බ්‍රසීල පාර්ලිමේන්තුව කාන්තා හිංසනයට එරෙහි දැඩි නීති මාලාවක් සම්මත කෙළේය. පසුගිය වසරට වඩා මෙම වසරේ මාස හයක දී කාන්තාවනට සිදු වූ හිංසන පැමිණිලි තුන්ලක්ෂ පනස් දහසක් ලැබී ඇතැයි බ්‍රසීල පොලිසිය පවසයි. නව නීතිය අනුව කාන්තාවක හිංසනයට ලක් කරන පුද්ගලයකු හිර ගෙට නොයවන නමුත් ඇයට වන්දි දිය යුතුය. එමෙන්ම එම කාන්තාව මූල්‍ය ආයතනයකින් ණයක් ගෙන තිබේ නම් එම ණය මුදල ද ගෙවිය යුතුය. ඊට අමතරව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වන තෙක් වියදම් හා සියලු මුදල් ඔහු විසින් ගෙවා දැමිය යුතුය. ආබාධිත කාන්තාවක හිංසනයට ලක් කරන්නකුට ඇය ජිවත්වන තාක්කල් ජිවත් වීමට සරිලන මුදලක් මාස් පතා ගෙවීමට වේ. කාන්තා හිංසනයට එරෙහිව පෙනී සිටින සංවිධානය කියනුයේ පහරදීමකට හෝ ඕනෑම හිංසනයකට ලක්වන කාන්තාවක් ඉතා ඉක්මණින් ළඟම ඇති පොලිසියට පැමිණිලි කරන ලෙසයි. පසුගිය වසරේ ජනවාරි පළමු වැනි දා සිට බ්‍රසීලයේ ජනාධිපතිවරිය වශයෙන් වැඩ බාරගත් ඩිල්මා රූසෙව් කාන්තා හිංසනය තදින් පිළිකුල් කරන්නියකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඔය නීතිය ගෙනාවොත් මිනිහෙක් බේතකට හොයා ගන්න වෙන්නේ නැහැ (දී)
එහෙම කොහොමද අපේ රටට තද නීති ගේන්නේ. එහෙම උනොත් අහුවෙන්නේ අපේම අයනේ.. එතකොට කොහොමද වැඩකටයුතු කරගන්නේ.. (ස)
ටික දවසකින් ගෑනුටික කොහොම හරි හිංසාවකට ලක්වෙන්න හදයි. එතකොට දිවි ඇති තෙක් නොමිලේ ෂොපිං වියදම හම්බ වෙනවනෙ. අසාර්ථකයි සංකීර්ණ නීතියක් නම් නෙමේ. මෙතන මුලු නීතියම විස්තර කරල නෑනේ. (ස)
ඔය නීති ලංකාවට ගේන්න කලින් පළාත් සභා අයගේ දීමනා වැඩි කරන්නත් වෙයි! (ස)
බ්‍රසීල්වල ගෑණු අය විලිලජ්ජාව නැතිවිදියටනේ ඇදුම් ඇදන් යන්නේ, ඊටපස්සේ පිරිමි අතවර කලා කියනවා............ලංකාවේ ඉතින් එහෙම නැනේ,අපි හරි වැදගත්.............
ඔන්න ගැහැණියගේ පින කුණුමුල්ලේ කියන කතාව... මෙම ක්‍රමය ලංකාවට හදුන්වාදෙන්න අපේ අයට බැරිද?(නු)
ලංකාව හොද රටක්.. අපරාද නැහැ.. ගැහැණු ළමයිනට කරදරයක් නැහැ... ඉතිං ලංකාවට මොකටද නීති...!!(නු)
අනේ අපේ ගෙදර මේකේ අනිත් පැත්ත . (ස)
මාරු. මාරු. නියමයි (දී)
ලංකාවටනම් කවදාවත් මේ නීති ගේන එකක් නෑ , ළමා අපචාර එහෙම කරන්න බැරි වෙනවනේ එතකොට ? (ස)
ඕනෑම දෙයක් නොමිලේ ලබාගන්න පොරකන අපවැනි රටක ගේන්නකෝ මේ වගේ නීතිත්... මේ වැඩෙන් වෙන්නේ කාන්තාවන්ගේ අවංකභාවය අභියෝගයට ලක්කිරීම පමණයි. මෙයින් නව පන්නයේ සමෘදි කාඩ්පත් හදන්න වේවි. (ස)
ගාමිණීට පිස්සු හැදිලාද? කවුද කිවුවේ බ්‍රසීලය බෞද්ධ රටක් කියලා? (නි)
මෙවන් නීතියක් ලාකවේ අපට නම් සිහිනයක් පමණයි. (නි)
එහේට නෙවෙයි ඕන මෙහාටයි...!!
මෙහෙම නීතියක් ලංකාවටත් ගැලපෙනවා.. (ස)
ලංකාවෙ කාන්තා හිංසනයට වඩා තියෙන්නෙ ළදරු හිංසනයයි...!!.(නු)
ලංකාවේ නීති කැඩුවට දඩුවම් නෑ ඔක්කොටම දවස් 14 නේ (දී)
අපේ බලධාරීන්හටත් මෙවැනි නීතියක් දමන්න බැරි මොකද? (නි)
කාන්තා හිංසනයට වඩා බාල අපරාද කරන අයටයි දැඩි නිති ගේන්න අවශ්‍ය (දී)
අපෙත් හිටියා කාන්තාවක්. හැබැයි හිටියා ගියා... (ත)
ලංකාවටනම් ඔය නීති ගේන්න හිතන්නවත් එපා (දී)
අපේ රටට මේ නීතිය ගෑලපෙනවා කියන අය තව ඉන්නවද? අපි කාන්තා හිංසනය පිටු දෑක්කාට කාන්තාවන් එය තමන්ගෙ වාසියකට ගන්නවට සැකයක් නැහැ. මම කලින් පුවතක අහල තිබුණා අවුරුදු 4ක් ආදරය කරලා ඒ කෙල්ල නඩුවක් දාලා අතින් ඇල්ලුවා කියලා.ඉතින් මෙම නීතිය අපේ රටට ගෙනවොත්, ඔය ගේන්න කියන අයටම තමයි ඒකේ රගේ තේරෙන්නේ. (නි)
ඔය නීති ලංකාවට නම් එපා (නි)
පත්තිනි අම්මලා හිටියේ දෙන්නයි.එක් කෙනෙක් මැරිලා. අනෙක් කෙනා තාම ඉපදිලා නෑ. (ස)
අපිට වැඩක් නැත
අන්න අදහන්න වටින ජනාධිපතිවරුන්. අනිවාර්යෙන්ම මෙහෙටත් තද නිතී අවශ්‍ය වෙනවා දැන්මම. (නි)
ඒකටත් එක්ක අපේ රටේ? (නි)
මලා තමයි. මෙහෙ නම් ඔය නීතිය එපා. පාරේ යනකොට බොරුවට හිංසා කළා කියල පිරිමින්ට නඩු දාල ගානක් කඩාගන්න පටන්ගනීවී. දවසක් මගේ බැග් එක උස්සන් බස් එකෙන් බහිද්දී මම අල්ලගත්තම මෙන්න මේ කොල්ල මගේ අතින් අදිනෝ කියල කැගැහුව. මම බොහොම අමාරුවෙන් මගීන්ගෙන් ගුටි නොකා බේරුනේ. එයා හොරෙක් කියල කෑගහල මිනිස්සුන්ට බැග් එක ඇරලත් පෙන්නලායි තේරුම් කලේ. මිනිස්සු සත්‍යය දැනගන්නකොට එයා බැහැල ගිහින් ඉවරයි. .ඔහොම වැඩයි අපිට වෙන්නේ (ස)
නියමයි...(ස)
බෝම්බයෙන් අනුකම්පාවක් නැත. (නි)
කාන්තාවන්ට ලොතරුයියක් ඇදුනා වගේනේ. (නි)
අනේ අපේ රටෙත්.... (ස)
එහෙත් ප්‍රාදේශීය සභා වල මන්ත්‍රිලා මෙහේ අය වගේද දන්නේ නැහැ නේද? (නි)
ලංකාවටත් ඔය නීතිය ගෙනාවනම් හරි. (නි)
හිංසනයට ලක්වූ කාන්තාවට සහ ඇගේ දරුවන්ට අදාල අපරාධකරුගේ දේපළ සියල්ල අයිතිවෙන විදියට නීතියක් සකස් කරලා අපේ රටටත් ගෙනාවා නම් හොද නැද්ද? (නි)
මේක ලංකාවෙත් කරන්න ඕනෑ. (නි)
අපි ප්‍රථමයෙන් අපේ රටේ කාන්තාවන් පිටරට වල සේවය කරන එක නතර කරමු. (නි)
ඔන්න ලංකාවටත් කියාපු නීති. (නි)
අනේ අපේ අයත් බොරු වැඩ නවත්තලා මේ වගේ ආදර්ශමත් දෙයක් කරානම්......(ස)
අන්න රටවල් (දී)
ඒකට අපේ බෞද්ධ රට (අ)
ඉතාමත්ම හොද වැඩක්. අපේ රටේ නම් මේවා කතා කරන්නේ කාන්තා දිනයට විතරයි. (නි)
අපේ රටටත් ගැළපෙනවා ඒක. (නි)
කාන්තා හිංසනය පිටු දකිමු (දී)
ලංකාවටත් හදුන්වා දෙන්නයි තියෙන්නේ...(ස)
බ්‍රසීල ජනතාව මානසික අයිතීන් රකින බව මෙයින් පේනවා.... අපි බෞද්ධයො වෙලත් වැඩක් නැහැ..!! (නු)
සරත්, පළව ඇති පුවතට අනුව අදහස් පළනරන්න, හැමදෙයකටම ආගම ගාව ගන්නේ නැතුව. බ්‍රසීලය බෞද්ධ රටක් නෙමෙයිනෙ.ඉතින් බ්‍රසීලයේ කාන්තා හිංසනය වැඩි නිසානෙ දැඩි නීති මාලාවක් සම්මත කරගත්තේ. (නි)
බෑන්ක් ලෝන් අරන් හිරවෙච්ච ගෑනු කට්ටිය අතවරයට ලක්වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා අතවරයක් කරන්න කලින් ලෝන් අරන් තියෙනවාද කියල හොයලා බලන්න ඕනෑ. (නි)
ලංකාවත් මෙය ආදර්ශයට ගත්තොත් නේද හොද? (නි)