ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ට (65) සිය ව්‍යායාම අධ්‍යාත්මික මට්ටමකට ඔසොවා ගනිමින් ආතතිය අඩු කැර ගැනීම සඳහා බෞද්ධාගමේ උගන්වෙන භාවනාවට හුරු පුරුදු වී සිටියි. හදවතේ ප‍්‍රශ්න රැසකට මුහුණ දුන් ඔහු දැන් මස් මාළු ද නොකයි. ක‍්‍රමානුකූල භාවනා කිරීම සඳහා ඔහු බෞද්ධ භික්ෂුවකගේ මඟ පෙන්වීම ලබාගනී. හැම භාවනා සැසිකින්ම පසුව හොඳ ශක්තියක් හා ජීවයක් ලබන බව භාවනා උපදේශක හිමියෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල් ක්ලින්ටන් කියන්නෙ උගත් බුද්ධිමත් කෙනෙක් ඔහුගෙ පාලනකාලය ඇමරිකාවෙ අර්ථිකයේ ඉතාමත් ශක්තිමත් යුගයයි. වාර්තාවන්ට අනුව අදත් ඇමරිකාවෙ ජනප්‍රිය නායකයා ඔහුයි. ක්ලින්ටන් ජනාධිපතිතුමාගේ පධිවියෙන් නික්මයාමේ කථාවේ උපමාකථාව වූයේ සුමේධ බොසත් තුමාගෙ කථාවයි. ඔහු ජිවිතයේ සැදැසමයේ බෞද්ධ දර්ශනය තුලින් ලබන සැනසීම අපි හැමකෙනෙකුටම ආදර්ශයක් වගෙම අප සතුටුවිය යුතු කාරණයක්. අද බටහිර සමාජය භාවනාවෙන් සැනසීම ලබනවා වගේම මම හිතනවිදියට මෙ සියවසේ රහතන්වහන්සේ නමක් බටහිරින් දකින්න ලැබෙනවා යන්න මගේ විස්වාසයයි. (අ)
දැංවත් තේරෙනවාද බුදුදහම සත්‍යයි කියලා.. නෝනටත් පොඩ්ඩක් කියලා දෙන්න අනේ..!!(නු)
දකින්නත් දුකයි. අපේ ගොඩක් භික්ෂූන්වහන්සේලා වෙනත් දේවල් සදහා කාර්යබහුලවී ඇත. බහුතරයක් පාර්ලිමේන්තුවට යාමට උත්සාහ කරනවා..!!(නු)
ඔහු පමණක් නොව දැන් සමස්ත ලෝකවාසීන්ම බුදු දහම පිළිගන්නට පටන් ගෙන තිබේ. (නි)
අපේ බෞද්ධයන්ගෙන් කී දෙනෙක් දවසට පැය භාගයක් භාවනාවක නිරත වෙනවාදැයි නොදනිමු. (නු)
මහත්තායා එහෙමම උනාට ක්ලින්ටන් නොන නම් අපේ රට විනාශ කරන්න හදන්නෙ..(නු)
පුලස්ථි රාජපක්ෂ 2012-08-07 13:37:13 බළලා සිල් ගත්තත් මීයා බයයිලු. ඔයාගේ පවුලේ අයටත් සෙනඟ බයයි නේද? (දී)
දවස් කීයකටද දන්නෙ නැහැ..!!(නු)
මස් මාලු නොකෑවට ලුණු මිරිස් කෑව නේද?(නු)
ඉන්ද්‍රජිත් මෙහෙ අපි ගොඩක් දේවල් කරන්නෙ ප්‍රදර්ශණයට, ප්‍රායෝගිකව නෙමෙයිනේ..!!(නු)
මෙයාගේ චරිතේ එච්චර හොද චරිතයක් නෙවේ.. හැම ජරා වැඩක්ම කරලා අන්තිමට භාවනා කරනවා.බලාගෙන ඉන්ඩ තව ටික දවසකින් එයාගේ නෝනත් භාවනා කරයි.(නු)
භාවනාව සාර්ථක කරන්න නම් යම් මට්ටමකට මනස දියුණුව තියෙන්න ඕන.. අනේ මන්දා අපිට කවදා පුළුවං වෙයිද කියලා....?(නු)
පිංවත් මහත්මයෙක්, නිවන පූරණය කර ගැනීමටත් අවස්ථාව උදාවේවා!
බුදු රජාණන් වහන්සේගේ ගුන අනන්තයි. එය කියා නම කළ නොහැකියි. ලෝකේ දැන් ටික ටික බුදුන්ගේ දේශනාව තේරුම් ගන්නාව. අතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය ඇත්ත වී ගෙන යනවා (අ)
හුගක් පුද්ගලයන්ට මහලු වයසේදී තමයි මේ දේවල් ගැන කල්පනා වෙන්නේ. (නි)
ලෝකය ටිකෙන් ටික බුද්ධ දේශනා පිළිගන්නවා. අපේ හිමිවරුන් පිස්සු නටනවා. (නි)
බිල් ක්ලින්ටන් කෙසේ වෙතත් මට නම් මතක් වුණේ මොනිකා ලෙවිස්කි. (නි)
භාවනාවේ තියෙන වටිනාකම විස්තර කරන්න මට වචන නැහැ. එතරම්ම වටිනවා..!!(නු)
බොහොමයක් බුද්ධිමත් බටහිර ජාතීන් මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙමින් බුද්ධ දර්ශනය හා භාවනාව පුහුණුකිරිමෙන් අධ්‍යාත්මික වර්ධනය තුලින් ආත්මශක්තිය වඩා ජීවිතය හරවත් කරගැනීමේ ප්‍රවණතාවක් පෙනෙන්න තියෙනවා.(නු)
දැනගෙන ගියොත් කතරගම නොදැනගියොත් අතර මග බිල් ක්ලින්ටන් මහත්තයෝ...!(නු)
මේ ප්‍රවෘත්තිය හරියටම පළ වුණේ අප්‍රියල් 1 කියල මතක නැද්ද? (ත)
ඔබතුමාට සතර සතිපඨ්ටානය අවබෝධ වේවා (ත)
ඉතා හොදයි. (නි)
ඇමෙරිකාවේ අද බුදුදහමට ලොකු නැඹුරුවක් තිබෙනවා. පිරිසිදු ථේරවාදය (පිරිසිදු සම්බුද්ධ ධර්මය) තමයි ටිකක් අලුත්. ලංකාවේ පන්සල් තරමක ප්‍රමාණයක් තිබුණත්, වැඩිපුර ජනප්‍රිය මහායානයයි. නමුත් බුදු දහම ඉතාම සහනශීලී, ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන්නේ නැති දහමක් විදිහට හැමෝම ගරු කරනවා. බොහෝ අයට කේන්දර, සුබ නැකත් වගේ මිත්‍යා විශ්වාස වල බැහැගෙන නැති නිසා පිරිසිදු දහමේ හරය අල්ලන්න බැරි වෙන එකක් නැහැ. නමුත් ප්‍රබලව මතු වෙන ගැටලුව තමයි, සිංහල බසින් තොරව ඉංග්‍රීසිය තුළින් බුදු දහමේ හරය ළගා කරගන්නට නොහැකි වීම. ඊට හේතුව භාෂාව තුළින් ළගාවිය හැකි චින්ත අභ්‍යන්තර සීමාවක් තිබීම. ඔන්න ඔතනයි සිංහල, අපේ මව් බස වීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනෑ. ඔබේ කුඩා දරුවට ගෙදරදී සිංහලෙන් කතාකරන්න, එතකොට සිංහලෙන් හිතන්න පුරුදු වෙනවා, එතකොට ධර්මය වැටහෙනවා. ඉංග්‍රීසිය මතුපිටින් යන සරල භාෂාවක්, ඉතා ඉක්මනින් අල්ලා ගන්න පුළුවන්. සිංහලය ගිලිහුණොත් අල්ලනවා බොරු. ත්‍රිපිටකය පවා මුලින්ම ග්‍රන්ථ කළේ සිංහලෙන්. පාළියට නැගුවේ ඉන් පසුවයි. සිහලුනේ යළි නැගිටියවූ! කාලය පැමිණ ඇත! සද්ධර්මය නැවත ජීවනාලිය කරගනියවූ! කේන්දර, ග්‍රහ නැකැත්, මිත්‍යා මත පහකර පන්සිල් පද පහ රකිමින් සද්ධර්ම විප්ලවය ආරම්භ කරන්න පෙළ ගැසෙමු (නි)!
මේ කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන්. කෝ මේ අපේ බොදු බල සේනාව? (නි)
සදහම් සැනසීම තුලින් නිවන් මග සැමට.. පොදු ධර්මතාවයක්...!! (නු)
බෞද්ධ ධර්ෂණයේ ඇති හරය දැං ලෝකයට පසක් වෙලා ඉවරයි.. ගැටලුව වෙන්නෙ එය නිවැරදිව කියාදෙන්න දන්නෙ නැති එකයි..!!(නු)
භාවනාව කාටත් හොදයි. (නි)
මේවා දකිද්දී වතිකානුවට ඉවසා ගන්න බැරිවෙයි. (නි)
අපේ මානසික ප්‍රශ්න වලට භාවනාව හොද විසදුමක්. (නි)
ක්ලින්ටන් මහත්තයෝ, අනේ පුලුවන්නම් හිලරි නෝනවත් අරගෙන යන්නකෝ භාවනා කරන්න..(නු)
අන්න මිනිස්සු...(නු)
ලංකාවේ අයටත් මේක කරන්න පුළුවන් නම් හොඳයි(නු)
අනේ ඒක නේන්නං ඔය මනුස්සයට ඒ කාලෙ හරි දේ කියල දෙන්න කවුරුවත් ඉඳල නැහැනේ!(නු)
බුද්ධාගමේ ආනිසංශයෙන් හරි අනිත් රටවලට වල කපන එකත් නවත්තතනවානම් ලොකු දෙයක්...!!(නු)
කවුරු කිව්වත් සත්‍යය මේක තමයි..!(නු)
පෙර පින..(නු)
අනේ පුළුවං නම් ඔහුගේ නෝනටත් ඔය වැඩේ උගන්නන්න..!!(නු)
ඔබාමාත් මෙහෙම කරනවද දන්නේ නැහැ. (නි)
මෙතුමාගේ බිරියත් මෙම භාවනා සැසියට සහභාගී වුණා නම් හොදයි නේද?
මහත්තයා භාවනා කරනවා. එතකොට නෝනා? අනේ අනිච්චං. (නි)
අනික් ලෝක නායකයන්ටත් හොද ආදර්ශයක්. (නි)
බොහොම හරි. අපිත් මෙහෙම පුරුදු පුහුණු වෙන්න ඕනෑ. (නි)
මෙතුමාගේ නෝනා මේ ටික තේරුම් ගත්තා නම් අපට කරදරයක් නෑනේ. (නි)
බළලා සිල් ගත්තත් මීයා බයයිලු..(නු)
කරුමේ කියන්නේ අපේ සමහර හාමුදුරුවරුන්ටවත් මේක තවම තේරුම් ගන්න බැහැනේ. (නි)
සියලුම නරක වැඩ කර අන්තිමට නිවන් දකින්න උත්සාහ කරනවාද? (නු)
බුදු ගුණ අනන්තයි. (නි)