ඉතාලියේ කටානියා නුවර ගෙදරක ගින්නකින්ශ්‍රී ලාංකික බිරිය මියගොස් සැමියා බරපතල තුවාල ලබා කටානියා මහ රෝහලේ දෑඩිසත්කාර එකකයට ඇතුළත් කල බව කටානියා පොලිසිය පවසයි.
මියගිය සාගරිකා මදුරිගේ 42 වැනි උපන්දිනය අදට (21) යෙදි තිබිණි. අසාධය තත්වයේ පසුවන සරත් ප්‍රේමලාල්(45) 23වෙනිදා ලංකාවට යෑම සදහා ගුවන් ටිකට් පතක් ද වෙන්කොට තිබිණි.
සෙනසුරාදා (20) සවස 5.40ට පමන අධික වර්ෂාවත් සමගම මහා ශබ්ධයක් නගමින් පාත් වු අකුණු සැරයක් සමඟ නිවසින් කෑ ගැසීමක් ඈසුණු බවත් ස්වල්ප වේලාවකින් ගිනි ගනිමින්නිවසින් එලියට පැමිණි ශ්‍රි ලාංකිකයාගේ ඇගට ‘තෙත්කළ කාපට්‘ එකක් දෑමිමෙන්ඔහුගේ ගින්න නිමා දෑමු බව අසල්වාසී ඉතාලි. ජාතික කාන්තාව කියයි. පෑස්සුම්කරුවෙකු වන සරත් ප්‍රේමලාල් තම නිවසේ තිබු පෑස්සුම් යන්ත්‍රය ක්‍රියාවිරහිත නොකර තිබීමේන් අකුණු සැර ගෙට ඇදීඅනතුර සිදුවන්නට ඇතැයිසැකයක් පවතී. ඔවුන්ගේ එකම දරුවා(14)දේවස්ථානයේ පුජාවකට සහභාගි වෙමින් සිටියදී මේ අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ආගම මාරු කළ කියන්නේ. මමත් ඔහුට ඉක්මන් සුවය පතන අතර මරණය ගැන කනගාටු වෙමි.(නදී)
පරණ කතාවක් තියෙන්නේ. නමින් කොස්වත්ත උනාට කන්න පොලොසුත් නැහැ කියලා. කොස්වත්ත මල්ලී මේ කතාවට කලබල වෙන්න නම් එපා හොඳේ!(නදී)
මරණය ගැන අප කවුරුත් නොදනී. එය තවමත් දෙවියන් වහන්සේ සතුව ඇති රහසකි. ඇයට මොක් සුවයත් ඔහුට ඉක්මන් සුවත් ප්‍රාර්ථනා කරමි. (නි)
ඉතාම කණගාටුදායකයි. කොස්වත්ත, මේක ගැන දෙවියන් වහන්සේගෙන් දැන ගන්න විදියක් ඇත්තේම නැද්ද? ඕකට තමා කියන්නේ අන්ධ භක්තිය කියලා.(සමාවෙන්න අපහාසයක් නෙමෙයි) (නි)
ඒක දෙවියන් වහන්සේට රහසක් වූවාට අපට නම් රහසක් නොවේ. ආගම මාරු කරපු බෞද්ධයෝ මෙය නොදනී. ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස..එන බව අපි නම් දන්නවා. කම්ම විපාකෝ අචින්තයෝ. (නි)
අපොයි දෙයියනේ! අහිංසක ළමයට මොකද වෙන්නේ?? (නි)
අහන්නත් දුකයි!කොහෙවත් නැතිගිනි පාත් වෙන්නේ පිටරට වල ඉන්න ලාංකිකයින්ටමයි. (නි)
කොස්වත්ත, එසේනම් වෛද්‍යවරු කෙනෙකුගේ මරණය සිදු වූ හේතුව කියන්නේ කොහොමද ? අපි ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ නේ. අපි ඇයට ඇය පැතූ තැනකට යාමට ප්‍රාර්ථනා කරමු. (නි)
මොන ආගමක් වුණත් හරියට අදහන්න. එවිට විපත් වෙන්නේ නැහැ. ආගම මාරු කරන්න ඇති එයාලා. පව් අහිංසක දරුවා (නි)