අහුංගල්ලේ ලෝකන්වත්තේ දී 28 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් පහරදී මරා දැමූ සැමියකු (34) පොලිසියට පැමිණ භාර වූ බව අහුංගල්ල පොලිසිය කියයි.
අහුංගල්ලේ ලෝකන්වත්තේ දී 28 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් පහරදී මරා දැමූ සැමියකු (34) පොලිසියට පැමිණ භාර වූ බව අහුංගල්ල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමැරුමක් නිසා නිතිය අකුරටම ඉටුකර , ඒම පුද්ගලයාටද මරණ දඩුවම් ලබාදෙමු. එවිට ආනගතයේදී මෙවැනි අපරාධ සිදුනොවෙනු ඇත.(ම)
මරනවා, කොටනවා, හමගහනවා වගේ වචන බොහොම සුලභව භාවිතා වෙනවා ඕනෑ තරම් අහන්ට පුළුවන්. සුළු වරදකට පොඩි දරුවෙකුට වුණත් සමහර වැඩිහිටියෝ (දෙමවුපියෝ ) බනින්නේ තෝව මරනවා, ඇහේ ඉඳන් පට්ට ගහනවා, හම ගහනවා වගේ වචන භාවිතා කරමින්. මෙය බොහොම නරක ආදර්ශයක්. (ම)
අද කාලයේ විවාහයට ඇති එකම සුදුසුකම පොත්ත රතු කාන්තාවක් වීම සහ බර පසුම්බියක් සහිත පිරිමියෙකු වීමයි. වෙනත් වටිනාකම් කිසිත් අවශ්‍ය නැත. මිය ගිය කාන්තාවට නිවන් සුව පතමි. (ම)
අනේ අපේ ලංකාවට ගිය කලක්. හැමදාම බුදු බණ කියනවා, රේඩියෝ වල ඇහෙන්නෙම ධර්මය, පන්සල් වල උදේ හවස මිනිස්සු පිරි ඉතිරෙනවා .පෝයට භාවනා කරනවා .එහෙව් රටක මෙවැනි දේවල් සිදුකරන මිනිස්සු සිටින්නේ කොහොමද? (ම)
මිනි මැරුමක් ගැන අහන්න නැති දවසක් නැහැ. (නදී)
මෙවැනි සමාජ තත්වයක් ඇතිකිරීමට 99% ම බලයේ සිටි සෑම දේශපාලකයෙක්ම වගකිව යුතුය. විශේෂයෙන්ම පසුගිය අවුරුදු 10 කාලසිමාව තුළ (ම)
හදිසි කෝපය මරණයටත් එක හේතුවක් තමයි.දුමක් නැතිව ගින්නකුත් නැහැ කියනවනේ.ඒ නිසා එක් කෙනෙකුට විතරක් ඇගිල්ල දික් කිරීම සාධාරණ නැහැ හරි හැටි කරුණු කාරණා නොදැන.නමුත් මෙතන මිනීමැරුමක් වෙලා තියෙන හෙයින් ඒ පිළිබදව නීතිමය පියවර ගනීවි අදාළ බලධාරීන්.(ම)
සමහරුන්ට මිනී මැරුම් මංකොල්ල කෑම මහා ජනතාව දැනගන්නවාට කැමති නැහැ වගේ. එහෙම්ම යට යනවාට කැමති අයත් ඉන්නවා මාධ්‍ය ඉන්නේ එ්කට තමයි. ආණ්ඩුවක හොර මැර උනත් ලියන්න ඕනි. මාද්‍ය නම් අදටත් බයයි ඇත්ත ලියන්න. (නදී)
වෙල්ගම මහත්තය, යුද්ධයකින් පස්සේ මිට වැඩිය බරපතල විදිහට සමාජය පිරිහෙනවා. පසුගිය ආණ්ඩුවේ වැඩපිළිවල නිසා මේ මට්ටමෙන් සමාජය තියෙනවා. අනික තාක්ෂණයේ දියුණුව තවම අපේ සමාජයට ඔරොත්තු නැහැ. තාක්ෂණය වුනත් පාලනය කල යුතු වෙනවා සහ තව දෙයක් තම පවුල කියන සංස්ථාව විවිධ හේතු නිසා බිඳ වැටීම. ඉහත කියපු දේවල් නම් ආණ්ඩුවට පාලනය කරන්න තිබුනා අදට වඩා හොඳට. නමුත් එකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් කට්ටිය හොඳට කරනවා කියල. (ස)
වැඩි දුර තොරතුරු නැති නිසා මේ මරණය ගැන කතා නොකරමි. අද සමාජයේ පවුල් අවුල් බොහොමයකට මුල කාන්තාවන් එක සැමියෙකුගෙන් නඩත්තු වෙමින් දරුවන් හදා ගෙන පිළිවෙලකට ජීවත් වීමට සුදානමක් නැති කමයි. අද කාලයේ අම්මලාත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කාරයකින් ඇවිත් බහින ඕනෑම මනමාලයෙකුට තව දුව දීමටත් , දෑවැද්ද ඔලුව උඩ තියාගෙන එන ඕනෑම ධනවත් ලේලියක් පුතාගේ ඇඟේ ගැසීමටත් සැදී පැහැදී ඉන්නවා. ප්‍රතිපල එන්නේ පසුවට. (ස)
බොහොමයක් මෙවැනි මරණ වලට හේතු වෙන්නේ අනියම් සම්බන්ධ කම්. මම කියන්නේ නැහැ මේක එවැනි දෙයක් කියල. නමුත් ඒවා දැන් සමාජයේ විලාසිතාවක් වෙලා. සමහර නෝනලාට මහත්තරු දෙන්නෙක් තුන්දෙනෙක් නැති බවලතෙක් පේන්නේ නිකම් "ගොඩේ " විදියට. මේ සමාජය පිරිහුණ තරම් ඕවයින් පේනවා. (ස)
බුදු බන ඇසුවා නිරන්තරේ. අනේ රටකට ගියකලක්. අපිට වෙන්නේ ළමයි තියාගෙන පිටරටවලට වෙලා ඉන්න හැමදාම. යහ පාලනය කවද එයිද ? (ම)
මේවාට හොඳම දඩුවම සෞදි නිතියයි (ම)
කවුරුන් කෙසේ කිවත් මෙවෙනි බොහෝ සිදුවීම් තුල තියෙන්නේ නුගත් කමයි (ම)
වෙල්ගම ඔය 88 89 කාලේ හිටියේ නැද්ද (ම)
ලංකාවේ මේ ඉහ වහා යන මිනිමැරුම් අපරාධ වලට කවුරු මොනවා කීවත් එකම විසදුම මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමයි.....!! (ම)
මේකට නුගත් කම කියලාම කියන්න බැහැ. කලකට පෙර සිදු වූ කුලරත්න දොස්තර බිරිඳගේ මිනි මැරුමේ සිට මේ දක්වාම සමාජයේ විවිධ ස්තර වලින් විවාහ සංස්ථාවේ මිනි මැරුම් වාර්තා වෙනවා. (ම)
දඬුවම් වැඩි කිරීමෙන් පමණක් මෙවැනි අපරාධ අඩු කරන්න බැහැ. යහපත් සමාජයක් ගොඩනැගීම තමයි අවශ්‍ය දෙය. (ම)
රට සෑම තැනකම පවුල් ප්‍රශ්න .මෙයට හේතුව මොකත්ද.අද සමාජයේ පවුලක් තුළ තිබිය යුතු යහපත් ගුණාංගයන් මෙන්ම එකිනකා අතර තිබිය යුතු යහපත් බැඳීම නොමැති කම නොවේද.බිරිදට ස්වාමියාත්/ස්වාමියාට බිරිදත් ගෞරව කිරීමට නොදනී. කතාකීරීමට නොදනී.විශේෂයෙන්ම ඔවුනොවුන්ගේ අවශ්‍යතාවයන් ගැන අවබෝධයක් නැත.දෙදනා විවාහ වු අලුත පොඩ්ඩක් සිහිකර බලන්න කොච්චර සුන්දරද කල්යත් යත්ම ඒ සුන්දරත්වය ඈත්කර ගන්න එපා .සමහර කාන්තාවන් මුලදී තම ස්වාමියා සමග හොදින් සිටියත් පසුවබිරිදගේ අතින් ඈල්ලුවත් බිරිද සිපගන්න හැදුවත් වල්කම කියල බණින අය ඉන්නවා ..අත්තටම මෙය මිනිසුන්ට දරාගන්න බැහැ විශේෂයෙන් මිනිසුන් හිතින් දුක්විදිනව ..එය පසුකාලීනව දරුණු පැත්තට හැරන බව කිව යුතුයි. සමහර කාන්තාවන් තම ස්වාමියා තනිවම කාමරයක සිටියදී දරැවන් සමග නිදා ගනී..ඉතින් පිරිමියා හූල්ල හූල්ලා ඔහේ කාලය ගත කරයි..එවැනි දේවල් තමා පසුව මෙවැනි තත්වයට පත්වන්නේ ..ඒම නිසා තම තමන්ගේ පවුල රැක ගන්න කැපකිරීම් කරන්න ..ඉවසිලි මත්වන්න...බුදු සරණයි. (බ)
ගමට පවුලට යහපාලනය බොහෝ දුරයි (නදී)
ඔය පැත්ත ගැන කතාකරන්නවත් මම කැමති නැහැ (නි)
සමහරු හිතාගෙන ඉන්නේ එල්ලුම් ගහ ගෙනාවහම ඔක්කොම හරි කියලා.පහසුවෙන් ඉක්මනින් දික්කසාදය දෙනවා නම් මේ වගේ අපරාධ අඩුවෙලා යනවා. (නි)
අපි මොනතරම් දියුණු සමාජයක්ද? පැමිණිල්ල ,විත්තිය , විනිශ්චය , දඬුවම ක්‍රියාත්මක කිරීම අපි අපිම කරන තරමට දියුණුවෙලා නැද්ද මම අහන්නේ? අනේ රටකට ගිය කල! ඉස්සර මිනිස්සු හිත නිවාගන්න ගිය පන්සලත් අද වෛරය අවුසන්නවා. මිනිසුන් හදා සමාජය සුවපත් කළ අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාත් දෙපිල බෙදිලා හුරේ දානවා. අනේ බුදු හාමුදුරුවනේ, අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා , කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
මගේ දුව ඉතාමත් ඉහලට ඉගෙනගත්, වැදගත් රැකියාවක් කරන කෙනෙක්. මෑතකදී එයාගේ පෙම්වතාගේ අඩු පාඩුවක් පෙන්නලා දුන්නාම මට සැලකුවේ ඉතාමත් පහත් විදිහට. දර්මානුකුලව තමයි අපි ළමයි හැදුවේ ,වැඩුවේ. මගේ පැරුණ හිතේ තුවාලය තවමත් එහමමයි."අනේ!බුදු හාමුදුරුවනේ, අපි අසරණ වෙලා වගේ දැනෙනවා".. (නදී)
විදේශයක වසන මම උදේම පත්තරේ බැලුවහම තියෙන්නේ දවසම හිත පුරා ඔඩුදුවන දුක්මුසු මිනීමැරුම්. ලංකාවේ මිනිසුන් දැන් වනචාරි යුගයකට ආපසු ගමන් කරනවා.මීට අවුරුදු හතළිහකට පමණ පෙර මිනීමැරුමක් වාර්තා වුණේ කලාතුරකින්. දින ගණනක් නොව මාස ගණනක් ඒ එක මිනීමැරුමක් ගැන දිගටම පරීක්ෂණ වාර්තා පත්‍ර වල පළවුනා. දැන් ලංකාවේ මිනීමැරුම් නිකන් මිනිසුන්ට කිවිසුමක් යනවා වගේ වැඩක් .අහෝ අපේ මව්බිම! (නි)
ආරියසේන මහත්මයාට සම්මානයක් දෙන්න වටිනවා පළකරලා තිබෙන වටිනා අදහස් වලට. ඇත්ත වශයෙන්ම යථාර්ථය ඕකයි. මෙවැනි වටිනා ඔවදන් ඉදිරියටත් දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. (නි)
මියගිය ඇයට නිවන් සැප ලැබේවා! (නි)
හරිහැටි කරුණු නොදැන මේවාට වැඩිදුර අදහස් ලියන්න බැහැ. මෙම මරණය ගැන කණගාටුව විතරක් ප්‍රකාශ කරමි. (නි)
අපරාධ වැඩිවීමකටත් වඩා මාධ්‍ය මඟින් ප්‍රචාරය වැඩි වී ඇති බවයි මගේ හැඟීම. ඉස්සර ගමක මිනීමැරුමක්, දියේ ගිලීමක් සිදුවුණාම ඒක දැනගන්නේ අහළ ගම් කීපයක් විතරයි. නමුත් දැන් එය ක්ෂණිකව රටම දැන ගන්නවා. (නි)
මේ මනුස්සයාට මතක හිටින දඬුවමක් දෙන්න කෙනෙක් හිටියේ නැද්ද අම්මපා! (නි)
මෙතන මොනවා සිදුවුණාද දන්නේ නැහැ. නමුත් අපේ දෙමව්පියන්ගේ තරුණ අවදිය වගේ නෙමෙයි. දැන් කාලයේ විවාහ සංස්ථාව කියන්නේ යුද්ධ පිටියක් සහ වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. ඉස්සර දෙමව්පියන් දරුවන් බන්දො දෙන්න කලින් පුළුවන් තරමින් අනෙක් පාර්ශයව ගැන සොයා බැලුවා. දැන් ඉතින් දරුවන් උගතුන් නිසා තමන්ට වැඩිය ඔවුන් දන්නවා කියලා ඔවුන්ගේ විවාහය සම්බන්ධයෙන් සද්ද නැතුව ඉන්න තමයි වෙලා තියෙන්නේ. මගේ දැන උගත් ඥාති නැගණියක් ව්‍යාපාරික පවුලකට සල්ලි සහ සමාජ තත්වය නිසා පෑහෙන්න යනවා. මම ගිය සතියේ කාර්යාලයෙන් ගිය විනෝද චාරිකාවේදී අර පුද්ගලයාව හෝටලයේ වෙනත් තරුණියක් එක්ක ඉන්නවා දැක්කා. දැන් මේවා දැනුම් දෙන්න ගියොත් අපි නරක මිනිස්සු වෙනවා. මේ වගේ පුවත් දැක්කම මට එම නැගණියගේ අනාගතය ගැන යම් සැකයක් දැනෙනවා. (නි)
අද කාලේ මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ (ම)
ආරියසේන මහත්මා ඔබගේ අදහස් 100% නිවැරදියි (නදී)