වටිනා මැණික් ගල් 106 ක් ඉණෙහි සඟවාගෙන තායිලන්තයේ බැංකොක් නුවර බලා යාමට පැමිණි අළුත්ගම බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
නිල්, රතු, වෛරෝඩි, තෝරමල්ලි ආදී වර්ග රැසක මැණික් ඔහු ලඟ තිබුනු බව රේගුව කියයි.
මැණික් ගල් වල වටිනාකම රේගුව මේ වන විට ගණනය කරමින් සිටින බවත් එය රුපියල් කෝටියක් පමණ වනු ඇතැයි කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දිගටම කෙරෙන දෙයක්. මැණික් ගල් වල වටිනාකම නිවැරදිව සකසා දුන්නම ගෙනියන කල්ලියක සාමාජිකයෙකු තමයි අසුවෙන්න ඇත්තේ . ඔවුන් බඩු නැතිවුනොත් දුන්නු තක්සේරු වටිනාකම ගෙවනවා. මේකට කියන්නේ නැවට දානවා කියලා . (බ)