මලයාසියාවේ පැවැති බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ දී බඳුන ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඔවුන් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබිණ. මෙම තරගාවලිය රටවල් 12ක සහභාගීත්වයෙන් පසුගිය 1 සහ 2 දිනවල මලයාසියාවේ කොටකිනබාලූ හිදී පැවැත්විණි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රීනාත් ශූරියබණ්ඩාර (නායක) රදික හෙට්ටිආරච්චි (උප නායක,) සජිත් සාරංග, නයිජිල් රත්වත්ත, සාලිය කුමාර, ෆාසිල් මර්ජා, මිතුන් ෂාමිල්, චාමර දාබරේ, දිනූෂ චතුරංග, සාලිය හඳපාන්ගොඩ, විශ්වමිත‍්‍ර ජයසිංහ යන ක‍්‍රීඩකයෝ ඇතුළත් වූ අතර පුහුණුකරුවන් ලෙස බෙන්ගෝලින්ස් සහ ලෙනාඞ් ද සිල්වා යන මහත්වරු ද, කළමනාකරු ලෙස මොහාන් රත්නායක මහතා ද කටයුතු කළහ.
බඳුන ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රග්බි සංගමයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීමෙන් පසු.
ශ්‍රීනාත් සූරිය බණ්ඩාර (නායක), රදික හෙට්ටිආරච්චි, සජිත් සාරංග, නයිජිල් රත්වත්ත, සාලිය කුමාර, ෆාසිල් මර්ජා, මිතුන් ෂාමිල්, චාමර දාබරේ, දිනුෂ චතුරංග, සාලිය හඳපාන්ගොඩ, විශ්වමිත‍්‍ර ජයසිංහ, රුෂාන් චන්දිමාල්, චාමර දාබරේ යන ක‍්‍රීඩකයෝ ඡායාරූපයේ සිටිති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බෝර්නියෝ රග්බි තරගාවලියේ ‘බඳුන’ ශූරයෝ සියරට එති
ශිමාල් Friday, 07 September 2012 06:12 PM
රග්බි වලට වඩා බැඩ්මින්ටන් තමයි ජාත්‍යන්තරයේ වැජඹෙන්නේ...(ස)
චන්ද්‍රසිරි Friday, 07 September 2012 01:28 PM
මොනවා උනත් ක්‍රිකට් ඇරෙන්න ජාත්‍යන්තරයේ හැප්පෙන්නේ රග්බි තමයි...(ස)
ලලිත් අරුණ Friday, 07 September 2012 04:57 PM
අපේ කොල්ලොනේ අහල වැඩක් නැහැ ඉතින් (දී)