යුරෝපයේ පැරණිම බෞද්ධ විහාරය වන ජර්මනියේ බර්ලින් නුවර පිහිටි බර්ලින් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 4දා බර්ලින් විහාරයේදී පැවැත්වේ. බර්ලින් විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්ත රක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් නොවැම්බර් 3දා සවස ගිලන්පස බුද්ධ පූජාවක් සහ පසු දින කඨින චීවර පූජාවක්, සපිරිකර සාංඝික දානය පිරිනැමීමට නියමිතය. ඔස්ටි‍්‍රයාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය විජයරාජපුර සීලවංශ, ජර්මනියේ හැම්බර්ග් බෞද්ධ විහාරාධිපති තල්පාවිල කුසලඤාණ, ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකාරාමයේ බඩල් කුඹුරේ ධම්මසිරි, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති ලේඬියන්ගල සුදස්සි, බස්නාහිර පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක ගොඩඋඩ අරියධම්ම, මාතර වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරේ විහාරාධිකාරී දික්වැල්ලේ සීල සුමන, පූජාපිටියේ සන්තුෂිත, දොඩම්පහල රාහුල, තායිලන්තයේ අනුසක් සහ ධම්මශුද්ධි යන හිමිවරු මෙම කඨින පූජෝත්සවය සඳහා ඇරියුම් ලැබ සිටිති. ජර්මනියේ සිටින ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා ප‍්‍රධාන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයෝ ද ජර්මනියේ වෙසෙන තායිලන්ත, කාම්බෝජ් හා ලා ඕස බෞද්ධයෝ ද මේ පින්කම සංවිධානය කරති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතවන්ආනන්ද පිටබැද්දරමහතා, ඔබ ලියන කවි,නිසදැස් ඉතාමත් සරලයි,ලස්සනයි, බුදුබර හැගිම් සරලව සිතට දැනේනවා. ඔබට ජයවේවා...! "ලොවුතුරු දහම ලොව සැම කල් රැක ගන්න බොදු බැතිමතුනි ඕනෑ අප ඒක් වන්න " (ස)
ජර්මනිය වගේ රටක මෙවැනි පින්කමක් සංවිධානය වී තිබීම පිළිබදව අපිට ගොඩක් සතුටුයි. (නි)
අපි මේ පන්සල ගැන දන්නවා (නි)
සාදු සාදු සාදු!!!
හොද වැඩක්
සම්බුදු දහම ලොව බොහෝ කල් රැක ගන්න මහ නා හිමි වරුනි ඕනෑ ඔබ ඒක් වන්න මේ පිං බෙලන් අම නිවනම අත් වෙන්න පතනව හිමිනි බෝ සදු පුදමින් මෙන්න (ස)
සියලුම මනුස්සයෝ ධර්මයට අනුව ජීවත් වෙන්න බුද්ධිය අවධි කරන්න (ස)