කොළඹ කොම්පඤ්ඤ වීදියේ ගෙදරක දොර ජනෙල් වසාගෙන බූරුවා ගැසූ ගැහැණුන් හය දෙනෙකුට කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එක් අයකුට රුපියල් සීය බැගින් දඩ නියම කළේය.බූරු පිටියේ තිබූ රුපියල් 7900ක් ද රාජසන්තක කළේය.
කොළඹ කොම්පඤ්ඤ වීදියේ ගෙදරක දොර ජනෙල් වසාගෙන බූරුවා ගැසූ ගැහැණුන් හය දෙනෙකුට කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එක් අයකුට රුපියල් සීය බැගින් දඩ නියම කළේය.බූරු පිටියේ තිබූ රුපියල් 7900ක් ද රාජසන්තක කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැසිනෝ ගැහුවා නම් ඉවරයිනේ . පොලිසිය පැත්ත පළාතක එන්නේ නැහැ (දී)
කොන්ද ඇති පිරිමින් හරි හැටි රැකියාවක් කරලා මුදල් හොයලා ගෙදර දොර වැඩ කරලා දුන්නා නම් ගැහැණු බූරු ගහන්න ඕනෑ නැහැනේ. (දී)
බීල අහු වුනොත් 3000යි.බුරුව ගහල අහු වුනොත් 100යි...? (දී)
නියමයි, තවත් ආශ්චර්යයක්!!! කාන්තාවන් රිසි පරිදි සම අයිතීන් ගන්න ගිහින්. (දී)
මොනවට බුරු ගහනවද මන්දා ? (දී)
බුරුව කිව්වට මට නම් ෂුවර් නැහැ මොනවා ගැහුවද කියලා.(නදී)
පව් අප්පා, ටෙලි නාට්‍ය බලලා එපා වෙලාද කොහේදෝ. මෙතන වැරද්ද වෙලා තියෙන්නේ, බුරු ගහපු එක නොවේ. එතනට සුදු කෙළිමේ බලපත්‍රයක් නැති කමයි.(නදී)
බුරුවා කාට හරි ගහලද? (දී)
ගැහැණුන් ගංජා ගහනවා, කුඩු විකුණනවා, බූරුවා ගහනවා, වෛශ්‍යා වෘත්තියේ යෙදෙනවා.... මොනවද බලනකොට අඩු? (දී)
එතකොට මහා පරිමාණ සූදු පොළවල්, කැසිනෝ ක්ලබ්, රේස් බුකි? (දී)
දොර ජනෙල් වහගෙන නම් , හරියටම කියන්නේ කොහොමද බූරුවා ගැහැවා කියලා? (දී)
'බූරු' බෝඩ් ලෑල්ල ගලවලා 'කැසිනෝ' කියල එල්ලුවා නම් පොලිසියෙන් අල්ලන්නේ නැහැනේ. (දී)
ඔය වගේම පොල්ගස් යට බූරුවා ගහන අයටත් දඩ ගහනවා නම්. (දී)
අනේ මන්ද හැමදාම මේ වගේ දේවල් අහන්න ලැබෙනවා මිසක් හොඳ දේවල් ඇත්තෙම නැ අහන්න,,, මේවා අල්ලන්න පොලිස්සිය හිටියාට සමර තැන වටලන්නත් පොලිස්සිය හැරී අකමැතියි,, (අ)
කාන්තා පරපුරටම නිගා කරපු මේ ගැහැනුන්ට ගැසු දඩය පොඩි වැඩියි. ලොකු දඩයක් ගහන්නයි තිබුණේ, ආපසු මේ වගේ දේවල් නොකරන්න. එහෙම නැත්නම් බුරුවෙක් ගාව දන ගස්සල තියන්න තිබුණේ (දී)
රු 100/= ක්? අද කාලේ හැටියට තේ එකක් බීලා වඩේ එක්කක් කන්න මදි, රු 1000/= ගානෙවත් දඩ ගැහුවානම්.(නදී)
ගැණු සූදු කියන්නේ ඕවට තමා. කවුද දන්නේ නැහැ පොලෝසියට ඔත්තුව දුන්න කෙනා ?පැරදිලා ණයට සල්ලි ඉල්ලලා නොදුන්නා හින්දා ඔත්තුව දෙන්න ඇති ෂුවර් එකටම (දී)
මහා පරිමාන කැසිනෝ කමක් නැද්ද? පොඩි පොඩි බූරු පොළවල් තමයි අල්ලන්නේ.(නදී)
ඔතන වෙලා තියෙන්නේ බුරුවා ගැසීම පමණක් නෙමෙයි වෙන්න ඇති. දොර ජනෙල් වහගෙන ගැහුවා නම් මම හිතන්නේ තව දේවල් කරන්න ඇති. පොලිසියේ මේ දෙපැත්තම හිතලා ඇති (නි)
මේක දුප්පත් අපේ ජන ක්‍රීඩාවක්. මේකට බලපත් නිකුත් කළා නම් හොදයි. අර කට්ටිය නම් මේක වටලන එකක් නැහැ. (දී)
කැසිනෝ වගේ ලයිසන් අරගෙන වැඩේ පටන් ගනිමු. එතකොට පොලිසියෙන් අවුලක් වෙන එකක් නැහැ (නි)
බුරුව ගහපු එක හරි කියලා මම කියන්නේ නැහැ. නමුත් මොකද ලොකු ග්රෑන්ඩ් එකේ එකී මෙකී නොකී සමාජ ශාලාවල බුරුවා ගහනා වෛශ්‍යාවන්ට දඩ නැත්තේ? (දී)
මොකටද අප්පා බූරුවෝ පස්සේ ගියේ?(නදී)