බ‍්‍රසීලයේදී පැවැති 27 වැනි බ‍්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සමත්විය. අවසන් මහා තරගයේදී ගෞතමාලාවේ කෙවින් කෝඞ්න් හමුවේ නිලූක තරග වට 2/1 ක පරාජයක් ලැබීම නිසා රන් පදක්කම දිනා ගැනීමේ අවස්ථාව ඔහුට අහිමිවිය.
තියුණු තරගයක්ව පැවැති අවසන් මහා තරගයේ පළමු වටය 21/17 ක් ලෙස නිලූක ජය ලැබීය. දෙවැනි වටය 22/20 ක ජයක් ලබාගත් කෙවින් අවසන් වටය ද 21/19 කින් ජය ගත්තේය. කෙවින් ලෝක බැඞ්මින්ටන් සම්මේලන ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 45 වැනි ස්ථානයේ සිටි ක‍්‍රීඩකයාද වේ.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනාට පැමිණි නිලූක, ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) දැන් සිටින්නේ 37 වැනි ස්ථානයේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බ‍්‍රසීල බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූකට රිදී පදක්කමක්
හේමන්ත Monday, 01 October 2012 07:53 PM
ඊළග වටයේදී රනින් ලක්මව සරසවන්න සුභ පතනවා. (නි)
කුරේ නාවලගේ Monday, 01 October 2012 08:01 PM
කමක් නැහැ නිලූ. සතුටු වෙන්න. (නි)
ප්‍රසන්න Tuesday, 02 October 2012 10:56 AM
නියමයිනේ. (නි)
කුලාන් Wednesday, 03 October 2012 06:35 AM
නියමයි. (නි)
චන්ද්‍රසිරි Monday, 01 October 2012 06:24 PM
ඉදිරියටම යමු නිලූක. (නි)
ක්‍රිෂාන් Monday, 01 October 2012 07:06 PM
නියමයි යාලුවේ නියමයි. අපේ මවුබිමට ඕනෑ ඔහොම කොල්ලෝ තමයි. (නි)