(රේඛා තරංගනී ෆොන්සේකා)
අයිස් ගැසීමට මුදල් ලබා නොදුන්නේ දරුවාගෙනැප්කිනයකින් බිරිඳගේ අත පය බැඳ ඇගේ මුහුණ ගිනි තැබූ බව කියන ඇගේ සැමියකු අද අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුහුණ සහ අත් දෙක දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලැබූ බිරිය පානදුර මූලික රෝහට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
සැකකරු අයිස් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයකු බව සඳහන් කරන පොලිසිය ඔහු නිතරම පවුලේ ආරවුල් ඇති කරගෙන ඇති බවද පවසයි
මෙම ගිනි තැබීම සිදු වූ අවස්ථාවේ මාස හතරක බිළිදා ද බිරිඳගේ උකුල මත සිට ඇති අතර දරුවා බේරා ගැනීම සඳහා ඇදෙන් පැන ඇති අතර ඒ හේතුවෙන් බිළිඳා බේරී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සැමියෙක් ලැබීමට ඇය සසරේ කොයි තරම් පවක් කර ඇතිද ?
මත් ද්‍රව්‍ය පාලනය කරන්න බැරි ආංඩුවේ වැරැද්ද. අපි දකින්නේ මහා පරිමානයෙන් අල්ලනව විතරයි. දංඩුවම් දිපු බවක් අහල තියනවද? මරන දඩුවම පනවා එය ක්‍රියාත්මක කල යුතුය. හිරේ හිටියොත් ඇතුලෙ ඉදගෙන වැඩේ යනවා.
මොහුටත් මේ දඬුවම දුන්නානම් හරි.
අනේ මන්දා මිනිස්සුන්ට මොනා වෙලාද කියලා.?
මොකක්ද මේ අපේ සමාජයට වෙලා තියෙන්නේ.
තව තවත් කුඩුකාරයන්ව හිරෙන් ඉහලම සමාව දීලා නිදහස් කරමු..
උදෑසනම දුටුවේ හද සසල කරන පුවතකි.
සමහර ගැහැණු ළමයි දේශපාලකයින්ට රැවටෙන ඡන්ද දායකයෝ වගේ. නරකයි කියලා දැන දැනත් රැවටෙනවා. බැණ බැණ රණ්ඩු වෙවී පවුල් ජීවිත ගත කරනවා.
මතට ඇබ්බැහි වුනහම වේදනාව එනකොට ඕනෙම විනාශකාරී දෙයක් කරලා මත් කුඩු ,අයිස් ලබාගන්න පෙළඹෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ , සමාජයේ ඕනේ තරම් මත්කුඩු විකුනන්න අවස්තාව රජය, ඇමති හොරු, පොලීසය සහ වගකිවයුතු (වගකියන්නේ නැති) ආයතන විසින් ලබා දීලා තියෙනවා. අනාගතයේ ඔබේ,මගේ දරවා මේ තත්වයට පත්විය හැකියි. ප්‍රධාන වගකිව යුත්ත රජය මේ මත්කුඩු වෙළඳුන්ට නිසි දඬුවම් මරණ දඬුවම නොදීම.