බ‍්‍රසීලයේදී පැවැති 27 වැනි බ‍්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සමත්විය. අවසන් මහා තරගයේදී ගෞතමාලාවේ කෙවින් කෝඞ්න් හමුවේ නිලූක තරග වට 2/1 ක පරාජයක් ලැබීම නිසා රන් පදක්කම දිනා ගැනීමේ අවස්ථාව ඔහුට අහිමිවිය.
තියුණු තරගයක්ව පැවැති අවසන් මහා තරගයේ පළමු වටය 21/17 ක් ලෙස නිලූක ජය ලැබීය. දෙවැනි වටය 22/20 ක ජයක් ලබාගත් කෙවින් අවසන් වටය ද 21/19 කින් ජය ගත්තේය. කෙවින් ලෝක බැඞ්මින්ටන් සම්මේලන ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 45 වැනි ස්ථානයේ සිටි ක‍්‍රීඩකයාද වේ.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනාට පැමිණි නිලූක, ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) දැන් සිටින්නේ 37 වැනි ස්ථානයේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළග වටයේදී රනින් ලක්මව සරසවන්න සුභ පතනවා. (නි)
කමක් නැහැ නිලූ. සතුටු වෙන්න. (නි)
නියමයිනේ. (නි)
නියමයි. (නි)
ඉදිරියටම යමු නිලූක. (නි)
නියමයි යාලුවේ නියමයි. අපේ මවුබිමට ඕනෑ ඔහොම කොල්ලෝ තමයි. (නි)