අද උදෑසන බේරුවලින් මුහුදු ගිය බෝට්ටු පෙළක බෝට්ටුවක් පෙරළී ඇතැයි ද, මේ වන විට එහි සිටි 11 දෙනකුගේ මළ සිරුරු බේරුවල සහ නාගොඩ රෝහල් කරා ගෙන ගිය බව ද පොලිසිය කියයි.
බෝට්ටුවේ විශාල පිරිසක්දෙ සිටින්නට ඇතැයි ද, වැඩිපුර සිටියේ ළමයින් යැයි ද සැක කරයි.
බේරුවල ධීවර වරාය අසලට ගිලන් රථ පහක් පමණ මේ වන විට පැමිණ තිබේ.
අතුරුදන් වූවන් සොයා වරායේ විශාල බෝට්ටු දියත් කර ඇතැයි පොලිසිය පවසයි.
ආගමික කටයුත්තක් සඳහා බෝට්ටු පෙළ බේරුවල සිට කළුතර දෙසට ගොස් ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය කියයි.
ඡායාරූප - ඉෂංක සුනිමල්
ඡායාරූප - සුනිල් එස් තන්ත්‍රිආරච්චි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd