ඇස් නොපෙනෙන ඡන්ද දායකයන් සඳහා බ්‍රේල් ක්‍රමයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ඉදිරියේ ඇති කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ශාරීරික දුබලතාවලින් පෙළෙන්නන්ගේ ද මූලික අයිතිවාසිකමක් වන ඡන්දය භාවිත කිරීමේ අයිතිය රැකෙන ක්‍රමයක් සැලසුම් කිරීම ගැන දැනුම්වත් කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී කොමසාරිස් එසේ කීවේය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.
(වීඩියෝ දසුන් සහිතයි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ ඔබ තුමාවත් ඔය අංශයෙන් දියුනුවක් කරන්න රටේ. මේ රට හැමදාම එකම තැන. කිසිම දෙයක වෙනසක්, දියුණුවක් නැහැ.(හේ)
මැකෝ මහත්තයෝ! ඔබ හොඳ වැඩ කිහිපයක්ම කරලා නමක් හදා ගත්ත කෙනෙක් නිසා මැතිවරණ සම්බන්ධයෙන් ඔබට වැදගත් වැඩ කිහිපයක්ම කරන්න මග පෑදී තිබෙනවා. ඇස් පෙනුනත් ඡන්ද වලදී අන්ධයින් ලෙස හැසිරෙන ඡන්ද දායකයින්ගේ ඇස් අරවන ක්‍රමයක් ගැනත් සොයා බැලුවොත් නරකද? (බ)
කොහොමටත් ඡන්දයට පෙර ලංකාවේ මිනිසුන්ගේ ඇස අන්ධ වෙනවා. බ්‍රේල් ඇතත් නැතත් වෙනසක් නැහැ. කපටියන් පාර්ලිමේන්තු යනවා. (බ)
ඉතාමත් හොද ක්‍රියාවක් (ම)
එතකොට මැතිවරණයට ඒ ඒ පක්ෂයෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයත් බ්‍රේල් ක්‍රමයට ලබා දෙනවද?? ඡන්ද කොලේ බ්‍රේල් කලාට දෘශ්‍යාබාධිත අයට මුලික අයිතිවාසිකම ලැබෙන්නේ නැහැ.ඊට ඉස්සර වෙලා ඒ මිනිස්සුන්ට මනුෂ්‍යත්වයේ නාමයෙන් කළ යුතු දේවල් දහසක් තියනවා. (හේ)