බ‍්‍රසීලයේදී දැන් පැවැත්වෙන 27 වැනි බ‍්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සුදුසුකම් ලැබීය.
තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින ගවුතම්මාලා’හි කෙවින් කෝඞ්න් සමග නිලූක අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතය. කෙවින් ලෝක බැඞ්මින්ටන් සම්මේලන ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 45 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාය.
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනාට පැමිණි නිලූක, ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) සිටින්නේ 37 වැනි ස්ථානයේය.
නිලූක, සිය සොහොයුරු දිනුක කරුණාරත්න සමග පිරිමි යුගල ඉසව්වට සහභාගි වු අතර එහි අවසන් පුර්ව තරගයේදී මැලේසියානු ක‍්‍රීඩකයන් හමුවේ ඔවුහු පරාජයට පත්වුහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි පුතා, ඔබට ජයවේවා. (ස)
නියමයි. කොහොමහරි දිනපන් කොල්ලෝ. (ස)
කමෝන් නිලූක ජය ඔබටයි. (ස)
ඔලිම්පික් වලදී ගන්න බැරිව ගිය පදක්කම මේකෙදිවත් ඔබට ලැබේවි. (ස)
අර ඔලිම්පික් වලදී ඔයාට මඩ ගහපු අයට දැන් ඇඩෙනවා ඇති නේද නිලූක? සුභ පැතුම්! (නි)
නියමයි නිලූක. දිනලාම එන්න. (නි)
කමෝන් නිලූක ජය ඔබටයි .(ස)
නියමයි අපේ කොල්ලා .(ස)
ජය වේවා ඔබ අපිට , රටට ආඩම්බරයක්..(ස)
ඔබ ලක් මවට අාඩම්බරයකි, ජයෙව්වා නිලුක, ජයෙව්වා..! (නි)