හලාවත මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජාව සැපැතැම්බර් 16 වැනිදාට පසුව පවත්වන බව එහි පූජකවරු පවසති. කපිලවස්තු ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනය අවසන් වනතුරු බිලිපූජා නොපවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අනුව බිලි පූජාව සෙනසුරාදා නොපැවැත්වීමට ප්‍රධාන පූජකවරයා එකඟ විය. මේ දිනවලද බාරවලට ගෙන එන එළුවන් බාරගැනිමේ වරදක් නැතැයි පූජකවරු කියති.ඒ අනුව බිලිපූජාවට ගෙන එන සත්තුන් බාර ගැනෙති. වරකට එළුවන් 200කගේ පමණ බෙලි කපා බිලි පූජාව සිදුකැරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නිශාන් සමග එකගයි. (නි)
බෞද්ධ රටක් වෙලත් මේ වගේ දේවල් සහමුලින්ම නවත්වන්න නොහැකිද? (නි)
කරුණාකර ඔය කාර්යය ස්ථිරවම නවත්වන්න (නි)
පින වැඩි නිසාද? (දී)
හැම පොලිසියම බණ දහමට අනුව වැඩ කරන, ධර්මිශ්ඨ පාලකයන් ඉන්නා මෙවන් රටක.... අනේ මන්දා! (නි)
එහෙමනම් එල්ලුම් ගහත් ක්‍රියාත්මක කරන්න. (නි)
මර්වින් මහත්තයෝ මොනවා හරි කරන්න (දී)
අපේ මිනිස්සු අග මුල පටලවාගෙන. ලෝකේ ආගම් තියෙන්නේ කිහිපයක් විතරයි. ඒ කිසිම එකක බිලිපුජා අනුමත කරන්නේ නැහැ. මේ කරන්නේ යක්ෂන් පිදීමක්. අපේ රටේ නීතිය ලිහිල් වැඩියි, මේ වගේ ම්ලේච්ඡ දෙයක් නවත්වන්න. (නි)
සියළු ආගමික කටයුතු වලට අවශ්‍ය නිදහස ලබාදිය යුතුයි (නි)
ලංකාව තවමත ඉන්නේ ම්ලේච්ඡ යුගයක බව දැන් මුලු ලෝකයම දැන ගනීවි. (නි)
අපරාදේ ඉස්සෙල්ල බිලි පුජාව කරන්න තිබුනා (දී)
සත්‍ය වටහා දීම තුළින් මෙවන් ක්‍රියා නැවැත්වීමට කටයුතු කළ යුතුයි. (නි)
ඔය බිලිපුජා කරන්නේ ම්ලේච්ඡ යක්ෂන්. (නි)
දිලංක , දකුණෙත් මේවාගේ කෝවිලක් තිබුණනම් මුලින්ම බෙල්ල කපන්නේ පුසාරියගේ අපි (ස)
නිවුණූ ගිනි නැවතත් පත්තු කරන්නද හදන්නේ? (නි)
ඔය මරන සතුන් වෙනුවට තමන්ගේ අඹු දරුවන් බිල්ලට දුන්නා නම් මීට හොදයි කියලා හිතෙනවා. (නි)
අපේ රටට හොදක් වෙයිද ඉතින්? (දී)
දිලංක . මේ වගේ කෝවිලක් දකුණෙ තිබුණනම් පරිස්සම් වෙලා ඉන්න වෙනවා...!!(නු)
මාලු කන්න එපා. අපි කන එක වේලකට හාල්මැස්සන් කී දෙනෙක් ඇතුළත් වෙනවද? ඒවාත් ප්‍රාණයන් නේද? (නි)
ඉස්සරහ කලත් පස්සසේ කලත් පව් පව්ම තමා (දී)
බිලි පූජාවෙන් ලැබෙන ආනිසංස මොනවද? (නි)
ලොකුම බිලි පූජාව තියෙන්නේ ක්‍රිස්තියානු ආගමේ. (නි)
බුදු දහම බිහිවූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වනවිට භාරත දේශයේ මහාපරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුනේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරුකළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මක විය. මේ අතර ෂඩ් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සාම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කල දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්‍ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ. දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්තවී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙලා දැකීමට ඉදිරිපත් වූ බවක් පිළිබඳව කිසිම සඳහනක් පිටකයන්හි නොමැත. (නි)
රිෂාන් තාම උරු මස්කනවද ..... (දී)
ෆීරෝස් ඔබ වගේ ඌරන්ට ඔබෙ දෙවියෝ 100% පින් ලබා දෙවි.පුළුවන් නම් ඉදිරිපත් වෙලා දෙවියන් සතුටු කරන්න බලන්න. (ස)
ෆිරෝස් වගේ අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. (නි)
මෙයාලා මස් රාත්තලමනේ ඉල්ලන්නේ. (නි)
අන්තෝනි පෙර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එක ගමක මේ වගේම ගවයන් 500 ක් මරා බිලි පුජාවක් කිරීමට එක බ්‍රාහ්මණයෙක් සැරසුනා. ඉතින් ගමේ අහිංසක මනුස්සයෙකුගේ ගව රංචුවක් මේ බ්‍රාහ්මණයාගේ අතවැසියන් බලෙන්ම අරන් ගියා. තමන් ආදරයෙන් රැක බලාගත්, තමා පෝෂණය කළ අහිංසක ගවයන්ට අත්වෙන්නට යන ඉරණම ගැන ඉතා දැඩි විස්සෝපයට පත් මේ මනුස්සයා පාර දිගේ හඩමින් දිව්වා. මොහුගේ පෙර පිනකට ඒ මග වඩිමින් හිටියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාන්තාරයක හමුවුන නිල් දිය දහරක් වගේ මේ දර්ශනය මේ මනුෂ්‍යයාට මහා අස්වැසිල්ලක් වුණා. සම්බුදුරජාණන් වහන්සේගේ සිරි පා මුල වැටී නළල අතුල්ලමින් , මේ පුවත හඩමින් කියා සිටියා. බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍යය කැටුව, ඒ බිලි පුජාව කරන්න සුදානම් කරන තැනට වැඩියා. බුදුරැස් විහිදමින් එම භූමියට වැඩි හස්තියෙකු මෙන් වැඩසිටි බුදුරජාණන් වහන්සේගේ පැමිණීම දුටු මේ බමුණන් කලබලයට පත් වුණා. " බමුණ, මේ කුමක්ද කරන්න සැරසෙන්නේ?" බුදුරජාණන් වහන්සේ විමසුවා. "ස්වාමිනි අපි මහා බිලි පුජාවක් දෙවියන් වෙනුවෙන් පවත්වන්න සැරසෙනවා " කියා ඔවුන් කිවුවා. " බමුණ මෙයින් අත්වෙන වාසිය කුමක්ද ?" බුදුහිමි විමසුවා. "ස්වාමිනි, මෙය චිරාත්කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු චාරිත්‍රයක්, දෙවියන් සතුටු කොට අපේ ජීවිත සැපවත් කර ගන්නයි කරන්නේ, මේ නිසා මරණින් මතු දෙවියන් හා එක් විය හැකියි" බමුණන් කියා සිටියා. "බමුණ එතකොට මේ බිලි පුජාව සදහා මීට වැඩ වටිනා සතුන් යොදා ගත්තොත් , ඔබලාට මීටත් වැඩ සැප සම්පත් දෙවියන් දෙයිද?" ' ඔව් ස්වාමිනි, මීටත් වැඩිය හොදයි" "බමුණ වඩා වටින්නේ මේ ගවයන්ද, සම්බුද්ධ වන මමද?" - "අනේ ඔබ වහන්සේ මේ ගවයන්ට වඩා කොතරම් වටිනවාද" "එසේනම් බමුණ , සිතන්න මේ ගවයන් බිලි දීමට වඩා, ඔබ ඉදිරියේ මේ ඉන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිලි දීම වඩා සුදුසුයි නේද"? බමුණා නිරුත්තර විය, කෙල සිදී ගියේය. බිම බලා ගත්තේය. " එතකොට බමුණ, මේ මැරෙන සතුන්ට මොකද වෙන්නේ?" බුදුහිමි විමසා සිටියා. "ස්වාමිනි ඔවුන්ට මහා ලාභයක් ලැබෙනවා, ඔවුන් කෙලින්ම දෙවියන් සමීපයට යනවා" " එහෙමද, බමුණ, ඔබ ඔබේ ළමයින්ට ආදරේද?" , - "අපොයි ගොඩක් ආදරය කරනවා", "බමුණ , එතකොට ඒ අයට මහා ලාභයක් ලැබෙනවාට ඔබ කැමතිද?" - " ඔව් ඔව් ස්වාමිනි මොකද අකමැති, මහා ලාභයක් ලැබෙනවානම් කැමතියි " "බමුණ , ඉතින් මේ ගවයන්ට ලාභයක් අත්කරදෙන වෙලේ , ඔබේ දරුවන් මෙයට යොදාගෙන ඔවුන් දෙවියන් ගාවට යවන්න ඔබ අකමැති ඇයි?" බමුණට කර කියාගත නොහැකි විය, "අනේ ස්වාමිනි , මට දැන් වැටහෙනවා" කියමින් බුදු සිරිපා මත අද වැටුනේය , "බමුණ මෙවන් බිලි පුජා වලින් ඔබට සෙතක් වෙනබව උගන්වන්නේ ඔය බමුණු පුජකයන් නොවෙයිද, ඔවුනුත් ඔවුන්ගේ පවුල්වල අයත් මේවට බිලි නොවී නිරුපද්‍රිතව මින් යැපෙනවා නේද?" ඔහු ගවයන් සියල්ල නිදහස් කළේය . " ස්වාමිනි මම අද පටන් මගේ මුළු පවුල පිටින්ම මේ අකුසල් සීල වෘත අතහැර දමා , ඔබ වහන්සේ සරණ යනවා, සාදු සාදු" (නු)
බිලි පූජාවට ඌරන් නැද්ද? (නි)
මෙක මේ අදක ඊයෙක වුන දෙයක් නෙමෙයි නේද.මේක පාපකර්මයක්ම තමයි.ප්‍රශ්නය තියෙන්නෙ මෙපමන කාලයක් මෙය දැකලත් ,දුටුවෙ නැති ගානට ඉවත බලා සිටීමයි.අපට ඕනෑම ප්‍රශ්නයක් විසදා ගන්න නිවැරදි ක්‍රම සහ විධි තියෙනවා. (නි)
කප්පම් නැති හින්දනේ ඔක්කොම
අද මිනිසුන් විසින් සිය ප්‍රයෝජනය පිණිස ගනු ලබන ජීවින් ගණන මෙතෙකැයි ගණනය කල නොහැකි තරම්ය. කුඩා ක්ෂුද්‍ර ජීවියාගේ සිට විශාල සත්වයන් දක්වා මිනිසාට විවිධ වූ ප්‍රයෝජන ලබා දෙයි. මේ සියල්ල ඉස්ලාමයෙන් අනුමත නොවුවා නම් මුස්ලිම්වරයාට අද සිදුවන්නේ වතුර වීදුරුවක්වත් උණුකර නොබී ඉන්නටය. එතරම් ප්‍රායෝගික නොවන දෙයක් මිනිසාට පැනවීමට දෙවියන් හට ඇත්තේ මිනිසුන්ට ඇති දැනුම නොවේ. ශාක යනුද ජීවින්ය. ඔවුන්ටද හැඟීම් දැනීම් වේදනා ඇති බව දැන් සොයා ගෙන ඇත. ඉස්ලාමය අපට නිකරුණේ ශාක වුවද කපා කොට නොදමන ලෙස කියන්නේ ඒ නිසාය. අවශ්‍ය මොහොතකදී පමණක් ප්‍රයෝජනයට ගත හැක. එසේ නොකර නිකරුනේ ගස් කොළන් විනාශ කර දමන්නවුන්ද ඔවුන්ගේ ක්‍රියාවන්ට වගකිව යුත්තෝ වෙති. සියලු ආකාර ජීවින් මගින් කිසියම් ප්‍රයෝජනයක් ඇත. එම ප්‍රයෝජනය කුමක්දැයි විචාර බුද්ධිය ලබා ඇති මිනිසා කල්පනා කර සොයා ගත යුතුය. ලොවෙහි යහපත හා අයහපත ඇත. අයහපතින් බේරීමටත් යහපත ඒ ලෙස දැක ජීවිතය නොවිඳවා විඳින්නටත් මිනිසාට හැකියාවක් ඇත. (නි)
සත්ව කරුණාව වනාහී අද බොහෝවිට ඇසෙන්නට ලැබෙන කාලින මාතෘකාවකි. සැබවින්ම සතෙකුට පමණක් නොව ලොව ඇති සියලු ජීවින්ට අපි කරුණාව දැක්විය යුතුය. මෙය සාධාරණව සිතා බලන ඕනෑම කෙනෙකු පිළිගන්නා දෙයකි.පොදු දේපල භාවිත කරන්නෙක් එය අපතේ යවා නාස්ති කරන්නේ නම් ඔහු අනෙකුත් පුද්ගලයන් කෙරෙහි කරුණාවක් නැති කෙනෙකි. අප අද අපතේ යවන ජල බිඳුව හෙට වෙන සතෙකුගේ ජීවිතය සුරැකීමට දායක වීමට පුළුවන. දිනෙන් දින ආත්මාර්ථකාමී වන සමාජය අතිරික්ත ආහාර පාන මුහුදට මුදා හරින්නේ දිනකට වේලක්වත් කෑමට දෙයක් නැති මිනිසුන් ලොව නොසිටින නිසාද? තමන්ට එවන් ඉරණමක් අත් වුවහොත් කෙසේද යැයි නොසිතන නිසාද නැත්නම් මෙලොව කරන සියලු දේ මරණයෙන් කෙළවර වේ යැයි සිතන නිසාද? මොහොතකට සැකයක් මතුවේ. අද ලොව ගෝලීයකරණයට ලක්ව ඇත. ලොව කොහේ සිටියත් එකිනෙකා ඉතා කිට්ටු සම්බන්ධතා පැවැත්වේ. සතුන්ගේ, පරිසරයේ මෙන්ම මිනිසුන්ගේද හිමිකම් ආරක්ෂා කිරීමට ලිඛිත නීති හා සංවිධාන නොගිනිය හැකි තරම් සංඛ්‍යායාවක් ඇත. නමුත් දිනෙන් දින හිමිකම් අහිමිවීම් මිස හිමිවීමක් දක්නට නැත. මිනිසුන් වශයෙන් අනෙකුත් සත්වයන්ට සාපේෂව විචාර බුද්ධියක් හා ඉතාමත් සංවේදී හදවතක් අපි ලබා ඇත්තෙමු. ඇත්තෙන්ම කරුණාව යනු ඉතා පුළුල් මාතෘකාවකි. සත්ව කරුණාව යනු එහි එක් අංගයක් පමණි.(නි)
ෆිරෝස්, ඔයා වගේ හරකෙකුට 100%ක්ම පින් ඇති නේද? (නි)
ඡන්දය පැවැත්වෙනකන් ධාතු වහන්සේලා ප්‍රදර්ශනය කරනවා, සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් වුනාම ඡන්දය, අනතුරුව බිලි පූජාව. වෙන කාලවලට වඩා මේ පාර වෙනස් වුනේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය විතරයි. (දී)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... (නි)
කරුණාකර මනසින් බුද්ධිමත්ව සිතන්න (නි)
බිලිපූජාව නවත්වන්න (නි)
රිෂාන් මමනම් කන්නේ ඌරුමස් විතරයි....(ස)
සිංහලයා ඌරු මසුත් කනවා තමයි. හැබැයි බෙල්ලේ එල්ලගෙන කන්නේ නැහැ. (නි)
අහිංසක සත්තු මරණ එකනම් හොඳ නෑ .ඔය පූජාව පලතුරු වට්ටි දීලා විතරක් පිරිමහන්න බැරිද ??? (ස)
සිංහලයා එළු මස් කනවද ? (ස)
මේ රටේ ඉන්න අහිංසක සත්තු මරන්නෙ නැතිව බැරිද මේ රටෙ ඉන්න වැඩකට නැති අය ටික බිලි දෙන්න (ස)
වහාම මෙය නැවැත්විය යුතුයි. (නි)
මස්කන්න හොඳනම් මොනවද අනිත් කතා...(ස)
හරිම පිනක්. ලෝකයා හිනස්වන්න එපා (දී)
අපරාදෙ දකුණෙත් මේවාගේ කෝවිලක් තිබුණනම්. (ත)
සතුන් බිලි දීමේන් ඇති වාසිය කුමක්ද? (දී)
ඔන්න අපේ ඇමතිතුමාට වැඩ පෙන්නනවා නම් වෙලාව. (නි)
සාධු සාධු සාධු! (නි)
වහාම නවත්වන්න (දී)
වහාම නවතනු (දී)
අහිංසක සතුන් නිකරුනේ ඝාතනය කිරීම විශාල පවක්. මිනිසුන්ගේ ඇති ලෙඩදුන් වැනි දේටෙ අහිංසක සතුන් පලිද? (ත)
සතුන්ගේ නෙමෙයි මිනිස්සුන්ගේ බෙලි කපන්න ඕනේ.(දී)
අපි ඔක්කොම එකතු වෙලා මේක නවත්වමු. (නි)
මේකට ප්‍රතිචාර දාන පණ්ඩිතයන් දෑනගත යුතු කරුණක් තමයි මේ රටේ බුද්ධ ශාසනය රැකුණේ මේ රටේ ඇති සිංහල බෞද්ධ සංස්කෘතිය නිසයි. ශාසනය රකින්න අවශ්‍ය නම් අපි සංස්කෘතිය රැකිය යුතුයි. ඒ නිසා මස් කඩ තියෙන එකේ බිලි පුජා තිබුණට කමක් නැහැ කියන්නෙ පුහුදුන් පණ්ඩිතයෝ. මස් කඩ වලට සමාජය තුළ තිබෙන්නෙ පිළිකුළක්. ඒවාට පිළිගෑනීමක් නැහැ. මෙතන තිබෙන්නෙ මේ බිලි පුජාවට පිළිගෑනීමක් ලබා දෙනවද නෑද්ද යන ප්‍රශ්නයක්. පිළිගෑනීමක් ලබා දෙනවා කියන්නෙ අපේ අවුරුදු 2500 ක සංස්කෘතිය පාවා දිමක්. මේ රට තෙවරක් බුදුන්ට පුජා කළ රටක්. මේ රට තුළ මේ වගේ දේ සිදුවෙන්න දෙනන් බැහැ. බෞද්ධයන් දෑන්වත් කොන්ද පණ ඇතිව නැගී සිටිය යුතුයි. (නි)
මිනිසුන් බිලි දෙනවාට වඩා පමණක් මදක් අඩූ වුණත් කිසිම ශිෂ්ඨසම්පන්න රටක ශිෂ්ඨසම්පන්න ආගමක සතුන්ගේ බෙලි කැපීම ආගමික චාරිත්‍රයක් හැටියට පිළිගන්නවා ඇතැයි මම නම් සිතන්නේ නැහැ. (නි)
පූජකයෝ කව්ද? (දී)
මගේ කුකුල් කොටුවේ දවසකට 1000ක් මරනවා. (නි)
එළුවො හරි කිව්වොත් මරන්න. (ත)
ධාතු පෙන්නලා වැඩක් නැහැ (දී)
මේවාට අවසර දුන්නේ කව්ද?(දී)
සෑම ආගමකටම තම අභිමතය අනුව කටයුතු කිරීමේ නිදහස හිමිවිය යුතුයි. (ත)
ඔය සත්තු ගෙනල්ල බිලි පූජාවට දෙන මිනිස්සුන්ට තියෙන්නෙ තමන්ම බිලි පූජාවට ඉදිරිපත් වෙන්නයි.එතකොට දෙවියන්ට තමන්ගෙ භක්තියේ තරම පෙන්වන්නත් පුලුවන්නෙ.
පවට පින් දෙන්න බැහැනේ. වලටමයි යන්න හදන්නේ. (ත)
මේවා අහලා මට පිස්සු වගේ.............(දී)
ගහන්න ඕනේ (දී)
ආගම් ඔක්කොම දේශපාලනීකරණය වෙලා. (ත)
ඔය පූජාවට එළුවන් අරන් එන අයට මග රැකලා ඉදලා ගහන්න ඕනෑ. (නි)
හරක්, එලුවන්, කුකුළන් නොමරා අවුරුදු දෙකක් ඉදලා බලන්න. මුලු ලංකාවම සතුන් වත්තක් වේවි. (නි)
ඇයි ඒ ආගම් වල අයට වුවමනා විදියට කටයුතු කරන්න දෙන්නේ නැත්තේ? (නි)
ජනාධීපතිතුමනි, මෙය වහාම නවත්වන්න. (නි)
කව්ද අනුමත කලේ? (දී)
බිලි පූජාවට අවසර දුන්නොත් ජනපතිතුමාට ගොඩක් පින් සිදු වේවි. (නි)
මේක නවත්වන්න කෙනෙක් නැද්ද? (දී)
මුන්නේශ්වරම් දේවාලයේ බිලි පූජාව තියෙන්නෙ අවුරුද්දට එක සැරයයි. ඒත්, මේ රටේ හැමදාම හරක් ,කුකුළ්ලු , එලුවො, ඌරො , මාළු මරනවා. ඒවත් බිලි පූජා නෙමෙයිද ? මොනවද මේ විහිළු? (නි)
ඒ කියන්නෙ මේ වෙලාවෙ ධාතු ප්‍රදර්ශනය නොකලා නම් මේකට එරෙහි වෙන්නේ නැහැ කියන පණිවුඩය නේද අපට දෙන්නේ? (නි)
විරාජ් ඔයාලත් භාරයක් වෙන්නකෝ..(ස)
අපේ ආගමේ උගන්වනවා සතුන් මැරුවහම පින් ලැබෙනවා කියලා. ඔටුවෙකුට පින් 50%යි,හරකෙකුට පින් 30%යි, එළුවෙකුට පින් 10%යි, කුකුළෙකුට පින් 5%යි. ඒක අපේ විශ්වාසේ. ඒකට අපට ඉඩදෙන්න. (නි)
මර්වින් ඇමති තුමණි මෙය ඔබට බාරයි.අපි ඔබ සමගයි....(ස)
නැහැ.. නැහැ.. මේක සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි. (ත)
විරාජ් කියන්නේ පුදුම කතාවක්නේ. හෙට අනිද්දා තවත් ආගමක් මිනිසුන්ව බිලි දෙන විදියේ පූජාවක් පටන් ගත්තොත් ඒකටත් ඉඩ දෙන්න ඕනෑද? (නි)
සෑම ආගමකටම තම අභිමතය අනුව කටයුතු කිරීමේ නිදහස හිමිවිය යුතුයි. (නි)
සමාජය මෙයට විරුද්ධ විය යුතුයි (දී)
මේක බෞද්ධ රටක් නේද? (දී)
මේවාට ඉඩ දෙන්න එපා (දී)
එහෙමනම් දැන් කරන්න තියෙන්නේ සර්වඥධාතු ප්‍රදර්ශනය සදාකාලික කරන එකයි.(ස)
අපේ නායකතුමාට මේවා නවත්වන්න පුළුවන් වෙන්න ඕනි..(ස)
මේක නතර කරන්න ඕනි , එහෙම නැත්නම් ඇමති තුමත් එක්ක ඇවිත් මේ සැරෙත් අපි ඕක නවත්වනවා...(ස)
දෙවියන්ගේ නාමයෙන් බිලි පූජාව පවත්වා මෙම සතුන්ගේ මස් මිනිසුන් හට කන්නවත් නොදී අනවශ්‍ය ලෙස ඔහේ වළලා දමනවනම් මෙම බිලි පූජාව වැරදියි. ඒවුනත් කොහොමත් අපට ඔය මස් කෑම තහනම්. (ස)
ඉස්සෙල්ලම කපන්න ඕන සත්තු මරන මිනිස්සුන්වයි..