ. සතාව මරන්නේ නැතුව කොහොමද උන්නැහේ මස් කරිය හදන්නේ ? (නි)
මා දන්නා තරමින් ලෝකයේ විශාල ජනතාවක් අදහන ක්‍රිස්තියානි, මුස්ලිම්,හින්දු සහ බෞද්ධ ආගම් වලින් බිලි පූජා තහනම්ය. ලෝකයේ ඉතා සුලු පිරිසක් බිලි පූජාවලට තවම ඇබ්බැහිවී ඇතිබව ඉතාමත් කණගාටු දායක දෙයකි. අප්‍රිකාවේ සමහර රටවල අල්බීනෝ ලමයින් මැරීමද, යක්ෂයන් අරක්ගත්තායි කියන මිනිසුන් පනපිටින් පුලුස්සා මැරීමද (witchhunt ) සිදුවන්නේ අගතිගාමී නූගත් සුලු කොටසක් විසින්ය. මෙවැනි දේවල් පැතිර යාමට නොදී, නීතිය මගින්ද තහනම් කර, නීති කඩකරන්නන් නීතියේ රැහැනින් අල්වාගත යුතුයි. (දී)
මේවා කරන අයයි සත්තු..!!(නු)
දැක්කා නේද අපේ අයියලාගේ හැටි? ඉස්සරවෙලා කෑ ගැහුවා මේක නවත්වන්නම කියලා. දැන් නැවැත්තුවහම කෑ ගහනවා මේක ආගමික නිදහසට අකුල් හෙළීමක්ලු. කරගෙන යන්න දෙන්නලු. අනේ මන්දා මෙහෙමත් ජාතියක්? (නි)
සියල්ලටම පෙර මස් කඩ ටික වහන්න.. පෝය දවසට කලින් දවසේ මස් විකිණෙනවා වැඩිලු.. (නු)
අගහරුට රෝවර් යවන්න තරම් දියුණු යුගයක අසරණ සතුන් මරා මෙලෙස පුදපූජා පවත්වා තමන්ගේ ජීවිතයට සැනසීමක් බලාපොරොත්තු වෙන්න තරම් මෝඩ ආගම් ඇදහීම් පැවතීම මොනතරම් බොළද වැඩක්ද?
ඉහත මගේ මිතුරන්ගේ අදහස්වලට පොදුවේ දිය යුතු කෙටි පිළිතුර නම් මෙලොව ඉර, හද, අහස, පොළොව ඇතුළු එහි වසන සියළු ජීවී රාශීන් මවා, එයින්ද උසස් මැවීම වශයෙන් මිනිස් වර්ගයා මවා, ඔහු ජීවත්විය යුතු යහ මග පෙන්වා දීම පිණිස කලින් කලට මෙලොව බිහිවූදා පටන් මුහම්මද් නබිතුමාණන් දක්වාවූ විවිධ කාල පරිච්ඡේදවලදී මිනිසුන් අතරින්ම ශ්‍රේෂ්ඨ ශාස්තෘන්වරු වශයෙන් 25 දෙනෙකු දෙවියන් විසින් එවන ලදී. දහම යනු ලොව නිර්මාතෘවරයාණන් විසින් එවනු ලබන පණිවුඩ හැර මිනිසුන් විසින්ම ඇතිකරගන්නා සම්මුතීන් නොවේ. එයින් අවසාන නබිවරයා වශයෙන් එවනු ලැබුවේ මුහම්මද්තුමාණන් බැවින් එතුමාව පිළිපදින්න කියා දෙවියන් විසින් මුළු ලොවටම අල්-කුර්ආනය මගින් අණ කර සිටී. එය පිළිපදිනවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. අල්-කුර්ආනය කියවන අයෙකුට ලෝකයේ ස්වභාවය වැටහෙනවා නොඅනුමානයි. එය නොකියවා ජීවත්වන කෙනෙකු මරණින් මතු ඔහුට අත්වෙන ඉරණමට තමන්ම වගකිව යුතුවේවි. නිවන් දකිනවා කීම තුළින් කෙනෙකුගේ ආත්මයට සැනසීම හෝ ශාන්තිය ලැබුණා යයි කීම පිළිගත හැකි තර්කයක් සහ චින්තනයක් නොවේ. මන්ද මෙලොව ජීවත්වන පුද්ගලයාගේ ක්‍රියා කලාපයන් හට දිය යුතු දඩුවම හෝ ත්‍යාගයක් ලැබිය හැක්කේ ඔහු නැවත මිනිස් රූපයෙන්ම ඉපදුනහොත් පමණි. මම නැවතත් අවධාරණය කර සිටින්නේ ලෝකයේ අප සියළු දෙනාම එකම දෙමවුපියන් යුවලට දාව ඉපදුනු අය බවත් මිනිසා විසින් සලසා ගන්නා සෑම ප්‍රශ්න වලටම වගකිව යුතුවන්නේ මිනිසුන්ම මිස දෙචියන් නොවන බවත්ය. (නි)
මේ වගේ වැඩ නොදියුණූ අප්‍රිකානු රටවලවත් කරන්නේ නැහැ. (නි)
ඔසන් සලාම්, තවමත් ඔබට තේරුම් ගැනීමට නොහැකි වීම ගැන මම කණගාටු වෙමි. මස් කන්න පුළුවන් හෝ කන්න බැහැ කියා බුදු දහමේ සඳහන් වී නැත. නමුත් මස් අනුභවය අකුසලයක් කියා කොතනකවත් සඳහන් වී නැත. මා කියන්න උත්සාහ කළේ එයයි. (නි)
මේකත් ඡන්දය නිසා නවත්තන්න ඇති...!!(නු)
ජෙයම්. මේක බිලිදීමක් නෙමෙයි..රැකියාවට බදවාගෙන තියෙන්නේ...!!(නු)
අතිගරු ජනාධිපති තුමාට තාවකාලික ප්‍රණාමය... ඔන්න ඉතින් මේක අමතක වෙලා ගියාම ... හොරෙන්ම සෙත් පතා ගන්න එපා ජනාධිපති තුමනි... හිහ්.. මන් හිතන්නෙ ඉරනෙට ගිහින් එනකන් නවත්තල තියෙන්නෙ...(වි)
අයියෝ කාටවත් තේරෙන්නේ නැද්ද මේ වෙන්නේ මොක්කද කියලා? (නි)
ඒ කියන්නේ කපිල වස්තු ප්‍රදර්ශනයෙන් පස්සේ නැවත පටන් ගන්නවද? (නි)
එහෙනම් පුලුවන් නම් එක බාර් එකක් වහලා පෙන්නන්න. (නි)
සිරිවර්දන සහ කෙනෙත්, ඔබ කියන විදියට මස් කෑමෙන් පවක් සිදු නොවේ නම් මස් කඩ හිමියාගෙන් ඇසූ විට පවසන්නේ, ඔබ මස් කන නිසා මම මරනවා කියලනේ. කඩ හිමියාගේ චේතනාව සතා මැරීම නොව පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සැපයීමයි. දැන් එතකොට කාටද පවු ?? (නි)