බොරැල්ල හරස් පාරේ ආගමික මධ්‍යස්ථානයකට සෙනසුරාදා රාත්‍රියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
එහි තිබූ වීදුරු ජනෙල්වලට ගල් ප්‍රහාරය හේතුවෙන් හානි සිදුවී ඇතැයි කියති. ආගමික කටයුතු සඳහා පැමිණි පිරිසක් එම අවස්ථාවේ එහි සිට ඇතැයි පොලිසිය පවසයි.
අවට ගොඩනැගිලිවල සීසීටීවී කැමරා දර්ශන අනුව පරීක්ෂණ පවත්වන බවත් පුද්ගලික ආරවුලක් සිද්ධියට හේතුවන්නට ඇති බවටත් පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. වැඩේ කැතයි (නි)
අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න එපා මිනිසුනේ! (නි)
සහන්, තමා විසින්ම කොමෙන්ට් එක දාගෙන තියෙන නිසා අනෙක් බයියන්ට ලියන්ට දෙයක් නැහැනේ. (නදී)
කෝ මේ බයියෝ , යහපාලනේ නිසා මේක වුණා කියල තවම කොමෙන්ට් දාල නැහැ (බ)
ආගමික ස්ථාන වලට ප්‍රහාර එල්ල කරන එක නම් වැරදියි (නි)
කවුරු කෙරුවත් වැඩේ කැතයි(කේ)
සත්‍යය හෙළිවේවා! (නි)
ඕක වුණ වෙලාවේ ඔය ආගමික ස්ථානයේ කැමරා වැඩකරලා නැද්ද? (නි)