IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බ්‍රසීල කාන්තාවකට අත තිබ්බොත් ලෝක අමාරුවේ

බ්‍රසීල පාර්ලිමේන්තුව  කාන්තා හිංසනයට එරෙහි දැඩි නීති මාලාවක් සම්මත කෙළේය. පසුගිය වසරට වඩා මෙම වසරේ මාස හයක දී කාන්තාවනට සිදු වූ හිංසන පැමිණිලි තුන්ලක්ෂ පනස් දහසක් ලැබී ඇතැයි බ්‍රසීල පොලිසිය පවසයි. නව නීතිය අනුව කාන්තාවක හිංසනයට ලක් කරන පුද්ගලයකු හිර ගෙට නොයවන නමුත් ඇයට වන්දි දිය යුතුය. එමෙන්ම එම කාන්තාව මූල්‍ය ආයතනයකින්  ණයක් ගෙන තිබේ නම් එම ණය මුදල ද ගෙවිය යුතුය. ඊට අමතරව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වන තෙක් වියදම් හා සියලු මුදල් ඔහු විසින් ගෙවා දැමිය යුතුය. ආබාධිත කාන්තාවක හිංසනයට ලක් කරන්නකුට ඇය ජිවත්වන තාක්කල් ජිවත් වීමට සරිලන මුදලක් මාස් පතා ගෙවීමට වේ. කාන්තා හිංසනයට එරෙහිව පෙනී සිටින සංවිධානය කියනුයේ පහරදීමකට හෝ ඕනෑම හිංසනයකට ලක්වන කාන්තාවක් ඉතා ඉක්මණින් ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන ලෙසයි. පසුගිය වසරේ ජනවාරි පළමු වැනි දා සිට බ්‍රසීලයේ ජනාධිපතිවරිය වශයෙන් වැඩ බාරගත් ඩිල්මා රූසෙව් කාන්තා හිංසනය තදින් පිළිකුල් කරන්නියකි.



අදහස් (0)

බ්‍රසීල කාන්තාවකට අත තිබ්බොත් ලෝක අමාරුවේ

අජිත් Saturday, 11 August 2012 09:54 AM

එහෙම කොහොමද අපේ රටට තද නීති ‍ගේන්නේ. එහෙම උනොත් අහුවෙන්නේ අපේම අයනේ.. එතකොට කොහොමද වැඩකටයුතු කරගන්නේ.. (ස)

:       0       0

මේනක Saturday, 11 August 2012 10:24 AM

ටික දවසකින් ගෑනුටික කොහොම හරි හිංසාවකට ලක්වෙන්න හදයි. එතකොට දිවි ඇති තෙක් නොමිලේ ෂොපිං වියදම හම්බ වෙනවනෙ. අසාර්ථකයි සංකීර්ණ නීතියක් නම් නෙමේ. මෙතන මුලු නීතියම විස්තර කරල නෑනේ. (ස)

:       0       0

ලංකාසිරි Friday, 10 August 2012 05:48 PM

ඔන්න ලංකාවටත් කියාපු නීති. (නි)

:       0       0

සුනිල් Friday, 10 August 2012 05:51 PM

ඒකටත් එක්ක අපේ රටේ? (නි)

:       0       0

තිලක් Friday, 10 August 2012 06:16 PM

මලා තමයි. මෙහෙ නම් ඔය නීතිය එපා. පාරේ යනකොට බොරුවට හිංසා කළා කියල පිරිමින්ට නඩු දාල ගානක් කඩාගන්න පටන්ගනීවී. දවසක් මගේ බැග් එක උස්සන් බස් එකෙන් බහිද්දී මම අල්ලගත්තම මෙන්න මේ කොල්ල මගේ අතින් අදිනෝ කියල කැගැහුව. මම බොහොම අමාරුවෙන් මගීන්ගෙන් ගුටි නොකා බේරුනේ. එයා හොරෙක් කියල කෑගහල මිනිස්සුන්ට බැග් එක ඇරලත් පෙන්නලායි තේරුම් කලේ. මිනිස්සු සත්‍යය දැනගන්නකොට එයා බැහැල ගිහින් ඉවරයි. .ඔ‍හොම වැඩයි අපිට වෙන්නේ (ස)

:       0       0

රන්ජිත් Saturday, 11 August 2012 10:55 AM

ඔය නීති ලංකාවට ගේන්න කලින් පළාත් සභා අයගේ දීමනා වැඩි කරන්නත් වෙයි! (ස)

:       0       0

අසංක ප්‍රභාත් Sunday, 12 August 2012 12:28 AM

ලංකාවේ නීති කැඩුවට දඩුවම් නෑ ඔක්කොටම දවස් 14 නේ (දී)

:       0       0

ජයා Friday, 10 August 2012 06:30 PM

නියමයි...(ස)

:       0       0

නිරෝශන් Saturday, 11 August 2012 10:59 AM

බ්‍රසීල්වල ගෑණු අය විලිලජ්ජාව නැතිවිදියටනේ ඇදුම් ඇදන් යන්නේ, ඊටපස්සේ පිරිමි අතවර කලා කියනවා............ලංකාවේ ඉතින් එහෙම නැනේ,අපි හරි වැදගත්.............

:       0       0

අමිල කටුනායක Friday, 10 August 2012 06:54 PM

බෝම්බයෙන් අනුකම්පාවක් නැත. (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 12 August 2012 02:26 AM

අපේ බලධාරීන්හටත් මෙවැනි නීතියක් දමන්න බැරි මොකද? (නි)

:       0       0

සිල්වා Friday, 10 August 2012 07:00 PM

කාන්තාවන්ට ලොතරුයියක් ඇදුනා වගේනේ. (නි)

:       0       0

සුප්‍රීයා Friday, 10 August 2012 07:25 PM

අනේ අපේ රටෙත්‍‍‍.... (ස)

:       0       0

දයා සෞදි Saturday, 11 August 2012 11:39 AM

ඔන්න ගැහැණියගේ පින කුණුමුල්ලේ කියන කතාව... මෙම ක්‍රමය ලංකාවට හදුන්වාදෙන්න අපේ අයට බැරිද?(නු)

:       0       0

සුසිල් Saturday, 11 August 2012 11:37 AM

ලංකාව හොද රටක්.. අපරාද නැහැ.. ගැහැණු ළමයිනට කරදරයක් නැහැ... ඉතිං ලංකාවට මොකටද නීති...!!(නු)

:       0       0

සිල්වා Friday, 10 August 2012 07:43 PM

එහෙත් ප්‍රාදේශීය සභා වල මන්ත්‍රිලා මෙහේ අය වගේද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

සදුන් Saturday, 11 August 2012 12:02 PM

අනේ අපේ ගෙදර මේකේ අනිත් පැත්ත‍‍ . (ස)

:       0       0

මංජු Friday, 10 August 2012 07:58 PM

ලංකාවටත් ඔය නීතිය ගෙනාවනම් හරි. (නි)

:       0       0

රූපා Friday, 10 August 2012 08:00 PM

හිංසනයට ලක්වූ කාන්තාවට සහ ඇගේ දරුවන්ට අදාල අපරාධකරුගේ දේපළ සියල්ල අයිතිවෙන විදියට නීතියක් සකස් කරලා අපේ රටටත් ගෙනාවා නම් හොද නැද්ද? (නි)

:       0       0

තිලක් නුගේ Sunday, 12 August 2012 09:07 AM

කාන්තා හිංසනයට වඩා බාල අපරාද කරන අයටයි දැඩි නිති ගේන්න අවශ්‍ය (දී)

:       0       0

චතුර Friday, 10 August 2012 08:31 PM

මේක ලංකාවෙත් කරන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රවීන් Saturday, 11 August 2012 12:41 PM

මාරු. මාරු. නියමයි (දී)

:       0       0

ලංකාපුත්‍ර Sunday, 12 August 2012 10:00 AM

අපෙත් හිටියා කාන්තාවක්. හැබැයි හිටියා ගියා... (ත)

:       0       0

ෂෙරී Friday, 10 August 2012 08:30 PM

අපි ප්‍රථමයෙන් අපේ රටේ කාන්තාවන් පිටරට වල සේවය කරන එක නතර කරමු. (නි)

:       0       0

ලංකා Friday, 10 August 2012 08:44 PM

අන්න අදහන්න වටින ජනාධිපතිවරුන්. අනිවාර්යෙන්ම මෙහෙටත් තද නිතී අවශ්‍ය වෙනවා දැන්මම. (නි)

:       0       0

සහන් Sunday, 12 August 2012 11:00 AM

ලංකාවටනම් ඔය නීති ගේන්න හිතන්නවත් එපා (දී)

:       0       0

සන්ජීව Saturday, 11 August 2012 12:53 PM

ලංකාවටනම් කවදාවත් මේ නීති ගේන එකක් නෑ , ළමා අපචාර එහෙම කරන්න බැරි වෙනවනේ එතකොට ? (ස)

:       0       0

දර්ශන Sunday, 12 August 2012 11:27 AM

අපේ රටට මේ නීතිය ගෑලපෙනවා කියන අය තව ඉන්නවද? අපි කාන්තා හිංසනය පිටු දෑක්කාට කාන්තාවන් එය තමන්ගෙ වාසියකට ගන්නවට සැකයක් නැහැ. මම කලින් පුවතක අහල තිබුණා අවුරුදු 4ක් ආදරය කරලා ඒ කෙල්ල නඩුවක් දාලා අතින් ඇල්ලුවා කියලා.ඉතින් මෙම නීතිය අපේ රටට ගෙනවොත්, ඔය ගේන්න කියන අයටම තමයි ඒකේ රගේ තේරෙන්නේ. (නි)

:       0       0

මදූ Friday, 10 August 2012 09:07 PM

අනේ අපේ අයත් බොරු වැඩ නවත්තලා මේ වගේ ආදර්ශමත් දෙයක් කරානම්......(ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 11 August 2012 01:21 PM

ඕනෑම දෙයක් නොමිලේ ලබාගන්න පොරකන අපවැනි රටක ‍ගේන්නකෝ මේ වගේ නීතිත්... මේ වැඩෙන් වෙන්නේ කාන්තාවන්ගේ අවංකභාවය අභියෝගයට ලක්කිරීම පමණයි. මෙයින් නව පන්නයේ සමෘදි කාඩ්පත් හදන්න වේවි. (ස)

:       0       0

අමර Friday, 10 August 2012 09:09 PM

අන්න රටවල් (දී)

:       0       0

සතිස් Saturday, 11 August 2012 01:46 PM

ගාමිණීට පිස්සු හැදිලාද? කවුද කිවුවේ බ්‍රසීලය බෞද්ධ රටක් කියලා? (නි)

:       0       0

සරත් Friday, 10 August 2012 09:32 PM

ඒකට අපේ බෞද්ධ රට (අ)

:       0       0

ධම්මික Friday, 10 August 2012 09:59 PM

ඉතාමත්ම හොද වැඩක්. අපේ රටේ නම් මේවා කතා කරන්නේ කාන්තා දිනයට විතරයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 11 August 2012 02:34 PM

මෙවන් නීතියක් ලාකවේ අපට නම් සිහිනයක් පමණයි. (නි)

:       0       0

රෝහණ Friday, 10 August 2012 10:19 PM

අපේ රටටත් ගැළපෙනවා ඒක. (නි)

:       0       0

සෑම් Saturday, 11 August 2012 03:07 PM

ලංකාවට ඔය නීතිය ගෙනාවොත් මිනිහෙක් බේතකට හොයා ගන්න වෙන්නේ නැහැ (දී)

:       0       0

භානුක Sunday, 12 August 2012 01:15 PM

ඔය නීති ලංකාවට නම් එපා (නි)

:       0       0

ජයරත්න දේවපතිරාජ Monday, 13 August 2012 12:42 AM

පත්තිනි අම්මලා හිටියේ දෙන්නයි.එක් කෙනෙක් මැරිලා. අනෙක් කෙනා තාම ඉපදිලා නෑ. (ස)

:       0       0

මංජුල Friday, 10 August 2012 10:55 PM

කාන්තා හිංසනය පිටු දකිමු (දී)

:       0       0

සම්පත් Saturday, 11 August 2012 03:45 PM

මෙහෙම නීතියක් ලංකාවටත් ගැලපෙනවා.. (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 10 August 2012 11:17 PM

ලංකාවටත් හදුන්වා දෙන්නයි තියෙන්නේ...(ස)

:       0       0

පවන් Friday, 10 August 2012 11:35 PM

බ්‍රසීල ජනතාව මානසික අයිතීන් රකින බව මෙයින් පේනවා.... අපි බෞද්ධයො වෙලත් වැඩක් නැහැ..!! (නු)

:       0       0

ගාමිණී -කුවේට් Saturday, 11 August 2012 12:40 AM

සරත්, පළව ඇති පුවතට අනුව අදහස් පළනරන්න, හැමදෙයකටම ආගම ගාව ගන්නේ නැතුව. බ්‍රසීලය බෞද්ධ රටක් නෙමෙයිනෙ.ඉතින් බ්‍රසීලයේ කාන්තා හිංසනය වැඩි නිසානෙ දැඩි නීති මාලාවක් සම්මත කරගත්තේ. (නි)

:       0       0

සරසි Saturday, 11 August 2012 06:04 PM

ලංකාවෙ කාන්තා හිංසනයට වඩා තියෙන්නෙ ළදරු හිංසනයයි...!!.(නු)

:       0       0

රත්නායක Saturday, 11 August 2012 02:23 AM

බෑන්ක් ලෝන් අරන් හිරවෙච්ච ගෑනු කට්ටිය අතවරයට ලක්වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා අතවරයක් කරන්න කලින් ලෝන් අරන් තියෙනවාද කියල හොයලා බලන්න ඕනෑ. (නි)

:       0       0

ඩේවුඩ් Saturday, 11 August 2012 07:13 AM

ලංකාවත් මෙය ආදර්ශයට ගත්තොත් නේද හොද? (නි)

:       0       0

ආසිරු කරුණාරත්න Saturday, 11 August 2012 07:51 AM

එහේට නෙවෙයි ඕන මෙහාටයි...!!

:       0       0

සමන් Monday, 13 August 2012 09:24 AM

අපිට වැඩක් නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 266 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 243 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site