හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ බිලි පූජාව නතර කරන්නැයි නියෝග කිරීමට තමාට බලයක් නැතැයි හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ජගත් ඒ කහඳගමගේ මහතා බිලිපූජාව නතර කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් පැවසීය. තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් ඕමාරේ කස්සප හිමියන් කාලි කෝවිලේ බිලිපූජා නතර කරන ලෙසට හලාවත පොලිසියට පැමිණිල්ලක් කරමින් ඉල්ලා තිබුණි. ඒ අනුව පොලිසිය මේ තහනම් නියෝගය ඉල්ලීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ඛේදයකි......(ස)
ඇමති තුමාට කියමුද මේ පාරත්. (ස)
බලයක් නැත්තනම් බලයක් තියෙන විදියට නීතියක් හදන්න බැරිද.මෙච්චර රටේ ලොකු විරුද්දතාවක් තියෙන එකේ. ලංකාවේ නිතිය කරන සමහර අය දන්නේ අවුරුදු 68 වුණාම අවුරුදු 20 / 22 මනමාලියක් ගෙන්න විතරද?
මම හිතුවේ උසාවියට කරන්න බැරි දෙයක් නෑ කියලයි..(ස)
මොනවා කරන්නද? කරන අයට හෙණවත් ගහන්න කියලා අපි ඉතිං බලන් ඉදිමු. (නි)
ඇයි අර 77දී මේ සම්බන්ධව පනතක් සම්මත කරලා නීතියක් ගෙනාවා නේද? (නි)
සතුන් මරණ එකත් නිකම්ම කරන්න බැහැ. එයටත් නීතියක් තියෙනවා. එයටත් නගරසභා අනුමැතිය අවශ්‍යයි, අනිත් සතුන්ට නොපෙනෙන්න මැරිය යුතුයි. පොලිසිය කළ යුත්තේ අධිකරණ නියෝග ගැන බලා නොසිට පළමු සතා මැරූ විටම අත්අඩංගුවට ගන්න එකයි. (නි)
මෙයට කරුණාවෙන් සවන් දෙන්න. ශ්‍රී ලාංකිකයිනි, මෙය ප්‍රජාතාන්ත්‍රික රටක් . එයයි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියවිලා තියෙන්නේ. එම නිසා තම තමන්ගේ ආගමික කටයුත්තක් නිදහසේ කිරීමේ අයිතිය මේ ලංකාව තුළ තියෙනවා.එක් ආගමික කටයුත්තක් තවත් ආගමකට තහනමක් විය හැකියි. එම නිසා එක් ආගමක ප්‍රතිපත්තියක් වෙන ආගමකට බලෙන් කාවද්දන්න බැහැ. සත්ව හිංසාව සෑම ආගමකම තහනම් කරපු දෙයක්. එහි කිසිම තර්කයක් නොමැත. නමුත් එය කරන පිළිවෙළක් තිබිය යුතුයි. එම නීතියට යටත්ව මෙය සිදුකිරීමේ දී කිසිම ගැටලුවක් නොමැත. (නි)
එහෙම නම් ඊට විරුද්ධව කළ උද්ඝෝෂණ නවත්වන්න බලයක් තියෙන්නේ කොහොමද? මස් කඩ වලටත් මෙහෙම බලාගෙන යද්දී බලපත්‍ර අවශ්‍ය නැහැනේ. (නි)
මොකද බැරි සිසිර? අන්තිමට පහ වසර විභාගය ගැන පැමිණිලි කළ අයට වුණ දේම වෙයිද දන්නේ නැහැ. (නි)
බිලි පූජාව නවත්වන්න තිබුණා හොඳ ගුටු පූජාවක් දුන්නනම්...(ස)
ගරු මර්වින් සිල්වා ඇමතිතුමනි. මේ ඔබේ වාරයයි.. එක සත්වයෙක්වත් මරන්න නම් දෙන්න එපා.. හදවතක් ඇති සැවොම ඔබ සමග ඉන්නවා.. මෙය ලොකු පිණකි..!!(නු)
ඇයි අපි කුකුල් මස් කන එක නවත්තන්නේ? ඒක ලංකාවේ ගොඩක් හාමුදුරුවරුන්ගේ වගේම දේශපාලඥයින්ගේ ප්‍රසිද්ධ රසවත් කෑමක්නේ. (නි)
ඇයි සිසිර මෙහෙම ඕනෑ නැති කතා කියන්නේ? (නි)
සත්තු මරණ එක පවක්.. මේ කෝවිලේ විතරක් නෙමෙයි.. (නු)
එහෙනම් යෝනුසලවි දැන් ඉස්සෙල්ලම කරන්න ඕන මේක සිංහල බෞද්ධ රටක් කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කරන එකයි .ඔය අනිත් ආගම ගැන දන්නේ නෑ වගේ මටනම් පෙන්නේ.බුදුදහමේ හැර අනික් සියලු ආගම වල සතුන් මැරීම අනුමත කර ඇත.දන්නේ නැත්නම් අහල බලන්න හජ් වන්දනාවේ යන්න මොකටද කියලල.මෙතන ප්‍රස්නේ වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ බහුතරයගගේ මතය අන්‍ය අගමිකන් විසින් හැල්ලුවට අපහාසයට ලක් කිරීම පමණි.අපිට සිංහල බෞද්ධ රාජ්‍ය නායකත්වක් එනකන් කරන්න පුළුවන් එකම දේ නීතියේ පිහිට පැතීම පමණි. (ස)
යෝනුසලව් - එ කියන්නෙ තවත් ආගමක් මිනිස් බිලි දෙන්න පටන් ගත්තොත් ආගමික නිදහස කියළ අපි එකටත් ඉඩ දිය යුතුයි නේද......... මම අදහන ආගම අනුව " යො" අකුරෙන් නම පටන් ගන්න අය මැරුවහම පින් සිදු වනවා. මගේ ආගමික නිදහසට ගරු කරල ඔයා ජීව්තය පුජා කරන්න සුදානම්ද?????? (ස)
මේ වෙලාවට තමයි අපේ අතිගරු මර්වින් සිල්වා ඇමතිතුමා සිහියට එන්නේ..මේ සතුන්ට එතුමගේ පිහිටයි..!(නු)
දැන් ඉතින් මේ සතුන්ට කාගේ හිටද ඇමතිතුමාවත් මොනවා හරි කරල මේක නතර කරන්න අපි ඔබ සමගයි!(නු)
දෙවියන් වහන්සේ විසින් මුස්ලිම් ආගමට හරක ,හින්දු ආගමට එළුවා කතෝලික ආගමට ඌර ...බිලි පුජ සදහා මවා ඇත. දෙවියනි ඔබ කොහිද?
නිවන්ත : මමත් එකඟ වෙනවා. ඔය විදිහට ඕනේ කෙනෙකුට සත්තු මරන්න පුළුවන් නේ (ස)
බාල අපරාධ, ස්ත්‍රී දූෂණ සියල්ල නවත්වන්න ඉස්සෙල්ලා.. (ස)
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. (නි)
මිනිස්සු මරණ එකට ඇයි කවුරුවත් කතා නැත්තේ ??? (ස)
මේක බෞද්ධ රටක් (නි)
සෑම සත්වයෙක්ම උත්සාහ කරන්නෙ විනාඩියක් හරි තමන් ජීවත් වෙලා ඉන්න එකටයි..!!(නු)
සෙනෙවි.. කිසිම ආගමක කියලා නැහැ සත්තු මරන්න කියලා.. අපේ රටේ ආගම් භේදයක් නැතිව මස් කන අය ඕනතරම් ඉන්නවා. සතුන් මැරිම කොයි කාටත් පවක්..!!(නු)
අංජු , මේ රට පිරිහුණේ අපේ සාරධර්ම පිරිහුණ නිසා. එම නිසා දුෂණය තියා මොනවා නවත්තන්නත් කලින් අපි අපේ සාරධර්ම ආරක්ෂා කර ගත යුතුයි. ආධ්‍යාත්මික දියුණුව ගැන නොසිතා භෞතික දියුණුව ගැන පමණක් සිතපු නිසා තමයි මේ සේරම. මේ රටේ ජනතාව සාරධර්ම ආරක්ෂා කරන්න පුරුදු වුණ දාට දුෂණයත් ඉබේම නවතියි. (නි)
සියල්ලන්ගෙන්ම කරුණාවෙන් ඉල්ලන්න කැමතියි, බුදුදහමට අමතරව අනික් ආගමද ඉගෙනගන්නා ලෙස. මෙතන " සත්ව හිංසාව සෑම ආගමකම තහනම් කරපු දෙයක් " යනු අමු පට්ට පල් බොරුවකි. එය සිංහලය නොමග යැවීම සදහා කලක පටන් සමාජගත කර ඇති ප්‍රවාදයකි. මෙයින් මුලා නොවන්න. සමහර ආගම් වල සතුන් මරණ විදිය පවා එම ආගම වල ශාස්තෘවරුන් විසින් වදරා ඇත. ඒවා සදහන් ග්‍රන්ථ ශුද්ධ ග්‍රන්ථ ලෙස සලකති. බෞද්ධ අපි එකතු වෙමු. (නි)
බුදු හාමුදුරුවන්ගේ කාලයේ මිනිස්සු මස් කෑවෙම නැද්ද? (නි)
මේ ඔයාලා නින්දෙන් අවදිවෙලා වගේ දොඩවන්නෙ, ඔය එලුවො කුකුල්ලු අද ඊයේ මරන්න පටන් ගත්තා වගෙයිනෙ. අපේ රටේ කාටද ඔය සතුන් මරන්න බැරි? කිසිම අවසරයක් නැතුව ඔය සතුන් මරන්න පුලුවන්. නමුත් විකුණන්න අවසර ගත යුතුයි. ඔය දේවාලේ මරන සතුන් ඒ අය කෑමට ගන්නවා. ඒ නිසා කොහොමත් සිදුවෙන්නෙ එකම දේ. කොහොම මැරුවත් අන්තිමට කරන්නෙ කන එක තමයි. සියලුම සතුන් මැරිම තහනම් කරන්නෙ නැතුව බොරු කතන්දර කියලා වෑඩක් නැහැ. ලක්ෂ ගානක් සතුන් දවසට මරලා කන රට, බුදුන්ට පුදපු බෞද්දධ රටලු. අනේ මෙහෙම පිස්සො? බඩේ මස් පුරවාගෙන දෙවාලේ මරන සත්තු ගෑන දුක් වෙනවා. රටටම නොකියා ඔය සතුන් මරනවානම් මේ අය නිශ්ශබ්දයි. (නි)
මගේ ආගමික අයිතියට ඉඩදීලා මට " යො" අකුරෙන් නම පටන් ගන්න අයව මරන්න දෙනවද නැද්ද? ( කවුරුත් මේකට මුකුත් කියන්නෙ නැහැනෙ) (නි)
හේරත් , කුකුල් මස් කන්න පුළුවන්. අපේ ආගමේ මැරීම තහනම්. ඒ වගේ හරක්,ඌරන්,එළුවන් මරන්න තහනම්, අපේ අයට බෝතලයට ගන්න තහනම් නැහැ. අපේ කට්ටිය කරන දෙයම තමයි අන් ආගම් වල අයත් කරන්නේ.
කරුණාකර නීතියට ගරු කරන්න (නි)
ආගම් ගැන නොදන්නා අය කට වහගෙන ඉන්න (නි)
ඉතා හොදයි,එස්.එල්.ටී.කේ. (නි)
සෙනවි, ඔබ කියන පරිදි එක එක ආගම වලට සත්තු මවා ඇතත් බුදුහාමුදුරුවෝ අපේ අයට මස් කන්න කියා කිව්වද? ඇයි අපි කන්නේ. (ස)
අපේ නීතිය කොයිබටද? (නි)
යෝනුසලවි : හොඳින් කියව බලන්න. එම ව්‍යවස්ථාවේම කියවෙනවා තම තමන්ගේ ආගමික කටයුත්තක් නිදහසේ කිරීමේ අයිතියටත් සීමා තියෙනවා කියල. (ස)
ඒ තීන්දුව හොදයි (නි)
වජිරා: ඔයාට පෙන්නේ නැද්ද අනන්තවත් උද්ගෝෂණ අදිය තියෙනව මින්ස්සු මැරීමට එරෙහිව. මිනිස්සුන්ට තනිව හෝ එකතුවී යම් බලපෑමක් කරන්න පුළුවන්. නමුත් මේ සතුන්ට එහෙම කරන්න පලුවන් ද ? ඔයා කියන්නේ මේ සත්තුන්ට උසාවි, පොලිසි වලට ගිහින් කරුණු කියන්න කියලද ? (ස)
ඇයි මේක නවත්වන්න බැරි? (නි)
මමත් මුස්ලිම්. හැබැයි මමත් විරුද්ධයි සතුන් මරනවට (නි)
මෙය කෙසේ හෝ නවත්වන්න වෙනවා (නි)
යෝනුසලවි බයවෙලා ඉන්නෙ, ඊළගට එයාලගෙ වාර්ෂික සත්ව බෙලි කපන යාගය නවත්වයි කියලා. දෙවියන් කෙරෙහි තම භක්තිය ප්‍රදර්ශනය කිරීමට ඒබ්‍රහම් තම පුතා ඉස්මයිල් බිලිදීමට සැරසීමේ සිද්ධිය සමරමින් සතුන්ගේ බෙලි කපන උත්සවය තමයි මේ එයිඩ්-උල්-අඩා කියන්නෙ. හරිනම් ඒක තමා ඉස්සෙල්ලම නවත්වන්න ඕනෑ. (නි)
යෝනුසලවිලාට කොච්චර කිවුවත් තේරෙන්නෙ නැහැ (නි)
”බිලි පූජාව නවත්වන්න බලයක් නෑ”. ඔය වැනි තැන් වලදී තීරණ ගන්න අවශ්‍ය බලය ජේ.ආර්.ජයවර්ධන මහතා හදපු ව්‍යවස්ථාවේ තියෙනවා. ගරු ජනාධිපතිතුමනි - ඔබ සතු විධායක බලය පාවිච්චි කරන්න. මේ අහිංසක සතුන් බේරාගන්න. අධිකරණයටත්, විධායකයටත් මෙය නවත්වන්න නොහැකි නම් ජනතාවට කිරීමට හැක්කේ බලන් සිටීම පමණයි. (ස)
සතෙකු මැරෙද්දී විදින වේදනාව ඝාතකයාටත් කවදා හෝ විදින්න වෙනවා (නි)
අනේ මන්දා කන්න ඕන උනහම කබරගොයත් තලගොයා වෙනවා.. (ස)
ආගම් භේද මෙතනට අවශ්‍ය නැහැ (නි)
රටපුරාම දවසකට කොච්චර සත්තු මරනවද? (නි)
මොන ආකාරයේ ප්‍රශ්නයක් මතු වුණත් අපේ ලාංකික හැමෝටම ඔලුවට එන්නේ ඉස්සෙල්ලාම " මේක අපේ සිංහල, සදහම් රටක් කියලා" අනික් ඔක්කොම ආගම් වලට ගරහනවා. අපි පිටරටක ජීවත්වෙන හන්දා කියන්නේ, මෙහේ මිනිස්සුත් ලංකාවේ අය වගේ ආගම් භේද බලනවා නම් කිසි සරණක් ලබා දෙන්නේ නැහැ. කොච්චර දෙනෙක් පල්ලිවලින් ආහාර ඇදුම් ලබා ගන්නවාද? මොකද මෙච්චර පටු විදියට හිතන්නේ, ලංකාවේ ඉන්න අය? කොහොම නමුත් සතුන්ට වද හිංසා දෙන එකට මම කොහෙත්ම එකග නොවෙමි. අනුන් සතුන්ට කරන හිංසා වළක්වන්න කලින් තමන්ගේ ගෙදර ඉන්න අහිංසක බල්ලන් පූසන් සහ ගවයන් ආදරෙන් බලා කියාගන්න, වන සතුන්ට හිරිහැර නොවෙන්න කටයුතු කරන්න. අපට තියෙන්නේ ලොකු වගකීමක්. (නි)
කෝවිලක් හදා ගත්තනම් මස්කඩයක් දාන්න තිබුණා... (ස)
අර ඇමතිතුමාට තමයි කරනවනම් මොනවහරි කරන්න පුලුවන්.... (ස)
මිනිස්සුන්ට අද කාලේ අනුකම්පාව අඩුයි (නි)
අනේ ඇත්තටම වජිර ඔයාගේ ගෙවල් කොහෙද?? (ස)
මෙහි සිදුවන්නේ බිලිපූජාව නොව සතුන් මරා රස කර කර සතුන්ගේ මස් අනුබවයයි. හින්දු කෝවිල එසේ වුවත් හින්දු ආපන ශාලා නිර්මාංශයි. දේවාල භූමියේ සතුන් අනුභව කිරීම කුමන හින්දු දෙවියන් ගේ සිත සතුටු කිරීමටද? (ස)
එක තමයි අපේ රටේ අපරාධ වැඩි .එහෙනම් විදායක බලයට ගැනියෙක් මිනිහෙක් කරන විතරියි බැරී කියන්නෙ බොරුද? (ස)
අනෙක් ආගම් වලට අවමන් නොකරන්න (නි)
ඔය කරන දේ කරන්න දෙන්න එයාලට (නි)
වහාම අපේ ඇමතිතුමාට කියන්න. (නි)
කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්... (නි)
අයියෝ ඇඩෙනවා. (නි)
හරක්, එළුවන්, කුකුළන්, ඌරන්, මස්කඩ... (නි)
ලොකුගේ මහත්තයෝ, ඔයාගේ ලොකු අදහස් ලොකු වෙන්න කලින් ලොකු අයට කියලා ලොක් එකක් දාගත්තොත් නරකද? නැත්නම් ලොකු අදහස් ලොකු හීන බවට පත්වේවි. ඔබ දන්නේ ඔච්චර තමයි. ඔබගේ දැනුම ඔබ ප්‍රදර්ශනය කළා පමණි. (නි)
අපි මේකට විරුද්ධව අනෙක් ආගම් සමග කා කොටාගන්න හොද නැහැ (නි)
එතකොට බුද්ධාගමේ සුරාපානය තහනම් නැද්ද? (නි)
උද්ඝෝෂණ කළැයි කියලා රටේ අපරාධ අඩුවෙයිද? (නි)
මෙම බිලිපූජාවේ ඇති වරදක් නැහැ (නි)
ඇත්තම කියනවානම් අපි හරිම මෝඩ මිනිස්සු ජාතියක්. තම උත්සාහයෙන් දියුණු වෙන්න සිතන්නේ නැතුව, යම් දෙයක් ලබා ගන්න ඕන වුණහම පන්සල්, පල්ලි, දේවාලවල් ගානේ ගිහින් යදිනවා. ගස්වලට වදිනවා. ගස්වලට කිරි වත් කරනවා. සමහර අය පාරවල්වල පෙරළි පෙරළි වදිනවා. සමහර අය උදේට කඩේ අරින්න කලින් සල්ලි ලාව්චුවට වදිනවා. තවත් අය වාහනවල යකඩ ගොඩවල් වලට වදිනවා. විභාග පාස්කරල දෙන්න කියලා කපු මහත්තයලගේ පස්සෙන් යනවා. ඇත්තටම මේ වගේ දේවල්වලින් යම් දෙයක් ලබාගන්න පුලුවන්ද? විභාගයට හරියට උත්තර නොලියා සිටියොත් විභාග පාස් වෙයිද? දොස්තර මහත්තයා හරියට ලෙඩේට බෙහෙත් නොදුන්නොත් ලෙඩා සුව වෙයිද? අහිංසක සතුන්ගේ බෙලි කපලා අපේ මිනිස්සු ලබාගෙන තියෙන්නේ මොනවාද? කිසිම දෙයක් නැහැ නේද? ඔය පවුකාර මිනිස්සුන්ට කිසිම දෙයක් නොලැබුණාට ඔය දේවාලවල් වල කපු මහත්තවරුන් නම් යන්නේ එන්නේ තඩි වාහනවල. ඒ අපේ මෝඩ මිනිසුන්ට පින්සිදු වෙන්න. හරි නම් ඔය සත්තුන්ව දෙවියන්ට පූජාකරලා නිදහස් කරන්න ඕනෑ. අන්න එතනයි පින තියෙන්නේ. (නි)
දෙවියනි, ඔබ කොහිද? (නි)
ප්‍රථමව මිනිස්සු මරන එක නවත්වමු. දෙවනුව අනෙක්වා සිතමු (නි)
තිරිසනුන්ට කරන මේ අපරාධයට මෙයාලට හොදක් නම් වෙන්න එපා. (නි)
නීතියක් නැත්නම් නීතියක් හදන්නකෝ. ඉවරනේ වැඩේ. (නි)
ඕවට ඉතින් ඉන්න ඕනෑ අපේ ඇමතිතුමා තමයි. (නි)
ඔය කෝවිලේ කෙනෙක් කියල තිබුණා, අපේ පන්සල්වල හාමුදුරුවන්ට මස් කන්න හොදනම් එයාලට හොද නැද්ද කියලා ? අපේ සමහර හාමුදුරුවෝ දානෙට වඩින්න කලින්ම මස් මාලු ඕඩර් කරනවාලු ? ඇත්තද බොරුද කියලා අපි දානෙ දෙන අයගෙන්ම අහල බලමු නේද? (නි)
මම කිසිදින සත්ත්ව ඝාතනය අනුමත නොකරන්නෙමි (නි)
කාටවත්ම බැරිද මේක නවත්වන්න? (නි)
අපි බය නැතුව ඉමු. අපේ ඇමතිතුමා ඉන්නකල් මේ රටේ හිංසාවාදී වැඩ බැහැ. (නි)
මෙවන් දේට සිත යොමුවන අයට මරණ බය දැනේවා! ඉන්පසු ඔවුන්ද සතෙකු මැරීමට පෙර දෙවරක් සිතනු ඇත. මිනිසුනේ, කිසිදු සතෙකු මිය යාමට කැමති නැත. මිය යාමට කැමති කෙනෙක් සොයා දීපල්ලා. මම දිගු කලක සිට මරණයට කැමති කුමන හෝ සත්වයෙක් සොයමින් සිටිමි. අවාසනාවක මහත, ලොව කිසිදු කෙනෙක් මරණයට කැමති නැත. අකමැත්තෙන් ගෙන ගොස් මරා දමන මෙම සතුන්ගෙන් පිහිටක් පතන නිර්ලජ්ජි සිංහල බෞද්ධයිනි, තොපි අපා ගතවන බවවත් නොදන්නෙහිද? පුජකතුමන් පවසන පරිදි 90% බෞද්ධයින් සහභාගි වන මෙම බිලිපුජාව රටට මනුස්සයාට සෙත් පතා කරන්නකි. සතෙකු මැරීමෙන් වන සෙත කුමක්දැයි හඳුනා ගත නොහැකි මුග්ධ මිනිසුනේ, මෙම හිරිහැරය තමාට වුවහොත් කෙසේ වේදැයි සිතා බලන්න. (නි)
ලංකාවේ නීති සංග්‍රහයෙන් කිසිම බලයක් ඇත්තේම නැද්ද? (නි)
මස් මාලු නොකා ඉන්න අය අද ඉන්නේ කීයෙන් කී දෙනාද? (නි)
සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ බුදු දහම පමණයි. (නි)
අපරාදේ අවු.30 ක් යුද්ධ කරලා මිනී මැරුවේ. ලියලා දෙන්න තිබ්බනේ ඊළම. බුදුදහමට අනුව ඒක තමයි හරි දේ. මිනී මරලා රටේ ඔය කෑල්ල ඉතුරු කරගත්තට නිවන් දකින්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. (නි)
බෞද්ධ රටේ මේ වගේ පවුකාර වැඩ නවත්තන්න ඇයි අයිතියක් නැත්තේ? මේවා නවත්තන්නම ඕනෑ අනිවාර්යයෙන්ම. (නි)
අපේ ජනතාවත් අදහස් වලින් නිකන් සුදනෝ වෙන්න හදනවා (නි)
මර්වින් ඇමතිතුමනි, මෙන්න ඔබගේ අවස්ථාව (නි)
ඔන්න කරන්න පුළුවන් නම් පින් අතේ වැඩ (නි)
අවුරුදු 2600කට පෙර ලංකාවේ තිබුණේ මොන ආගමද? (නි)
සිංහල කට්ටිය කුකුළා අතින් අරන් තොවිල් නටන්නේ. ඉතිං මේක මොකක්ද? (නි)
මිනිස්සුන්ගේ බෙල්ල කපන මේ රටේ මේවා මොනවද? (නි)
පොඩි දැරිවියන් බිලිගන්නා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්න රටක මේවා මොන දේවල්ද? (නි)
දැන්කාලේ මිනිස්සුන්වත් බිලිදෙද්දී සත්තු ගැන කවර කතාද? (නි)
සත්තු මරන එක පවු (නි)
ලංකාවට බුදුහාමුදුරුවෝ ආපු පළියට ලංකාව බෞද්ධයන්ගේ රටක් කියලා කියන්නේ කොහොමද? කාගෙන්හරි සල්ලි දීලා ගත්තද? (නි)
මේ ස්ථානයේ බිලි දෙන්නේ එක එක්කෙනා බිළි දෙන්න පොරොන්දු වෙච්ච සත්තු.. ඉතිං කවුද දන්නේ මේ නවත්තන්න මට බැහැ කියන අයත් මෙතන බිළි පූජා බාරගෙනද කියල..!!(නු)
නෙල්සන් හරි. (නි)
කමල්, ඔබගේ පිට කොන්දක් ඇති කතාවට මාගේ ප්‍රණාමය! (නි)
ජනාධිපතිතුමාටවත් කරන්න බැරිද? (නි)
අනුන්ගේ ආගම් ගැන හොය හොයා ඉන්නේ නැතුව තමන්ගේ ආගම හරියට අදහන්න. (නි)
එහෙනම් අපි මුස්ලිම් පල්ලි ඉස්සරහදී ඌරන්ව උත්සවාකාරයෙන් මරමු. හින්දු කෝවිල් ඉස්සරහදී හරක් එතනම මරමු. මේ කියන විදියට කාටවත් විරුද්ධ වෙන්න බැහැනේ. (නි)
ඇමතිතුමාගේ සරණයි, ඒ සත්තුන්ට. (නි)
මේ ලොකුගේ, හජ්ජි ගැන දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න. (නි)
මර්වින් ඇමතිතුමනි, අපි ඔබ සමගයි. දැන් ඉතිං අසරණ සතුන්ට තිබෙන්නේ ඔබේ පිහිට විතරයි. (නි)
එල්ලුම් ගහට දින නියම වුණාට පස්සේ ඇපෑල දාලා වැඩක් නැහැනේ. (නි)
මොකද මේ කට්ටිය මේකට ඇණ කොටා ගන්නේ? මේක මහ ලොකු දෙයක් නෙමෙයි. (නි)
බෞද්ධයන්ට විතරක්, අරක්කු, මස්, මාලු, කරවල, උම්බලකඩ... (නි)
ලංකාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ සත්තු මරණ එක. මහ පාරවල්වල මිනිස්සු මැරෙන එක නෙමෙයි..මිනස්සු මරණ එක නතර කරන්න නැති නම් අධිකරණය සත්තු මරණ එක නතර කරන්නේ කොහොමද ??
මේවා ඔක්කොම බයිලා . බිලි පූජාව නවත්වන්න ,කවුරුත් ආයේ කුකුල්මස් ,මාළු කන්න එපා..බොරුවට නිකරුනේ කාලේ නාස්ති කරන්න එපා. (ස)
මර්වින් ඇමති දෙවියාණෙනි, ඔබ කොහිද? (නි)
මුබාරක්, පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු. (නි)
මේ පූජාවට කැමති අපේ සිංහලයනුත් ඉන්නවා. (නි)
අසළ වැසියන්ට මෙය නැවැත්වීමට හැකියාව ඇතැයි කියලා මම හිතනවා. (නි)
පටු විදිහට මේක දිහා බලලා, මේක විසඳන්න බැහැ. මේක බෞද්ධ රටක් කිවුවට ව්‍යවස්තාව අනුව තියන බලතල අනුව තමා අධිකරණය තමන්ගේ තීන්දුව දීලා තියෙන්නේ. නමුත් මේක ඉහළ අධිකරණයකට ගෙනියන්න පුලුවන්. බොහෝ ආගම්වල චාරිත්‍ර හැදිලා තියෙන්නේ ඒ ඒ ආගම්වල ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම ප්‍රකාශ වෙන විදිහට නෙමෙයි. කාලයත් එක්ක මේවා වෙනස් වෙනවා. ඒ නිසා ආගමක් තමන්ගේ චාරිත්‍ර අද කාලයට ගැළපෙනවද කියලා සිතා බැලිය යුතුයි. මෙහෙම මරන්න එපා කියලා කෑගහන අය, ආගම්වාදියෝද, මස් කන අයද, මුන්නේෂ්වරම් දේවාලෙට බාර වෙච්ච අයද නැද්ද කියලා හොයලා වැඩක් නැහැ. නීති රීති ගෙනත් ආගම්වල චාරිත්‍ර බලෙන් වෙනස් කරන්න කලින්, තම තමන්ගේ ආගම වර්තමාන සමාජයට සුදුසු පරිදි සකස් කරන්න ඒ හැම ආගමකම නියෝජිතයන්ට වගකීමක් තියනවා. මේ සිදුවීම් අල්ලගෙන, වීරකම් පෙන්නන්නේ නැතුව සමාජයේ කාටත් යහපතක් වෙන පරිදි මේ ගැන කටයුතු කිරීමට දේශපාලඥයන්ටත් වගකීමක් තියනවා. (නි)
මේක අන්ධ භක්තියක්ද? (නි)
ආගම් පටලවාගෙන එකිනෙකාට බැන වැදිලා පලක් නැහැ. මෙතනදී අධිකරණයේ හැසිරීම තමා මේ පුවතේ ඇති කේන්ද්‍රීය වැදගත් කරුණ. මට සිවිල් පුරවැසියකු හැටියට නොතේරෙන දේ තමයි, මෙය විසඳීමට මෙම අධිකරණයට බලයක් නැත්නම්, ඉහල අධිකරණයකට යොමු නොකරන්නේ ඇයි කියන එක. (ස)
මෝඩ කතා අහන්න එපා මුබාරක් කාටවත් රටක් සල්ලි දීල ගන්න බැහැ. කොහොමත් තව කලකින් මේකත් මුස්ලිම් රටක් වේවි එතකොට මේකේ වෙන කිසිම ජාතියකට ජීවත් වෙන්නත් බැරි වේවි. ඉතිහාසය ටිකක් ඉගන ගන්න බලන්න එතකොට ගොඩක් දේවල් තේරුම් යාවි. (ස)
යම් කිසි උද්ගත වූ සිද්ධීයක් සම්බන්ධව නීතියක් නොමැති වන්නේ නම් අධිකරණය ඒ සදහා මැදිහත්වී නිර්මානශීලි කාර්ය භාරයක් ඉටුකරනු ඇතැයි අපි නීතියෙන් බලාපොරොත්තු වෙමු... ඒ සදහා අධිකරණය මින් පෙරද අවස්ථාවන් බොහෝමයකදී නිර්මාණ ශීලි නෛතික දායකත්වයක් සපයා ඇති බවද මෙනෙහි කරන්නෙමු . (ස)
දමිළ අයව ඔහොමම තමිල්නාඩුවට යවමු. (නි)
නීතියක් නැත්නම් කරුණාකර නීතියක් හදන්න. (නි)
ලංකාව බෞද්ධ රටක් මොන බිලි පුජාද
මුබාරක්, මේක බෞද්ධ රටක්. ඒකේ කතා දෙකක් නැත. ඒත් අපි එක පවුලක් වගේ ඉන්නේ අවම ගැටළුත් එක්ක. එතකොට සෞදි කියන්නේ දෙවියන්ට සල්ලි වලට දීපු එකක්ද? (නි)
ඇමතිතුමනි, 'කාලි', 'අකාලි' කරන දිනය පැමිණ ඇත. ඔබට ඒ පිනම ඇති ඇමතිතුමනි. (නි)
මොකද බලයක් නැත්තේ
අනේ මර්වින් ඇමතිතුමනි, ඔබ කොහේද? (නි)
ෂර්ෆාස් සහෝදරයා, ඔයාට හජ්ජි ගැන මගෙන් අහගන්න ඕනෑ නම් මම කියලා දෙන්නම්. එතන මරන්න ඉන්න සතෙක්ගේ මිලත් (බැටළුවෝ, එලුවෝ, ඔටුවෝ ) මම කියන්නම්.නිකන් සිංහලයා මෝඩයට අන්දන්න හදන්න එපා හරිද? ඔයාගේ ආගමේ සතෙක් මරණ විදිය වුණත් උගන්වනවා කියල මතක තියා ගන්න. (නි)
එලුවෙක් අල්ලගෙන දගලනවා බොරුවට. මේ රටේ වෙන ගැටලු ඇත්තේම නැද්ද? (නි)
ලොකුගේ, සිංහල බෞද්ධ කී දෙනෙක් මුස්ලිම් අයට ඉඩම් විකුණනවද? කෝ එතකොට සිංහලකම? (නි)
අනේ ඇමති තුමණි ‚ එළුවෝ කුකුල්ලු බේරගන්න බැරි නම් හරක් ටික වත් බේරගන්න. (ස)
චමින්ද ,මල්ලි බය වෙන්න එපා...එතුමා හැම දෙනාගැනම හිතා බලා කටයුතු කරන කෙනෙක්..(ස)
කවුරුත් කතාකරන්නෙ දෙවියන්ට පුදන මේ සුළු බිලි පූජාව ගැන. මිනිසුන් වෙනුවෙන් දවසකට සතුන් නී දෙනෙක් බිලි දෙනවද (ස)
නීතියෙන් බලයක් නැත්නම් අපි නීතිය අතට ගෙන මෙය නවත්වමු. (නි)
මෙතන තියෙන්නේ එකම ප්‍රශ්නයි. බෞද්ධයන් අනාත්මවාදී දහමක් අදහන අය වන අතර අනික් සියලු ආගම ආත්මවදී වෙයි. එනම් යම් දෙවියෙක් බ්‍රහ්මයෙක් මිනිසා ඇතුළු මේ ලොව මවා ඇත. මිනිසාගේ සුඛ විහරණය පිණිස සතුන් මවා ඇත.(මරාගෙන කෑමට). මෙරට වෙසෙන එක් ආගමික ජනතාවකගේ ආගමික භක්තියට හානි වෙනවා කියා ඩාවින්චි කෝඩ් නම් සිනමා පටය ලංකාවේ පෙන්වීම කාදිනල් තුමාගේ ඉල්ලීම පරිදි රටේ රාජ්‍ය නායකයා විසින් තහනම් කරන ලදී. එසේනම් බෞද්ධයාගේ පස් පවු වලින් පළමු පව වන ප්‍රාණඝාතය මෙසේ ප්‍රසිද්ධියේ අපහාසයට උපහාසයට ලක්වන විට රාජ්‍ය නායකයාගේ පටන් ඇමති මණ්ඩලය දක්වා සියලු දෙනා නිහඩව සිටීමෙන් පෙනීයන්නේ කුමක්ද? කාදිනල් තුමාට ඇති බලය අපේ මහනායක හමුදුරුවරුන්ට නැති බව කණගාටුවෙන් වුවත් පිළිගතයුතුව ඇත. (නි)
සේන කතා කරනවා ඇත්තෙ ජීවන වියදම ගැන වෙන්න ඇති. සේන බඩ ගැනම හිතන්නෙ නැතුව රට ගැනත් අපේ සාරධර්ම ගැනත් පොඩ්ඩක් හිතුවොත් නරකද? අපේ රටේ සිදුවන මේ සත්ව ඝාතන, නීති ගෙනත් ආණ්ඩුවට නවත්වන්න බැහැ. මේව නවත්වන්න පුලුවන් ජනතාවගෙ විරෝධයෙන් විතරයි. අපි යම් විරෝධයක් දක්වන්න හදන කොට වෙන වෙන කතා කියල අපේ විරෝධය වෙන පැති වලට හරවනවා. මේක එලුවෙක්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි, මේක බොදු උරුමය පිලිබද ප්‍රශ්නයක්. (නි)
අපේ මුස්ලිම් සහෝදරයන් නිකන් 'උම්බෑ' ගානවා. (නි)
කවුද ඔය කියන ඇමතිතුමා? (නි)
මස් කඩ වලට අනිවාර්යයෙන් බලපත්‍ර දෙන්න ඕනෑ. නැත්නම් අපේ කට්ටියට පාඩුයි. (නි)
හලාවත සතුන් මැරීමට මම විරුද්ධයි. හැබැයි මාළු මරනවට මම විරුද්ධ නැහැ. රට පුරා බාර් අරිනවාටත් මම විරුද්ධ නැහැ. ඒවා අපිට අදාල නැහැනේ (ස)
බණ කියන අයටත් මස්, මාලු වාරණය අනිවාර්යයි. (නි)
මේ අභිනව හරක් නිකායේ බැතිමතුන් හරක් මැරීම සම්බන්ධයෙන් මුස්ලිම් අපව ඉලක්ක කරගෙන පහර එල්ල කළාට අපි කලබල වෙන්න ඕනේ නැහැ. මොකද හරක් මරන්නේ මස් කන්නේ අපි විතරක්ම නෙවෙයි. ඔවුන් තමයි මුල් තැන සිටින්නේ. දීමට අවශ්‍ය වන්නේ හරක් පමණක් කියලා නැහැ. එළුවන් ද දිය හැකියි. යම් හෙයකින් එයද තහනම් කළොත් ඒ වගකීම ඉටු නොකර ගැනීමේ පවු අපට සිද්ධ වෙන්නේ නැහැ (මෙය මගේ පුද්ගලික මතයකි). කියන්න තියන්නේ පුළුවන් නම් කරලා බලන්න කියලයි. අන්තිම ප්‍රතිඵලේ මොකක්ද කියලා ඔවුන්ම දැන ගනීවි. ඔවුන් දඟලන්නේ ලෝකය කැරෙකන පැත්තෙන් ඔවුන් අනික් පැත්තට කැරකෙන්න. කවුද බලවතා? කවුද බුද්ධිමතා? කියා අන්තිම ප්‍රතිඵලයෙන් පෙනීයනු ඇත. (නි)
හැමෝම හොඳින් අහගන්න, මෙතන ජාතිවාදය අවුස්සන්න හදන්න එපා, බිලි පූජාව දෙන එක වෙන දෙයක්, මතක තියාගන්න, සිංහල, මුස්ලිම්, කතෝලික, හින්දු ඔය හෙමෝම මස් කනවා, කන්නැති උදවියත් ඉන්නවා, අවුරුදු 30ක යුද්දය ඉවරවුන විතරි තව එකක් පටන් ගත්තද?? (ස)
දාන වලට ආවහම හාමුදුරුවොත් මස් කන්නේ, සත්තු මරලා එපැයි ඒවා හදන්න. අනේ මන්දා, සත්තු මරන්න හොඳද? නැද්ද? (නි)
සත්ත්ව හිංසනය සඳහා දැනට තිබෙන පනත් කෙටුම්පත් අනුව ගවයා, එළුවා, කුකුළා අයිති නොවේ කියන්නේ ඇත්තක්ද? එම නීති වලට අනුව සත්ත්වයා නිර්වචනය කර ඇත්තේ ගෘහස්ත සහ අල්ලාගත් සතුන් පමණක් යනුවෙනි. එහි සඳහන් වන්නේ ඕනෑම කුරුල්ලෙක්, මාලුවෙක් සහ අල්ලාගත් උරගයෙක් පමණි. තවද සත්ත්ව හිංසනය සඳහා දඩය රු 100 සිට රු 200 දක්වා පමණයිලු. (නි)
ඒ බිලි පුජාවට සමාන සත්තු දිනපතාත් මරනවා, මස් කඩ ටික වහන්නේ නැත්තේ ඇයි ? මස් කඩ ටික වැහුවනම් ඉවරයිනේ (ස)
පුදුම වැඩක් නේ
ඇන්ටනී මහත්තයා, හොදට අහගන්න. අවුස්සන්න ජාතිවාදයක් නැහැ. නැගෙනහිර ඡන්ද ප්‍රතිපල වලින් පේනවා නේද කවුද ජාතිවාදී කියලා. අවුරුදු 30 ක් නෙමෙයි, අවුරුදු 500 කුත් අපිව යටත් කරගන්න යුරෝපා ජාති 3 කටම බැරිවුණා. ඔයා බය වුණාට අපි බය නැහැ. ඕවා කියලා බය කරන්නත් බැහැ. මෙතන තියෙන්නේ සිංහල බෞද්ධයාගේ අයිතිය, දැනට අවුරුදු 500 කට පස්සේ ඇතිවෙච්ච අන්‍ය ආගමිකයන් විසින් අයිති කර ගැනීමට විරුද්ධව ජනතාව විරුද්ධ වීම විතරයි. ඒකට විරුද්ධව කතා කිරීම උද්ඝෝෂණය කිරීම ජාතිවාදීද? (නි)
අපේ ඇමතිතුමනි, දැන් මෙය ඔබට භාරයි. (නි)
මස් කඩ වහනවා නම්, මාලු කඩයි, කරෝල කඩයි ඔක්කොම වහන්න. බොරු එපා මිනිසුනේ. (නි)
නයෝමි මහත්මිය, ඔබ "අපි අපි" කියා කියන්නේ සිංහලයින් කියලද? මට හිතෙන්නේ ඔයා ඉතිහාසය දන්නෙ නැහැ කියලා. කරුණාකරලා 6 වසර ඉතිහාසය පොත කියවලා බලන්න. නිදහස් සටන කළේ සිංහලයින් විතරද කියලා. අරුනාචලම්ලා, පොන්නම්බලම්ලා, සිට්ටි ලේබ්බලා කොව්චර හිටියද? ඔබලත් ශ්‍රී ලංකාවට ආවේ ඉන්දියාවෙන් කියලා මතක නැද්ද? විජය කුවේණි කතාව කියවලා බලන්න. මෙය ශ්‍රී ලංකාව අපි කාගේත් රටයි. කාටවත් තනි අයිතියක් නැහැ. ලංකාවේ ඉපදුන හැමෝම එක හා සමානයි. (නි)
නයෝමි මහත්මිය, ලංකාවේ රජකළ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉතිහාසය ගවේෂණය කරන අපට ඒ ගැන සාධකයක් හමුවෙයි. එනම් පණ්ඩුකාභය රජු (ක්‍රි.පු. 377-307) තම අගනුවර වු අනුරාධපුරයෙහි යම් යම් ඉඩම්, අගනුවරට පැමිණි පුර්ව ඉස්ලාමීය යුගයේ අරාබි වෙලෙඳුන් වු යෝනකයන් (මහාවංශය, X, පි.90) සඳහා වෙන් කළ බවයි. තවද අනුරාධපුර යුගයේ අගනුවර තුළ යවන (යොනුන් වාසය කළ) වීදි පවා තිබුණු බව ඉතිහාසයේ සඳහන් වේ. ඉතිහාසය මේ කියන දෙය ඇත්තක් නම් ලංකාවට පැමිණි විජය කුමාරයා සහ පිරිස මෙරටට ආ යුගයට පෙර හෝ ඊට පසු කාලයේ සිට අරාබිවරුන් මෙරටට පැමිණ මෙරට සමග ගණුදෙනු කරන්නට ඇත. ලංකාවට පැමිණි අරාබි ජාතිකයන් දේශීය මෙරට කාන්තාවන් සමග විවාහ වීම නිසා අරාබි සිංහල මිශ්‍ර දේහ ලක්ෂණ වලින් හෙබි සමාජයක් බිහිවන්නට ඇත. මෙම යෝනක සමාජයේ සිටි සමහර ස්ත්‍රීන් සිංහල රජවරුන්ගේ ආකර්ශනයට පාත්‍ර වුවා පමණක් නොව ඇතැම් සංදේශ කාව්‍යයන් කළ කවීන්ගේ වර්ණනාවට පවා පාත්‍ර විය. මේ නිසා අරාබිවරුන් මෙරට සමග ගණුදෙනු කළේ අද ඊයෙක නොවන බව සහ ඔවුන් විසින් මෙරට ජනාවාස කරගත්තේද අද ඊයෙක නොවන බව පැහැදිලිය. (නි)
මුස්ලිම්වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. එමනිසා “ගව මස් ” මුවාවෙන් මුස්ලිම්වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. “ගව මස් නොකනු” ව්‍යාපාරය සංඝයා වහන්සේලාත් බෞද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටෙහි පවත්වාගෙන යන්නේ මෙරටේ තිබෙන එකම පවත් (අකුසලයත්), එකම ප්‍රශ්නයත් එයයි යන හැඟීම ඇතිවදෝයි සිතේ. එයට එතරම් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇත. එසේම ඒ අයවළුන් විසින් එම ව්‍යාපාරය කරගෙන යාම පිළීබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. එහෙත් එතුළින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැණ වැදීම, චෝදනා නැගීම පිළිගත නොහැකිය. ශ්‍රි ලංකාවේ මස් මාංශ වෙළඳාම කරන්නේ මුස්ලිම්වරුන් පමණක් නොවේ. මුස්ලිම් නොවන බෞද්ධ, හින්දු හා ක්‍රිස්තියානි අයත් මෙම වෙළඳාම කරති. කරුණු කාරණා මෙසේ තිබියදී මුස්ලිම්වරුන්ට බැණ වැදීමෙහි තේරුමක් නැත. එපමණක් නොව, මුස්ලිම්වරුන් මස් කඩ දාපු පළියට බෞද්ධ ජනතාවට බලෙන් මස් කවන්නට ගියේද නැත. මුස්ලිම් වරුන්ගේ මස් කඩ නැති නිසාම බෞද්ධ ජනතාව මස් නොකා සිටින බව තර්ක කළ හැකිද? මුස්ලිම් නොවන විශාල පිරිසක් මස් කඩ පවත්වාගෙන යනවා නොවේද? (නි)
අප රටේ ධිවර අමාත්‍යංශයක් තිබේ. මාළු, කරවල, උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය. මේ හැර කුකුල් මස්, බිත්තර, එළු මස්, උරු මස්, අනුභව කරන්නෝද අති විශාල පිරිසකි. කුඹුරේ වැඩ ආරම්භ කළ දින පටන් හාල් ටික ගෙදර ගේනකම්, කෙතරම් කුඩා කෘමීන්, සතුන්, පණුවන් මැරෙනවද? මරනවද? මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ ඇයි? එළදෙන “කිරි අම්මා ” කියමින් සැවොම එළදෙනගේ කිරි බොති. කිරි අම්මාගේ කිරි ටික අයිති ඒ අම්මාගේ පැටියටයි. එය පැහැර ගැනීමත් වරදක් නොවේද ? මෙසේ බොහෝ කරුණු තිබියදී අප ඒ ගැන කතා නොකළේ බෞද්ධයන්ගේ සිත් රිදෙයිදෝ යන සැකයෙනි. එහෙත් දැන් දැන් ගවමස් වලට එරෙහි ප්‍රචාරය කරන විලාසය නුදුරු දවසක සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුමකට මුල් වෙයිදෝ යන තත්වයක් ඇති වූ හෙයින් කතා කරමු. යම් කෙනෙක් හෝ සමාජයක් යම් දෙයක්, පිළිබඳව දරන මතය එළිදරව් කිරීමෙහි කිසිදු වරදක් නැත. එය ඒ අයගේ අයිතියකි. එය සමාජය අතර ගැටුමක් ඇති කරයි නම්, එවැනි ගැටුම් ඇති කරන චේතනාවෙන්ම ප්‍රචාරය කෙරේ නම්, වන්නේ කුමක්ද? ගවයින් මරනවා වෙනුවට මිනිසුන් මැරීම නොවේද? එසේ කිරීම නිවැරදි බව කවුරුන් හෝ සිතනවාද? මෙරට මත්පැනට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත. රටේ අස්සක් මුල්ලක් නෑර, අරක්කු කඩ, රා තැබෑරුම් ඇත. මත්පැන් පානය කිරීමෙන් පවුල් දහස් ගණනක් විනාශ වී ඇත. මිනී මැරුම් ද සැමතැනම දක්නට ඇත. බෞද්ධ ජනයා මස් මාංශ නොකන කල මුස්ලිම්වරුන්ගේ මස් කඩ ඉබේටම වැසී යනු ඇත. ධීවරයිනුත් මුහුදට නොයනු ඇත. කුකුළු ගොවිපලවල්ද වැසී යනු ඇත. ඌරු කොටුද නැති වනු ඇත. (නි)
ඇන්ටනී මහත්තයා, ඔයා 6 වසරට වෙනකල්ද ඉතිහාසේ ඉගෙනගත්තේ. බොහොම මදි. මේක අපි හැමෝටම අයිති රට වෙන්න පුළුවන්. හොදටට මතක තියාගන්න මේ රටේ සැබෑ අයිතිකාරයෝ කවුද කියලා.පොන්නම්බලම්ලා, සිද්දේ ලෙබ්බේලා රට දකරගන්න උදවු කළේ වෙනත් අරමුණක් ඇතිව.(එක දැනගන්න ඕනෑ නම් ඉන්දියානු ඉතිහාසය ඉගෙනගන්න. ජින්නා කොහොමද ඉන්දියාවෙන් පාකිස්ථානය වෙන්කර ගත්තේ කියලා.).ඉන්දියාවෙන් ආපු කතාව ඔයාට හරි. ඒත් මට අනුව අපේ ආදීම මුතුන් මිත්තන් යක්ෂ නාග සහ රාක්ෂ.මේ රටේ නිදහස වෙනුවෙන් හැමදාම පෙනීහිටියේ සිංහල බෞද්ධයන් විතරයි. ඒකට උදාහරණ, පසුගිය අවුරුදු 30 ඇතුළත තියෙනවා. අන්‍යආගමික පුජකවරු කොහොමද ත්‍රස්තවාදීන්ට උදවු කළේ කියලා. මේ රටේ හැමෝටම තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්. ඒත් හැමෝම මතක තියාගන්නවා හොදයි, රටේ සැබෑම උරුමකරුවන් වන්නේ ජීවිත පරිත්‍යාගයෙන් වැඩකළ සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනය රැක ගැනීමට ලේ දහදිය හැලූ අය පමණයි කියලා. (නි)
නයෝමි මහත්මිය, ඔබතුමියට කිවුවේ හය වසර ඉතිහාසය පොත කියවන්න කියලයි. ඔබ එය වරදවා තේරුම් ගත්තේ ඔබේ බුද්ධියේ තරම අනුවය. එය සඳහා කිසිම දෙයක් මට කරන්න නොහැකිය, "තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලු" (නි)
අන්තෝනි මහත්තයා වැරදි ඉතිහාස පොතක් කියවලා තියෙන්නෙ. අන්තෝනි මහත්තයා කියන ව්දිහට මේ රටේ මුස්ලිම් ප්‍රජාව ඇති වෙලා තියෙන්නෙ අරාබියෙන් ලංකාවට ආපු වෙළදුන් සිංහල කාන්තාවන් හා විවාහ වීමේන්. ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන්ද අරාබි භාෂාව කතා කරන තාත්තා කෙනෙකුටයි සිංහල භාෂාව කතා කරන අම්මා කෙනෙකුටයි දෙමළ භාෂාව කතා කරන ළමයි ඉන්නෙ කොහොමද කියලා. ළමයෙක් භාෂාවක් ඉගෙන ගන්නෙ භාවිතයෙන්. ගෙදර භාවිතයේ නැති භාෂාවක් ළමයෙකුට කතා කරන්න බැහැ. අපේ රටේ මුස්ලිම්වරු කතා කරන්නෙ දෙමළ. මට පේන්නෙ අන්තොනි මහත්තයා 6 වසරෙන් එහාට ඉගෙන ගෙන නැහැ වගේ. කියවලා තියෙන ලොකුම පොත 6 වසර ඉතිහාසය පොත වගේ. (නි)
නයෝමි මහත්මිය, මා කථා කරන්න යන්නේ අමුතු මාතෘකාවක් ගැනයි. එනම් 'කැට්ල් ෆස්ට්' හෙවත් 'පළමුව ගවයා' වැඩ පිළිවෙළ ගැනයි. ඔබට මෙය උභතෝකෝටික මාතෘකාවක් වනු ඇත. නමුත් ඇත්ත තත්වය මෙයයි. ධර්ම දේශකයන් විසින් රටේ ජනතාව සුමගට ගැනීමෙහිලා ධර්මය දේශනා කළ යුතුය. අපරාධ මොනවාද? ඒ අපරාධ වල ආදීනව මොනවාදැයි පෙන්නා දිය යුතුය. නමුත් ඔවුන් මුල්තැන දී තිබෙන්නේ ඒ කිසිවකට නොව ගව ඝාතනය වැළැක්වීමටයි. (නි)
නයෝමි මහත්මිය, මේ ධර්ම දේශකයන්ට රට සුමගට ගැනීමට අවශ්‍යව ඇත. ඒ සඳහා ඔවුන් උත්සාහය ආරම්භ කරන්නේ ගව ඝාතනය නැවතීමට උත්සා දැරීම මතිනි. අනික් අතින් සමහරුන්ට අවශ්‍යව ඇත්තේ නිර්මාංශ වලට ජනයා පුරුදු කිරීමයි. ඒක පටන් ගන්නේත් ගවයා මුල් කරගෙනය. ඒ නිසා මම මේ සංකල්පයට 'කැට්ල් ෆස්ට්' කියා දැමුවෙමි. (නි)
බෞද්ධයන් විශාල පිරිසක් පන පිටි පුලුස්සා,වස විස වල තම්බා කකුල් අත් කඩා, අවි වලින් ඇන මරා දමන්නේ උපදින්නටත් පෙරයි.බෞද්ධ මවුකුසවල උපදින්නේ පවු කළ අයද? ගබ්සා වලින් 90%ක්ම බෞද්ධ කළලයි. භික්ෂූන් වහන්සේලා දන් වළදමින් තුෂ්ණිම්භූතව සිටිනවා. අපේ රටට තියෙන ලොකුම ප්‍රශ්නේ ගව ඝාතනයලු. අනෙක් අතට මිනිසුන් මැරීම ගැන, පාතාලය, මහජන මුදල් නාස්තිය, හොරකම, දූෂණය ගැන කිසිම කතාවක් නැහැ. මම මේ ගැන ගමේ දන්පින් කරන කෙනෙකුගෙන් ඇහුවා. එයා කීවේ ඒ මොනවා තිබුණත් කමක් නැහැ ගව ඝාතනය එපාලු. මේ රටේ මිනිසුන්ගේ ගව මානසිකත්වය පාලකයන් දන්නවා. කුඩු විකුණන අයපවා ගව ඝාතනයට එරෙහි වන්නේ ඉන් කලු සල්ලි සුදුකරන ලෙසින් තම පවු සෝදා ගැනීමටයි. ප්‍රභාකරන් මෙතරම් අපරාධ කරලා ඉස්සරහට ඇවිත් කිවුවානම් මම මිනීමරනවා හැබැයි මට පෙන්නන්න බැරි ගව ඝාතනයයි කියලා.එහෙම වුණා නම් මේ රටේ ගවයො ප්‍රභාකරන්ට ජනාධිපතිකමත් දෙනවා. (නි)
මේ පැත්තේ තියෙනවා බාර් එකක්, එකේ ඉස්සරහ බෝඩ් කෑල්ලක් ගහල තියෙනවා ‘ ලබන වෙසක් පෝය වෙනුවෙන් මරන්න සිටින ගවයෙක් බේරා ගන්න ඔබත් දායක වන්න’ කියලා. කැටයකුත් තියලා තියෙනවා. සුරාමේරය මජ්ජපමා….. සීලය කඩලා ඒකෙන් පානාතිපාතා වේරමණී….. ශික්ෂාපදය රකින්ඩ ලු එහෙම කරන්නේ. (නි)
අන්වර් සහෝදරයා, මගේ පුද්ගලික අදහස නම් ගව මස් කන්න සල්ලි තියෙන කට්ටිය ගව මස් කනවා. නැති කට්ටිය වර්ජනය කරනවා. නොමිලේ ගව මස් ග්‍රෑම් 500ක් බෙදුවොත් නොකන මිනිහත් ගව මස් අනිවාර්යෙන් කනවා. “ගව මස් නම් මුස්ලිම්” හරියට “ත්‍රස්තවාදය නම් ඉස්ලාම්” වගේ. එතකොට ඔය මහා පරිමාණයෙන් සතුන් මරන මස් කඩ කොළඹ විතරක් ශාකා කීයක් තියෙනවද? (නි)
නයෝමි මහත්මිය, ගවයාගෙන් පුළුවන් තරම් කිරිත් අරගෙන, වැඩත් අරගෙන, ප්‍රයෝජනයක් නැතිවෙනකොට මසට විකුණන බෞද්ධයන් ළඟට ගිහිල්ලා විකුණන්න නොදී අරගෙන, ඔහේලගෙ ගෙදර ඒ ගවයා මැරෙනකම් තියාගන්න පුළුවන්නේ. මස් කඩේටම ගිහිල්ලා ඉතා ලොකු මුදලක් දීලා මොකටද කරදර වෙන්නේ. අයිතිකාරයාගෙන් හරකා නිකන් ඉල්ලන්න ගියාම ගුටි කන්නයි වෙන්නේ. අනෙක ගවයාගේ පිට දාලා මුදල් එකතු කරන්නත් බැරිවෙනවා. කඩකාරයත් ගවයෙක් අහුවුණොත් ඔයවගේ මෝඩයෝ එනකම් බලාගෙන ඉන්නවා මස්කරලා විකුණුවාට වැඩියෙන් ලාබයක් ගන්න. කිරි දුන්නා කියල හරකට ඔච්චර ආදරේ කරන්නේ , ඔබ දන්නවාද අද ලංකාවේ මව්වරු කීදෙනෙක් තමන්ගේ ළමයින් විසින් ඝාතනය වෙනවාද කියලා? පාරට එළවලා දානවද කියලා? අද ලංකාවේ වැඩියෙන්ම මහලු නිවාස තිබෙන්නේ කා වෙනුවෙන්ද කියලා? ඒ නිවෙස්වල 99% ඉන්නේ බෞද්ධ අම්මලා කිවුවොත් බොරුද? ඔයාලගේ ඔය හරකා කෙරෙහි තිබෙන කරුණාව තමන් හදා වඩාගත් දෙමවුපියන්ට නැත්තේ මොකද? හරකාට හා බෞද්ධයාට ලංකාවේ ජීවත් වෙන්න තිබෙන සම අයිතිය දෙමළ, මුස්ලිම් හා ක්‍රිස්තියානි අයට නැහැ කියලද ඔබලා කියන්නට එන්නේ. දැන්වත් ඔය මෝඩ නාඩගම් නවත්වලා දාලා බෞද්ධාගම තේරුම් අරගෙන බෞද්ධයෙක් හැටියට ජීවත්වෙන්න බලන්න. (නි)
ඇන්ටනී මහත්මයා, ඔයා කඩේකට ගිහින් ගනුදෙනු කළ පළියට ඔයාට පුලුවන්ද ඒ කඩේට අයිතිවාසිකම් කියන්න? ඒක ගනුදෙනුවක් විතරයි. නමුත් අරාබි වෙළෙන්දන්ට මෙරටේ නවතැන් පහසුම් සැලසු අපේ පැරණි රජවරු එසේ නවාතැන් දුන්නේ එක කොන්දේසියකට යටත්වය .එනම් සම්බුද්ධ ශාසනයට යහපතක් වෙනදේට පමණක් ඔවුන් කොන්දේසි විරහිතව සහයෝගය දැක්විය යුතු බවට වන නියෝගය සහිතව බව ඔබ නොදන්නා නමුත් බොහෝ ලාංකිකයන් දන්නා බව අමතක කරන්න එපා.ඔබට තියෙන ලොකුම ප්‍රශ්නය ලංකාව පුරා විසිරී ඇති බුද්ධ සිද්ධස්ථාන හා නටඹුන් බව මෙයින් සිංහල බෞද්ධයන් වටහා ගත යුතුව ඇත. (නි)
පුදුම රටක්නේ
කරුණාකරලා මේ බිලිපූජාව අපිට සජීවීව නරඹන්න පුලුවන් ටීවී නාලිකාව මොකක්ද කියලා කියනවද? (නි)
මගෙන් මොකුත් අහ ගන්න එපා
සත්තු මරන්න ඉඩ දෙන්නෙත් නැහැ
අපේ ගරු ඇමතිතුමනි, දැන් අපේ වාරයයි. නීතියට කොන්ද පණ නැතිවුණාට අපිට එහෙම නැහැ. නීතියට වඩා මනුස්සකම තියෙන්න ඕනෑ සමාජයක පැවැත්මට, ඒකට කියන්නෙ අවනීතිය කියලා නොවෙයි. අපි එකතු වෙමු. රටම එනවා ඔබේ පසුපසින් එක පෙළට. හැබැයි මරාගෙන මැරෙන්න නෙමෙයි. ජීවිත බේරාගන්න. මේ පිංකමම ඇති ඇමති තුමනි, ඔබට නිවන් දකින්න. හදවතට ඉඩදෙන්න. අද උසාවි නීතිය නැති තිරිසන් සතුන් වෙනුවෙන් අපි එකාවන්ව දැනුවත් වෙමින් පෙළගැහෙමු. අහිංසක සත්ව සමූල ඝාතනයකින් මේ බිම අපිරිසිදු නොකරමු. මේකත් මතක තියාගන්න හොඳට. ඊළඟ ආත්මයේදී ඔය සතුන් මිනිස්සු වෙලා, ඔය උල්පන්දම් දෙන අය තිරිසනුන් වෙලා එන දවසකුත් ඇති බව මේ අයට දැනේවා! (නි)
දැන් කතා ඇති. කවදාහරි දවසක එළුවන් 'හා' කියපු දවසට ඕක කරලා දාමු. (නි)
අන්තෝනි, කිරි අම්මාගෙන් කිරි බීමට වඩා කොතරම් දරුණුද ඇයව පසුව මස් කඩයට යැවීම. කළ ගුණ දත් බෞද්ධයන් ඇයව මස් කඩයට නොයවා බේරා ගැනීමට බොහෝ වෙහෙසෙති. අපේ රටේ ආගමික නිදහස ලෝකයේ සෑම ඉස්ලාමීය රටකටම වඩා ඉදිරියෙන් තිබේ. වෙනත් ආගමක් ඇදහීම තබා පුජනීය වස්තුවක් ළඟ තබා ගැනීම පවා ඒ රටවල දඬුවම් ලැබිය හැකි වරදකි. දැන් එතකොට, මේ බෞද්ධ ජනයා මස් කන නිසා තමයි මුස්ලිම්වරු මස් කඩ පවත්වාගෙන යන්නෙ. ඔබගේ මතය අනුව බෞද්ධ ජනයා මස් කන එක නැවැත්වූ කළ මස් කඩද ඉබේ වැසේ. එතකොට, මස් අනුභව කරන මුස්ලිම්වරු නැද්ද රටේ? ඔවුන්ට මස් සැපයුම ලබා දෙන්නේ අරාබියෙන්ද ඊට පස්සේ. (නි)
බොහොම හොඳයි සහෝදරවරුනි, සහෝදරවරු, මස් කන එක නවත්වන එක බොහොම හොඳ වැඩක්. එහෙත් මස් කන එක නවත්වන්න පුලුවන්ද? මුලින්ම පටන් ගන්න තමන්ගේ පවුලෙන්, ඉන්පස්සේ තමන්ගේ ජාතිය, ආගම, සමාජය, රට. ඔන්න ඔය රට කියන කෑල්ලට තමයි අපි (අනෙකුත් ජාතින්) අයිති වෙන්නේ. ඔයගොල්ලෝ නැවත්තුවට පස්සේ අපි කන එකත් නවත්වනවා අනිවාර්යයි. මොකද එතකොට තමයි අපිටත් හැඟෙන්නේ අපි ජීවත් වෙන්නේ බෞද්ධ සමාජයක කියලා. ඔයගොල්ලෝ, ගවයා හැරෙන්න අනෙක් ඔක්කොම කුණු කාලා ගවයා මරන් කන එකාගේ මස් කන්න හදන එක හරි නැහැ. ඔයගොල්ලන්ගේ ආගමේ කියන දේ පිළිපැදලා අනික් මිනිස්සුන්ට ආදර්ශයක් වුණහම, එය හොඳ ආදර්ශයක් වෙනකොට අනෙක් මිනිස්සු ඉබේම ඒ දේවල් පිළිපදින්න පටන් ගනී. ඒ හැරුණුකොට, අනුන්ගේ දේවල් විතරක් නවත්තන්න හදන එක හරි බෞද්ධක්ගේ වැඩක් නෙමෙයි. මම දන්නා බෞද්ධයා කොන්ද පන තියෙන විරුවෙක්. බෞද්ධයා පහනක් වගේ, එක පහනකින් තවත් පහනක් දල්වන්න පුළුවන්. එහෙත් නිවිච්ච පහනකින් තවත් පහනක් දල්වන්න බැහැ. (නි)
අනේ හරකාට දෙන වධ, මේ ගොල්ලෝ කියන්නේ උදේ පාන්දර මේ ගොල්ලෝ නැගිටින්නත් ඉස්සර හරකා නැගිටලා වැඩ කරන්න ලෑස්තිවෙලා ඉන්නවා වගේ. ඌව මඩුවෙන් එළියට ගත්ත මොහොතේ ඉදන් මැරෙන දවස වෙනකල් දුකෙන් ජීවත් වෙන්නේ. මෙච්චර කාලයක් නොතිබුණු කරුණාව අන්න, මුස්ලිම් මිනිහගේ කඩේට ගියහම පහළ වෙනවා. ක්‍රිස්තියානි නැත්නම් බෞද්ධ කඩකාරයෙකුට අහුවුණොත් ඒ කරුණාවත් නැහැ.මේක තමයි කිරිඅම්මාටයි තාත්තාටයි සලකන ආකාරය. මෙන්න අන්තවාදීන්ගේ හරක් කරුණාව. තමන්ට ප්‍රයෝජනයක් තිබේ නම් පවු, ඌට පන තියන සතා කියනවා. එළුවෝ, කුකුලෝ, ඌරෝ, මාළුවෝ බලෙන් වැඩගන්න බැරි නිසා ඔවුන්ට පන තිබුණට කමක් නැහැ, මරුවාට පවුත් නැහැ. පුදුමයි ඒත්, ඇත්තයි. (නි)
ආගමික ප්‍රශ්න වලට අපිට බලපෑම් කරන්න බැහැ
අන්තෝනි මහත්තයා, කරුණාකර මම අහපු ප්‍රශ්නයටත් උත්තරයක් දෙනවද? මම මේ දන්නෙ නැති නිසයි ඇහුවෙ. නොදන්න කෙනෙකුට දන්න දෙයක් කියලා දෙන එක හොද දෙයක්නෙ, නේද? (නි)
"ඔයගොල්ලෝ නැවත්තුවට පස්සේ අපි කන එකත් නවත්වනවා අනිවාර්යයි." මසුරන් කියමනක්නේ අන්තෝනි මහත්තයෝ, අන්න එහෙම එන්නකෝ. හොඳයි එහෙමනම් දැන් අපි පටන් ගමුද ගවයාගෙන්? (නි)
ලංකාවට අරාබිකාරයො ආවේ ක්‍රි.පූ. යුගවල වෙළඳාමටයි. මුස්ලිම් ආගම කියලා එකක් පටන් ගන්නේ ක්‍රි.ව 150 වගේ කාලෙක. ඊට පස්සෙ අරාබි කාරයො ආවෙ වෙළඳාමට විතරක් නෙවෙයි. ආගම් ප්‍රචාරයටත් එක්කයි. සමහර මුස්ලිම් අය කිවුවට අර රජ්ජුරුවො ඉඩ දුන්නා, මේ රජ්ජුරුවො ඉඩ දුන්නා කියලා ඉස්සර ඉඩ දුන්නේ වෙළඳාමටයි. පසු කාලීනව ආගමත් යටින් ප්‍රචාරය කළා. අද අපේ රටේ නායකයින්ට වෙලා තියෙන්නෙත් 'අන්තර්ජාතික බලපෑම්'. මේවා එක රැයින් තහනම් නොවෙන්නේ ඒ නිසයි. 2/3ක් තියෙන ආණ්ඩුවකට, මේවා බැහැයි කියන්නේ විහිලුවක්. මිනීමරලා මතක නැහැ කියන කාලේ, 2/3ක් තියන් නීති හදන්න බැහැ කියන එක ගැන 'සිංහලයන්'ට කණගාටු වෙන එක විතරයි දැන් කරන්න තියෙන්නේ. (නි)
ඔය ඉස්ලාම් කියන අය වෙන රටවල් වලට ගිහින් 'ක්ලබ්' යන එක ගැන දන්නවාද? අරාබියේ සල්ලි තියෙන අය මොන්ටෙරො වගේ වාහනවල කාන්තාරෙට ගිහින් බීලා පිස්සු නටලා ඉරිදාට ආයෙ වැඩට එනවා. ඒත් ඉස්ලාම් තද නීති තියෙන රටවල් මේවා. ඉස්සෙල්ලා බෞද්ධ අය මස් කන එක නවත්තන්න කියලා කියන්නේ, ඕක කුහකකම. බිලි දීමයි, ආහාරය පිණිස සතුන් මැරීමයි කියන්නේ දෙකක්. මුස්ලිම් අය කොළය වහලා ගහන්නේ ඔන්න ඔතනදීයි. එයාලත් කරන්නේ, හජ්ජි කියලා, ආබ්‍රහම් පුතා වෙනුවට සතෙක්ව 'බිලි පූජා' කරපු එකයි හරකෙක් ගෙනල්ලා බිලි පූජා කරන්නේ. මුස්ලිම් අයට ආගමෙන්ම 'අල්-ටකියා' කියලා ආගම වෙනුවෙන් බොරු කියන්න අවසර තියෙනවා. සිංහල අය රැවටෙන්න එපා. මම ඉස්ලාම් අත් හැරපු කෙනෙක්. (නි)
අනේ කිසිම පඩිවරයෙක් නැද්ද මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න? (අරාබි භාෂාව කතා කරන තාත්තා කෙනෙකුටයි සිංහල භාෂාව කතා කරන අම්මා කෙනෙකුටයි දෙමළ භාෂාව කතා කරන ළමයි ඉන්නෙ කොහොමද?) (නි)
සත්තු මරන්න ඉඩ දෙන්න එපා ඒ විශාල පවක්
මෙහෙමයි සනුල් වෙන්න ඇත්තේ, අරාබි තාත්තායි සිංහල අම්මයි තමන්ගේ දරුවන්ට උගන්වන්නේ මොන භාෂාවද කියලා ඇති කර ගත්ත ප්‍රශ්නය කෙළවර වෙන්න ඇත්තේ දෙමළ භාෂාව ඉගැන්වීමේ සම්මුතියකින්. (නි)
සත්තු මරන්න අයිතියක් නැහැ
පව්. අහිංසක සත්තු (දී)
සත්තු මරණ එක නවත්වන්න බලයක් තියෙනවනේ (දී)
දකුණේ උපන් එඩිතර මන්ත්‍රීතුමනි, මේ ඔබගේ වාරයයි...(ස)
මේක දෙවියොම විසදාවි..!!(නු)
ඇමතිතුමා ඔබට හැම දෙනාම පිං දෙයි මේ වැඩේ කොහොම හරි නතර කරන්න.. අපි ඔබ සමගයි..!!(නු)
මම බක්තියෙන් කාලි මෑනියන් අදහන කෙනෙක්. නමුත් ඔය බිලි පුජාව පවු වැඩක් වෙන්න පුලුවන්. නමුත් .............. කාලයක් පැවති සම්ප්‍රදාය වෙනස් කරන්න ඕන නෑ නේද? එහෙම කරල දුක් විදින්න ඕන නෑ නේද?(නු)
ජමාල්...තම ආගම පාවා දෙන්න එපා. මැරුනත් උපන් ආගම පාවා දෙන්න එපා. (නු)
සත්තු මරන එක නවත්තන්න පුලුවන්නම්, ඇයි හරක් මස් කඩ මුලින්ම වහන්නෙ නැත්තේ? දෙවියන් එක්ක හැප්පෙන්න එපා. හැප්පිලා දුක් විදින්න එපා. මොන දේ වුණත් තාම උඩ දෙවියො කියල ජාතියක් ඉන්නවා. කට්ටිය විදවනකොට ඒක බලා ගන්න පුලුවන්. මම කියන්නෙ මුලින්ම හරක් මස් කඩ වහල දාලා, මේ සිල් රෙදි පොරොවගන්න. ඒක හොදයි නේද? (නි)
රජ කම් කලත් ටික කාලයයි. තාමත් දෙවියො ඉන්නව. බලන්න පුලුවන් කාට කාටත්. කවුරුත් විදවන හැටි....(නු)
දෙවියන් වහන්සේ විසින් මුස්ලිම් ආගමට හරකා ,හින්දු ආගමට එළුවා කතෝලික ආගමට ඌරා බිලි පුජා සදහා මවා ඇත. දෙවියනි ඔබ කොහිද? (නි)
නිශාන්, මාංශ භක්ෂක දෙවිවරුන් මොන ලෝකයේද ඉන්නේ? කාලි මෑණියෝ සත්තු මරන්න කියනවා නම් එයා පෙරේතයෙක් හරි යක්ෂයෙක් හරි වෙන්න ඕනෑ. දෙවිවරු රකින්නේ පන්සිල් රකින මිනිස්සු විතරයි. ඔය කියන විදිහට කාලි මෑණියෝ ගොඩක් කැමතිවෙයි ඔය පුජාව කරන්න ඕනෑ කියන නරයො ටිකකුත් බිල්ලට යැවුවා නම්. (නි)