බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකරණය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධව විමර්ශණය කිරිම සඳහා වු ජනාධිපති කොමිෂන් සභාව සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත එකොළොස් දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙන බව කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
සහකාර පොලිස් අධිකාරි ඩබ්.එල්.පි.එම්.අබේසේකර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන ජි.පී.බෝධිපක්ෂ, ආර්.ලී.ආර්.රාජපක්ෂ, ඊ.ඒ.එල්.එම්.එගොඩවත්ත, උප පොලිස් පරික්ෂක පී.පී. ගුණරත්න යන මහත්වරුන් සහ පොලිස් සැරයන්වරු සහ පොලිස් කොස්තාපල්වරුන් හයදෙනෙකු එම කණ්ඩායමට අයත් වෙති.
තවත් පොලිස් නිලධාරින් අට දෙනෙකු මෙම කණ්ඩායමට අනුයුක්ත කීරිමට නියමිතය. ඒ අනුව විසි දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙම කොමිෂන් සභාවට අනුයුක්ත කරනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පවතින දේශපාලනය අනුව මහජන මතය වැඩියෙන්ම ප්‍රකාශ වන්නේ දේසපාලන ගති බව අනුව බැවින් ,එදා මෙන් නොව චුදිතයාටද නිදහස කරුණු කියන්නට ඉඩ ලබාදී සැබෑ වැරදි කරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි.(ම)
කට උත්තර ගන්නවා විතරයි. කවදද හොරු අල්ලලා මහා උළු ගෙදරට දක්කන්නේ. අවේ නම් හොරු සේරම මහා උළු ගෙදර යවනවා කියල. යහපාලන ආණ්ඩුවත් හොරුන්ට මුකුත් කරන්නේ නැහැ වගේ .(ම)
මේ වැඩ කොමිසමට පත් කර ගත යුත්තේ උගත් අවංක රාජ්‍යය සේවයකයෝ..ඔවුන් තුල අවංක හැගීමක් තියෙන්න ඕනේ රට වෙනුවෙන් සේවය කරන්න...මේ පත් කර ඇති අය පිලිබදව විවේචනයක් නොව මගේ පොදු මතය ඉදිරිපත් කළෙමි. (බ)
මහජන මතය තියෙන්නෙ හොරු අල්ලන්න කියල තමා..හොරු අල්ලන්න ප්‍රමාදවෙන්නෙ, නීතියට අනුව ස්වාධීනව කරණ නිසා.,පිවිතුරුලත් දැන් බලන් ඉන්නෙ හොරු අල්ලනකන් නේද.? පලි ගන්නවා කියල කෑ ගහන්න එපා. (ස)
පිවිතුරු උන්නැහේ , කට උත්තර අරගෙන නිකන් ඉන්නේ නැහැ. ළඟදි ලොකු වෙනසක් බලාගන්න පුළුවන්! (නි)
බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කල රාජපක්ෂ පවුලට එරෙහිව විමර්ශණය ඉක්මනින් ක්‍රියාත්මකවී ඉක්මනින්ම දඩුවම් ලබාදේවි යයි මහජනතාව බලාපොරොත්තුවෙන් සිටී. කතානායකට ඔවුන්ව ඔහුගේ නිවසට රැගෙනගොස් බේරාගැනීමට ඉඩනොදෙනු . (ස)
මේක ඡන්ද දායකයන්ට දෙන මානසික අල්ලසක් පමණක්ද?
රජයේ සේවකයෙක් ලෙස වැඩ කරමින් හෝ දේශපාලකයෙක් ලෙස කටයුතු කරමින් මහජන දේපල හා මහජන මුදක් වංචා හා දුෂණ සිදුකර ඇති සියලු දෙනාට තරාතිරම නොබලා දැඩි දඩුවම් පැමිණ වීමට ජනාධිපති හා අගමැති තුමන්ලා විසින් වහාම කටයුතු කළ යුතුයි. (ම)
කල්හාරි, යමක් ලියද්දි ඔබේ මතය පමණක් ලියන්න. ඔයා කොහොමද මහජන මතය කියලා ලියන්නේ? (නි)
ගාමිණී, මහජන මතය නෙමේද ජනවාරි අටවෙනිදා වෙනස්වීම ? රටේ ජනතාව තවම බලාගෙන ඉන්නේ මේ කම්බ හොරුන් අල්ලලා නිසි දඬුවම් දෙනකන් තමා. (ස)
ගාමිණී, මහජන මතය තමයි මහජන මුදල් හොරා කාපු අය අත් අඩංගුවට ගැනීම සහ එම මුදල් ජනතාවට නැවත ලබාදීම. මෙච්චර උගත් පරපුරක් ඉන්න රටේ තාමත් මෙය තේරුම් ගන්නැති එක ගැන බොහොම කනගාටු වෙනවා. (ර)
මහජන මතය කියන්නේ යුඑන්පි මතයට පමණද? (ම)